(18) මර්වින් සිල්වා ‘තංගල්ලේ ධීරානන්ද’ නමින් පැවිදි බිමට || Mervin Silva becomes a Buddhist monk

  • කාලය: 2012, නොවැම්බර්, සමාන්තර විශ්වය
  • ස්ථානය: බස්නාහිර පළාත, ලංකාව

**********(‘සාසනයා’ කියන කතාව )**********

මම කිරෙන් පොඟවා, තෙලෙන් බැද, ඩෙවිල් කරන ලද දේශපාලකයෙක්මි. දේශපාලනයේ අයන්නේ සිට අඃයන්න දක්වා මම අතැඹුලක් සේ දනිමි. මට තේරුම් ගන්ට බැරි සංසිද්ධීන් වලින් මා කැළඹීමට පත්වන්නේ එහෙයිනි.

වික්ටර් මිය ගොස් තෙමසක් පිරුණේ ඊයේටයි. මා එය දැන ගත්තේ රාවයේ පළවූ වික්ටර් අයිවන් විසින් ලියන ලද ගුණ සමරු ලිපියකිනි.

රාවයේ හිටපු කතුවර වික්ටර් අයිවන් දේශපාලන ලිපි ලිවීම නතර කොට (a) විශ්‍රාම දිවිය සුවසේ ගත කරන්නේ කොහොමද, (b) ගෙදරක බල්ලන් පූසන් ඇති කරන්නේ කොහොමද, (c) මළ පහ කොට කඩදාසියෙන් පිසදා ගැනීමට වඩා වතුරෙන් සෝදා ගැනීම හොඳ ඇයි, (d) මාසයකට කී වතාවක් ලිංගික සංසර්ගයෙහි යෙදිය යුතුද, (e) ඇඹෙණිය හා වළං පිඟන් හෝදා ගැනීම රෙදි සෝදා ගැනීම වැනි කටයුතු බෙදාගෙන කරන්නේ කොහොමද (f) නැන්දා ලේලි ආරාවුල හා අයිසෙක් නිව්ටන්ගේ බ‍්‍රහ්මචර්යාව වැනි සරත් විජේසූරිය කියන ජාතියේ හුචක්කු කතා කිය කියා හිටියේය. නාකි වෙන කොට සමහර මිනිසුන්ට අමුතුම ජාතියක උමතු රෝග ලක්ෂණ පහළ වෙයි. මේකාට හැදී තියෙන්නේ වෙන කාටවත් නොහැදුණු ඔරිජිනල් ම ඔරිජිනල් නැවට එකයි පිස්සුවකි. ඕවාට හිනා වී නිකං හිටියාම හරිය. වැඩිපුර කලබල වෙන්ට ඕනෑ නැත. ඔන්නොහෙ හොඳටම සීරියස් වී මුල්ලේරියාවට ඇඩ්මිට් කරපු දවසක ඇපල් ගෙඩි ටිකක් හා මිදි දෙසීයක් විතර අරගෙන ගොස් බලලා එන්ට පිළිවන.

වික්ටර් ගැන වික්ටර් ලියූ ලිපියේත් වැඩිපුර තිබුණේ මැරුණු (දේශපාලක) වික්ටර් ගැන නොව ජීවත් වුණාක් මළාක් වැනි විශ්‍රාම ගිය කතුවර වික්ටර්ගේ පුරසාරම් හා මැඩම්ට ගහපු හින්ට්ය. තමාට මෙන් හොඳට (දේශපාලක) වික්ටර්ට හෝ මැඩම්ට දරුවන් හදා ගන්ට බැරිවුණු බවත් තමන්ට දරුවන් හදා ගන්ට පුළුවන් වූයේ හැම සති අන්තයකම ඔවුන් හා ගත කළ නිසා හා පොඩිකාලයේ පටන්ම වෙන කාටවත් කරන්ට නොදී තමන්ම ඔවුන්ගේ කක්කි හේදූ නිසා බවත් අයිවන් වැඩි දුරටත් ලියා තිබුණේය.

පුදුමයකට මෙන් (දේශපාලක) වික්ටර්ගේ මරණය ගැන මට ඇති වූ සැක කිසිවකුත් (හිටපු කතුවර) වික්ටර්ට ඇති වී නොතිබුණේය. ඔහු රටේ බොහෝ දෙනා කරන්නාක් සේ එය කොටින්ගේ ගිණුමට බැර කරන්ට උත්සුක වී ඇති බව පැහැදිළිය. මේ වැඩිය හිතන්ට කරදර නොවන පිරිසට easy way out එකකි. මට එසේ කරන්ට පුළුවන් කමක් නැත්තේ මේ සිද්ධිය මත මගේ අනාගතය පමණක් නොව ජීවිතයද රැඳී පවත්නා නිසාය.

වික්ටර් සාලිය බණ්ඩාර මරන්ට තරම් විශේෂ උවමනාවක් කොටින්ට නුවූ බව මම දනිමි. ඔහු කොටින් හා ගණුදෙනු කළ එකම අවස්ථාව ‘දඹර අමිල සිද්ධිය’යි. එයද කිසිදු පාර්ශ්වයකට පරාජයක් අත් නොවන සේ සූක්ෂ්මව විසඳා ගන්ට ඔහු සමත් විය. අනෙක තමන්ට හොඳටම වැදී ඇති මේ අවස්ථාවේ කොටින් වික්ටර් මරන්නේ ඇයිද? (රනිල් මරපු එක වෙනම කතාවකි. සාම සාකච්ඡා හරහා තමන්ව පාච්චල් කිරීම ගැන කොටින්ට හැමදාමත් රනිල් සම්බන්ධයෙන් වූයේ තරහකි.)

මේ ප්‍රශ්න මටම ඇතිවන්නේ ඇයි? වික්ටර්ගේ මරණයට පෙර හා පසුව සිදු වූ සිද්ධි කිහිපයක් අතර විය හැකි (අන් කිසිවකු නොදන්නා) අන්තර්සම්බන්ධතාවය මා දන්නා නිසාද?

මගේ ප්‍රශ්න මම කාලානුරූපව පෙළ ගස්වමි.

1. ලසන්ත වික්‍රමතුංග මැරුව්වේ කවුද? ඔහු මැරෙව්වේ අමරේ විසින් වික්ටර්ගේ උවමනාවටද? එසේ නම් ඒ ඇයි? වික්ටර්ට ලසන්ත සමඟ තිබුණු පලහිලව්ව මොකද්ද?

2. ප්‍රගීත් එක්නැලිගොඩට වූයේ කුමක්ද? ඔහු ඉස්සුවේත් වික්ටර්ගේ උපදෙස් මත අමරේද? එසේ නම් ඒ ඇයි? නැත්නම් එය වික්ටර්ට සම්බන්ධයක් නැති සිදුවීමක්ද? මැඩම් මේ ගැන යමක් දන්නවාද?

3. වික්ටර් මැරුවේ/මැරෙව්වේ කවුද? අමරේද? එසේනම් ඒ ඇයි? කලින් කළ වැඩ වලට ගාණ සෙට්ල් නොකළ නිසාද? වික්ටර්ගේ ඝාතනයට මැඩම්ගේ සම්බන්ධයක් ඇත්ද? වික්ටර් තමන්ට තර්ජනයක් බව මැඩම් සැක කළාද?

4. අමරේ කොහේද? අමරේට මොකද උණේ? කිසිම කෙනෙක් ඒ ගැන නොදන්නේ ඇයි?

5. ඇඹිලිපිටියේ පියදාසට වූයේ කුමක්ද? ඔහුගේ මේ සිද්ධීන් වලට ඇති සම්බන්ධය කුමක්ද? තුම්මෝදර පැත්තේ වෙළකින් මතු වූ හඳුනාගත නොහැකි තරමට පිළිස්සුණු මළ සිරුර පියදාසගේද? අමරේගේද?

කාලයා විසින් මේ ප්‍රශ්න වලට පිළිතුරු සපයනු ඇතැයි මම සිතමි.

බුද්ධ ශාසන ඇමැති හැටියටත්, පුද්ගලිකවත් වැදගත් උත්සවයකට අද මට සහභාගි වන්ට සිදුව තිබුණේය. ඒ දීර්ඝ කාලයක් තිස්සේ මගේ සගයකු හා කිට්ටු මිත්‍රයකු වූ හිටපු මන්ත්‍රී මර්වින් සිල්වා බම්බලපිටියේ වජිරාරාමයේදී ‘තංගල්ලේ ධීරානන්ද’ නමින් පැවිදි බිමට එක්වීමේ අවස්ථාවයි. (ඔහු කැමැත්තෙන් හිටියේ කැළණි විහාරයේදීම පැවිදි වීමටයි. නමුත් සියම් නිකායික මහා සඞඝයා වහන්සේ විසින් ගොවිගම නොවන හීනකුල ඇත්තන් මහණ දම් පිරීමට නුසුදුසුය කියා රටේ ජනාධිපතිට පවා වෙනස් කරන්ට බැරි දැඩි මතයක සිටි හෙයින් ඔහුට තමන්ගේ කුලයට අයිති වජිරාරාමය තෝරාගන්ට සිදුවිය.)

ලංකාවේ වර්තමාන දේශපාලනය වැටී ඇති පතුළක් නැති ආගාධය ගැන මර්වින් සිටියේ කණගාටුවෙනි. අද ඇති වාතාවරණය තුළ නම්බුකාර විදියට දේශපාලනය කරන්ට කිසිම ඉඩක් නැති බව ඔහු සංවේගයෙන් මට කීපවතාවක්ම කීවේය. මර්වින් වැදගත් දේශපාලනය කීවේ ආචාර්ය එන්. එම්. පෙරේරලා, ඩඩ්ලි සේනානායකලා, මෛත්‍රිපාල සේනානායකලා, දොස්තර වික්‍රමසිංහලා කළ මහත්මා දේශපාලනයයි. මේ මහත්වරුන් වෙනුවට අද දේශපාලනයට පිවිස ඇත්තේ කිසිම උගත්කමක් හෝ හැදියාවක් නැති සමාජයේ හැසිරෙන්ට නොදන්නා සුනඛයින්ය. රටේ පොදු යහපත බල්ලාට දමා ස්වකීය පෞද්ගලික සුඛ විහරණයම ඒකායන පරමාර්ථය කරගත් තක්කඩියන්ය. රටේ ජාතික ධනය කොල්ලකන, කිසිම ලජ්ජාවකින් තොරව කප්පම් ගන්නා අධමයින්ය. මර්වින් තුළ මේ තත්ත්වය ගැන විශාල කලකිරීමක් විය. පිරිසක් මැදට පැණ පිස්තෝලය උරුක් කොට කුණුහරුප වපුරන වර්තමාන මැර දේශපාලකයින් ඔහුට පිළිකුල් විය. මහත්මා දේශපාලනයක් කිරීමේ අවස්ථාව ඉක්මණින්ම උදාවනු ඇති බව කියූ මම එසේ වනතුරු ඉවසා සිටින්නැයි ඔහුට උපදෙස් දුනිමි, එහෙත් මර්වින් ඉක්මන් විය. ඔහු මේ කාලකණ්නි දේශපාලනයෙන් මිදී සසුන් ගත වීමට දැඩි තීරණයක් ගෙන සිටියේය.

සිරස මාධ්‍ය ජාලය විසින් කරන ලද අකටයුත්තක් ගැනද මර්වින් බෙහෙවින් කම්පා වී සිටියේය. යම් කිසි ‘රඟපෑමක්’ කරන්ට සිරස හා මර්වින් සිල්වා අතර එකඟතාවයක් විය. ඊට අනුව මර්වින් විසින් තමන් නිරුවත් කොට ගසෙක බඳිනවාට සිරස මාධ්‍යවේදියා සිය කැමැත්ත පළ කොට තිබුණේය. අනුන් විශ්වාස කරන්ට මර්වින්ට තිබුණු පුරුද්ද නිසා ඒ පිණිස දිවුරුම් ප්‍රකාශයක් ලබා ගන්ට අවශ්‍ය යැයි ඔහු කල්පනා නොකළේය. මර්වින් විසින් මාධ්‍යවේදියා නිරුවත් කොට ගස් බැන්ද පසු සිරස විසින් සිය මූලික එකඟතාව නිර්ලජ්ජිතව කඩ කරන ලදී. ඔවුන් Sirasa News1st ඔස්සේ කීවේ වෙනම කතාවකි. එනම් මර්වින් විසින් බලයෙන් මේ ක්‍රියාව සිදු කරන්ට ඇති බවයි. මෙසේ අස්ථාන චෝදනා වලට ලක් වෙන්ට වීමද මර්වින්ට ගිහි ජීවිතය ගැන කළකිරෙන්ට හේතු වූයේය මට සිතේ.

ගිහි සැප හැරපියා ස්ථිර වශයෙන්ම සසුන් ගත වන්ට මර්වින් තීරණය කළේ පසුගිය පොසොන් මාසයේ අනුරාධපුර චාරිකාවකදී සිදු වු යම් විශේෂ ආධ්‍යාත්මික සිද්ධියක් නිසාය. මා ඇසූ පරිදි ඒ මෙසේය. (මේ සිද්ධිය පාදක කර ගනිමින් වික්ටර් අයිවන් ‘මාසයකට වතාවක් වත් අෂ්ඨාංග සීලය සමාදන් වීමේ වැදගත්කම‘ ගැන ලිපියක් ලියා තිබූ නිසා මට එය විශේෂයෙන්ම මතකය.)

සැදහවැත් බෞද්ධයකු වූ මර්වින් සිල්වා තම කණ්ඩායම සමඟ ජය සිරිමා බෝධි මූලයෙහි අෂ්ඨාංග සීලය සමාදන් වූයේය. රාත්‍රියෙහි පශ්චිම යාමය වනතෙක් ධර්ම සාකච්ඡාවෙහි නියැළි පිරිස අතුරින් බොහෝ දෙනෙක් නින්දට වන්හ. මර්වින්ට නින්ද නොආයේය. ඔහු ඈතින් පෙනෙන රුවන්වැලි සෑයේ කොත් වහන්සේ දෙස බලාගෙන සසරෙහි අනියතභාවය ගැන අනුලෝම ප්‍රතිලෝමව මෙනෙහි කරමින් හුන්නේය.

සුදෝ සුදු වතින් සැරසුණු ඍෂිවරයකු, බෝ මළුව ඒකාලෝක කොට ඔහු ඉදිරියේ පහළ වූයේ ඒ අවස්ථාවේදීය. මර්වින් විස්මය පත්වුවද බිය නොවීය. ඔවුන් අතර ඇති වූ ආධ්‍යාත්මික සංවාදය මෙසේය.

මර්වින් සිල්වා: ස්වාමීනි ඔබ කවුරුන්ද?

(මේ අවස්ථාවේ ඍෂිවරයා හා තමන් මිසෙක පිරිසෙහි අන් කිසිවකු දකින්ට නැති බවද, දැවැන්තව පෙණුනු රුවන්වැලියෙහි කොත් වහන්සේ පවා අතුරුදන් වී ඇති බවද මර්වින්ට අවබෝධ විය. හාත්පස බැලූ බැලූ අත පැවතියේ නිරපේක්ෂ නිශ්චලතාවයයි. එහෙත් ඩෙංගි මදුරුවාට වත් මෙල්ල කළ නොහැකි වූ මහා පුරුෂයකු වූ මර්වින් බිය නොවීය.)

ඍෂි: දරුව, වඩා වැදගත් තමන් සෙවීම නොවේද?

මර්වින් සිල්වා: ස්වාමීනි, මම ඔබ නොදනිමි. එහෙත් ඔබ මට ගැටළුවකි. ඔබ මා වෙහෙස කරවමින් මා ඉදිරියෙහි වෙයි. ඔබ මා වෙහෙස කරන්නේ මන්ද?

ඍෂි: දරුව ඔබට මේ දැනෙන වෙහෙස හෙවත් ස්කන්ධය ඔබේ වර්තමාන ස්වරූපය හා අත්‍යන්තයෙන් බැඳුනකි. ඒ බර, ගැල පිටුපස ඇදෙන සක් රිය සේ ඔබ පසුපසින් එයි. ඔබ වර්තමාන ස්වරූපයෙන් මිදෙන්නේ යම් මොහොතකද ඔබ එකී වෙහෙසින්ද ස්කන්ධයෙන්ද මිදෙන්නෙහිය. ශූන්‍යතාවයට පත් වන්නෙහිය.

මර්වින් සිල්වා: මට නොවැටහෙයි ස්වාමීනි.

ඍෂි: ශූන්‍යතාවයෙහි ඇදෙන හිග්ස් බෝසෝනය ස්කන්ධ රැස් නොකරන්නේය; ස්කන්ධ රැස් නොකරනා තුරු ජීවය රැස් නොකරන්නේය; ජීවය රැස් නොකරනා තුරු පැවැත්මක් නොවන්නේය. පැවැත්මක් නොවනා තුරු සංසාරයක් නොවන්නේය. මේ බව පසක් කරන්නේ යම් ප්‍ර ඥාවන්තයෙක් වේද ඔහු නිරපේක්ෂ ශුන්‍යතාවයෙහි ඇදෙන හිග්ස් බෝසෝනය සේම මිදුණේ වෙයි.

මෙසේ කියූ ඍෂිවරයා කෙමෙන් වාතලයෙහි මැකී ගියේය. මර්වින් සිල්වා නැවත මහා සෑයෙහි කොත දුටුවේය. මේ නින්දෙහි දුටු සිහිනයක් නොව සැබෑව තුළ තුටු මායවක් නැතහොත් මායාව තුළ දුටු සැබෑවක් බව ඔහුට අවබෝධ විය.

මර්වින් සිල්වා අනුරාධපුර චාරිකාව නිමා කොට කොළඹ ආයේ වෙනස් එහෙත් අපූර්ණ පරිවර්තිත, මිනිසකු සේය. ඔහුගේ ආධ්‍යාත්මික පරිවර්තනය සම්පූර්ණ වී නොතිබිණි. දින කිහිපයක ඇවෑමෙන් ස්විට්සර්ලන්තයේ CERN ආයතනයේ විද්වත්හු හිග්ස් බෝසෝනය දුටහ. හරියටම මේ අවස්ථාවේදීම එය වීම මර්වින්ට පෙණුනේ අසාමාන්‍ය සිද්ධියක් හැටියටය. මර්වින් සිල්වා හිග්ස් බෝසෝනය තුළින් අඳුර විනිවිද එළිය දුටුවේය.

තවදුරටත් නිරපේක්ෂ ශුන්‍යතාවයෙහි ඇදෙන හිග්ස් බෝසෝනය සේ, ස්කන්ධ රැස් නොකරන්ට මර්වින් සිල්වා තීරණය කළේය.

එහෙත් ගිහි ජීවිතය අතාරින්ට ඔහුට මඳක් පමා වන්ට සිදුවූයේ ගිහියකුව හිඳිමින්ම අනිවාර්යයෙන්ම කළ යුතු වැදගත් කටයුතු කිහිපයක් තිබුණු නිසාය. ඉන්පසු මාස කිහිපය තුළ නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරින් වික්ටර් සාලිය බණ්ඩාරද මැරුණේය. ජුලම්පිටියේ අමරේ හා ඇඹිලිපිටියේ පියදාස ආ ගිය අතක් නැති විය. මර්වින් සිල්වා සසරින් සමුගන්ට මුල් පියවර තබන්ට කල්පනා කළේය. රතු හාමුදුරුවන්ද යම් පමණෙකට ඒ තීරණය පසුපස හුන් බව මම දනිමි.

මර්වින් සිල්වා බඳු වැදගත් මහත්මා දේශපාලකයකු රටට අහිමි වීම ගැන යම් කණගාටුවක්ද ඇති මුත් අද මට සතුටු දවසකි. ඒ තමන් තෝරාගත් ආධ්‍යාත්මික මාර්ගයෙහි ගමන් කොට ඔහුට ඊට වඩා සාර්ථකත්වයක් ලබා ගත හැකි බව මා හොඳින්ම දන්නා නිසාය.

මම වජිරාරාමයේදී තංගල්ලේ ධීරානන්ද හිමියන්ට ශීර්ෂ ප්‍රණාමය කොට වැන්දෙමි. උන්වහන්සේ  මට “සුවපත් වේවා!” යි ආශිර්වාද කළහ. මගේ නෙතින් ගිළිහුණු කඳුළක් සාටකයෙන් පිසදාගන්ට ප්‍රථමයෙන් දෙපා මැදින් වැටී වජිරාරාමයේද වැලි කැට අතරට එක් විය.

මා වජිරාරාමයෙන් එළියට බැස්සේ උසස් අධ්‍යාපනයා සමඟය. ඔහු මට මොකද්දෝ ඕපාදූපයක් කියන්ට තටමන බව පෙනුණේය.

“දන්නවද, ළඟඳිම අපට කේක් කන්ට ලැබෙන පාටයි…”

“ඇයි උඹට අන්තරෙන් පාටියක් වත් දෙනවද..?” මගේ බ්‍රේක් නැති කටය, මටත් කලින් කතා කළේ.

“නෑ. නෑ. පබා දිනේෂ්ව බඳින්න යනවලු…”

“දිනේෂ්…? මේ අපේ දිනේෂයා..?”

“ඔව් බං ඌ තමයි…”

දිනේෂයාගේ බිරිඳ මියගියේ වසර තිස් පහකට පෙරය. පබා දැන් සිය සැමියාගෙන් දික්කසාද වී සිටී. දිනේෂයා දැන් නිකම් මිනිස්ටර් කෙනෙක් නොව සීනියර්ම සීනියර් මිනිස්ටර් කෙනෙකි. මේ මැඩම් පට්ට නාකින්ට නාකින්ය නොකියා නාකි කියන හැටිය. ඒකට කමක් නැත. මේ මඟුල් සක්වලෙහි වෙන්ට බැරි දෙයක් නැත්තේය. තිස් ගණන් වල හුන් ජැකී කෙනඩි හැට පැනපු ඕනාසිස් බැන්දා නම් ඕවා මොනවද? අනෙක හිරුණිකා දුමින්ද බඳී කියලත් අපි හිතාන හිටියයැ? පබා දිනේෂ්ට යහපත් භාර්යාවක් වනු ඇතිය මම සිතමි. වෙන දේවල් බැරි වුණත් ඇයට දිනේෂ්ගේ රෝද පුටුව වත් තල්ලු කරන්ට, උදේ හවා හැන්දකින් කිරි ටිකක් පොවන්ට පුළුවන් වුණා නම් ඒකම මදෑ.

.

.

(ඉවසන්න………….සමනළයා යළි පියා සලන තෙක්)

Advertisements
Leave a comment

44 Comments

  1. //කාලය: 2102, නොවැම්බර්

    Are you sure about the date??

    Reply
    • Yes, VSB dies in Aug and it is three months since then.

      – The Writer

      Reply
      • kathandarakaraya

         /  September 5, 2012

        Perhaps they measure time in log scale over there?

        or is it a case of

        Praehps tehy maeusere tmie in log salae oevr terhe?

  2. kathandarakaraya

     /  September 5, 2012

    සාදු, සාදු, අද නං පැරලල් ලෝකය සහ මේ ලොකය අතර සැබෑ වෙනසක් දැන කියා ගත්තා!

    Reply
    • මොන වෙනසක්ද? සමාන්තර විශ්වයේ මර්වින් මේ විශ්වයේ මර්වින්ටත් වඩා කට්ටයි කියලයි මට නම් හිතුනේ!

      Reply
  3. kathandarakaraya

     /  September 5, 2012

    සියම් නිකායේ මහන වෙන්න ගොවිගම වුණු පලියට බෑ.

    උභය කුල පාරිශුද්ධ පැටිකිරියක් තියෙන්නත් ඕනෑ. මගේ පරගස් දෙනියේ බුද්ධවංශ කතා වස්තුව කතන්දරය බලන්න.

    Reply
  4. මෙච්චර දවසක් කියෙව්වට වැඩි යමක් තේරුනේ නෑ මගේ මොලේ තිබුණු මලකඩ හින්දා ….
    අද නම් කියපු ටික සහසුද්දෙන්ම තේරුනා…..

    Reply
  5. පැවිදි වුනා කියලා මන්ත්‍රිකම නැතිවේම එකක්යැ??තංගල්ලේ ධීරානන්ද මන්ත්‍රී හමුදුරුවෝ පාර්ලිමේතුවට වැඩම කරලා මා.ර. සේනාව පරද කොරන් නැතැයි….

    Reply
  6. visheshakaya

     /  September 5, 2012

    නිකමට හිතුන හිග්ස් බෝසෝන් කතාව රතු හුරුල්ලෙක්ද කියලත් 🙂

    Reply
    • හිග්ස් බෝසෝනය රතු හුරුල්ලෙක් නෙවෙයි. නමුත් වෙනත් රතු හුරුල්ලන් කිහිප දෙනෙක් ඉන්නවා පෝස්ට් එකේ.

      – ලේඛක

      Reply
  7. Ano

     /  September 5, 2012

    “රාවයේ හිටපු කතුවර වික්ටර් අයිවන් දේශපාලන ලිපි ලිවීම නතර කොට (a) විශ්‍රාම දිවිය සුවසේ ගත කරන්නේ කොහොමද, (b) ගෙදරක බල්ලන් පූසන් ඇති කරන්නේ කොහොමද, (c) මළ පහ කොට කඩදාසියෙන් පිසදා ගැනීමට වඩා වතුරෙන් සෝදා ගැනීම හොඳ ඇයි, (d) මාසයකට කී වතාවක් ලිංගික සංසර්ගයෙහි යෙදිය යුතුද, (e) ඇඹෙණිය හා වළං පිඟන් හෝදා ගැනීම රෙදි සෝදා ගැනීම වැනි කටයුතු බෙදාගෙන කරන්නේ කොහොමද (f) නැන්දා ලේලි ආරාවුල හා අයිසෙක් නිව්ටන්ගේ බ‍්‍රහ්මචර්යාව වැනි සරත් විජේසූරිය කියන ජාතියේ හුචක්කු කතා කිය කියා හිටියේය. ”

    මෙවගේ සිල්ලර ආතල් වලට කතන්දරකාරය හිටියම මැදෑ, වික්ටර් අයිවන් මොටද?

    Reply
    • kathandarakaraya

       /  September 5, 2012

      ස්තඔතියි ඇනෝ. මට කතන්දර නිමිති කීපයක්ම ලැබුණා ඔබේ කමෙන්ටුව නිසා!

      Reply
      • විකටර් අයිවන් මහත්තයත් කතන්දර බ්ලොග් එක බලනවද දන්නේ නෑ. වෙනස් උනේ…

      • Ano

         /  September 7, 2012

        නිර්මණශීලිත්වයෙන් බන්කොලොත්ව සිටින ඔබවැන්නෙකුට අදහස් ලබීමට මා නිමිතිවුබව සතුටකි…

      • විශ්ලේෂකයා

         /  September 7, 2012

        KK , why are some people cross with you,going by these comments ,especially as you seem to be a harmless character dealing with non controversial issues ? Is it because of professional jealousy ?

      • kathandarakaraya

         /  September 7, 2012

        නැවතත් ඔබට මගේ අවංක ආදර ස්තුතිය.

        මගේ වෙන්ඩ කතා ලයිස්තුව 176 සිට 179 දක්වා වැඩි විය!

      • kathandarakaraya

         /  September 8, 2012

        @ විශ්ලේෂකයා
        No idea, mate, perhaps some kind of syndrome, I guess?
        I am planning to write a story on this and once published will provide a link from here.

    • Ano

       /  September 8, 2012

      “මගේ වෙන්ඩ කතා ලයිස්තුව 176 සිට 179 දක්වා වැඩි විය!”

      පින්මඳ පුතුන් සියයක් ලැබුවත් නුසරු……

      Reply
      • kathandarakaraya

         /  September 8, 2012

        මෙහෙමයි, මගේ පින්මද නෙක තරු දාහේ කතන්දර ටික මං ලියලා දාන්නං කමක් නෑ නේ නේද?

        ඔයාගේ එක පුන් සඳ අන්දරය තියෙනවා නේ අපි හැමෝටම එළිය දෙන්න.

      • කතන්දර දැනට ලියනවාට වඩා හරයක් ඇති දෙයක් ලියනව නම් මාත් පෞද්ගලිකව කැමැතියි. ඒ වුණත් කතන්දර ලියන්නේ එයාට ඕනෙ දේ මිස මට ඕනෙ දේ නෙවෙයිනෙ. මම එයා ලියන දේවල් වලට ගෙවන්නෙත් නෑ නෙවැ. ඉතින් මොනව ලිව්වත් මට පාන්යැ!

        – ලේඛක

      • Ano

         /  September 8, 2012

        “කතන්දර දැනට ලියනවාට වඩා හරයක් ඇති දෙයක් ලියනව නම් මාත් පෞද්ගලිකව කැමැතියි.”

        In your face kathandarakaraya!

  8. හීරෝ

     /  September 5, 2012

    අඩෝ සමනලයා… අපේ පබා අක්කිට කතන්දර හදන්න එපා හරිය..:P 😛

    Reply
  9. Anonymous

     /  September 5, 2012

    අපහාස කර මුදල් ලබාගන්නා වෙබ් අඩවි ගැන පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා- ජනාධිපති

    “මඩ ගැහිලි අනන්ත අප්‍රමාණයි. මම කිව්වා මේ ව්‍යවස්ථාවේ තියනවා ජනාධිපතිවරයාට අපහාස කරන්න පුළුවන්කමක් නෑ කියලා. මම කිව්වා මට මඩ ගැහුවට කමක් නෑ මේ අහිංසක මිනිස්සුන්ට අපහාස කරන්න එපා කියලා. සමහර අයට පුවත්පත්වලින් කරන අපහාස හා මාධ්‍යවෙන් කරන අපහාස වෙබ් අඩවි වලින් කරන අපහාස මඟින් බය කරලා මුදල් ලබාගැනීමේ වැඩ පිළිවෙලවල් ගැන අද අපි පරීක්ෂණ කරගන යනවා.

    ඉන්දියාවේ වෙබ් අඩවි තුන්සිය ගනනක් තහනම් කළා. හාමුදුරුවනේ, එංගලන්තයේත් තහනම් කළා.

    මේ මඩ ගැහිල්ල හින්දා පවුල් කඩාකප්පල් කරනවා. අම්මලා තාත්තලා දරුවෝ එකට පවුලක් වශයෙන් ජීවත් වෙන එක විනාශ කරනවා. ඔවුන්ගේ දරුවන් දිහා බලන්න බැරි විදිහට අම්මලා තාත්තලාට මඩ ගහනවා ඉතාම නින්දිත විදිහට. ඒක තමයි එජාපයට විපක්ෂයට පුළුවන් එකමදේ.”

    Read more: http://www.gossip9.com/2012/09/50.html#ixzz25ZCIeP7N

    Reply
  10. Anonymous

     /  September 5, 2012

    How can it become 2102 after three months pass of the death of Victor in 2012.
    Is there a time tunnel in parallel universe?

    Reply
  11. සාසනයා නොදැන උන්නාට මර්වින් සිල්වා මැතිතුමා වඩාත් කළකිරි සිටියේ මංගල සමරවීරගේ පියා ගැන කළ ගුණ කථනය රූපවාහිනිය තුලින් විකාශය නොකිරීම හේතුවෙන් ඒ පිළිබඳව සාසනයාට දැණුම් දීමෙන් පසුව ඔහුගේ ආශීර්වාදයෙන් එම ගුණ කථනය සජීවීව ඉදිරිපත් කිරීමට ගොස් අසාධාරන ලෙස පහර කෑමට ලක්වූ අවස්ථාවයි. සිරස නොවන්නට එදාම සසරින් එතෙර වන්නට තිබූ අවස්ථාව අහිමි වීමත් ඔහුගේ කළකිරීමට හේතූ වූවා විය හැකිය.

    සුළු කළක් ගත වීමෙන් පසු දිනමිණ මුල් පුවත.

    ” තංගල්ලේ ධීරානන්ද හිමි, නිවන් අවබෝධ කර ගත් සේක ”
    සසුන් ගත වීමෙන් සුළු කලක් යාමට මත්තෙන්ම, තංගල්ලේ ධීරානන්ද හිමි නිවන් අවබෝධ කොටගෙන ඇත. ඒ පිළිබඳ රාජ්‍ය උත්සවය අද සවස උත්සවාකාරයෙන් නෙළුම් පොකුණේදී, ත්‍රෛයිනිකායික මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් අතිගරු ජනාධිපතිතුමාගේ සහභාගීත්වයෙන් පැවැත්වේ. සියළු පින් ඇති පිරිස් පැමිනෙත්වා.

    ඒ උනාට කාළකන්නී බ්ලොග් කාරයෙක් ලියා තිබුනේ.
    මර්විනයා හිග්ස් බෝසෝනය ඇතුලෙනුත් රිංගා ගිය බවය…

    Reply
  12. ගරු මැරවින් සිවලා ශ්‍රීමතානන්ට මහණදම් පිරීමට ලැබුනු අවස්තාව කිසිලෙසකින්වත් පොට්ට චෑන්ස් එකක් නොවන්නේය.

    එතුමා පාර්ලිමේන්තුව තුලදීම කොලොන්නාවේ සුමංගල හිමිපානන්ගේ ධාතුකරඬුව බැතිසිතින් වන්දනාමාන කල අවස්තාවේ සුමංගල හිමිපානන් ශුද්ධ සිංහලයෙන් ලබාදුන් ආශිර්වාදයේ කුසල්මහිමයෙන් එතුමාට මේ අවස්තාව හිමිවූ බව තරයේ විශ්වාස කරමි.

    Reply
  13. අර ප්‍රශ්න 5 යි, තංගල්ලේ ධීරානන්ද ගෙයි සම්බන්ධයක් තියෙනවා කියල මට හිතෙන්නේ, සමාන්තර විශ්ව වල උනත් නොවෙනස් වන දේවල් නිසා වෙන්න ඇති!

    Reply
  14. DDT

     /  September 5, 2012

    හෙහ් හෙහ් හෙහ් …. එක ගලෙන් වටේටම නෙලල අද.

    Reply
    • ~Kasun~

       /  September 5, 2012

      @DDT
      ඔක්කොම එකට ඔබන්න ගිහින් පොඩ්ඩක් තත්වෙ බාල වෙලා වගේ නැද්ද… ? කොහොම උනත් ජුගුප්සාජනක 18+ කතන්දර වලට වඩා මේක හොඳයි..

      @ලේඛකයා
      අලුත් දේවල් කීපයකුත් ඉගෙන ගත්ත.. බොහොම ස්තුතියි ලිපියට…
      18+ නැතුව, පදනම් විරහිත කුලභේද සිතුවිලි නැතුව, රනිල් සමග ඇති පුද්ගලික තරහව නැතිව දිගටම ලියන්න සිතුවිලි පහල වේවා කියල ප්‍රර්ථනා කරනවා..

      Reply
  15. ඇත්තටම හොඳ ලිපියක්

    Reply
  16. විශ්ලේෂකයා

     /  September 5, 2012

    මෙම සමාන්තර විශ්වයේ බුද්ධ ශාසන ඇමතිවරයා, වික්ටර් අයිවන් ගැන සිතන ආකාරයට නම් මම නොමනාපය. අපේ විශ්වයේ වික්ටර් අයිවන් නම් පොළොවේ පය ගසා සිටින ප්‍රායෝගික විශ්ලේෂකයෙකි. කලක් ඔහු ආණ්ඩුවට කඩේ යනවා යැයි සිතා සිටියද ඔහු දරන මතය මම දරන අදහස් වලට ගොඩක් සමීපය. මීට සති දෙකකට පෙර ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමයේ පරිහාණිය ගැන ඔහු ලියූ ඉතා නිවැරදී දේශපාලන විශ්ලේෂණය මා තැති ගැන්වීමට සමත් වීය. විශ්‍රාම දිවිය ප්‍රයෝජනත්ව ගත කිරීම, දුවා දරුවන් දීග තල දීම ගැන ලිපි එම වයස් වල අයට ඉතා ප්‍රයෝජනවත් යැයි සිතමි.
    අනෙක් අතට කලම්බු ටෙලිග්‍රාෆ් තොරතුරු නිවැරදි නම් ෆ්‍රෙඩ්රික් ජෑන්ස් අහක යන නයි සිය පෑන්ටිය අස්සට දා ගත් පසු එම සිද්ධියේ හරි වැරැද්ද ගැන එයට අදාළ ලංකාවේ ප්‍රබලම රාජ්‍ය නිලධාරියාට මූනටම කීමට තරම් ගටක් තිබූ එකම ශ්‍රී ලාංකික මාධ්‍යවේදියා ඔහුය.
    සංසංදනාත්මකව වික්ටර් අයිවන් වඩාත්ම සමාන වන්නේ ඉන්දියාවේ ගාන්ධි පවුලේ සමිපතමයෙකු සහ ලිබරල්වාදියෙකු වන කුෂ්වන්ත් සිං නම් ප්‍රබල මාධ්‍යාව්දියා සහ කතුවරයාටය ( Last Train to Pakistan)
    වික්ටර් අයිවන් සමඟ සසඳන විට කුසල් පෙරේරා , දිප්ති කුමාර වැනි වම්මුන් මොන්ටිසෝරි දරුවන්ය

    පොඩි උෟණ පූරණයක් කරන්නේ නම් මෙම විශ්වයේ විදුලි බල ශක්ති අමාත්‍යවරයා භීෂණ සමයේ ආණ්ඩුවේ ඝාතන කණ්ඩායම්වල ග්‍රහණයෙන් යන්තම් බේරුණේ අයිවන්ට පින්සිදුවන්නටය

    Reply
    • /වික්ටර් අයිවන් සමඟ සසඳන විට කුසල් පෙරේරා , දිප්ති කුමාර වැනි වම්මුන් මොන්ටිසෝරි දරුවන්ය./

      මේ සටහනේ වඩාත්ම එකඟ විය හැකි වාක්‍යය මෙයයි.

      /සංසංදනාත්මකව වික්ටර් අයිවන් වඩාත්ම සමාන වන්නේ ඉන්දියාවේ ගාන්ධි පවුලේ සමිපතමයෙකු සහ ලිබරල්වාදියෙකු වන කුෂ්වන්ත් සිං නම් ප්‍රබල මාධ්‍යාව්දියා සහ කතුවරයාටය /

      මීටද එක්තරා මට්ටමකට එකඟයි. මධ්‍ය ලෝලීත්වය ඇතුළු සමානකම් රාශියක් මේ දෙදෙනා අතර වේ. එසේම ඛුෂ්වාන්ත් සිං ද නාකි වෙද්දී දේශපාලනය වැනි සැර විෂයයන් අතහැර jokes books ලියන්ට පටන් ගත්තේය. මතක හැටියට 1970 ගණන් වල හදිසි නීති යුගයේදී නිර්ලජ්ජිතව ඉන්ධිරා ගාන්ධි ආණ්ඩුවට කඩේ ගියේය. (ඔහු එවකට ලෝක් සභාවේ මන්ත්‍රීවරයකුය සිතමි.) නමුත් ඛුෂ්වාන්ත් සිං අයිවන්ට වඩා බුද්ධිමතකුද, ඇසූ පිරූ තැන් ඇත්තකුද, අවංක මිනිසකුද විය. තමන්ට අතිශයින් හිතවත් ඉන්දිරා ගාන්ධි පවා රන්දෙවොල සිද්ධියේදී ඔහු විවේචනය කළේය. ඉන්දිරා ගාන්ධි ඝාතනයෙන් පසු සික් ජාතිකයින්ට එරෙහිව ඇති වූ ජාතිවාදී සිද්ධීන් ඔහු දැඩිව කම්පනයට පත් කළේය. (Delhi නවකතාව බලන්න.) එහයින් මේ සමානත්වය සීමා සහිතය.

      – ලේඛක

      Reply
      • විශ්ලේෂකයා

         /  September 6, 2012

        සාමාන්‍ය පෙළට පමණක් උගත් වික්ටර් අයිවන් සමඟ සසඳන විට ලන්ඩනයේ නීති උපාධිය හැදැරෑ කුෂ්වන්ත් සිං ඉදිරියෙන් සිටින බව සැබෑ මුත් ලංකාවට සාපේක්ෂව වික්ටර් අයිවන් බොහෝ දුරට අවංක බව මගේ හැඟීමය. අඩු වශයෙන් රජයට සාධාරණ විවේචනයක්වත් එල්ල කළ හැකි දැනට ඉතුරු වී සිටින එකම වෘත්තීය මාධ්‍යවේදියා (professional Journalist) වික්ටර් අයිවන් ය. ඔහුගේ මම ඉහතින් කිවූ දේශපාලන විචාරය කියවන්න. මන්ද යත් අද විපක්ෂයට ඉතුරුව ඇත්තේ නපුංසක මඩ කරියන් සෙට් එකකි ( ලංකා ඊ නිවුස් ආදී) . අනෙකුත් ලංකාවට සිටින උසස් ඉංග්‍රීසි භාවිතාවක් සහිත මාලින්ද සෙනෙවිරත්න, රාජ්පාල් අභයනායක වැනි වෘත්තීය මාධ්‍යවේදීන්ද සිටින්නේ රජය සමඟය.

    • @විශ්ලේෂකයා
      මාලින්ද සෙනෙවිරත්න, රාජ්පාල් අභයනායක උසස් ඉංග්‍රීසි භාවිතාවක් සහිත වෘත්තීය මාධ්‍යවේදීන් ඇයි අපේ තඩි ප්‍රියන්ත මිනිහත් ඉංග්‍රීසි දන්නවා ප්‍රභූ පවුල් අඳුනනවා. පව් නේ හලන එක. දීප්ති කුමාර කියන්නේ මිනිහ ලුම්පන් කියල. කොළ පාට සමාජයක් කියවල ඇතිනේ.

      Reply
  17. ranwala

     /  September 5, 2012

    මේ විශ්වයෙදී මුන්නේස්සරමේ එළුවො ටික බේර ගත්ත පින තමයි ඔය පැරරල් විශ්වයෙදී සසර කෙටි කර ගන්න උදවු උනේ.

    Reply
  18. කොහොමහරි වැන්දෙව්වා එහෙනං… 🙂

    Reply
  19. ලකීසිරි

     /  September 7, 2012

    සමාන්තර විශ්වයේ ඕනම දෙයක් සිදුවිය හැකිය යන මූල ධර්මය තුල පිහිටා සිටිමින්, ඉතා කැමැත්තෙන් මුල සිටම කියවන බව සටහන් කරමි.

    Reply
  20. මර්වින් සිවුරේ ඉන්න ගමන් සාසනයාගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් මොන වගේ වැඩ කොටසක් කරයිද? මම නම් හිතන්නේ නැ මර්වින් බණ භාවනා කරල රහත් වෙන්න උත්සහ කරයි කියල.

    ඇයි මේ රුවන්වැලි කොත් වහන්සේ අතුරුදහන් කෙරුවේ?

    Reply
  21. මං හිතන්නේ සාසනයා ජනාධිපති උනාම මර්වින්ට මහනායක පදවිය වගේ එකක් ලැබේවි කියල

    Reply
  22. SB Herath

     /  September 16, 2012

    //ඔහු කැමැත්තෙන් හිටියේ කැළණි විහාරයේදීම පැවිදි වීමටයි. නමුත් සියම් නිකායික මහා සඞඝයා වහන්සේ විසින් ගොවිගම නොවන හීනකුල ඇත්තන් මහණ දම් පිරීමට නුසුදුසුය කියා රටේ ජනාධිපතිට පවා වෙනස් කරන්ට බැරි දැඩි මතයක සිටි හෙයින් ඔහුට තමන්ගේ කුලයට අයිති වජිරාරාමය තෝරාගන්ට සිදුවිය.//
    මේක තමයි සමාන්තර විශ්වයේ නිකායන් පිලිබදව දැකපු කියවපු හොදම කියමන.

    Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: