(17) පශ්චාත්-සහස්‍රක ආදර කතාවක් (18+) || A post-millennium love story (18+)

  • කාලය: 2004, සමාන්තර විශ්වය
  • ස්ථානය: කිතුල්ගල, සබරගමුව පළාත, ලංකාව

**********(දිනූෂා සංජීවනී දෙබරවැව කියන කතාව)**********

You are my fire – The one desire
Believe when I say – I want it that way

But we are two worlds apart – Can’t reach to your heart
When you say – That I want it that way

Tell me why – Ain’t nothin’ but a heartache
Tell me why – Ain’t nothin’ but a mistake
Tell me why – I never wanna hear you say
I want it that way

ආදරය යනු F(Love) = a Sex2 + b Sex + c ආකාරයේ සමීකරණයක් වී නම් ශේන් ලෝකයේ හොඳම පෙම්වතුන් දස දෙනා අතරට වැටේය මම සිතමි.

අනෝරා වැස්ස. නිරිතදිග මෝසම නිරිතදිග වැසි වනාන්තරයට ඇද හැළෙන්නේ අනුකම්පාවෙන් තොරවය. වසරේ වියළි කාලවලදී හිම කැට සේ සීත දිය බිඳු පමණක් ඉසින, බෙලිලෙන ඉදිරිපසින් ඇද හැළෙන දිය ඇල්ල මහා දිය දහරාවක්ව ඇත්තේය. මම ඒ සීත දිය දහරේ ඇට මිඳුළු දක්වා දිවෙන සීත විඳිමින් හිතේ හැටියට තෙමෙමි.

“Come here baby, you are going to catch pneumonia…”

මේ ශේන්ය. ඔහු ඉහළ ලෙන පාමුළ සිට මදෙස බලා හිඳී.

මම ඔහුට මගේ කහපාට ටී ෂර්ට් එක ඉහළට ඔසවා පෙන්නා දත් විරිත්තමි. ශේන් හඬ නඟා සිනාසෙයි. ඔහුත් එකට එක කරමින් කලිසම පහත් කොට නිරුවත් තට්ටම් මාවෙත දක්වතැයි මම සිතුවෙමි. එහෙත් ඔහු එසේ නොකරයි.

“Come on baby, there are better things to do…”

අප මෙහි ආයේ බෙලි ලෙන අපට අපේම අපේම අපේ ලොවක් වෙතැයි සිතා නොවේ. කිතුල්ගල රෙස්ට් හවුසියේ සහායිකාව කිව්වේ නුදුරු ස්ථානයක නිවැසි මුරකරුවකු එය බලා ගන්ට සිටින බවය. මේ ආචාර්ය ශිරාන් දැරණියගල විසින් 1978 – 1983 අතර කාලයේ බෙලි ලෙනෙහි කැණීම් කරන අවස්ථාවේ පත්කළ මහළු මුරකරුගේ පුතාය. සමහරවිට උදෑසන සිට ඇද හැළෙන මහ වැස්ස ඔහුගේ පැමිණීම වලක්වන්ට ඇත.

දිය බේරෙන ඇඳුමින් යුතුව මම කළුගල් කණ්ඩිය නඟිමි. මා ලේනකුට කුරුමානම් අල්ලා ළිඳට වැටුණු දවසේ අපේ බළල් තඩියා ‘ෆෙලිස්’ වැන්න. ඉහේ සිට දෙපා දක්වාම දිය බේරෙයි. ශේන් මා ඔහු වෙතට ඇද, තුරුළු කොටගෙන මගේ මුව සිප ගනියි. කවුරුන් හෝ දකිතැයි මට මොහොතක චකිතයක් හට ගනී. මම හාත්පස බලමි. වනාන්තරය හා වර්ෂාව විසින් අප අවශේෂ ලෝකයෙන් වෙන් කොට ඇත්තේය.

“Not here, sweety. Someone might see…”

“Lets go in…”

“Are you mad? This is a public place…”

“…not for the next thirty minutes”

“Still..I am scared…”

“Come on… nobody will come. Not in this rain…”

මිනිස් සිත පුදුමාකාරය. එය අපට අවශ්‍ය අවස්ථාවට අපට අවශ්‍ය තීරණයම ගනියි. වෙනත් අවස්ථාවෙකදී නම් ඒ තීරණ මොන තරම් මැටි ඒවාද සිතෙයි. එහෙත් ඒ අවස්ථාවේදී අපි ඒවා ස්ථානෝචිතව ගත හැකි හොඳම තීරණ බව දනිමු.

මම ශේන්ගේ අතේ එල්ලී බෙලිලෙන තුළට වැදෙමි.

ගමන සෙට් වුණේ හදිසියේ නිසා මට නුගේගොඩ කුඩා ෆාමසියකින් ගන්ට පුළුවන් වුණේ Moonbeam රබර් පැකට් එකක් විතරය. ප්‍රීති නම් අමු ගොඩේය. හමුදාවේ අයියලාට හා ගාමන්ට් නංගිලාට කෙසේ වෙතත් මට නම් ඒ මදිය. ප්‍රීති තරමටම නරක නැති වුණත් Moonbeam රබර් එක පවා මට සංවේදී මදිය සිතෙයි.. වාසනාවට ශේන් යන තැනෙක Durex Extra Sensitive Condoms පැකට් එකක් හෝ දෙකක් රැගෙන යයි. මේ තරම් සංවේදී විඳීමක් ලැබෙන රබර් එකක් නැතිය සිතමි. එය රබර් එකක් ඇඳෙගෙන සිටින්නේය අමතක වන තරමට තුනීය. ශේන් ඒවා ගෙනෙන්නේ සිංගප්පුරුවෙනි. ලංකාවේ තවමත් Durex නැත්තේ ඇයි? ඇයි අපි ඔටුවොද?

බෙලිලෙන මින් වසර තිස් දහසකට පමණ පෙර බලංගොඩ වානර මානවයින් දහසකට හෝ දෙදහසකට සෙවන දුන් එකකි. ලිංගික සංසර්ගය අනෙකුන්ගෙන් නොසඟවා එළිපිට කෙරෙන ක්‍රියාවක් වූ එසමයෙහි මෙහි හැම රාත්‍රියක්ම සිය දහස් ගණනෙක සොඳුරු රමණයන් මානව ඉතිහාසයට එක් කරන්ට ඇතැයි සිතමි. සහකාරියන් බෙදා ගන්ට වන ගැටුම් වලදී නිසැකවම තව සිය ගණනක් හැම රැයෙකම මියෙන්ට ඇත. අද ෂෝ එක ඊට සාපේක්ෂව බෝරිංය. මා බෙදාගන්ට ශේන් සමඟ ගැටුමක් ඇති කරන්ට  තරගකරුවකු මෙහි නොවේ. මේ අපේ රාජ්‍යයයි. ඔහු මෙහි එකම කිරුළ පළන් අධිරාජයාය. මම ඔහුගේ රැජන වෙමි.

කෝකිල හඬ කන් පිනවයි – රන් ස්වරයයි
රෑන ගිරව් දෙන ගී සින්දු – අම බින්දූ
සෑම දෙසේ සංගීත ඇසේ
පිපි තඹරන නද බඹරන පිය රැව් දෙන ලිය කිඳුරන

ප්‍රේමයෙන් මන රංජිත වේ – නන්දිත වේ
පුෂ්පයෙන් වන සුන්දර වේ – ලංකෘත වේ
ආලයෙන් වෙළි සැදි මෙ ලතා
මණ්ඩපයෙන් චණ්ඩාතප ඛණ්ඩිත වේ හිරු රජිඳුගෙ

අපි ලෙනෙහි අඳුරු මුල්ලකට වැදෙමු. එහි බිම වැතිරෙන්ට තරම් සුමුදු නොවේ. මම ශේන් ගැන දනිමි. ශේන් රමණයේදී වන මෘගයෙකි. මෙහි වැතිරුණොත්, ඔහු දඟලන දැඟලිල්ලට, ප්‍රාග් ඓතිහාසික පාෂණයන්ගෙන් පිට ලෙලි ගහගෙන මට යන්ට වෙන්නේ ඉස්පිරිතාලයටය. ශේන් සිරස් ගල් බිත්තියට හේත්තු වෙයි. මේ අංශක හැට හෑත්තෑවකට ඇළ සමතල බිත්තිය අප වෙනුවෙන්ම කවුරුන් හෝ තැනුවාක් වැන්න. මම දඟකාර ලෙස ඔහුගේ බෙල්ලේ එල්ලී ඔහු බඳ වටා මගේ දෙපා යවමි. ඔහු තම උණුසුම් තොල් මගේ නළලට ළංකරයි.

“Remove your shoes… they are dirty…” ඔහු ඇසෙන නෑසෙන හඬින් කියයි. කැලේ යන්ට තිබුණු නිසා මා ආවේ මගේ Coach sneakers ඇඳගෙනය. දැන් ඒවා සපත්තුද නොපෙනෙන තරමට මඩින් වැසී තිබේ. ඒ මඩ වලින් කොටසක් ශේන්ගේ ඩෙනිමේය.

“This is not a temple you stupid. Don’t you think we have better things to do than worrying about my shoes…” මම කොඳුරමි.

Monnbeam පැකට් එකේ රබර් එකක් පළඳින නිවැරදි ක්‍රමය පින්තූර වලින් දක්වා ඇත්තේ මේ රටේ ඉන්නේ ඒකවත් නොදන්නා ගොඩේ බයියලා නිසා විය යුතුය. එසේම ඒ පිරිමියකු එය පළඳින විදියයි. ගැහැණියක විසින් පිරිමියකුට එය පැළඳවිය යුත්තේ ඊට වෙනස් ආකාරයෙකිනි. මම Durex පැකට් එක රබර් එකට මගේ නියපොතුවලින් හානියක් නොවන සේ සීරුවෙන් විවෘත කරමි. ඉන් පසු රබර් එකේ තුඩ වා බිංදු නොරඳන ආකාරයෙන් යටි තල්ලට දිවෙන් තදකර ගනිමි. ශේන් බෙල්ට් එක ගලවා සිප් එක පහතට කරයි. මේ ගොන් තඩියාට Crocodile briefs පෙට්ටි ගණන් අරන් දුන්නත් හැමදාම අඳින්නේ කළුපාට බොක්සර්ය. මම බොක්සර්ස් සේම කළුපාටද අප්‍රිය කරමි. මා ලිංගිකව උද්දීපනය වන්නේ සුදු හෝ දීප්තිමත් වර්ණයෙක බ්‍රීෆ් එකකිනි. පිරිමි වෙනස් කරන්ට බැරිය. මේ තරම් තේරුම් කර දීත් මා කියවන්ට ශේන්ට තවම නොහැකි මන්ද? ඇඳුම් පැළඳුම් තේරීමේදී ඔහුගේ රුචිකත්වයන් ගැන මේ තරම් සිතන මා වෙනුවෙන් පොඩියක් සිතන්ට ඔහුට බැරි ඇයි? හැම පිරිමියෙක්ම මෙසේ ආත්මාර්ථකාමීද? ආත්මාභිසාරීද?

මම නෙත් පියා ගනිමි. ශේන්ගේ උණුසුම් රෝස තොල් මගේ තොල් සොයා එයි. ශේන් දීර්ඝ ලිප් කිස් වලට හපනෙකි. මගේ නැබ මුල දහසක් මල් පිබිදෙයි. සාක්කුවේ ජංගමය දෙවරක් රිං වී නතර වේ. මම සකල ලෝක ධාතුව මගේ මනසින් බැහැර කොට තව තවත් ශේන්ට තුරුල් වෙමි.

You are my fire – The one desire
You are,  You are, you are, you are

Don’t wanna hear you – Ain’t nothin’ but a heartache
Ain’t nothin’ but a mistake – (Don’t wanna hear you say)
I never wanna hear you say
Oh Yeah
I want it that way

Tell me why – Ain’t nothin’ but a heartache
Tell me why -Ain’t nothin but a mistake
Tell me why  – I never wanna hear you say
(Don’t wanna hear you say)
I want it that way

Tell me why – Ain’t nothin’ but a heartache
Ain’t nothin’ but a mistake
Tell me why – I never wanna hear you say
I want it that way

‘Cause I want it that way

.

“පිරිමියකුට සුරතාන්තයක් යනු ඔහුගේ ශරීරයෙන් පිටත සිදුවන එක් ක්‍රියාවලියක් පමණය. ගැහැණියක් එය මුළු ශරීරයෙන්ම විඳියි. එය ඇයට ඇගේ ශරීරයම කපු රොදක් සේ ඔසවා වළාකුළු මත තැබීමකි.”

මේ වචන වලින්ම නොවෙතුදු අදහස කමලා දාස්ගේය. අනුරාගයේ මුල් පොතිනි.

අප අපගේ අනුරාගයේ මුල්පොතෙහි අවසන් පරිච්ඡේදය නිමාකොට පොත වසන කල්හි මම හොඳටම හෙම්බත්ව සිටිමි. හරියකට උදෑසන ආහාරය නොගත් බව මතක් වන්නේද දැන්ය.

තවමත් වර්ෂාව පහව නැත. ශේන් කැබ් එක නතර කර ආවේ කිතුල්ගල සිට කිලෝමීටර් අටක් පමණ ඇතුළට, එන්ට පුළුවන් උපරිම දුර පැමිණ, මොකද්දෝ ව්‍යාපෘතියකින් ඉදිකළ කුඩා ගෙවල් කිහිපයක් ආසන්නයේදීය. නැවත යාමේදීත් අපට තෙමෙන්ට වන බවට සැක නැත. ශේන්ට නම් කොයිතරම් වැස්සත් බියර් එකත් Dunhill පැකට් එකත් එක්ක රෙස්ට් හවුසිය පහළ කැළණි ගඟට බහින්ට ඕනෑම වෙයි. නැතිනම් ඔහුගේ සතුට පූර්ණත්වයට පත් නොවුනාක් මෙනි. මම Dunhillද බියර් ද දෙකම අප්‍රිය කරමි. මම හැදිච්චි ගෑනු ළමයෙක්මි. මා කැමැති එකම මත්පැන Red wine ය.

ශේන් මා තුළට වදින විට ලැබුණු, එවේලෙහි නොසලකා හරින ලද txt එක මම කියවා බලමි. එය චරියා ගෙන්ය. සිතුවම්පටයකට ආරාධනාවකි. ඔහුට තනිව යන්ට කම්මැලි වූ විටෙක මට txt කරයි.

කිසි විටෙක කෙළින් ප්‍රකාශ නොකළද මම චරියාට කාලයක් තිස්සේ ලාවට ට්‍රයි කළෙමි. ඔහු ඊට දැක්වූ ප්‍රතිචාරය ගැටළු සහගතය. තේරුම් ගන්ට අමාරුය. ඔහු කිසිම අවස්ථාවෙක මට බැරිය කීවේත් නැත. මා ඈත් කරන්ට තැත් කළේද නැත. එසේම තමන්ට වෙනත් කෙල්ලක සිටින බවක් ඇඟෙව්වේද නැත. මා දන්නා තරමින් ඔහුට ගර්ල් කෙනෙක් නොසිටියාය. ෆිල්ම් එකක් බලන්ට යන්ට, ඇඳුම් ගන්ට යන්ට ඉඳහිට මට කතා කරන සිරිතද ඔහු දිගටම පවත්වා ගෙන ගියේය.

ඔහු අප්‍රකාශිතව අරේෂාට ට්‍රයි කරතැයි මම සිතුවෙමි. අරේෂාටත් මා දන්නා තරමින් බෝයි කෙනකු නොසිටි අතර ඇයද අසාමාන්‍ය ලෙස චරියාට සමීපව සිටියාය. එහෙත් චරිත් හා අරේෂා දෙදෙනාම හැසිරුණේ රසායන විද්‍යාවට අප උගත් හීලියම්, නියොන්, ආගන් වැනි අක්‍රිය වායු පරමාණු සේය. ඔවුන් දෙදෙනා අතර බන්ධනයක් නොවූවා සේම දෙදෙනාගෙන් එකකුටවත් එවැන්නක් ඇති කර ගන්ට සුළු හෝ උවමනාවක් ඇති බවද නොපෙණුනේය.

අපේ ගැන්සියේ කෙළි රෑන චරියා ගැන දැන සිටියේ මගේ හා අරේෂාගේ ‘බොක්ක’ හැටියටය. අප දෙදෙනා සමඟම වෙන වෙනම ගත් ඡායාරූප ඔහු ෆේස් බුක් එකේ පළ කළේය. මිතුරෝ. මිතුරියෝ මේවාට “ආව්…ආව්…” කියා කමෙන්ට් කළහ. චරියා ඒවාට ප්‍රති කමෙන්ට් කළේවත් ඒවා මකා දැමුවේවත් නැත. දුටු බව අඟවන්ට ලයික් කළා පමණෙකි. ඉඳහිට කොල්ලකු අප ගැන විමසිලිමත්ව කැමැත්ත අසන්ට, මොබයිල් නම්බර් එක අසා ගන්ට හෝ ලියුමක් දෙන්ට යොදා ගත්තේද චරියාය. මේ මෝඩයාද කියූ ලෙසටම ඒ සියල්ලක්ම කළේය. මා නම් එය සිනාසී ඉවසූ මුත් අරේෂා එය දෙතුන් වතාවක් වීමෙන් පසුව ඔහුට බැණ වැදුණාය.

මා කළ වරද කිසිම දවසක චරිත්ගෙන් කැමැත්ත නොවිමසීමයි. ඒ ඇයි? සමහර විට ආදරයක පළමු පිට පෙරළීම පිරිමියාට අයත් රාජකාරියකැයි මා සිතා නිසා විය යුතුය. ගැහැණියකට හැක්කේ එසේ ඇසූ කල්හි ඊට නතු වීම හෝ ප්‍රතික්ෂේප කිරීම පමණෙකි. මේ භූමිකා පටළා ගත යුතු නැතැයි මම සිතුවෙමි.

එසේම අනෙක් අතට ඔහු මගෙන් කවදාවත් කැමැත්ත නොවිමසන්ට ඇත්තේ මා ඔහුට මාස කිහිපයකින් වැඩිමහළු වී පන්තියක් ඉහළින් සිටි නිසා විය යුතුය මම සිතුවෙමි. මේ වයසේ කොල්ලන් සමහරක් ආදරයක් ලෙස නංගියකු මිස අක්කියකු බාර ගන්ට නොකැමැති වෙති. චරියාද එසේ නොවේය කවුරු නම් දනිත්ද? රෝයල් එකේ ඉගෙන ගත්තත් වෙනස් නොවෙන දේවල් තියේ. චරියා ආනන්දෙට හරි මහානාමෙට හරි ගියා නම් කොහොමට හිටීද?

චරිත් මා ආදරය ගැන කතා කළේ නම් ඒ අනුන් සම්බන්ධවය. අරකා අරකි සමඟ සෙට් වෙච්චි හැටි ගැන හෝ අරකි අරකාට බූට් එක දුන් හැටි ගැනය.

ශේන් චරිත් මෙන් නොව බුල්ඩෝසරයකි. ආදරය කිරීමේදී චරියාට ඔහුට කිට්ටු වෙන්ට වත් බැරිය. අනෙක ඔහු චරියාටද මටද වඩා වසර කිහිපයකින්ම වැඩිමහළුය. ශ්‍රී ලංකන් එයා ලයින්ස් වල කැබින් කෲ එකේ පට්ට රස්සාවක් කරමින්, ශේන් මාසයකට පිටරට සිටියදී ලැබෙන ඩොලර් ටික නැතුවත්, පණහක් හැටක්වත් හොයයි.  එසේම ජීවිතයේ මොන බාධක තිබුණද ඔහු ඒ සියල්ලක් මැඬගෙන ඉදිරියට යයි. ඔහු මගෙන් කැමැත්ත විමසූයේ මට බෑය කියන්ට කිසිම ඉඩක් නොතබාය. දැන් මා ශේන්ගේය. චරියාට කිසිත් නොතබාම ශේන් සියල්ල උදුරා තම තනි භුක්තියට පවරාගෙනය.  චරිත් මේ කිසිත් නොදනී. පෙර පුරුදු පරිදි මිතුරකු සේ මට txt කරයි.

Butrfly efct. Gr8. At savoy. Plan 2 go 2day 4.30. Can I buy a tckt 4 u?

The Butterfly Effect හොඳ සිතුවම් පටයක් බව මම දැන සිටියෙමි. එය කාල තරණය කොට අතීතයට ගමන් කොට අතීතයේ යම් යම් දේවල් වෙනස් කරන්ට හැකියාව තිබුණු විසි හැවිරිදි තරුණයකු වටා ගෙතුණු විද්‍යා ප්‍රබන්ධයකි. නමුත් මෙසේ අතීතය වෙනස් කරද්දී බටර්ෆ්ලයි එෆෙක්ට් එක හෙවත් බ්‍රසීලයේ තටු සලා ටෙක්සාස් හි කුණාටු ඇති කරවන එඩ්වඩ් ලොරෙන්ස්ගේ සමනළයා නිසා ඔහු බලාපොරොත්තු නොවූ වෙනත් බොහෝ දේවල්ද වෙනස් වෙයි. මේ නිසා නැවත නැවත අතීතයට යන්ටත් අතීතය වෙනස් කරන්ටත් ඔහුට සිදුවෙයි. ඇත්තටම එය නරඹන්ට මට ඕනෑකම තිබුණේය. නමුත් මට චරියාගේ ඇරැයුම පිළි නොගත හැක්කේ වෙනත් හේතුවක් නිසාය.

චරිත් මා ශේන් සමඟ කිතුල්ගල බවක් නොදනී. ඔහු එය දැන ගත යුතුද නැත.

Thx. Nt 2day dear. May be nxt wk. Luv.

Oh k. Nxt wk thn. Tc.

Tc. U 2.

ශේන් මා මෙහි කැන්දා ආයේ කරට අත දමාගෙනය. එහෙත් ආපසු යද්දී, මගේ අත ලිහිල්ව අල්ලාගෙන වුවද ඔහු ගමන් කරන්නේ ඉදිරියෙනි. නිහඬවය. මේ ශේන්ය. ඔහු මා කෙරෙහි දක්වන උනන්දුව, ලිංගිකව එක් වන මොහොත තෙක් බින්දුවේ සිට π/2 දක්වා සයින් චක්‍රයක් මෙන් ඉහළ යයි. සුරාන්තයට පත් වූ මොහොතෙහි පටන් ඔහු හැසිරෙන්නේ දිනූෂා කියා කෙනෙකු සිටීදැයි නොදන්නා ගානටය. අපේ බළල් තඩියා ෆෙලිස් ද මෙහෙමය. සංසර්ගය තෙක් ඌ බැළලිය පසුපස ඉඳිකට්ටට නූල්පට මෙනි. ඇගේ බෙල්ල විකාගෙන, ඇය පැහැදිළිවම වේදනාවට පත්කරමින් සංසර්ගයේ යෙදෙන ඌ එය නිම වූ වහාම කිසිවක් සිදු නොවූවාක් සේ පැණයයි.  හැම පිරිමියකුම මෙසේදැයි මම නොදනිමි. කවදා නම් ම්ට පිරිමියකු තේරුම් ගන්ට හැකිවේද?

අඩිපාරේ පහළට ඇවිද යන අපට කුඩයක් ඉහළා, තුවායක් ඔළුවේ ඔතාගෙන එන මැදිවියේ ගැමියකු හමුවේ. ඔහු මොහොතකට නැවතී විමසිලි දෑසින් අප දෙස බලා සිටියි. මේ මෙතෙක් නො ආ බෙලිලෙනෙහි මුරකරුවා විය හැකිය. අපි ඔහු නොසලකා හරිමු.

ශේන් භාවිතා කළ රබර් දෙක වීසි කළේ කොහාටද අසන්ට මතක නැති විය. ලෙන තුළ තිබී ඒවා හමුවුවහොත් මොහු අපේ හත්මුතු පරම්පරාවටම අම්මා මුත්තා මතක් කරමින් බැණ වදිනු ඇත්තේය. “වල් පරයි. ඓතිහාසික භූමියක් වත් තියා ගන්ට බෑ, එතෙන්ට ඇවිත් හැමිනෙන්ඩ ඕනැ!” මට සිනා පහළ වේ.

“Why are you smiling…?

“Nothing…Are we going in the evening…?”

“Yeap. Let’s take tea and leave…”

“Can’t we leave a bit early. Just after lunch. I am bit tired…”

“Lets see…first go and change. We look like two buffaloes on a field…”

බඩගින්න නැවත දැනෙන්ට පටන් ගනී. ගිය ගමන් කාලා ටිකක් නිදාගන්ට ඕනෑය. යනකොට ටිකක් හවස් වුණත් කමක් නැහැ. මම දැන් පොඩි ළමයෙක් නෙවෙයිනෙ. අනික පරිස්සම් වෙන්ට මම දන්නවා. අම්මි ඇහුවොත් ඇත්තම කියනවා. අහන එකක් නෑ. අම්මිත් ඔය වයස පහු කරන්ට ඇතිනේ.

ගඟට බහින්ට නම් බැරිය. ඕනැ නම් ශේන් තනියම බැස්සාවේ. ඔහුගේ එක හොඳක් ඇත්තේ දකින දකින හැම කෙල්ලටම සෙට් නොවෙන එකය. මෙහේ ඉන්නා ගොඩේ කෑලි ශේන්ගේ ටේස්ට් එකට මදිය. එනිසා ගොනා දිගෙලි කර තබන්ට අවශ්‍යතාවයක් නොවේ.

Am I your fire – Your one desire
Yes I know it’s too late – But I want it that way

Tell me why – Ain’t nothin’ but a heartache
Tell me why – Ain’t nothin’ but a mistake
Tell me why – I never wanna hear you say
I want it that way

Now I can see that we’re falling apart
From the way that it used to be, yeah
No matter the distance – I want you to know
That deep down inside of me…

.

.

(ඉවසන්න………….සමනළයා, යළි පියා සලන තෙක්)

Advertisements
Leave a comment

19 Comments

  1. සුරාන්තය නෙමෙයි වචනේ “සුරතාන්තය” ෂේන්ගේ පන්තියේ හිටියත් රෝයල් හිටියත් ආනන්දේ උන්නත්, මහානාමේ උන්නත් බෙන්ස් එකේ ගියත්, කොයි ළෝකේ ගියත් ලිංගික එක්වීමේදි අනික් පාර්ෂවයේ තෘප්තිය පිළිබඳ වැටහීමක් තිබෙන ඒ ගැන හිතා බලන ලාංකික බෝයිස්ලා පිරිස ඉතාම ස්වල්පයයි. ඒ, ඒ පැත්ත. අනික් පැත්ත ගැන කතා කරන්න ඕන නෑනේ. ගෑණුන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන හඳයා, අනෝමා ස්වයං චරිතාපදානයක් ලිව්වම, ඒකේ තියෙන මළදාන වලට ගේම අදින්නේ ඒකයි..

    Reply
    • ස්තූතියි. නිවැරදි කළෙමි. නිවැරදි වීමි. මා මෙතෙක් කල් හිතා හිටියේ හරි වචනය ‘සුරාන්තය’ (සුර+අන්තය) බවයි.

      – ලේඛක

      Reply
      • kathandarakaraya

         /  September 3, 2012

        මාත් හිතාගෙන හිටියේ සුරාන්තය කියායි, එක කතන්දරයක ලිව්වාම කීප දෙනෙක් ඕක නිවරද කළා. මේ ගැන දන්න අය (නිවරදි අකුරු) බොහෝ ඉන්න බවයි මට හිතුනේ!

  2. තව සැරයක් කියවලා බලන්න ඔනේ….

    ශේන් කාරයාත් කතාවේ ප්රධාන උප(?) චරිතයක් වෙන්න යන පාටයි…….

    Reply
    • වෙන්න පුළුවන්. Benjamin Button ගේ කතාව වගේ ඒ ආදර කතාව යන්නෙ ආපස්සට!

      – ලේඛක

      Reply
  3. බොහොම ආසාවෙන් කියවනවා. දිගටම ලියන්න සහෝ

    Reply
  4. kathandarakaraya

     /  September 3, 2012

    කරුණු/ ප්‍රශ්න කීපයක්.

    1. මේක Butterfly Effect පොතෙන් නොව Fifty Shades of Grey පොතෙන් කොටස් යැයි සිතේ.
    2. Durex Extra Sensitive Condoms වල පළදන ආකාරය නැති ද?
    3. ලිංගික එක්වීම විස්තර කරන අවස්ථාව ලියා ඇත්තේ ශ්‍යාම් සෙල්ලදොරේ ද කියාත් හිතුණා.
    3. ඔබේ ම ලිපිවලට ගූගල් සර්ච් ලින්ක්ස් දමා ඇත්තේ ඇයි? සමනල අඩවියේ ලින්ක්ස් කෙලින්ම දමා නැත්තේ ඇයි?

    Reply
    • 3. ශ්‍යාම් සෙල්වදොරෙයිගේ The Funny Boy පොතේ මීට සමාන සිද්ධියක් තියෙනවා. ඒ ගැන කියන්ට ඇත්තේ මෙච්චරයි.

      කේ. ජයතිලකගේ ‘චරිත තුනක්’ පොතේ ඇති එක වාක්‍යයක් ලෙනාඩ් වුල්ෆ්ගේ බැද්දේගම පොතේ එන වාක්‍යයකට සමානයිලු. ඒ ගැන එක් විචාරකයෙක් ලිව්වාලු ‘චරිත තුනක්’ බැද්දේගමින් ආභාශය ලබා ලියූ කෘතියක් කියලා. 🙂

      4. මට නම් හමුවුණේ නෑ. එවැනි ලින්ක් ඇති තැන් samanalaviplavaya@gmail.com ලිපිනයට දන්වන්නේ නම් තුති.

      – ලේඛක

      Reply
      • kathandarakaraya

         /  September 3, 2012

        3. මෙය කාන්තාවගේ සිතුවිල්ලක් පිරිමි සිතකින් ලිවීම නිසා ද විය හැක.

        4. වරද මගේය. ඊ-මේල් එකෙන් කතාව කියවන ගමන් ලින්ක්ස් උඩින් මවුස් පොයින්ටර්ය යවන විට පහල ස්ටේටස් බාර් එකේ පෙනෙන්නේ ගූගල් යූආර්එල් එකකි.

  5. රසවත්…

    නමුත් සුලු නොගැලපීමක් තියෙනවා.

    //කාලය: 2004, සමාන්තර විශ්වය
    //අප දෙදෙනා සමඟම වෙන වෙනම ගත් ඡායාරූප ඔහු ෆේස් බුක් එකේ පළ කළේය. මිතුරෝ. මිතුරියෝ මේවාට “ආව්…ආව්…” කියා කමෙන්ට් කළහ.

    2004 වෙනකොට facebook විවෘත වෙලා තිබුනේ ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ සරසවි සිසුන්ට විතරයි. වයස 13ට වැඩි ලෝකයේ ඕනෑම රටක කෙනෙකුට සම්බන්ධ වෙන්න හැකියාව ලැබුනේ 2006 සැප්තැම්බරයේදී. සමහරවිට Zuckerberg කාරයා සමාන්තර විශ්වයේදි 2004 දිම public access දෙන්න ඇති. 😉

    Reply
    • මටත් ලියන කොට ඕක නොපෙණුනා නෙවෙයි. නමුත් ඔය කෝකටත් තෛල උත්තරේ තියෙන කල් බය වෙන්න දෙයක් නෑ.

      – ලේඛක

      Reply
      • ඔහොම යං… 😀

        මට මතක විදිහට කේමදාස මාස්ටර්ත් කියල තිබුනා “නිර්මාණයක් රස විඳින්න මිසක් තේරුම් ගන්න උත්සාහ කරන්න එපා, හරියට චොක්ලට් පෙත්තක සංයුතිය විශ්ලේෂනය කරන්න යන එකාට ඒකෙ රසය විඳින්න වෙන්නෙ නෑ වගේ” කියල.

  6. abeetha

     /  September 3, 2012

    කිතුල්ගල සොඳුරු තෝ තැන්නක්.. ඔය වැඩේට හරියටම ගැලපෙන තැන ඉඳලා තමා ඔය ෆොටෝ එක අරන් තියෙන්නේ….

    සුපිරි නිර්මාණයක්… මාතලන් කියපු කතාව ඇත්ත තමයි, ඔතනදි රෝයල්ද සියඹලාන්ඩුව සෙන්ට්‍රල්ද අදාල නෑ වගේම රජ මන්දිරේද මුඩුක්කුව කියන එකත් අදාල නෑ… මොනවා උනත් නිර්මාණය රස විඳ තෙරුම් ගන්නට උත්සහා නොකර යන්න යමි….

    Reply
  7. හීරෝ

     /  September 3, 2012

    නියමයි.. කිතුල්ගල කියන්නේ අපි හුගක් අයට සුන්දර මතක තියෙන තැනක් නේ.. සමනලයා තෝර ගන්න සිද්ධි වගේම ගොඩක් චරිත අපේ පුද්ගලික ජීවිත වලට ලඟයි.. සමනලයා තටු සලනකම් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්න එකත් එක හේතුවක් කියල මට හිතෙනව..

    Reply
  8. DDT

     /  September 3, 2012

    අද නම් සමනළයා හයියෙන්ම තටු සලල. 😀

    Reply
  9. Charith M

     /  September 3, 2012

    naughty samanalaya… anyway like this

    Reply
  10. ranwala

     /  September 3, 2012

    සමහර දේ මොළෙන් රස විඳින්නටය..තවත් දේ හදවතින් රසවින්දින්නටය ….සමනලයත් එහෙම පියා සලන එක හොඳය…

    Reply
  11. කතාව පුරා විහිදෙන
    නිදහස
    ඉරිසියා හිතෙන තරම්

    අපට නොතිබුනු
    ඒ ආදරවන්තයිනට
    ඇති පදම් ඇති
    නිදහස
    ඉරිසියා හිතෙන තරම්

    තරහාවට කොට්ට්ය හපා හපාගෙන හපාගෙන යමි

    Reply
    • kathandarakaraya

       /  September 5, 2012

      බතී, පව්!

      සීගිරියේ කවි ලියපු බතී ලා නං කොට්ට විකන්න නැතුව ඇති!

      Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: