(09) උපකුලපතිතුමා සරසවි සිසුවිය දූෂණය කළාද? || Vice Chancellor seduces a student?

  • කාලය: 2008, සමාන්තර විශ්වය
  • ස්ථාන පථය: කොළඹ සිට මහනුවර දක්වා නුවර පාර

**********(අමාත්‍ය වික්ටර් සාලිය බණ්ඩාර කියන කතාව)**********

දේශපාලනය ගැන නොදන්නෝ එය අධිවේගී මාර්ගයක ටොප් ගියරයෙන් කාර් එකක් එළවාගෙන යාමක් වැනිය සිතති. සැබෑ ජීවිතයේදී එය වඩා ආසන්න වන්නේ අඳුරු, කුණාටු ගහණ වූ රාත්‍රියක, ගල්පර වලින් පිරුණු චණ්ඩ සමුද්‍රයක නෞකාවක් පදවා ගෙන යාමට බව ඔවුහු නොදනිති.

ඇස් ඇරගෙන නොසිටියේ නම් ඉතාම සුළු වරදකින්, ඕනෑම මොහොතක නෞකාව ගල්පරයෙක හැපී කුඩු වී යා හැකිය.

ඊයේ අනපේක්ෂිත ලෙස කාලගුණය රළු වූ දවසක් විය. ගුවන් ගමනෙකදී නම් නියමුවා මඟීන්ට පමණක් නොව ගුවන් යානා කාර්ය මණ්ඩලයටද “Cabin crew, please stop all cabin services and be seated” කියන්ට තරම් දරුණු ‘ටර්බියුලන්ස්’ එකක් නොව කිහිපයක්ම ඇති වූ නිසාය.

පළමුවැන්න මා මුල් වරට දැන ගත්තේ මගේ රියැදුරු පියරත්න ගෙනි. මේ සන්නිවේදන යුගයේ සමහර ආරංචි අපට බොහෝ කලින් අපේ රියැදුරන්ට ලැබේ.

මේ මා සතියේ මුල් දින කිහිපය කොළඹ ගතකොට ආසනයේ වැඩ කටයුතු පිණිස ගම් දනව් බලා යන දවසක් විය. කොළඹින් ගමන පිටත් වෙද්දී නම් එය අසාමාන්‍ය සිකුරාදාවක් වෙතැයි සිතන්ට කිසිම හේතුවක් තිබුණේ නොවේ. හිරු සාමාන්‍ය විදියට පායා තිබුණේය. රාජකාරිය සඳහා ඇදෙන කාර්යාල සේවකයින්ගෙන් හා පාසල් වෙත ඇදෙන සුදු ඇඳුමින් සැරසුණු සිසු සිසුවියන්ගෙන් පාරවල් පිරී තිබුණේය. ප්‍රයිවෙට් බස් රියැදුරෝ සුපුරුදු පරිදි රේස් ගියහ. හිතුමතයට නළාව හඬවමින් ශබ්ද දූෂණය කළහ. පොලීසිය වෙනදා වගේම පාරවල් වල ඔවුන් නොසිටියානම් හොඳින් ඇදෙන වාහන වැළ අවුල් කොට මාර්ග බාධක ඇති කළහ. මගේ පෙර ගමන් රථය අපට ඉඩ සලසා දුන් හෙයින් අපේ ගමනට දැඩි බාධාවක් එල්ල වූයේ නැත.

එදින “Friday the 13th” හෙවත් දහතුන්වැනිදාවක්ද වන සිකුරාදාවක් බව කාටත් මතක් වූයේ පසුවය.

නුවර පාරේ අප ගමන් කරමින් සිටියේ මඩවල කරාය. මගේ විමධ්‍යගත අයවැයෙන් වෙන්කළ මුදල් වලින් කොටසක්ද යොදවා උල්පොත මහා විද්‍යාලයෙහි යළි ප්‍රතිසංස්කරණය කරන ලද පුස්තකාලය විවෘත කිරීම මගේ කාලසටහනේ වූ පළමු අංගයයි. සවසද එවැනිම උත්සව තුනක් හෝ හතරක් යෙදී තිබුණේය. මල්වතු මහානායක හිමියන් බැහැ දකින්ටද ඇපොයින්ට්මන්ට් එකක් විය. මේ කිසිවක් ඒ තරමටම වැදගත් නොවන හෙයින් මා ගමන් කළේ පීඩනයකින් තොරවය.

නුවර යද්දී මා උදෑසන ආහාරය ගනු රිසි තැන් දෙකක් වේ. එකක් අඹේපුස්ස තානායමයි. දෙවැන්න මගේ පාර්ලිමේන්තු සගයකු වන කබීර් හෂීම්ගේ පවුලට අයත් අඹේපුස්ස හා කෑගල්ල අතර පිහිටි Thirst Aid Restaurant එකය. මේ දෙකටම මම එක ලෙස කැමැත්තෙමි. එනිසා කවරක් තෝරා ගන්නේද යන්න ඉදිරියෙන් යන පෙර ගමන් රථයේ තීරණයකි. එදින ඔවුහු Thirst Aid තෝරා ගත්හ.

“සර් දැන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට පඩි වැඩි කරනවය…?”

මා අහර ගෙන පෙරළා රථයට ගොඩ වෙද්දී පියරත්න ඇසුවේය. පියරත්නගේ ප්‍රශ්න පාර්ලිමේන්තුවේ අතුරු ප්‍රශ්න ඇසීම් වැනිය. අතුරු ප්‍රශ්න මුලින් අහන ප්‍රශ්නයට ඉඳුරා වෙනස්ය. මේ සැරසෙන්නේ ඕපාදූපයක් කියන්ට බව ඉවෙන් මෙන් වටහා ගත් මම ඊට අනුගත වන්ට කල්පනා කළෙමි.

“ඕව කරන්ට පුළුවන් වැඩයැ පියරත්න…? කොහේ තියෙන සල්ලිද? ඇයි හදිස්සියෙම එහෙම ඇහුවෙ?”

“නෑ, සර් පඩි වැඩි කරන්නෙ මක්කටෙයි ඔය දීල තියෙන සැප පහසුකම් එක්ක..?” පියරත්න අවඥාවෙන් සිනාසුනේය.

“මොන සැප පහසුකම්ද පියරත්න?”

“අහ්, සර් දන්නෙ නැද්ද කතාව…?”

පියරත්න ඕපාදූපයක් කියන්නේ අගේ කර කොටසින් කොටසය. හරියට රූපවාහිනියේ වෙළඳ දැන්වීම් අතරතුර කාලය පුරවා ගන්ට පෙන්වන මෙගා ටෙලියක් වැනිය. මේ නිසා මා මුළු සිද්ධියම දැන ගන්නා විට අප කෑගල්ලද පසු කොට තිබිණි.

අද උදෑසන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් විශේෂ මාධ්‍ය හමුවක් සංවිධානය කොට තිබේ. මේ මාධ්‍ය හමුවේදී එහි කැඳවුම්කරු සංජීව බණ්ඩාර විසින් නඟා ඇත්තේ සීරියස් චෝදනාවකි. රාජ්‍ය විශ්ව විද්‍යාලයක මහළු උපකුලපතියා විසින් විශ්ව විද්‍යාල සිසුවියක් කෙලෙසා ඇත. එක් වරක් පමණක් නොවේ. අනියම් සම්බන්ධයක ප්‍රතිඵලයක් ලෙස එය වාර කිහිපයක්ම සිදු වී තිබේ. දැන් සිසුවිය මේ සිද්ධිය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් උපකුලපතියාට චෝදනා නඟයි. උපකුලපතියාගේ ශුක්‍ර තරලය තැවැරී ඇතැයි කියන ඇගේ යටඇඳුම් DNA පරීක්ෂාවක් සඳහා යොමු කිරීමට ඇය සූදානම්ය. උපකුලපතියා මාධ්‍ය මඟහරිමින් සිටී. එය අනියම් ආකාරයට වැරැද්ද පිළි ගැනීමකි.

ලිංගික නිදහස ඇතැයි කියන බටහිර රටවලට පවා ගුරු-සිසු ලිංගික සබඳතා සාමාන්‍යයෙන් අසාමාන්‍ය දෙයකි.

“දැන් කොහොමද පියරත්න කියන්නෙ ඔය මිනිහ ඕක කළාමය කියල…?” මම අසමි.

“…ඔන්න සරුත් මිනිහගෙ පැත්ත ගන්නවනෙ…”

ඔහු චෝදනා මුඛයෙන් කියයි.

“…මගේ අක්කගෙ පුතා ඉගෙන ගන්නෙත් ඔය කැම්පස් එකේම තමයි. ඔය උපකුලපති ටිකක් අමුතු ජාතියෙ මිනිහෙක්. “

“ඒ මොනව වුණත් මනුස්සයො, කොහොමද කෙල්ලෙක්ව දෙතුන් සැරයක් දූෂණය කරන්නෙ. එක සැරයක් නම් බලෙන් කළා කිව්වැකි. දෙතුන් සැරයක් කියන්නෙ එයාගෙ කැමැත්තත් තිබිල තියෙනව නෙවැ…”

“ඔය අහිංසක කෙල්ලො සර්, මුන් රවට්ට ගන්නව…”

මට බිල් ක්ලින්ටන් හා මොනිකා ලෙවෙන්ස්කි සිද්ධිය සිහිවේ. එයද මීට සමානය. නෛතික වශයෙන් එය අපරාධයක් නොවේ. 1995 දී මනෝවිද්‍යාව පිණිස ලත් උපාධියක් ඇතැතිව ධවල මන්දිරයේ සේවයට බැඳෙන මොනිකා එවක ඇමෙරිකානු ජනාධිපති ක්ලින්ටන් හා ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගන්නේද, ඔහුගේ ලිංගික අවශ්‍යතා ඉටු කරන්නේද සිය කැමැත්තෙනි. මේ සිද්ධීන් මාධ්‍යයට හෙළිවන්නේද ඇගෙන් නොව ඇය විශ්වාසයට ගන්නා මිතුරියක ගෙනි. එසේම සිද්ධීන් හෙළි වූ පසුවද ඇය එවැන්නක් සිදු වූ බව ප්‍රතික්ෂේප කරයි. මොනිකා මොනම අවස්ථාවකදීවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා තමන්ට වරදක් කළ බවට චෝදනා නොකරයි. ඇය ඔහුට දිගටම ආදරය කරනවා විය හැකිය. සිද්ධිය ප්‍රශ්නයක් වන්නේ ඔවුන් දෙදෙනාට නොව අවශේෂ ලෝකයටය. එය පෞද්ගලික ගැටළුවක් නොව දේශපාලන ගැටළුවකි.

කවරකු වගකිව යුතු වුවද මේ සිද්ධිය අපේ ආණ්ඩුවට බෝම්බයකි. උපකුලපතියා මැඩම්ගේ සුවච කීකරු සුනඛ පෝතකයෙකි. සෙනට් සභාව විසින් අදාළ ධුරය සඳහා යෝජනා කරන ලද නම් තුනෙන් අඩුම සුදුසුකම් තිබුණේ මොහුටය. ඒත් මැඩම් විසින් ඔහු තෝරා ගන්නා ලද්දේය. ඒ උදව්ව පිණිස, මැඩම්ට අවම වශයෙන් පස් වසරෙකින් වැඩිමහළු ‘කන්‍යාරත්න’ උපකුලපතියා මැඩම්ගේ දෙපා මුළ දිගා වී වැන්දේය.

“උපකුලපතිවරයා විශ්ව විද්‍යාල ශිෂ්‍යාව කෙලෙසලා”

හෙට ලංකාදීපයේ පොල් අකුරු කියනු ඇත.

මම ඒ ගැන කලබල නොවෙමි. උපකුලපතියාත් මැඩමුත් ඒක බලාගත්තාවේ. චෝදනා ලැබ සිටින්නේ විදුලිබල මණ්ඩලයේ සභාපති නොවන තාක් කල් මට ගැටළුවක් නොවේ.

වහාම යමක් මීටර් වූ හෙයින් මම විදුලිබල මණ්ඩල සභාපතිගේ ජංගමයට කතා කරමි.

“Have you seen the news?”

“Sir, which news..?”

“About the VC having an affair with one of his students…”

තත්පර කිහිපයක නිහඬතාවයක්.

“Yes sir…”

“See, I tell you for the first time and this will be the last. Your personal life is not my concern. But if you ever get into a similar trouble don’t expect me to protect your back…”

“Sir…” ඔහු යමක් කියන්ට තනතයි.

“That’s all. Have I made it clear enough?”

“Yes, sir. I understand, sir…”

මම දුරකථනය විසන්ධි කරමි.

දෙවන බෝම්බය පත්තු වන්නේ සවසය. එයද කිසිවකු හෝ මට නොකී හෙයින් මා එය දැන ගන්නේ සවස මල්වතු මහනායක නාහිමියන් බැහැ දුටු අවස්ථාවේදීය.

“…මේ වෙන දේවල් ගැන නම් සතුටු වෙන්න බැහැ ඇමැතිතුමා”

උන්වහන්සේ සඳහන් කරන්නේ උපකුලපතිතුමා සම්බන්ධ සිද්ධිය බව මම උපකල්පනය කරමි.

“එහෙමයි, අපෙ හාමුදුරුවනේ. හැබැයි ඕවයෙ දෙපැත්තක් තියෙනවා. කවුරු ඇත්ත කියනවද කවුරු බොරු කියනවද අපි දන්නෙ නෑනෙ…”

“මොකක්? දැන් එතකොට ඇමැතිතුමා කියන්නෙ මේ මනුස්සය මැරුණ කියන කතාව බොරුවක්ද?”

කොතැක හෝ වැරදීමක් වී ඇතැයි මට සිතේ.

“…දැන් ඔය ඔබ වහන්සේ කිව්වෙ මොකක් ගැනද?”

“මොකක් ගැනද? මේ හැම නාලිකාවෙම කියන දෙ ගැන තමා. මැතිවරණ කොමසරිස්තුමා සිය දිවි නසා ගැනීම ගැන…”

මළ සේක! මගේ ඉහ මොළ රත්වේ.  උන් වහන්සේ පසෙක වූ රූපවාහිනී යන්ත්‍රය බල ගන්වයි. රෝහල් භූමියේ සිට කතා කරන්නේ සිරසේ කිංස්ලි රත්නායකය. කතාව පරිච්ඡේදයෙන් පරිච්ඡේදය දිග හැරේ.

විශ්‍රාම යන වයස අවුරුදු හත අටකින් පසුකර සිටි අපේ මහළු මැතිවරණ කොමසාරිස්තුමා විශ්‍රාම යන්ට අවසර ඉල්ලා සිටියේ වසර දහයකවත් සිටය. ඔහු ඒ පිණිස දුන් සාධාරණ හේතුව වූයේ අනවශ්‍ය ලෙස දීර්ඝ කාලයක් වැඩ කිරීම නිසා ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී, ආතතිය වැඩිවූ බවය. ඔහු විශ්‍රාම ගැන්වීමට හැකියාව තිබුණේ මැඩම්ට පමණෙකි. ඒ 17වැනි සංශෝධනයට අනුව මැතිවරණ කොමිසමක් පත් කිරීමෙන් පසුවය. මැඩම්ට ස්වාධීන මැතිවරණ කොමිසමක් අවශ්‍ය නොවුණු නිසා එය කවරදාවත් පත් නොකරන ලද්දේය. ඒ අතර මැතිවරණ කොමසාරිස්තුමාගේ ආතතිය බලාන ඉඳිද්දී වැඩි විය. ඔහු වරින් වර තමා රැකියාවට නොඑන බව කියා තර්ජනය කළේය. ඒ ඒ අවස්ථාවන්හීදී හොඳින් හා නරකින් කියා ඔහු කාර්යාලය වෙත කඳවා ගනු ලැබිණි. අවසාන වාර කිහිපයේ ඔහු කාර්යාලයට බලෙන් ගෙන එන ලද්දේ හමුදා භටයින් නිවෙසට යැවීමෙනි.

මෑතකදී ඔහු රෝහල් ගතව සිටියේ රුධිර පීඩනය සීරියස් ලෙස ඉහළ යාම නිසාය. අද හවස ඔහු තමන් ප්‍රතිකාර ලබමින් සිටි පෞද්ගලික රෝහලෙහි සය වැනි තට්ටුවෙන් පැණ දිවි නසා ගෙන තිබේ. ආතතිය දරාගන්ට බැරි තරමට උත්සන්න වන්ට ඇත.

“හොඳටම වැරදියි, මහත්තයා. හොඳටම වැරදියි. දැන් ඔය දිසානායක මහත්තයා කොයි කාලෙ ඉඳන්ද විශ්‍රාම යන්ට ඕනැ කිය කියා හිටියේ. ඒ නාකි මනුස්සයට ඔය තරම් වද දුන්නෙ කවුද? ඇයි ඒ මනුස්සයාට මහළු වයසෙදි තමන්ගෙ වැඩක් පලක් බලාගෙන ඉන්ට නුදුන්නේ? කවුද මේවට වග කියන්නෙ..?”

“එහෙමයි අපේ හාමුදුරුවනේ…”

“එහෙමයි, එහෙමයි කියල හරියන්නෙ නෑ. මේව ගිහිල්ල කියන්ට ඕනැ ජනාධිපතිතුමියට. මේවා මෙහෙම වෙන එක කාටවත් හරි නැහැ…”

“එහෙමයි අපේ හාමුදුරුවනේ…”

“හැමෝම කියන්නෙ එහෙමයි එහෙමයි කියල තමයි. කවුරුත් ගණන් ගන්නෙ නෑ අපි කියන දෙයක්. කාදිනල්තුමා කියන දේවල් තමයි ඇහෙන්නෙ කාට කාටත්…”

“එහෙමයි අපේ හාමුදුරුවනේ…”

“එහෙමයි නෙවෙයි, තේරුණාද? මේ ටික මෙහෙමම කියන්න ඕනැ ගියපු ගමන් මැඩම්ට…”

“එහෙමයි අපේ හාමුදුරුවනේ…”

මේවා ගිහින් මැඩම්ට කියා පුක ඉරා ගන්ට මට පිස්සුයැ! “Ask him to mind his own business” කියා මැඩම් පෙරළා කියනු ඇත්තේය.

මල්වතු විහාරයෙන් පිටවන මම මේ සිද්ධීන් දෙකෙන් ඇතිවිය හැකි අනිටු ප්‍රතිඵල කවරේද කල්පනා කරමි. මේ දෙකම අපේ වරදින්ම වූ ඒවා නොවතුදු ඒවාට උත්තර බඳින්ට වන්නේ අපටය. කන්‍යාරත්න උපකුලපතියා මැඩම්ගේ සුරතුලකු බව සියල්ලෝ දනිති. මැතිවරණ කොමසාරිස්තුමන්ටද විශ්‍රාම යන වයස පසු කොට දීර්ඝ කාලයක් ඔහුගේ දැඩි අකැමැත්ත මත සේවයෙහි නියැළෙන්ට සිදු වූයේ මැතිවරණ කොමිසම පත් කිරීමට මැඩම් උත්සුක නොවූ හෙයිනි. සාමාන්‍ය අවස්ථාවක නම් මේ දෙකම ආණ්ඩුවකට දරා ගත හැකිය. එහෙත් අප අද සිටින්නේ සාමාන්‍ය අවස්ථාවක නොවේ; අතිශයින් අසීරු අවස්ථාවකය. අපේ බලය සේම මැඩම්ගේ ජනප්‍රියතාවයද පිරිහෙමින් පවතියි. ආණ්ඩුව නරක් වූ දතක් මෙන් වැනේ. ඒ සියල්ල පසෙක ලා අප තව මාස හයෙකින් මැතිවරණයකට යන්ට සිතාගෙන සිටිමු. සියළු කරදර එන්නේ බලාපොරොත්තු නොවන අවස්ථා වලය! මේ දේශපාලනයේ හැටිද?

මගේ ජංගමය නාද වේ. නොදන්නා අංකයකි. මම සාමාන්‍යයෙන් නොදන්නා අංක වලින් එන ඇමැතුම් නොගනිමි. වැඩක් නැති නිසාම එයට ආන්සර් කරමි.

“…සර්, මේ කීර්ති වර්ණකුලසූරිය කතා කරන්නෙ දිවයින පත්තරෙන්…”

මළ කරදරයක්. අඩුවකට තිබුණේ පත්තර විතරය.

“ඔව්, කියන්න…”

“සර්, පක්ෂයේ ජ්‍යේෂ්ඨයෙක් හැටියට මොකද්ද කියන්න තියෙන්නෙ අද සිද්ධිය ගැන…?”

“මොන සිද්ධියද පුතා?”

” මර්වින් සිල්වා මන්ත්‍රීතුමා අද හවස ප්‍රසිද්ධියෙ සිරස මාධ්‍යවේදියෙක් නිරුවත් කරලා ගස් බැඳීම ගැන…?”

(ඉවසන්න…………….සමනළයා යළි පියා සලන තෙක්)

Advertisements
Leave a comment

11 Comments

  1. මාස 6යි කියුවානේ ඊ ළඟ ජන්දේට , බඹේරේ පහුවේලා හරි ශාසනයාගේ පැත්තට කැරකෙන ගානයි!

    Reply
    • කවුළුව

       /  August 13, 2012

      එහෙම නෙවෙයි මැඩම් මොරගොඩව පොදු අපේක්ෂකය කරල අමුතු ගේමක් දේවිද කියල සැකයි

      Reply
    • ආ…..2011ත් මැඩම් ගොඩ දාගෙන.
      එළිසෙබෙත් Ⅱ වාගේ දියමන්ති වලින් බැරි වුනත් මැඩම් සිල්වර් වලින් හරි ජුබීලියක් ගහයි වාගේ.

      Reply
  2. DDT

     /  August 13, 2012

    අර මොකකටද කලාබරේ ගැහැව්ව වගේ ඔය තියෙන්නෙ වටේටම නෙලල. 😀

    අපරාදෙ කියන්නෙ මොන විශ්වයකවත් ආතතිනන්ද සියදිවි නසා ගනී කියල නම් මම හීනෙකින් වත් හිතුවෙ නෑ. අර වීසී මේ … ටැබූ ඉංගිරිස් බැහැයි කියල කියපු බුවා නේද?

    Reply
  3. කවුළුව

     /  August 13, 2012

    පැරලල් මෙව්වා එකේදි ජපුරේ කන්‍යාරත්නගෙ සැර වැඩි වෙලාද මන්දා

    Reply
  4. ඒ උනාට විමසුමේ නම් කිව්වේ මෙහෙමයි.

    විශ්ව විජ්ජාල ආචාර්යවරුන්ගේ සංගමය විසින් පවත්වා ගෙන යන අසාධාරන වැටුප් වැඩි කර ගැනීමේ වර්ජනයට, සහය නොදක්වන අචාර්යවරුන්, මහාචාර්යවරුන් හා උපකුළපතිවරුන්ගේ චරිත ඝාතනය තුලින් ඔවුන් ජන අප්‍රසාදයට පත් කිරීමේ කූට වැඩ පිලිවෙලක් දැන් එළිවෙමින් පවති. ඔවුන් ඒ සඳහා යොදාගන්නේ තමන් විසින් ලිංගික අපචාරවලට ලක් කොට, දූෂණය කර, අනියම් පේම සබදතා පවත්වාගෙන යනු ලබන වෛශ්‍ය විජ්ජා සිසුවියන්ය. තම ඉල්ලිම් කිසිසේන් නොලැබෙන බව දැන, ගෙනයන මේ ප්‍රචාරාත්මක වැඩ පිලිවෙලට එරෙහිව කන්‍යාරත්න මහතා අපහාස චෝදනා යටතේ මිලියන් මිලියනයක් ඉල්ලා අභියාචනාධිකරණයේ නඩුවක් ගොන කොට ඇත.

    සතී කීපයකට පසු විමසුම:-

    කන්‍යාරත්න මහතා විසින් ගොනුකල නඩුවේ තින්දුවෙන් හෙලිවූයේ, DNA පරීක්ෂණයේදි ශුක්‍ර තරල කන්‍යාරත්න මහතාගේ බවයි. නමුත් විශේෂඥ වාර්ථාවට අනුව එම ශුක්‍රාණූ ලිංගික සංසර්ගයකදි නිකුත් වූ ශුක්‍රාණු නොව. ස්වයං වින්දනයකදි පිටවූ ශුක්‍රාණු බවයි. අනුන්ගේ ප්‍රේම ජවනිකා බලමින්. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ කන්‍යභාවය පරීක්ෂා කරන අවස්ථාවක මේ ශුක්‍රාණූ පිටවූ බව විශේෂඥ මතයයි.

    Reply
  5. මදැයි එක දවසට වෙලා තියෙන වැඩ..

    Reply
  6. ranwala

     /  August 13, 2012

    ආතතිය හැම ලෝකයටම පොදුය

    Reply
  7. SB Herath

     /  September 16, 2012

    //ප්‍රයිවෙට් බස් රියැදුරෝ සුපුරුදු පරිදි රේස් ගියහ. හිතුමතයට නළාව හඬවමින් ශබ්ද දූෂණය කළහ. පොලීසිය වෙනදා වගේම පාරවල් වල ඔවුන් නොසිටියානම් හොඳින් ඇදෙන වාහන වැළ අවුල් කොට මාර්ග බාධක ඇති කළහ.//
    ලස්සනම කොටසක්. සමාන්තර විශ්වය තුලත් පොලීසිය වෙනසක් නැහැ වගේ..
    //“That’s all. Have I made it clear enough?”//
    වචන සියයකින් විස්තර කල යුතු දෙයක් වචන 5-6 කින් ලියලා තියෙන අයුරු හරිම අපුරු යි.
    //නිරුවත් කරලා ගස් බැඳීම ගැන//
    මල්ලේ පොල් පක්ෂග්‍රාහී මාධ්‍යවේදියෝ.

    Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: