(04) මඩොල් දූවේ සමනල්ලු || Butterflies at Madolduwa

  • කාලය: දෙසැම්බර් 2004, සමාන්තර විශ්වය
  • ස්ථානය: දකුණු පළාත, ශ්‍රී ලංකාව

කොග්ගලු ඔය නිසලය. නිහඬය. අපට ඇසෙන්නේ සමීරගේ ගිටාරයේ සත්සර හඬ හා ඔහුගේ සිහින් ස්වරය පමණෙකි.

හඳ සාක්කි කියාපුදෙන්…කියාපුදෙන්!
හිරු සහතික ලියාපුදෙන්…ලියාපුදෙන්!
හඳ සාක්කි කියාපුදෙන් – හිරු සහතික ලියාපුදෙන්
තරු දිවුරා පොරොන්දුනාදෙන්!!
හිතුමතේට එහෙට මෙහෙට වැණෙන සිනාමල්!
පැල් බැඳ…ගෙන හිනා වෙන්න – හිනා වෙන්න
මල් වය…සට ගෙනත් දුන්න – ගෙනත් දුන්න – සතුටු සිනා මල්…

“නතර කර ගනින්කො බං උඹේ කන් කරච්චලේ. අපි මේ සොබා සෞන්දර්යය විඳිනව…” ඒ බෝට්ටුවේ ඉදිරි බඳ මත බාගෙට වැතිර ඉහළ අහස දෙස බලා ඉන්නා අයේෂ්ය.

“Don’t listen to them Sameera…මුන්ගෙ ඉරිසියාව…” රන්දිමා අයේෂ්ට සිය කැප් තොප්පියෙන් ගසයි.

“අනේ, හරකෙකුට ඉරිසියා කරන්න තරම් අපට පිස්සු නෑ…”

“හරකා, කවුද ඩෝ, හරකා?”

කෙල්ලන් රෑනක් ඉදිරියේ අල වෙන්නට කැමැති කොයි කොල්ලාද?

“කෑනුගහ හිටපන්. දෙන්නම අල්ලට දානව ඔයට…මාළුන්ට කන්න” ඒ නඩේ ගුරා සුදේෂ්ය.

“Eeeeeeeeeeeeeeeeeeek…මාළුන්ට කන්න? Are there Piranhas here, Sudesh?”

“Yes, this place is specially famous for them. I have seen someone has written to Sunday Times recently…”

ඉංගිරිසි පත්තරයක තිබුණා කිව්වොත් අපේ කෙළි රෑනට ඕනෑම බොරුවක් ඇත්තය.

“Aneeeee, don’t joke meyaa”

“I am not kidding. Put your hand to water to see…”

“No, I won’t…”

වාදයට මැදිහත් විය යුතුය මට සිතෙයි.

“Piranhas are found only in South America, Randi, in the Amazon basin. You don’t get them anywhere else, even in North America, unless in aquaria…”

“ඔන්න පැනල දුන්න පණ්ඩිතය. මූ ඉන්නකල් නම් බඩුවක් බයිට් කරල ඉවරයි…”

කඩොල් කැළයට ආසන්න වන බෝට්ටුව එහි වේගය මඳක් බාල කරයි.

“කට වහ ගනින්. ඔන්න උඹලගෙ මහ ලොකු මඩොල් දූව!”

“අපේ මඩොල් දූව, යකෝ, මේක අපේ මඩොල් දූව කියන්න අපට ලියල දීල තියෙනවද? මේක මාර්ටින් සීයගෙ මඩොල් දූව…”

“ඔව්. ඒ මනුස්සය පොතක් ලියනව, උඹල වගේ ගෝතයින්ට ඇවිත් මේ කඩොල් ගස් ටික බලල යන්න, රුපියල් හාරසීයක් බෝට්ටුවට ගෙවල. මං උඹලට කිව්ව. මේකෙ මේ ගස් ටික ඇරෙන්න වෙන කෙහෙල්මලක් නෑ…”

“සෙක්කුවක් තියෙනව…” මම කියමි.

“ඔව් ඉතින් සෙක්කු වල තෙල් හින්දලා නැති උඹල වගේ එවුන්ට නම් හොඳයි.”

සුදේෂ්ගේ ව්‍යාංගාර්ථයට කොළු රෑනම හඬ නඟා සිනාසෙති. මේ චාරිකාව පටන් ගත් තැන පටන් සුදේෂ් මගෙන්ම ගේම ඉල්ලන්නේ මන්ද?

“Guys, guys…lets not fight. Now lets see who can find Upali and Jinnah first…” දිනූෂා මා බේරා ගනියි.

“They are in the other end…” ඒ අයේෂ්.

“Other end? What are they doing there?”

මෝඩකමට නොබෙල් සම්මානයක් තිබිණි නම් අපේ නඩයේ කෙළි පැටිත්තියක විසින් එය මේ වන විටත් දිනාගෙන අහවරය මට සිතේ.

“They are having sex…”

කොළු රෑන නැවත කොක් හඬ තලමින් සිනාසෙති.

“ඊයා…කියන නෝටි කතා…”

“I am not joking, didn’t you know they were gay? If not, tell me why two guys want to live in an empty island.”

“එන්න එපා අපි එක්ක තවත් ඕව කියන්න…” දිනූෂා බොරුවට කට උල් කර ගනී. “Girls, lets go. Lets find whats new here”

කොල්ලන් පස්දෙනා ඉතිරි කොට කෙල්ලන් සයදෙනා රංචුවක් සේ ඉදිරියට ඇදෙති.

කොග්ගල ඔය මැද පිහිටි මඩොල් දූව කුඩා දුපතකි. කඩොලාන ශාකද, අතහැර දමන ලද සෙක්කුවක්ද, හිස් ප්ලාස්ටික් බෝතල්, බිස්කට් පෙට්ටි ඇසුරුම්, ලී කොට, සිමෙන්ති හා ගඩොල් කැබැලි යනාදී නාගරීකරණයේ අපද්‍රව්‍ය වලින් බාගෙට පුරවන ලද ළිඳක්ද හැරුණු විට එහි ඇති ඉලව්වක් නැත. කොයි පාරකින් ගියත් යළි එකම තැනට එයි. අපි දෙපිරිස ඉක්මණින්ම නැවත හමුවෙමු.

“See, I told they are near by…” දිනූෂා අෆ්‍රිඩාට කොඳුරයි. අෆ්‍රිඩා ඉන්දීය සම්භවයකින් යුතු මුස්ලිම් කෙල්ලකි.

“Chari, have you noticed anything special here?” ඒ දිනූෂාය.

“What…?”

“See the butterflies. So many butterflies. Don’t you find that strange…?”

ඇත්තකි. කොළඹදී අප විමසිල්ලෙන් බලා සිටියද මාසයකදී වත් දකින්ට නොහැකි තරම් සමනලුන්ගෙන් මඩොල් දූව පිරී ගොස්ය. ඒ අතර මා කුඩා කාලයේදී මිස දැක නොමැති ළා කහ පැහැති සලබයින්ද වේ.

“Interesting. We never see them in Colombo or anywhere else now. But when I was young there were so many butterflies…”

“සමනල්ලු කොහෙ ඉතුරු වෙන්නද බං උඹලගෙ තාත්තලා ගස් කපන හැටියට. දන්නවනම් මෙතැන තියෙන කඩොල් ගස් ටිකත් කපලා විකුණලා…”

කොල්ලෝ නැවත සිනාසෙති. මටද හිනා යයි. දැන් මට මේවා මා ඉලක්ක කර කියන දේවල් සේ නොපෙණේ. රටේ සාමාන්‍ය ජනතාව තුළ දේශපාලකයන් කෙරෙහි වෛරයක් තිබේ. ඔවුන් හා ඔවුන්ගේ දූදරුවන් ඒ වෛරය දරා ගන්ට සූදානම්ව සිටිය යුතුය. මේ දේශපාලකයකුගේ දරුවකු වීමේ ඔකියුපේෂනල් හැසාඩ් එකකි.

“What did he say?”

ලාංකීය කෙල්ලක වුවද දීර්ඝ කාලයක් පිටරට හැදුනු වැඩුණු නිසා ඉවෝන්ට සරල සිංහල කියමනක් වුව පරිවර්තනය කර දිය යුතුය.

“He says my dad is the reason we don’t find butterflies in Colombo…”

“Why? Is your dad is a butterfly hunter?”

“Yes, only thing is he hunts a different kind of butterflies…”

නැවත කොල්ලෝ සිනාසෙති. මෙය ඇසීමෙන් පවා මම කෝප නොගනිමි. එය මා මින් පෙර බොහෝ වර නොයෙකුත් දෙනාගෙන් ඇසූ කතාවකි. අනෙක් අතට එය ඇත්තය. මගේ අප්පච්චි වූ පමණින් ඔහු මෙරට සාමාන්‍ය දේශපාලකයකුගෙන් වෙනස් නොවේ. දේශපාලකයින් කෙරෙහි වූ ජනතා වෛරය කොතැනකින් හෝ එළියට පැමිණිය යුතුය. මා ඊට බාධාවක් වන්නේ ඇයිද?

“කෝ දැන් උඹල උපාලියි ජින්නයි වගේ මේකෙ නතර වෙන්නද යන්නෙ? ගෙවල් නැද්ද උඹලට? වරෙන් යන්න…අර බෝට්ටුව බලා ඉන්නවා”

සුදේෂ් කෑගැසුවත් අප බෝට්ටුවට නඟින්නේ අපට ඕනැ වෙලාවටය. දිනූෂා හිඳ ගන්නේ මා අසළය. ඇය ඇගේ සිහින් ඇඟිළි වලින් මගේ අත්ළ පිරි මදියි.

පූසකුගේ හිස ඉදිරියේ සිට පසුපසට පිරිමදින්න. ඉන් ප්‍රමෝදයට පත්වන බව පෙන්වන පූසා මොහොතකින් පුරු පුරු ගාන්ටද පටන් ගනී. මේ සතුට පිළිබිඹු කිරීමකි. කුඩා කළ පූස් අම්මා උන් දිව ගා පිරිසිදු කරන්නේද ඒ ආකාරයටය. ඔබ උගේ හිස අතගෑම ඒ පුරුදු පහස නැවත මතක් කිරීමකි. කිසිදින මෑණියන්ගේ පහස නොලද මම මේ ගැහැණු පහසින් එබඳුම ප්‍රමෝදයක් ලබමි.

සුදේෂ්ගේ තරහ මුහුණ දකින මම දිගින් දිගටම ඔහු මගෙන් ගේම ඉල්ලනේ මන්දැයි අවබෝධකර ගනිමි.

කෙළින් නොකීවත් සුදේෂ් ටික කාලයක් දිනූෂාට ට්‍රයි කළේය. සමහරවිට එය ඇයටද දැනෙන්ට ඇත. ඇය ඔහුට නොකැමැති වූයේ මන්ද මම නොදනිමි. ඊට හේතුව මාය මම නොසිතමි. දැන් දිනූෂා මගෙන් කිසිම අනුබලයක් නැතිවද මට ට්‍රයි එකක් දෙයි. සුදේෂ්ට මා ගැන මළ පැණ ඇත්තේ එනිසාය.

කුඩා කළ මා අසා ඇති කතාවකට අනුව ළමයකු ගලක් අතට ගෙන “මේ ගල මගේ” යි සගයාගෙන් ගේම ඉල්ලුවේ දබරයට පොටක් පාදා ගන්ටය. සගයා “නෑ ඒක මගේ” ය නොකියා “උඹේ නම් උඹ ගනින්” කියා වලිය ෂේප් කර ගත්තේය. මට දිනූෂා ඔසවා සුදේෂ්ට දී “උඹේ නම් උඹ ගනින්” කිව නොහැකිය. මානව සම්බන්ධතා අජීවී වස්තූන් සමඟ අප පවත්වන සබඳතා වලින් වෙනස්ය. සංකීර්ණය.

මම දිනූෂාගේ සිහින් ඇඟිලි මගේ ඇඟිලි අතර රඳවා නොරිදෙන සේ ඒවා මිරිකමි. ඇය ඊට කැමැතිය මම සිතමි. ඇයද මොහොතෙකින් මගේ ක්‍රියාව අනුපූරණය කරයි.

“කොහෙද අන්කල් ඊළඟට?” මේ පැණය ඉරන්ත හෙවත් “ඉරා”ගෙන් බෝට්ටුකරුටය.

“තව උඩහ දූපත් ටික තියෙනව සර්. ඔය පේන්නෙ ගල් දූව…අපි එන කොට බහිමු. කුරුඳු දූවට යමු කලින්. ඒක ටිකක් දුරයි.”

“මයි ගෝඩ් දූපත් කීයක්ද?”

“ඔක්කොම දූපත් අටක් තියෙනව…අපි පහක් විතර බලමු”

“පහක්…අපට වෙලා ඇද්ද?”

ඉරා ඔරලෝසුව බලයි.

“තාම අට හමාරයිනෙ බං. උදේ කන්න දුන්නෙත් නෑ හරියකට. ඇදගෙන ආවා…”

නැවත සමීරගේ ගිටාරයට පණ එයි.

From a distance
The world looks blue and green
And the snowcapped mountains white
From a distance
The ocean meets the stream
And the eagle takes to flight
From a distance
There is harmony
And it echoes through the land…

ක්ෂණයෙකින් කාටත් නොකියාම සියල්ල වෙනස් වී ඇත.

“ඒයි කවුද බෝට්ටුව පද්දන්නෙ…?”

“බූරුවා, බෝට්ටුව පද්දන්න එපා, මං වැටෙයි”

“යකෝ මං පද්දන එකක් නෑ…”

“Guys, this is not a place to play…”

“Stop this…will you?”

“ඊඊඊඊඊඊඊක්…වතුර”

“සර් ඔහොම පාත් වෙන්න…පාත් වෙන්න…බෝට්ටුව බැලන්ස් නෑ”

හදිසියේම අපට තේරුම් ගත නොහැකි යමක් වෙමින් තිබේ. මොහොතකට පෙර නිසල වූ කොග්ගලු ඔයෙහි දිය දැන් සිතා ගත නොහැකි තරමට ප්‍රචණ්ඩය. උඩුගං ඇදෙන රළ බෝට්ටුව දිය මත තණ පතක් සේ පද්දයි. කිසිවකු කියන දෙයක් පැහැදිළි නැත්තේ අපේ කෙළි රෑන බෙරිහන් දෙන්ට පටන් ගෙන ඇති හෙයිනි. මොහොතකට කලින් නිල්වන් දිය දැන් තනිකරම බොර පැහැතිය.

මම නැඟී සිටින්නට වෙර දරමි. එය කළ නොහැක්කේ එක් අතක් දඬු අඬුවකට හිරවී අති හෙයිනි. බියපත් නෙතින් දිනූෂා මගේ අතේ එල්ලී සිටී.

විශාල දිය පහරක් අප සියළු දෙනා තෙමාගෙන අප ඉහළින් යයි. මම ගෙළෙහි එල්ලී සිටින දිනූෂාත් සමඟ සමතුලිතතාව රැක ගැනීමට වෙර දරමි.

“චරී……..හ්”

(ඉවසන්න…සමනළයා නැවත පියා සලන තෙක්)

ඡායාරූප ඉස්සුවේ http://www.flickr.com/photos/30638647@N04/2878221174, http://www.asiaphotostock.com/ItemCatShop.asp?id=11&scid=65&iid=7440

Advertisements
Leave a comment

11 Comments

  1. තරු දිවුරා පොරොන්දුනාදෙන්!!

    ….නෙමේ

    තරු දිවුරූ පොරොන්දු නාමෙන්!!

    Reply
    • මහරජ ඒ ඔබගේ විශ්වයේය. මේ අපගේ විශ්වයේය.

      – ලේඛක

      Reply
      • කමෝන් මෑන්, ලිරික්ස් ෂුඩ් මේක් සෙන්ස්, වට් එවර් ද යුනිවර්ස් යූ ආ ඉන්!

  2. DDT

     /  August 2, 2012

    අප්පටසිරි. මෙච්චර කාලෙකට මට හිතිච්චි නැති දේකුත් හිතුනනේ මේක කියෙව්වම. හැබෑටම මට ඒක මීට කලින් කවදාවත් කම්පනාවට ආවෙ නෑති හැටි. 🙂

    Reply
    • DDT

       /  August 16, 2012

      මළ මඟුලයි ! මේ අන්තිමට කියන්නෙ සමාන්තර විශ්වයෙත් 2004 දෙසැම්බර් (26 හෝ වෙනත් දිනයක උදෑසන) සුනාමියක් ඇති වුණා කියලද, බෝට්ටුව හෙලවෙන්න?

      Reply
  3. ranwala

     /  August 2, 2012

    මොකෝ බන් මේ කකා ගේමම ඉල්ලන්නේ උඹත් කකාගේ ජීවී වස්තුවක් පැහැර ගත්තද ?

    Reply
    • kathandarakaraya

       /  August 4, 2012

      මේකේ පාළු කපන්නයි මං කමෙන්ට් කළේ, දැන් ඉදිරියට එහෙම කරන්න අවශ්‍ය නෑ.

      Reply
  4. මෙතන අන්තිම සිද්ධිය මොකද්ද කියල තේරුනේ කතන්දර බ්ලොග් එකේ කමෙන්ට් එකකින්.. 🙂

    Reply
  5. හරිම තාත්විකයි . . . .ඇත්තෙන්ම . .

    Reply
  6. මම මේ ලියන විදිහට ඕනෑවට වඩා කැමතියි.

    Reply
  7. රසවත් කතාවක්.. කලක සිට කියවීමට ලකුණු කරගෙන සිටියද අද තමා පළමුවරට කියවීමට පටන්ගත්තේ.. කොටස් හතරක් ඉවරයි…
    ජය වේවා..

    සමාන්‍යයෙන් මා දේශපාලනය ගෑවුනු කිසිම දේකට කැමති නැත. එය කාලයත් සමඟම එපා වූ විෂයකි. නමුත් මේ කතාව යළිත් ඒ සම්බන්ධ ආශාව මතු කළා.

    Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: