(00) සමාරම්භය || The Beginning

“සමනළ විප්ලවය” දේශපාලන නවකථාවකි. ඊට පාදක වන්නේ වර්තමානය (2012) වුවද අදාළ සිද්ධි දාමය සිදුවන්නේ සමාන්තර විශ්වයකය. සමාන්තර විශ්වයක් වූ කලි ඉතිහාසය ‘විකල්ප මාර්ගය’ ගැනීම හේතු කොට ගෙන ගොඩ නැඟෙන, වර්තමානයට වෙනස් වූ කාලාවකාශයකි. එවන් කාලාවකාශයක් තුළ ඕනෑම දෙයක් සිදු විය හැකිය. උදා: හිට්ලර් දෙවන ලෝක යුද්ධය ජය ගැනීමෙන් පසු බිහිවන ලෝකය. (වැඩි විස්තර පිණිස බලන්න http://tinyurl.com/nw4sq)

“සමනළ විප්ලවය” ට අදාළ සමාන්තර විශ්වය ගොඩ නැඟෙන්නේ 2003 ඔක්තෝබරයේ ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග එවක අගැමැති රනිල් වික්‍රමසිංහ සමඟ වූ අවබෝධයක් මත සිදු කරන 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් සමඟය. ඒ අනුව යම් පුද්ගලයකුට ජනාධිපතිවරණයට තරග කළ හැකි වාර ගණනේ සීමාව ඉවත් කෙරෙයි. ඇය 2005 ජනාධිපතිවරණයට තරග වදින අතර ඉන්ද වසර හයක් ගිය තැන එළඹෙන 2011 ජනපතිවරණයෙන්ද ජය ගනියි. රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 2007දී බිඳ වැටෙන අතර ජවිපෙ සමඟ සහයෝගයෙන් පිහිටුවා ගන්නා, අග්‍රාමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් ගේ නායකත්වයෙන් යුතු සභාග රජය 2012 දී ලංකාවේ පාර්ලිමේන්තු බහුතරය නියෝජනය කරයි. මහින්ද රාජපක්ෂ ඒ රජයේ බුද්ධ ශාසන කටයුතු අමාත්‍යවරයාය. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් පසුව මේ රජයට එක්වෙති.

2006 අප්‍රියෙල් මාසයේ දී අනෝජා කුගෙන්තිරාසා ලෙස පසුව හඳුනා ගන්නා ලද කොටි සෙබළියකගේ ස්වනාශක බෝම්බ ප්‍රහාරයකට ගොදුරුවන යුද හමුදාපති ලෙෆ්ටිනන්ට් ජනරාල් සරත් ෆොන්සේකා (මරණාපරව ජනරාල් සරත් ෆොන්සේකා) මිය යයි.

මේ සමාන්තර විශ්වයේදී ලසන්ත වික්‍රමතුංග 2009 ජනවාරියේ මිය නොයන අතර මේ නව කතාවෙහි උප ප්‍රධාන චරිතයක්ද වේ.

2008 මුල් භාගයේ මාස තුනක කාලයක් තුළ රනිල් වික්‍රමසිංහ කොටි බෝම්බ ප්‍රහාරයකට ගොදුරුවද, සෝමවංශ අමරසිංහ අහුන්ගල්ලේදී වන රිය අනතුරෙකින්ද ජීවිතයෙන් සමු ගනිති. ඒ වන විටත් පක්ෂයේ රැඳී සිටින මන්ත්‍රීවරුන් අතළොස්ස තුළින් කෙනකු වූ මිලින්ද මොරගොඩ එක්සත් ජාතික පක්ෂයේ නායක හා විපක්ෂ නායක ධුරයට පත්වන අතර නන්දන ගුණතිලක හා විජිත හේරත් සමඟ තියුණු තරගයකින් පසුව විමල් වීරවංශ ජවිපෙ නායකත්වය දිනා ගනී.

2011 මැයි මාසයේ දී එක්සත් රාජධානියට රාජ්‍ය තාන්ත්‍රික ගමනක යෙදෙමින් සිටින ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා හා බිරිඳ රැගත් යානය අත්ලාන්තික් සාගරය මැද්දී අනපේක්ෂිත අනතුරකට ලක්ව කොටසක් හෝ සොයා ගත නොහැකි පරිද්දෙන් අතුරුදහන් වේ. ජෝන් බිඩෙන් ඇමෙරිකා එක්සත් ජනපදයෙහි හතළිස් පස් වන ජනාධිපතිවරයා සේ දිවුරුම් දෙයි.

දශක හතරකට යුද්ධය දිග් ගැසෙමින් පවතී. ඇන්ටන් බාලසිංහම් 2006 දෙසැම්බරයේ මියයයි. දැඩි ලෙස රෝගාතුර වන ප්‍රභාකරන් 2009දී නායකත්වය තම පුතු චාල්ස් ඇන්තනිට පවරා සටන් බිමෙන් සමුගනී. 2012දී ඔහු අක්‍රිය, පාදයක් අහිමි දියවැඩියා රෝගියෙකි. උපක්‍රමශීලීව තමිල්සෙල්වන් තම පක්ෂයට ගැනීමට චන්ද්‍රිකා රජයට හැකිවන අතර ඔහු විසින් සපයනු ලැබී ඔත්තු මත නැඟෙනහිර පළාතේ එල්.ටී.ටී.ඊ බලය සුන් කොට එහි එල්. ටී. ටී. ඊ. නායක කරුණා අම්මන් නාවික හමුදාව මඟින් රටින් පැන යද්දී ඝාතනය කෙරේ. අන්තර්ජාතික මට්ටමින් එල්. ටී. ටි. ඊ .යට ආයුධ සපයමින් ඉන්නා කුමරන් පද්මනාභන් හෙවත් කේ.පී. කොටු කර ගැනීම යුද හමුදාපති ලෙෆ්ටිනන්ට් ජනරාල් පාරමී කුලතුංග දැන් මුහුණ දෙන විශාලතම අභියෝගයයි.

මේ සමාන්තර විශ්වයෙහි “චරිත් කාලිංග බණ්ඩාර” නම් තරුණයාගේ කථාවයි ‘සමනළ විප්ලවය’.

Advertisements
Leave a comment

16 Comments

  1. අළුත් දෙයක්. මේ අපේ සාහිත්‍යයේ අඩුයි. තියෙන්නේ ලක්බිමේ, විදුසරේ හෙම කෙටිකතා විතරයි. ඒවත් අනුවර්තන වගේ ඒවා.

    මගේ සුභ පැතුම්!

    Reply
    • ඉහත කමෙන්ටුව නිවරදි නෑ. මා හිතුවේ මෙය විද්‍යා ප්‍රභන්ධයක් (Sci-Fi) කියායි, නමුත් මෙය ඇත්තටම දේශපාලන කතාවක්.

      Reply
  2. Rusiru

     /  August 2, 2012

    honda arambayak wage. lekakayata unusum subapathuma samagin kathawa digatama liyannata wasanawa labewai pathami.

    Reply
  3. DDT

     /  August 2, 2012

    දිගටම කරගෙන යන්නකෝ….. මම නම් කැමතියි මේ වගේ කතාවලට. හොඳට පට්ට ගහන්න පුළුවන් අයිඩියාවක්.

    Reply
  4. Yay..! Chariya is back. Long live Chariya 🙂

    Reply
    • ඒ චරියාද මේ චරියාද හැර තවත් චරියෝද වෙති.

      Reply
  5. පුනරාගමනය. 🙂

    Reply
    • වෙන්න පුළුවන්.. මාත් හිතුවෙ ඒකම තමා..!!

      Reply
      • DDT

         /  August 4, 2012

        දැන්නම් මටත් එහෙම හිතෙනව. ඒ හුරුපුරුදු ශෛලිය මේකෙත් තියෙනව.

  6. ranwala

     /  August 2, 2012

    sira….all the best!

    Reply
  7. coz

     /  August 3, 2012

    යුද හමුදාපති ලෙෆ්ටිනන්ට් ජනරාල් සරත් ෆොන්සේකා
    චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග 2005 ජනාධිපතිවරණයට තරග වදින අතර ඉන්ද වසර හයක් ගිය තැන එළඹෙන 2011 ජනපතිවරණයෙන්ද ජය ගනියි
    මෙතන පොඩ්ඩක් අවුල් වගේ ….

    Reply
    • ගඟක් හැම තිස්සෙම ගලන්නේ පහසුම මාර්ගය ඔස්සේ ඒ ගඟ හරවන්ට තැත් කරද්දි පොඩි පොඩි ගැටළු මතු වෙනවා තමයි.

      – ලේඛක

      Reply
  8. අංගම්මන සුමන

     /  August 3, 2012

    “2008 මුල් භාගයේ මාස තුනක කාලයක් තුළ රනිල් වික්‍රමසිංහ කොටි බෝම්බ ප්‍රහාරයකට ගොදුරුවද, සෝමවංශ අමරසිංහ අහුන්ගල්ලේදී වන රිය අනතුරෙකින්ද ජීවිතයෙන් සමු ගනිති”
    සෝමවංශ රිය අනතුරකට මුහුන දීපු එක නම් වුනයි කියමුකො.ඒත් ඉතින් කොටි රනිල් වික්‍රමසිංහට බෝම්බ ගැහුවයි කියලා තමයි හිතන්න අමාරු. සමහරවිට ද.මු.දසනායකට වුනා වගේ අනුන්ගේ බෝම්බයකට කර ගැහුවා වෙන්න නම් පුලුවන්.

    Reply
  9. අගෙයි . . හරිම අගෙයි . . . හරිම සතුටුයි . . .
    සුභ පැතුම් ආරම්භයට . . .

    Reply
  10. වෙනස් ආරම්භයට සුබ පැතුම්! අලුත් දෙයක්! හරිම අගෙයි

    Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: