(12) ආදරයේ කෝඩුකාරයෝ (18+) || The Baby Lovers (18+)

  • කාලය: 2005, සමාන්තර විශ්වය
  • ස්ථානය: කොළඹ, ලංකාව

**********(දිනූෂා සංජීවනී දෙබරවැව කියන කතාව )**********

…Something in the wind has learned my name
And it’s tellin’ me that things are not the same
In the leaves on the trees and the touch of the breeze
There’s a pleasin’ sense of happiness for me…

කල්ප කාලාන්තරයකැයි හැඟුණු කාල සීමාවෙකින් පසුව මම චරිත්ගේ හද නැමැති අඳුරු කුටීරයේ යතුර දිනා ගන්ට සමත්ව සිටිමි.

ඔහු දවසට සිය සැරයක් ‘I love you’ කියා txt කරන සාම්ප්‍රදායික ප්‍රේමවන්තයකු නොවේ. නමුත් චරියා දැන් මා ගැන වෙනදා නොදැක්වූ උනන්දුවක් දක්වතැයි මට සිතෙයි. ඒ සිතිවිල්ලම පමණක් මා අමුතුම ලෝකයකට රැගෙන යන්ට සමත්ය.

ඒ ලෝකයේ බැලු බැලු අත දේදුනු පායා තිබේ. සමනල්ලු රෑන් පිටින් ඈත කඳු මුදුන් කරා ඉගිලෙති. වළාකුළු ස්පර්ශ කළ හැකි මට්ටමින් ඇදේ. සියොත්හු දවස තිස්සේ කීචි බීචි හඬ නංවති. වැලිකැට පුපුරන උණුසුම් මධ්‍යාහන්‍යය පවා ගතටද සිතටද සනීපය.

…There is only one wish on my mind
When this day is through I hope that I will find
That tomorrow will be just the same for you and me
All I need will be mine if you are here

I’m on the top of the world lookin’ down on creation
And the only explanation I can find
Is the love that I’ve found ever since you’ve been around
Your love’s put me at the top of the world…

එකම ගැටළුව තවමත් මට ඔහු මගේම යැයි නොහැඟෙන්නේ මන්ද යන්නයි. ඒ ඇයිද මම නොදනිමි.

චරිත් බඳු හොඳ පවුල් පසුබිමක් ඇති, කැපී පෙනෙන ලෙස කඩවසම්, ඩීසන්ට් ලුක් එකක් ඇති කොල්ලකුට වයස අවුරුදු විස්සක් වනතුරුම කෙල්ලක නොසිටියේ මන්දැයි මට සිතා ගත නොහැකිය. චරියා අනුන්ගේ කරේ එල්ලෙන්ට නොගියත් කවර හෝ නැට්ටුක්කාරියක එතෙක් කල් ඔහුගේ කරේ නොඑල්ලුනේ මන්ද? වෙන කෙනකු ගැන නම් මා සිතන්නේ මේ කතාව බොරුවක් බවය. එහෙත් මම වසර හතරකට ආසන්න කාලයක් චරියා කිට්ටුවෙන් දැන සිටිමි. ඔහුට පෙම්වතියක් වී නම් මා එය නොදැන ගන්ට හේතුවක් නැත. චරියාට පෙම්වතියක සිටින්නේද ඉරාන් අයියාගෙන් අසන හැමවිටෙකම ඔහු කරන්නේ “Are you mad?” කියා කට කොණින් සිනාසී වෙන දෙයක් කතා කරන්ට පටන් ගන්නා එකය.

චරියා ඉතාම දැඩි ලෙස ඇතුළතට හැරුණු සිතක් ඇත්තෙකැයි මම සිතමි. කිසි දිනෙක මවගේ ඇසුරක් නොලැබීමත්, නමට විතරක් සීමාවූ පියකු සිටීමත් මීට හේතු වන්ට ඇත. ඔහු කටුවක් තුළ වසන බෙල්ලකු වැනිය. ඉතාම කලාතුරෙකින්, කණ කැස්බෑවා විය සිදුරින් අහස බලන්නාක් සේ, මේ බෙල්ලා කටුවෙන් හිස එළියට දමයි. එහෙත් ඉතාම සුළු බාධාවෙකින් පවා අධෛර්යමත් වී නැවත කටුව තුළටම රිංගා ගනියි.

මම චරියා ගේ ආත්මය මේ බෙල්ලා තුළින් එළියට ගන්ට උත්සාහ කරමි. ඔහු දේශපාලනය නොකළාට කම් නැත. ඇත්තටම මම පෞද්ගලිකව ඊට ප්‍රිය නොකරමි. එහෙත් ඔහු මිනිසකු විය යුතුය. විරාගයේ අරවින්දට අම්මා කීවාක් මෙන් ලොකු මිනිසකු නොව හොඳ මිනිසකු විය යුතුය.

අරවින්ද!

අරවින්ද සරෝජිනීට ආදරය කරයි. සරෝජිනීද ඔහුට පෙරළා ආදරය කරයි. එය බාධා රහිත සාර්ථක ටීන් ලව් එකකි. එහෙත් අරවින්ද කවර හෝ හේතුවක් මත ඊළඟ පියවර ගන්ට මැළිවෙයි. “අපි පැනලා යමු” සරා අරවින්දට යෝජනා කරයි. “ඇවිත් මෙහි නතර කර ගන්ට” මේනකා අරවින්දට පූර්ණ අවසරය දෙයි. එහෙත් සරෝජිනී බාලවයස්කාරිකය යන සරල කාරණය හමුවේ අරවින්ද දුර්මුඛ වේ. සරා අරවින්දට අහිමි වේ. අරවින්ද එය උපේක්ෂාවෙන් දරා ගනියි.

මේ ආකාරයටම චරිත් මට අහිමි වෙතැයි මට ඇත්තේ බියකි. මම එය සඟවා ගන්ට වෑයම් කරමි.

ඊයේ අපි ලිබර්ටිහි War of the Worlds බලන්ට ගියෙමු. මේ අප දෙදෙනා එක්ව නැරැඹූ පළමු සිතුවම්පටය නොවේ. ගැන්සියක් හැටියට පමණක් නොව මිතුරන් හැටියටද මම චරිත් සමඟ මින් පෙර බොහෝ වතාවක් – සමහරවිට ලිබර්ටි එකේදීම – සිතුවම්පට නරඹා ඇත්තෙමි. එහෙත් අද වෙනස්ය. මේ අප පෙම්වතුන් හැටියට එකට බලන පළමු සිතුවම්පටයයි. එය සුවිශේෂ අවස්ථාවක් වන්නේ එනිසාය.

ආධුනික පෙම්වතකු හැටියට චරියාට ඉගෙන ගන්ට ඇති දේ බොහෝය. මා එය හොඳින්ම දන්නේ පෙම්වතුන් හැටියට පළමු සිතුවම්පටය නැරැඹීම සඳහා මා මේ හෝල් එකටම කැඳවාගෙන ආ ශේන් හා අකලංක දෙදෙනාම චරිත්ට බොහෝ ඉදිරියෙන් සිටි නිසාය.

ශේන් නම් ඊළඟ සති අන්තයේ මා ලවා ගෙදරට බොරු හැටක් කියවා, මාව නුවරඑළි කැන්දාගෙන යන්ට තරම් ශූර විය. එය අවසන් වූයේ මගේ ඉදුණු චෙරි ගෙඩිය ඔහු ඇහිඳ ගැනීමෙනි. අකලංකට මා නුවරඑළි රැගෙන යන්ට අවශ්‍ය නුවූයේ බ්ලෝ ජොබ් එකක්, හෑන්ඩ් ජොබ් එකක් වැනි සරල දේවල් වලින් පමණක් සංතෘප්ත වන්ට ඔහුට හැකියාවක් තිබුණු නිසාය. මූවී හෝල් එකක බොක්ස් එකක් තුළදී හෝ සමහරවිට ඔහුගේ හොණ්ඩා සිවික් එකේදීම  ඒවා ලබා දෙන්ට පුළුවන් විය. (අප කාර් එකේ සෙල්ලම් කිරීම නතර කළේ එක් රාත්‍රියෙක හෑන්ඩ් ජොබ් එකක් විඳිමින්ම රිය පදවාගෙන ගිය අකලංක අතින් බයිසිකල්කාරයකු යට වෙන්ට ගිහින් අනූ නවයෙන් බේරුණු පසුවය. )

මේ දෙදෙනාට සාපේක්ෂව චරියා කෝඩුකාරයෙකි. නිකම් කෝඩුකාරයෙක් නොව කිරි කෝඩුය. ඔහුට තව බොහෝ කල් දිය යුතුය මම සිතමි. පසු දිනෙක මම ශේන් හා අකලංක ගැන ඔහුට කියමි.

“Let’s have two strawberry ice-creams…”

මේ මගේ ආධුනික පෙම්වතා චරිත්ය. ඔහුට වැදගත් ඔහුගේ රුචිය පමණෙකි. අඩු තරමින් මා කැමැති මොනවාද අසන්ට වත් මේ කිරි කෝඩුවාට අවශ්‍යතාවයක් නැති සේය.

නමුත් මම ඔහු වරදවා වටහා නොගනිමි. මින් වසර හතරකට ඉහත නව රඟහලේදී, සාමාන්‍ය පෙළ පොඩ්ඩකු ලෙස  ගෲෂාගේ චරිතයට පණදුන් මේ කොළු ගැටයා ගැන මම කිසිවකුට හෝ වඩා හොඳින් දනිමි. කොග්ගල ඔයේදී ත්සුනාමියෙන් ඇතිවූ ජල කැළැඹීමට නතුව බෝට්ටුව පෙරළෙන්ට යද්දී කොතැනින් මතුවීද අප කිසිවකුට සිතාගන්ටත් නොහැකි වූ ජවයකින් හා ස්ථානෝචිත ප්‍රඥාවකින් ක්‍රියා කරමින් බෝට්ටුව නුදුරින්ම වූ දූවකට ගෙන යන්ටත්, ත්සුනාමියේ අඳුරු සිදුවීම් මැද, දින කිහිපයකට පසු මාත් ඉවෝනුත් ගෙදර ඇරළවන තෙක්ම අප හා රැඳී ඉන්ටත් ක්‍රියා කළේ චරිත්ය. පැණි උරා බොන්ට පමණක් මලක වසන බමරකුට වඩා මේ අහිංසක සමනලයා දහස් වාරයක් හොඳය මම සිතමි.

“Why you like strawberry ice-creams so much..?”

මා අසන්නේ පිළිතුර නොදැන නොවේ. මේ මා සියක් වාරයක් අසා ඇති කතාවකි. ඒ බව චරිත්ද දන්නවා විය හැකිය. එහෙත් ඔහු එය පුනරුච්චාරණයෙන් වින්දනයක් ලබතිය මම සිතමි.

“It was about the first ice-cream I ever had…” කියා පටන් ගන්නා ඔහු ජීවිතයේ පළමුවරට එතෙක් බොහෝ ඈතින් පමණක් දැන සිටි සිය පියා සමඟ මහනුවර සිට කොළඹ එන්ට පටන් ගත් හැටිද, කළු ජූලියේ සැහැසිකම් වලට මැදි වූ හැටිද, බණ්ඩාර අන්කල් කෙසේ හෝ ඒ සියල්ලෙන් ඔහු මුදා ආරක්ෂිතව දෙල්කඳ නිවෙසට රැගෙන ආ සැටිද, ඒ සියල්ලට වඩා පේරාදෙණිය රෙස්ට් හවුසියේදී, අට හැවිරිදි දරුවකුව ජීවිතයේ පළමු අයිස්ක්‍රීම් එක රස විඳි හැටිද මහත් අභිරුචියකින් යුතුව වර්ණනා කරයි. මේ කොපමණ වාර ගණනක් කීවද ඔහුට එපා නොවන කතාවකි.

ශේන්ද අයිස්ක්‍රීම් වලට ඇළුම් කළේය. එහෙත් ඒ කෝන් එකකින් කන්ට නොව මගේ ගැට පියයුරු මත හළා තොළ ගාන්ටය. (ඇත්තටම ඔහුට අවශ්‍ය වූයේ මගේ ඇඟපුරාම අයිස්ක්‍රීම් හළන්ටය. එක කලාපයකට පමණක් අවසරය ලැබෙන ‘කම්ප්‍රමයිස් සොලුෂන්’ එකට ඔහු පසුව එකඟ විය.) ඒ අවස්ථාවේදී එය අතිශය අනුරාගික හැඟීමක් වුවද ශේන් මගේ  ජීවිතය ඇද දැමූ ආගාධය හා සැලැකීමේදී තවදුරටත් කොහොමටවත් ප්‍රසන්න මතකයක් නොවේ. මට පසුව හිතුණේ අප හමුවූ පළමු අවස්ථාවෙහි පටන්ම ඔහු මා යූස් කළ බවයි.

කවදා හෝ මේ අත්දැකීම් චරියා හා බෙදා ගන්ට මම කැමැත්තෙමි. ඒවා දැන්ම කියා මේ පොඩි එකා නරක් කළ යුතු නොවේ.

“Charee…?”

“Yes..”

“Have you ever been to a movie with a girl..?”

“Yes, of course!”

මගේ පල්ස් එක මොහොතෙකින් ඉහළ යයි.

“You were? With whom..?”

“With you…Remember we watched Madagascar sometime back…”

“Not me you stupid!”

“Hey, don’t repeat this question. I am tired of it. I don’t have all the time in the world for movies and girls. There are so many other things in life…”

“There is no need to raise your voice…”

ඔහු මොහොතකට කලින් රස කැවිල්ලක් සොරකම් කර හසුවූ කුඩාවකුගේ අහිංසක දෑසින් මා දෙස බලයි. ඒ තියුණු කළු ඇස්! ඒ දිගටි නැහැය! කොයිතරම් අවුල් වුවත් එකිනෙකට වෙනස් අපූරු හැඩ ගන්නා ඒ දඟකාර කොණ්ඩය! මම ෆේස්බුක් එකේ චරිත්ගේ පින්තූර දෙස එක දිගට පැය ගණන් බලා සිටිමි. ඒ හැම මොහොතෙකම මා කලින් නුදුටු යමක් එතුළින් දකිමි. මේ පින්තූර මා කොයිතරම් බලා සිටියද මට එපා නොවන්නේ ඇයිද?

ප්‍රේමය නම් කිමැයි ඔබ මට කියා දුන්නෙහිය.
දැන් මගේ අතීතය ඔබය.
මගේ වර්තමානයද ඔබය.
මගේ උත්තරීතර අනාගතයද ඔබය.

ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරේ
ඔබයි සෞම්‍ය තරු එළිය ගිම්හාන කාලේ
සදානන්දකරවූ ඔබේ මධුර රාවෙන්
පිපී ආමි අරවින්දයක්සේ තඩාගේ…

අපි War of the Worlds නරඹමු. වඩාත් නිවැරදි වුව හොත් චරියා War of the Worlds නරඹයි. මම චරියාගේ දිගටි නැහැය දෙස බලා සිටිමි.

චරිත්ගේ දිගු ඇඟිලි මගේ දෙවුර මත දුවයි. මම මගේ මුහුණ ඔහුගේ මුහුණට ළංකරමි. ඔහු ඔහුගේ උණුසුම් රෝස තොල් පෙති වලින් මගේ නළල සිඹී.

කොල්ලා නවකයකු වුවත් කවදා හෝ මේවා ඉගෙන ගත යුතුය. මම ඔහුගේ ඇදුරුතුමිය වෙමි. තිරය මත පිටසක්වල ජීවීහු මහ පොළොව ආක්‍රමණය කරති. මම චරිත් බණ්ඩාර නම් යෞවනයාගේ ජීවිතය ආක්‍රමණය කරමි.

අද ෂර්ට් එක ඇඳගෙන ආවේ යටට ඕනෑකමින්ම බ්‍රා එක නොඇඳ බව ඔහුට කිව යුතුද? නැතිනම් ඔහුටම එය සොයා ගන්ට ඉඩ හැරිය යුතුද?

.

(ඉවසන්න…………….සමනළයා නැවත තටු සලන තෙක්)

Advertisements
Leave a comment

29 Comments

  1. kathandarakaraya

     /  August 22, 2012

    කාපෙන්ටර්ස්ලාගේ සින්දු සහ නන්දා මාලනීගේ සින්දුද, වෝ ඔෆ් ද වර්ඩ් සහ විරාගයේ අරවින්ද ගැන ද එක සේ හොඳින් දන්නා දිනූෂා සංජීවනී වැනි කෙල්ලෝ ඉන්නේ සමාන්තර ලෝකවල විතරක් විය යුතුය.

    Reply
    • වෙන්න පුළුවන්. නමුත් ඒ excuse එක නැතුවාට තවත් ඒවා තියේ.

      ස්ටීවන් ස්පීල්බර්ග්ගේ Saving Private Ryan සිතුවම්පටයට පාදක වන්නේ යුද වැදී සිටින එකම පවුලක සොහොයුරන් තිදෙනකු ස්ථාන තුනකදී මාසයක කාලයක් තුළ මිය යාම නිසා ඉතිරිවී සිටින එකම සොහොයුරා ඔවුන්ගේ මව වෙනුවෙන් ආරක්ෂා කිරීමට දරණ ප්‍රයත්නයක් පිළිබඳ කථාන්තරයයි. එකම පවුලක සොහොයුරන් තිදෙනකු වෙනස් සිද්ධීන් වලින් මාසයක කාලයකදී මිය යාමේ සම්භාවිතාවය කොයි තරම් අඩුද? එයින් ස්පීල්බර්ගේ ගේ කෘතියේ තාත්විකත්වයට හානියක් වේද?

      නැත! මන්ද ඔහු එය ගොඩ නැඟුවේ සත්‍ය සිද්ධියක් පාදක කොට ගෙන හෙයිනි.

      සත්‍යය ප්‍රබන්ධයට වඩා විස්මයජනකය! ලෝකයේ හැම චරිතයක්ම අප දන්නා සීමා වලින් stereotype කළ නොහැකිය.

      – ලේඛක

      Reply
  2. Charith

     /  August 22, 2012

    /කාපෙන්ටර්ස්ලාගේ සින්දු සහ නන්දා මාලනීගේ සින්දුද, වෝ ඔෆ් ද වර්ඩ් සහ විරාගයේ අරවින්ද ගැන ද එක සේ හොඳින් දන්නා දිනූෂා සංජීවනී වැනි කෙල්ලෝ ඉන්නේ සමාන්තර ලෝකවල විතරක් විය යුතුය./

    අපෝ නෑ. බ්ලොග් අවකාසෙත් ඉන්නවා. එයාගෙ නම අරුණි ශපිරෝ. කතන්දර අඳුනන්නෙ නැතුවා වගේ. 🙂

    Reply
  3. කාකා මාමා මොනව කිව්වත් I feel alive in this post

    Reply
  4. යෞවන ප්‍රේමයේ 2005 සමාන්තර විශ්වය කෙසේ වෙතත් ඊටත් අවුරුදු 10-15 කර පෙර කාළයකට මා කැඳවාගෙන ගියේය. කතන්දරගේ සැකය සාධාරණය. එහෙත් ආනන්දයට ගියපු සමහර අය නවරඟහල තියෙන පාසලේ හා සාන්තුවරයන්ගේ පාසල්වලත්, එවන් බාලිකා පාසල්වලත් මේ පංතිය නියෝජනය කළ පිරිස අතර උන්නේය. අද තත්වය නම් මෙසේ නොවේ. පාසල් තුල සමහර විට නෝටී ඇමරිකා වැඩ සිඳුවනවාදයි නොදන්නා මුත්, පාසල ඉදිරිපිටම දෙනෝදාහක් ඉදිරියේ තොල් වල රස බලන බාලක බාලිකාවන් අනන්තය අප්‍රමාණය.. (කිසිඳු වරදක් නොදකිමි..)

    Reply
  5. Anonymous

     /  August 22, 2012

    කතන්දර ඔයා වයසයි. ඔයාට සමහර දේවල් තේරුම් ගන්න බැරි ඒකයි. රයිට් සහෝදරයොත් අද ආව නම් Airbus A380 එක දැකලා කියාවි යකෝ මෙහෙම දේවල් තියෙන්න බෑ කියලා.

    Reply
  6. Like.

    This goes like “Bohemian Rhapsody”, each episode gives a different taste & feeling than the other.

    Reply
  7. DDT

     /  August 22, 2012

    ෂා …. ඔයාට ලව් ස්ටෝරිත් ලියන්න පුළුවන්නේ. අද කතාව නම් ටිකක් රොමැන්ටික් වැඩී වගේ.

    Reply
  8. බොහොම ලස්සන කතාවක් සරලවම ලියවිලා තියෙනවා…මට තේරුනා ලියපු දේවල් ගොඩක්ම….

    Reply
  9. This goes like “Bohemian Rhapsody”, each episode gives a different taste & feeling than the other.

    Reply
    • If every post tastes the same, it would have been another ‘Vargapurnikava’. 🙂

      – The Writer

      Reply
      • Exactly 🙂

        Anyway I like the way this story is going. [The only thing I dislike is the 2/3 days gap between two posts 😉 ]

  10. සුමුදු

     /  August 22, 2012

    කාලෙකට පස්සේ අසාවෙන් කියවන්න පුළුවන් බ්ලොග් එකක් හම්බ උනා…. දිගටම ලියයි කියල බලාපොරොත්තු වෙනවා.. ජය වේවා….!!!

    Reply
  11. ඩිලාන්

     /  August 22, 2012

    ලස්සන කතාවක්,අදයි බ්ලොග් එකට ආවේ මුලින්ම

    Reply
  12. ranwala

     /  August 22, 2012

    අදටත් අපි ප්‍රේමය කියල කියවන්නෙ හැත්තෑ ගණන් වල ප්‍රේමය නේ.මිලේනියම් ප්‍රේමය කියවන්න හම්බු වෙන්නෙ මේ වගේ කලාතුරකින්.

    Reply
  13. Chathura

     /  August 22, 2012

    Am I mistaken?

    If Charith is 20 in 2005, he must be born in 1985. But he was a kid who was able to remember and sing a small part of a song in 1983???

    Reply
  14. තරහා අවසර… චරියාට හැමවිටම කෙල්ලකගෙන් රේප් වන්නට ඉඩදී ලේඛකයා සතුටුවෙන්නේ ඇයි..?

    Reply
  15. විශ්ලේෂකයා

     /  August 23, 2012

    So you are planning the next evolution of Sinhalese novel ? 🙂 Anyway love the post. You are a genius buddy. I mean it !

    Reply
  16. Charith M

     /  August 23, 2012

    Nice one.. keep writing..ආදරයේ කෝඩු කාරයෝ කිව්වට කෝඩු එක්කෙනෙයි ..

    Reply
  17. මේ කතාව තුල සැඟවුනු දේශපාලනයක් තියෙනවා කියලා මට නොහිතෙන්නේ නැත්තේ ඇයි?

    Reply
  18. ෙම්ක කියැෙවව්වාම අැත්තටම චරිත් කියන්ෙන් දිනුෂා හිතන බඹරෙක්ම ද? නැතිනම් ෙනාසිතන සමනලයෙක් ද මන් දා?.. ශේන් අකලංක ෙග් බඹර පහස විදි දිනුෂාට සමනලයෙකුෙගන් සැනැහිය හැකි ද?
    ඒත් අවසාන පද
    ප්‍රේමය නම් කිමැයි ඔබ මට කියා දුන්නෙහිය.
    දැන් මගේ අතීතය ඔබය.
    මගේ වර්තමානයද ඔබය.
    මගේ උත්තරීතර අනාගතයද ඔබය.

    ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරේ
    ඔබයි සෞම්‍ය තරු එළිය ගිම්හාන කාලේ
    සදානන්දකරවූ ඔබේ මධුර රාවෙන්
    පිපී ආමි අරවින්දයක්සේ තඩාගේ…

    Reply
  19. මේ ලිපියේ
    බ්ලොග් කරණයට පොදු ලක්ශ්ණය ‘හදිස්සිය’ නොමැති නම්
    මේ ලිපිය මීට වඩා ආලවන්තයි!

    එහෙත්,

    සිංහලෙන් කියවන
    රසික ජන රස වින්දනයේ නිම් වලලු ඈතට ඈතට ගෙන යන
    යෞවන ප්‍රේමයේ ප්‍රේමණීය මෘදු බවට ලස්සන ආටෝප කරන
    සිතුම්, පැතුම්, හැඟුම්, නවීන තත්වයන් කියා ගන්න වචන නැති තැන් වලට වචන නිපදවමින්

    වත්මන් සමාජය තුල පැසෙන
    කටුක කටෝර දළදඬු ලිංගික ක්‍රියාවලියට යොමු කරන තත්වයට එරෙහිව
    ප්‍රේමය සොරාගැනීමට බදාගෙන අයිති කර ගැනීමට එරෙහිව
    ආදරය කල යුතු විදිය මේ යයි හැඟෙන ලිපි ඔබ අතින් ලියවේවා!

    Reply
  20. කාලෙකට කලින් ලන්ඩන් සඟරාවේ තිබුනා ලිපියක්. ඒකේ අන්තර්ගතයේ කොටසක් ගොන්පාට් එකක් වුනත් ලේඛකයා එක් තෑනක ලියලා තිබුනා මෙහෙම. මම ලියන්නේ අදහස. “ශ්‍රී ලාංකීය කාන්තාවෝ බාලිකා පාසලේදී ගැහැණු පිරිමි රහසඟ වෙනස් කියාවත් නොදෑන ඉඳලා, කෑම්පස් එකේදී කොල්ලෝ හතරක් පහක් රන් කරනවා. කරන්න තියෙන හැමදේම කරලා වෘත්තිමය ජීවිතයේදීත් ලිංගිකත්වය පාවිච්චි කරනවා. ඊට පස්සේ එකපාරටම නියුට්‍රල් වෙලා සරල පිරිමියෙක් එක්ක විවාහ වෙලා ජීවිතයම ඒක පතිනි වෘතයෙන් ජීවත් වෙනවා.” මේකේ පුරුෂ ලිංගික වර්ෂන් එකත්. ඒ දෙකේම විලෝමයත් ගෑන ලේඛකයා ලියලා තිබුනා මට මතකයි. මේක මාර ඇත්තක්. මිනිස්සු කථා කරන්න බයේ වෙව්ලන ඇත්තක්. ඒ වගේම පට්ට දේශපාලනයක් ඇතුළේ හැංගිච්ච ඇත්තක්. සමහරවිට මේ සමාන්තර විශ්වයේදී මේ කෙල්ල චරියාව අවිඥාණිකවම යූස් කරයි. සමහරවිට දෙන්නා සිරා කපල් එකක් වෙයි. ඒත් ඒ එන්ඩ් එක උඹට අයිති කාරණාවක් නෙවෙයි. උඹ නියම තැනින් කථාව නවත්තලා.

    තව දෙයක්, ලංකාව ඇතුලේ මිනිස්සු දේශපාලනය කියලා හිතන් ඉන්න අටමගලෙට ඇත්ත ලෝකේ සෑහෙන්න පර්යාවලෝකයන් තියනව කියලා පෙන්නලා දෙන්න මේ කරන සමනළ විප්ලවයට ස්තුතියි.

    Reply
    • /“ශ්‍රී ලාංකීය කාන්තාවෝ බාලිකා පාසලේදී ගැහැණු පිරිමි රහසඟ වෙනස් කියාවත් නොදෑන ඉඳලා, කෑම්පස් එකේදී කොල්ලෝ හතරක් පහක් රන් කරනවා. කරන්න තියෙන හැමදේම කරලා වෘත්තිමය ජීවිතයේදීත් ලිංගිකත්වය පාවිච්චි කරනවා. ඊට පස්සේ එකපාරටම නියුට්‍රල් වෙලා සරල පිරිමියෙක් එක්ක විවාහ වෙලා ජීවිතයම ඒක පතිනි වෘතයෙන් ජීවත් වෙනවා.” /

      මේක ගොන්පාට් එකක් නෙවෙයි මහත්තයෝ. ඇත්ත. පරිනාමය අනුව අනිවාර්යයෙන්ම මෙහෙම වෙන්න එපායැ. දරුවන් ලබන්න සුදුසුම යුගයේදි ගැහැණුන් ලිංගික සක්‍රියතාවයේ උපරිමයට පත්වෙනවා. අනෙක් කාල වලදී ඒක අඩු වෙනවා. එහෙම නොවුණොත් පරිනාමයේ මොකක් හරි වරදක් තියෙන්න එපායැ. නිකමට හිතන්න අවුරුදු හතළිහ පැණපු ගෑනු ලිංගිකව සක්‍රිය වෙන්න ගියොත් මොකද වෙන්නේ කියලා.

      පිරිමියා ගැන ගත්තොත් ඒක වඩා සංකීර්ණ කතාවක්.

      – ලේඛක

      Reply
      • ලේඛක මහත්තයෝ ඔයා මම කියපු දේ වැරදියට තේරුම් ගත්තේ. ආයෙමත් කියවන්න. මම ගොන්පාට් යනුවෙන් සඳහන් කලේ ඒ ආටිකල් එකේ තිබුණු අනෙක් කරුණු කාරනා වලින් කොටසක්. ඒ කරුණු මම මෙතැන සඳහන් කලේ නෑ. ඒවා මෙතනටවත් ඔබටවත් අදාලත් නෑ. මම ඉහතින් කියලා තියෙන්නේ ඔබ දැන් උදෘතයෙන් දැක්වූ කොටසට මම එකඟයි කියන එකයි. හැබැයි එතන තියෙන්නේ ඔබ කියන විදියට ජීව විද්‍යාත්මක කාරණාවක්ම නෙවෙයි. සහජාසයන් නෙවෙයි. එතන තියෙන්නේ වඩා සංකීර්ණ සමාජ දේශපාලන කතන්දරයක්. ඒක වැරදියි කියලා මමවත් කියන්නේ නෑ. අපිට තව මිනිහෙක්ව හෝ ගැහැණියක් විනිශ්චය කරන්න කිසිසේත්ම අයිතියක් නෑ.

  21. sreen

     /  December 22, 2012

    කතාවේ විශ්වෂනීයත්වය පලුදු වෙන තැනක් දුටුවෙමි…1983 දී සින්දුවක් කීමට තරම් හැකියාවක් ඇති දරුවෙකු 2001 දී සාමාන්‍ය පෙළ පන්තියේ සිටීම නොහැක්කකි…2001 දී සාමාන්‍ය පෙළ පන්තියේ සිටීමටනම් ඔහු උපත ලැබිය යුත්තේ අවම වශයෙන් 1985දී විය යුතුය.(සමාන්තර ලෝකවල්දී සාමාන්‍ය පෙළ කරන්නේ අවුරුදු 16 දී නොවේනම් මෙය ගැටළුවක් නොවේය 🙂 )

    Reply
    • ඇලෙක්ස් ඩිලාජ්

       /  September 22, 2015

      Sreen සමාන්තර විශ්වයේ කළු ජූලිය සිදුවන්නේ 1993 දීය

      Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: