(24) උපේක්ෂාගේ උපන් දින සාදයට ස්ට්‍රිපර්ස්ලා || Upeksha brings male strippers to her birthday party

**********(දිනූෂා සංජීවනී දෙබරවැව කියන කතාව )**********

ආවොත් යා යුතුමය.
නොගියොත් නැවත ඊමක් නැත.
නාවොත් යන්ට බැරිය.
නොගොස් එන්ට බැරිය.

මගේ පළමු පෙම්වතා ශේන් මගේ ජීවිතයෙන් පියඹා ගියේය. වැහි ලිහිණියකු සේය. ඔහු කවදා හෝ මා හැර යනු ඇතැයි මට අපැහැදිළි අදහසක් විය. එහෙත් එය මෙතෙක් ඉක්මණින් වෙතැයි මම නොසිතුවෙමි.

ඇත්තටම ඔහු මා හැර ගියා කීම වැරදිය. අප දෙදෙනා එක මඟෙක ගමන් කිරීම නතර කළ බව කීම වඩා නිවැරදිය. මානව සම්බන්ධතා සංකීර්ණය. ආදරයක් බිඳීම හුදෙක් එක් පාර්ශ්වයක වරදක් සේ දකින්ට බැරිය. ඇරත් සිදු වූ සියල්ල සිදු වී හමාරය. කවුරු වැරදිද කවුරු හරිද කියා සෙවීමෙන් ඇති ඵලය කිමද?

මේ සියල්ලෙහි ආරම්භය උපේක්ෂාගේ උපන් දින සාදයය සිතමි.

උපේක්ෂා මා සාමාන්‍ය පෙළ කාලයේ එකට ටියුෂන් ගිය යෙහෙළියකි. අප අතර එවක ලොකු මිතුරුකමක් නොතිබිණි. කොටින්ම ඇය මගේ ෆේස් බුක් එකේ වත් නොසිටියාය. එහෙත් මෑතකදී Odel එකට ශොපිං ගිය දවසක ඇය යළි හමුවීමෙන් අපේ මිතු දම අළුත් විය. මා ගියේ සපත්තු දෙකක් ගන්ට විතරය. එනිසා කා දමන්ට ඕනැ තරම් කාලය තිබුණේය. ඇය ඉදිරියේ පැවැත්වෙන උපන් දින සාදයට අවශ්‍ය කළමනා ගැනීමටය, පැමිණ සිටියේ. මම ඇයට අවශ්‍ය දේ තේරීමට හා මිළට ගන්ට සහාය වීමි. ඇත්තටම ඇයට යම් යම් ප්‍රයෝජනවත් උපදෙස් දෙන්ට මට පුළුවන් විය. මෙනිසා කලින් සැලසුමක් නොතිබුණද, මට උපන් දින සාදයට ඇරැයුම් නොකර සිටින්ට ඇයට නොහැකි වූයේය සිතමි.

Odel එක ඉදිරිපස බුලවාඩයෙහි අසුන් ගෙන Roots එකෙන් ගත් මිල්ක් ශේක්ස් දෙකක් රස බලමිනි සිටියදීය, උපේක්ෂා ඇගේ උපන් දින සාදය පිළිබඳ රස වෑහෙන කාරණා දෙකක් මා සමඟ බෙදා ගත්තේ. පළමුවැන්න එය all-girls-party එකක් බවය. මම එහි වරදක් නොදකිමි. මේ ෆේස්බුක් යුගයේ වුවද, කොල්ලන්ට සම්පූර්ණයෙන් නිරාවරණය කළ නොහැකි පෞද්ගලිකත්වයක් අපට තියේ. ඉඳහිට වුව අපට එය විඳින්ට අවස්ථා ඕනෑය. දෙවැන්න ඇය ඒ පිණිස male strippers ලා දෙදෙනකු ගෙන්වන්ට සැලසුම් කොට ඇති බවය.

සියවස් ගණනාවක් තිස්සේ පිරිමි නාටිකාංගනාවන් නිරුවත් කොට ඔවුන්ගේ සිරුරු දෙස බලා වින්දනයක් ලැබුවෝය. දැන් සමතැන සමඟ අපටද ඒ අවස්ථාව ලැබී තියේ.

Male stripperලා හොරොව්පතානේ ගාමන්ට් කෙල්ලන්ට මිසක් කොළඹ අපට නම් අළුත් දේවල් නොවේ. මා මුලින්ම එවැන්නක් ගැන කියැවූයේ වසර කිහිපයකට පෙරදීය. අපේ පන්තියේ පත්තරය සේ සැලකිය හැකි Sunday Leader එකෙනි. ඉන් පසු රස්සාවට මේවා කරන කොල්ලන් ගැන නිතර අසන්ට ලැබුණේය. එක් වරෙක සාදයකදී මම male strip show එකක් දුටුවෙමි. එහි නම් කිසිම කොල්ලකුගේ ගන්ට දෙයක් නොතිබුණේය. උන්ගේ සිරුරු එක්කෝ ඉතියෝපියාවෙන් ගෙනාවා වැනිය. නැත්නම් මහ බඩවල් වලින් කැත වූ ඒවාය. කැළණිය වැන්දායින් පසුව ගමේ පන්සලෙන් වැඩක් නැතිය කියන්නාක් සේ මට නම් තවදුරටත් ඒවා පසුපස එල්ලෙමින් යන්ට ඕනෑකමක් නොවීය. අනෙක් අතට නිකම් පෙන්නනවා නම් බලන්ට අකැමැත්තක්ද තිබුණේ නැත.

මගේ කුහුල ටිකක් ඇවිස්සුනේ උපේක්ෂා ගෙනෙන්ට සැලසුම් කරන්නේ ආමි එකේ කොල්ලන් දෙදෙනකුය ඇසීමෙනි.

කොළඹ කෙල්ලන්ට ආමි කොල්ලන් ගැන පිස්සුවල් ඇති වුණේ මෑතකදීය. එය යුද්ධයට සමාන්තර වූ සංසිද්ධියකැයි සිතමි.

චිරාත් කාලයක් තිස්සේ කොළඹ කෙල්ලෝ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම කොළඹ කොල්ලන්ගෙන් සන්තෘප්තව සිටියහ. බිෂොප්ස්, මෙතඩිස්ට්, ලේඩීස් ගිය කෙල්ලෝ රෝයල්, සෙන්ට් තෝමස්, සෙන්ට් පීටර්ස් කොල්ලන්ට සෙට් වූහ. පසුව විශාකා, දේවි බාලිකා කෙල්ලෝ ආනන්ද, නාලන්ද, මහානාම, ඩී. එස්. කොල්ලන්ට සෙට් වූහ. ගෝතමී, ආනන්ද බාලිකා කෑලිද ලුම්බිනි, අසෝක හෝ රාජගිරියේ ජනාධිපති කොල්ලන්ට වත් සෙට් වන්ට ඇත. ඉන්ටර්නැෂනල් ස්කූල්ස් පටන් ගත්තායින් පසු ඒවායේ කෙල්ලෝ ලොක්කෝ වෙනමම බන්ධන ඇති කර ගත්හ. මේ කිසිවකුට හොරොව්පතානේ කොල්ලකු ගැන උනන්දු වන්ට අවශ්‍ය නොවීය.

යුද්ධය මේ සියල්ල වෙනස් කළේය.

දීර්ඝ කාලයක් ඇදී ගිය යුද්ධය ගම්බද කොල්ලන්ට අමුතුම වීරත්වයක් ගෙනාවේය. නිව්ස් වල මුල් තැනක් ලැබුණේ ඔවුන්ටය. ඊට අමතරව ‘රණවිරු’ ලේබලයට මුවා වී බොහෝ දේ කළ හැකි විය. කෙල්ලකුට වුව යුද භටයකුගේ ඡායාරූපයක් කරදරයකින් තොරව පොතක් අස්සේ, හෑන්ඩ් බෑග් එකේ ගෙනයන්ට පිළිවන් විය. සාමාන්‍යෙන් කොල්ලන්ට ඇතුළු වෙන්ට ඉතාම අසීරු බාලිකා විද්‍යාලයකට පවා ‘රණවිරුවන්ට’ කිසිම කරදරයකින් තොරව ඇතුළු වෙන්ට ලැබුණේය. ‘රණවිරු සුභසාධක ව්‍යාපෘති’ ක්‍රියාත්මක කිරීමේදී අතිශය සාම්ප්‍රදායික කොළඹ බාලිකා විද්‍යාල වල යුවතියන්ට පවා මේ කොල්ලන් සමඟ නිදහසේ ගැවසෙන්ට ඉඩ ලැබුනේය. හරියට ඔවුන් කොල්ලන් නෙවෙයි වගේය.

මේ නිසා පශ්චාත් සහශ්‍රක යුගයේදී, කොළඹ ඉස්කෝලවල කෙල්ලන් අතර කොළඹ කොල්ලන්ට අන් කිසිදු ආකාරයකින් තරගයක් දෙන්ට නුසුදුසු වූ ගමේ බයියන්ටත් ‘රණ විරු’ ලේබලය යටතේ ලොකු ඉල්ලුමක් ඇතිවිය. ලේඩීස් එකට ගිය මගේ මිතුරියක සෙන්ට් තෝමස් එකේ ෆස්ට් එලවන් ගැසූ හොඳ පවුලක කොල්ලකු අතහැර එයා ෆෝර්ස් එකේ නිකම්ම නිකං ගොඩයකුගේ කරේ එල්ලුණේ නොබෝදාය. මම නම් පෞද්ගලිකව මේ ප්‍රවණතාවයට කැමැති වීමි. කොළඹ ඉස්කෝල වල ඩීසන්ට් කොල්ලන්ට වූ තරගය අඩු වූ නිසාය.

උපෙක්ෂා තම උපන්දින සාදයට male strippers ලා හැටියට ආමි එකේ කොල්ලන් ගෙන්වීමද මේ පිස්සුවේම වෙනත් පැති කඩෙකි. කොයි තරම් ගොන් පාට් එකක වුණත් ආමි එකේ කී පමණින් කෙල්ලන් අතර උත්තේජයක් ඇතිවන බව ඇය දනී. එය බලය පිළිබඳ ප්‍රශ්නයක්ද වේ. මේ නිරුවත් වන්නේ නිකම්ම නිකම් කොල්ලන් දෙදෙනකු නොව බලයේ සංකේතය. කෙල්ලෝ එවැන්නකින් ලැබෙන බලය පිළිබඳ හැඟීමට ආදරය කරති.

I have seen better. මේ මට එදා රෑ strip show ගැන කිව හැකි එකම දෙයයි. එවැන්නක් නොදුටු කෙල්ලකට නම් නරකම නැත. සමහරු නම් අන්තිම හරියේදී බැරි බැරි ගාතේ විස්ල්ද ගැසුවෝය. එසේම කොයිතරම් කෑ ගැසුවත් කොල්ලන් දෙදෙනාගෙන් එකකු හෝ ලවා ඉණ කඩ ගලවා ගන්ට නම් කෙල්ලන්ට අවස්ථාව නොලැබුණේය. ආමි කොල්ලන් දෙදෙනා බයියන්ම නොවෙතැයි මට සිතුනේ ඒ අවස්ථාවේය. යම් යෙහෙකින් එසේ කළේ නම් උන් strip show එක සම්පූර්ණයෙන්ම වනසා ගනු ඇත. එසේ නොකළ නිසා professionalism එක රැකුණේය.

කොල්ලන් දෙදෙනා තම ගාස්තුවට අමතර හොඳ ගණනක් සොයා ගන්ට ඇතැයි සිතමි. උන්ගේ ඉණකඩෙහි දාහේ දෙදාහේ නෝට්ටු ඔබන්ට අපගේ යෙහෙළියන් පොර කෑ බැවිණි. මේ සල්ලි strip show එකේ ගාස්තුවට අමතරව ඔවුන්ට රැගෙන යන්ට ඉඩ ලැබේ.

මට එච්චර විසයක් නොවූ නිසා සමුද්‍රා සමඟ වයින් වීදුරුවක් තොළ ගාමින් හිඳ ගෙන සිටියෙමි. සමුද්‍රා මා එදින හඳුනා ගත් මිතුරියකි. ඇයටද strip show එක ගැන වැඩි උනන්දුවක් නොවූ හෙයින් උනන්දුවියන්ට කරන මළ දානයක් කර ගන්ට දී අපි පසෙකට වී හුන්නෙමු. ඇය සේවය කළේ ශ්‍රී ලංකන් එයා ලයින්ස් වලය. ශේන් ගැන මම ඇයට නොකීවෙමි. මා අදහස් කළේ පසුව ස’ප්‍රයිස් එකක් දෙන්ටය.

මධුවිත් එකින් එක හිස් වෙද්දී ඇය වඩ වඩා දොඩමළු වෙයි.

ශ්‍රී ලංකන් එයා ලයින්ස් යනු ඕපාදූප ආකරයකි. එහි සේවය කරන බොහෝ දෙනකු, විශේෂයෙන්ම කැබින් කෲ සාමාජික සාමාජිකාවන් ගැන ඇසෙන කට කතා රාශියකි.  ඒවායින් කොයිතරම් ඇත්තද, කොයි තරම් බොරුද කිසිවකුත් නොදනිති. නමුත් ඉඳහිට ගුවන් සේවකයකු/ගුවන් සේවිකාවක කුඩු වික්කා හෝ කටුගෙයි කඩු සොරකම් කළාය මාධ්‍යයන්හි පළ වන විට මේ කතා වලටද තටු ලැබේ. ඉන් සමහරක් ශේන් විටින් විට මට කියයි.

ශ්‍රී ලංකන් එයා ලයින්ස් විසින් තම සේවක සේවිකාවන් පිණිස මෙහය වූ ස්වේච්ඡා වෛද්‍ය පරීක්ෂණයකදී HIV ආසාදිතයකු හමුවීය ශේන් මට කියා තිබුණේය. මම ඒ ගැන සමුද්‍රාගෙන් අසමි.

“…Oh, yeah. But that wasn’t as unusual as it sounds. Any large employer has to face such situations these days…”

“I thought it was a nightmare…”

“No, not at all. We have our standards and we don’t discriminate over such issues. But it was too risky to have him as cabin crew. The company offered two options. He could either join the ground staff or voluntary retire with sufficient compensation. He opted for the second. The company had a golden handshake and I heard he started his own business with the money…so no issues for him or for us…”

ලෝකයේ සෑම සංකීර්ණ ප්‍රශ්නයකටම මෙවැනි යහපත් අවසානයක් ඇත්තේ නම් කොයි තරම් හොඳද මට සිතේ.

“But there was more…”

සමුද්‍රා කට හදන හැටියෙන්ම ඇය කියන්ට සැරසෙන්නේ ලොකු ඕපාදූපයක් බව මට වැටහේ. මෙය ශේන් ගෙන් මා නොඇසූ කතාවකි. මම ඇය දෙසට හැරෙමි.

“What’s that…?”

“About a month after that, a girl committed suicide. There was no apparent reason, like financial issues or a broken affair…”

“And…?”

“The rumor was that this guy had sex with her…”

“Oh, Gosh. She was probably not infected…”

“Well, we will never know. It is the life…”

“Is office sex that common there…?

“It is not office sex darling. Anybody in cabin crew does a difficult job. It is not easy to smile and politely call every arsehole ‘sir’. They need to relive their stress. And when you are in a different city with enough money and free time in your hand, anything can happen…”

ශේන් සේවය කරන්නේද කැබින් කෲ එකේය. මේ අමාරු ජීවිතය ගැන ඔහු මට කියා ඇත්තේය. සමුද්‍රා ඔහු ගැන මොනවා දන්නවා ඇත්ද? මේ ශෙන්ව සාකච්ඡාවට ගෙන එන්ට හොඳම අවස්ථාවය සිතේ.

“Yeah. I too have heard. Have few friends there. Probably you know Shane…?”

“Shane who?”

“Shane Andrews…?”

“Shane Andrews…Why that names rings a bell? Ah, yes. Shane Andrews, I know. That tall guy. An old Josephian, I think…”

“Yeah, that’s him…he is..”

මා වාක්‍යය අවසාන කරන්ට පළමුව ඇය කතා කරයි. මගේ ස’ප්‍රයිස් එක කල් දැමිය යුතුය.

“…Is he a good friend of yours?”

“Not really. Actually someone I know through my friends…” මම බොරු කියමි. වින්දනය ඇත්තේ ස’ප්‍රයිස් එක කල් දැමූ තරමටය.

“That’s good. I was about to warn you…”

“Warn me…?”

“Yes. He is bit of a crackpot. I think he is mentally unstable. His recent behavior has been violent and unusual…”

“Like…?” මත්ව ඉන්නා සමුද්‍රා මගේ කට හඬෙහි වෙනස නිරීක්ෂණය නොකරතැයි මම සිතමි.

“Last week this animal has burned a girl with a cigarette butt so severely that she had to be hospitalized…”

.

.

(ඉවසන්න,……………. සමනලයා යළි පියා සලන තෙක්)

Advertisements
Leave a comment

18 Comments

  1. //කොළඹ කොල්ලන්ට ආමි කොල්ලන් ගැන පිස්සුවල් ඇති වුණේ මෑතකදීය//
    කොළඹ කෙල්ලන් නේද?

    Reply
  2. අනේ මන්දා මේවා නං….කොළඹ උනත් ඔය මට්ටමේ කෙල්ලො ඉන්නෙ කීයෙන් කී දෙනාද…එයාලට මීඩියා..සල්ලි හැමදේම තියෙනවා…අපි හිතනවා උන් තමයි ජීවිතේ විදින්නෙ කියලා….

    Reply
  3. කථාව මඟ හරියේදී මං හිතුවේ අන්තිමට ලේඛකයා ෂේන් ට HIV හදවයි කියලා..
    මේ මාසෙනම් කථා එන පිළිවෙළ හරි පැහැදිලියි සඳුදා ,බඳදා,සිකුරාදා…..
    උදේන්ම සැරයක් කියවලා හවස් වේලා ඇවිත් තව සැරයක් කොමේන්ට්ස් ටික කියව්වම ගොඩ….

    Reply
  4. ස්ට්‍රිපස්ලා දෙදෙනා පැමිණියේය.. ඔවුන්ගේ තරුණ බවක් පෙනීමට නොතිබුනත්, හමුදා නිළදරුවන් බව හැඩි දැඩි සිරුරු කියා පෑවේය. මාගේ ඇස් අදහා ගැනීමට පවා නොහැකි විය. මේ පැමිණ සිටින්නේ පාබල හමුදාවේ හා මුහුදු හමුදාවේ මා හොඳින් දැක පුරුදු දෙදෙනෙකි. මගේ ඇඟේ හිරි ගඩු පිපි, කිසියම් අපහසු ගතියක් දැනුනද. අනෙක් අයට එසේ දැනුනු බවක් පෙනෙන්නට තිබුනේ නැත. ලැජ්ජාවට පත්විය හැකි කාරණාවක් වූවද මේ ගැන සමුද්‍රාගෙන් විමසිය යුතුමය.

    “Oh my…. I don’t beleave this… are you sure… this is …… ”
    “Ha ha ha…. why Darling, yeah this is…….”
    “What are they doing here, Paba said that, this is gals only……..”
    “Yes, Yes,…. they are the strippers babe….”

    ඇයි අනේ ඔයාට ෂුවර් නැද්ද…? එක්කෙනෙක් ළඟදි ලොක්කට පොත දාලා, තඩි ස්ට්‍රිපින් පාරක් දැම්මේ. ඒයාගේ බ්‍රදර් කරන්නෙත් ඒකමයි, එයා ෆිල්ම්ස් වල්දි පොඩි උන්වත් ස්ට්‍රිපින් කරනවා.. ඔයා දකලා නැද්ද…
    නෑ අනේ…. මම බලන්නේ, ඇනිමේෂන්ස් විතරයි. ලෝකල් ෆ්ල්ම්ස් බැලුවම මට දුක හිතෙනවා…
    ඒ ඇයි…?
    ඒවා බැලුවම අපේ තාත්ති අඬනවා. එතකොට මටත් ඇඬෙනවා. ඒ නිසා දැන් අපි ඒවා බලන්නෙම නෑ..
    “OK darling… what about the other one, he is also in the same boat…?”
    “eh sure…, he is better than the other one…, he’l do what ever you ask.. you can see within few minutes ..”

    මගේ ඇස් මටම අදහා ගත නොහැකි විය…
    “Oh my God…… Ammmmmmmmmaaaaaaaaaaaaaa…………………..”
    මොකද අනේ හීනෙන් කෑ ගහන්නේ.. මම කිව්වා ඔය නැහැදිච්ච එකියන්ගේ මගුල් වල යන්න එපා කියලා… පොඩ්ඩක් ඉන්න මම පිරිත් ටිකක් කියන්නම්….

    Reply
    • පාඨකයින්ගේ පරිකල්පන ශක්තිය තමන්ගේ පරිකල්පන ශක්තිය ඉක්මවා යෑම ලේඛකයකුට කොයි තරම් සතුටට කාරණාවක්ද!

      – ලේඛක

      Reply
    • ~Kasun~

       /  September 19, 2012

      මතලන්ගේ අගනා උත්සාහය මං දකින්නෙ මෙන්න මේ විදිහට….!!

      Reply
      • ස්තූතියි….. 😀 😀 😀
        ඉතා වෙහෙස මහන්සි වී කරණ ලද මේ නිර්මාණය තුලින්, කසුන් මහතා ලේඛකයාගේ ළිපිය වෙනුවෙන් කරණ ලද ප්‍රකාෂය නිශේදනය වනවා.

  5. Anonymous

     /  September 19, 2012

    අර දැන් මාලක තමන්ට ගැහුවෙ නෑ කියන මේජර්ටත් කතා කළා නම් පොන්නයෙකුත් ස්ට්‍රිපින් කරන හැටි බලා ගන්න තිබුණා.

    Reply
  6. ~Kasun~

     /  September 19, 2012

    සමාජයේ කුඩාම පන්තියට අයිති මිනිස්සුන්ගේ ඉතාම සීමිත පිරිසක් කරන දෙයක් මෙච්චර ලොකුවට ලේඛකයා කියන්න හදන්නේ ඇයි කියල මටනම් තේරෙන්නේ නැහැ. සමහර විට ලේඛකයා නොදැනීම තමන්ට ලබගන්න බැරිවෙච්ච දේවලට යටි හිතින් කරන පලිගැනීමක් වෙන්න පුළුවන් මේක.

    Reply
    • ලියෝ ටෝල්ස්ටෝයිගේ War and Peace ගන්න. චල්ල්ස් ඩිකන්ස්ගේ The Tale of Two Cities ගන්න. රොබට් ස්ටැන්ඩිෂ්ගේ The Elephant Walk (අලිපාර) ගන්න. ඔවුන් කියන්නේද ඒ ඒ සමාජයන්හි ඉතාම සීමිත පිරිසක් වූ (ජනගහණය අනුව 1%ටත් අඩු) පන්තියක කතන්දර නොවේද?

      – ලේඛක

      Reply
  7. විශ්ෙල්ෂකයා

     /  September 19, 2012

    This reminds me of the relationship between AIDS spread and cabin crew members. Reportedly the infamous patient zero for HIV , Canadian Gaëtan Dugas was also a flight attendant

    Reply
  8. DDT

     /  September 19, 2012

    ඇයි ලේඛකයා ‘හොරොව්පතානේ කොල්ලො‘ කියල ලිව්වෙ. මේ විශ්වයෙ නම් ඔය සුප්‍රසිද්ධ ටෙලි නළුවොත් බර ගණන්වලට ඔය වැඩේ කරනවළු. සමහරු ඊටත් එහා යනවය කියන්නෙ, ඉතිං උන්ට හොඳ නම් දුප්පත් ගමේ කොල්ලෙක් මොනව කරාම මොකද?

    Reply
  9. Charith M

     /  September 19, 2012

    again madhuri at top? .. grt

    Reply
  10. No Name

     /  September 20, 2012

    අන්තර්ගතයෙහි එතරම් අපූර්වත්වයක් නොදකිමි. ඒසේ විය යුතු යැයි නියමයක් නැත. නමුත් කතාවට පාදක වී ඇති පන්තිය, සාමන්‍යයෙන් නිතර දෙවේලේ අසන්නට නොලැබෙන පන්තියක සිදුවීමක් පිළිබඳවය. කතා බහ සිංහලෙන් පල කලා නම් හොඳයි කියා සිතේ. කතාවකට පසුබිම් වන කාලය, දීපය, දේශය, පාත්‍ර වර්ගයා, සහ භාෂාවද, කතාව කියන භාෂාවෙන් ඉදිරිපත් කිරීම ලියවිල්ලක තිබිය යුතු මූලික ගුණාංගයක් යැයි සිතේ.

    Reply
    • කථනය හැම විටම සිංහලෙන් තියා ගනිමි. දෙබස් පිණිස එසේ කළ නොහැක්කේ එයින් කතාවට අතාත්වික ස්වරූපයක් හිමි විය හැකි හෙයිනි.

      – ලේඛක

      Reply
  11. awesome.Enjoyed every bit!

    Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: