විරාමය: නිරුවත් නිරූපිකාවක් ගැන සංවේදී ජපන් චිත්‍රපයටක් – නිරුවත – NUDE (18+)

මම දැවැන්ත ප්‍රේක්ෂක සමූහ වෙනුවෙන් තනන හොලිවුඩ් හෝ බොලිවුඩ් සිතුවම්පටයන්ට වඩා කුඩා දේශීය ප්‍රේක්ෂක සමූහ වෙනුවෙන් තනන සිතුවම්පට අගය කරමි. මේවා සැබෑ තත්ත්වයන්ට වඩාත් සමීපය. ඒවායින් බොහෝ දුරට නිරූපනය වන්නේ අදාළ සමාජයේ සැබෑ මුහුණුවරයි.

ජපානයේ නිරුවත් නිරූපිකාවක් හා කාම චිත්‍රපට රංගන ශිල්පිනියක වටා ගෙතුනු NUDE වත්මන් නාගරික ජපන් සමාජයේ සැබෑ නිරූපනයකැයි මම අදහමි. (යුවතියක් වටා ගෙතුනු බව පෙනුනනද සැබැවින්ම කෘතිය කතා කරන්නේ අද්‍යතන ජපන් සමාජය ගැනයි.)

ඉංගිරිසි උප සිරැසි සහිතයි. වැඩිහිටි ප්‍රේක්ෂක පිරිසක් වෙනුවෙන් නිර්මිතයි.

විරාමය: YES (PRIME) MINISTER! (ජිම් හැකර් අගැමැති වෙයි!)

Yes Minister/Yes Prime Minister තරම් ‘සමනළ විප්ලවය’ ලිවීමේදී මා ආභාෂය ලද වෙනත් කෘතියක් නැති තරම්ය. විශේෂයෙන්ම දේශපාලකයින්ගේ පාර්ශ්වයෙන් සිද්ධීන් විස්තර කිරීමේදී මා යොදාගත්තේ එහි යොදා ගන්නා ශෛලියමයි.

Yes Minister/Yes Prime Minister තුළින් තෝරා ගත් හොඳම පරිච්ඡේදය මෙහි ඵල කරනුයේ කෘතවේදීවය.

කතාවේ ප්‍රධාන චරිත නොදැන්ම මෙහි රස වින්දනයට බාධාවක් විය හැකිය සිතෙන මුත් දීර්ඝ විස්තරයකට නොයමි. ප්‍රධාන චරිත තුන පිළිබඳව පහත විස්තරය විකිපීඩියාවෙනි.

James “Jim” Hacker:

The Rt Hon. Jim Hacker, Lord Hacker of Islington KG PC BSc (Paul Eddington) was the editor of a newspaper, Reform, before entering government. He apparently spent a good deal of time in Parliament on the Opposition benches before his party won the general election. In Yes Minister he is the Minister for Administrative Affairs (a fictitious ministry of the British government) and a Cabinet Minister, and in Yes, Prime Minister he becomes the Prime Minister of the United Kingdom. Hacker received his degree from the London School of Economics (graduating with a Third), for which he is often derided by the Oxford-educated Sir Humphrey (who attended the fictitious Baillie College graduating with a First in Classics). His early character is that of a gung-ho, but naïve, politician, bringing sweeping changes to his department. Before long, Hacker begins to notice that Civil Service tactics are preventing his planned changes being put into practice. As he learns he becomes more sly and cynical, and uses some of the Civil Service ruses himself. While Sir Humphrey initially held all the aces, Hacker now and again plays a trump card of his own.

Sir Humphrey Appleby:

Sir Humphrey Appleby GCB, KBE, MVO, MA (Oxon) (Nigel Hawthorne) serves throughout the series as Permanent Secretary under his Minister, Jim Hacker at the Department of Administrative Affairs. He is appointed Cabinet Secretary just as Hacker’s party enters a leadership crisis, and is instrumental in Hacker’s elevation to Prime Minister. He is committed to maintaining the status quo for the country in general and for the Civil Service in particular. Sir Humphrey is a master of obfuscation and manipulation, baffling his opponents with technical jargon and circumlocutions, strategically appointing allies to supposedly impartial boards, and setting up interdepartmental committees to smother his Minister’s proposals in red tape.

Bernard Woolley:

Bernard Woolley (Derek Fowlds) is Jim Hacker’s Principal Private Secretary. His loyalties are often split between his Minister and his Civil Service boss, Sir Humphrey. While he is theoretically responsible to Hacker personally, it is Sir Humphrey who writes his performance reviews and influences Bernard’s Civil Service career. He usually handles these situations well, and maintains his reputation in the Civil Service as a “high flier” as opposed to a “low flier supported by occasional gusts of wind.”

More details: http://en.wikipedia.org/wiki/Yes_minister


.

.

.

(33) භව දුක || The suffering

කාලය: අවශ්‍ය නැත, පින්වත
ස්ථානය: අවශ්‍ය නැත, පින්වත

**********(රතු හාමුදුරුවන් කියන කතාව)**********

අථ පාපානි කම්මානි
කරං බාලාන බුජ්ජති
සෙහි කම්මෙහි දුම්මධෝ
අග්ගිදඩ්ඪොච තප්පති

පාප කර්මයෙහි යෙදෙන්නා වූ අඥානයා එයින් ලබන කටුක විපාකය තේරුම් නොගනී. ඒ පවිටු සිතැති තැනැත්තා ස්වකීය ක්‍රියාවන් නිසා ගින්නෙහි දැවුනකු මෙන් තැවෙයි.

– ධම්ම පදය, පාප වග්ග

පින්වතුනි, ඔබ කල්පනා කරන්නේ එදින සිද්ධියෙන් යම් කාලයකට පසු මගේ ජීවිතය සාමාන්‍ය අතට හැරුණේය කියා නම් ඔබ නිවැරදි කරන්ට මට ඉඩ දෙන්න. එවන් යහපත් විපර්යාසයක් සිදු නොවූයේය. ඇත්තටම වූයේ ඒ සිද්ධිය නිසා මගේ කාලකණ්ණි ජීවිතය තව තවත් අවුල් වීමයි. ගිහි ගෙයි ගින්නෙන් මිදී සසර කෙටි කර ගන්ට ආ මගේ සසර තවත් දිගු වීමයි. මේ මා පූර්ව ආත්මයක කළ අකුසළ කර්මයක විපාකයකැයි මට නොයෙක් වර සිතෙන්නේය. පෙර අත් බවයන්හීදී කරන ලද දැඩි අකුසළ ක්‍රියාවන් සම්පූර්ණයෙන් ඵල නොදී අහෝසි නොවේ. මේ එවැන්නක් විය හැකිය.

එදා සිද්ධියෙන් පසු ගෙවීගිය වසරකට අඩු කාලය තුළ වූ සිදුවීම් ගැන ඔබ යාවත්කාල කරන්ට අවසර දෙන්න.

ඇමැතියාගේ පාහර ගෝලයින් රොත්ත එදා රෑ, මළ මිනියක් යට කොට, ළිඳ ගොඩ කොට සිමෙන්ති දැමූ පුවත මම ඔබට විස්තර කළෙමි. මට එතැන එලෙසින්ම තබා ගත නොහැකිය. අනුන්ට වඩා කුතුහලයක් ඇති දායකයකු එතැනට පමණක් සිමෙන්ති දමා ඇත්තේ මන්දැයි අසන්ට පිළිවන. මේ නිසා මම වැඩි කල් නොයවා එතැන කුඩා ටකරන් මඩුවක් ඉදිකළෙමි. මේ මඩුව කුමකටද දායකයෝ ඇසූහ. මට ඊට දෙන්ට එක පිළිතුරක් නොවූයේය. ඒ වෙලාවට කටට ආ දෙයක් කීමි.

නමුත් මඬුව සාදා නිමකළ පසුව හැමදෙනාටම ඉන් ගන්ට වැඩක් ඇති බව පෙණුනේය. බෝධි-පූජා ආදී කටයුතු වලට කළමනා ගෙනෙන උපාසකම්මලා ඒවා තාවකාලිකව තැබූයේ එතැනය. ඉරිදාට දහම් පාසලේ එක පන්තියක් මේ මඬුවේ පවත්වන්ට යෙදුණේය. එසේම හදිසියේ පන්සලට පාත්වූ දුර ගමන්කරුවකු රාත්‍රිය ගත කළේ එහිය. වැස්ස දවසට බල්ලෝ හතර පස් දෙනක් වත් නොවරදවා එහි ටැග් ගැහුණෝය. බණ මඬුවේ වහල පිළිසකර කළ කාලයේ ධර්මාසනය තාවකාලිකව තබා තිබුණේද මේ මඬුවේය. මේ නිසා මඬුව කාගේත් උවමනාවට ඉදිකළ එකක් සේ පෙණුනේය. එසේම එහි බිමට යෙදූ සිමෙන්තිය නිසා ළිඳ ගොඩකළ අවස්ථාවෙහි දැමූ සිමෙන්තිය නොපෙනී ගියේය.

කලින් දැමූ සිමෙන්තිය ඉවත් නොකොට බිමට අළුතින් සිමෙන්ති දමන්නේ මන්දැයි බාසුන්නැහේ මගෙන් දෙතුන් වතාවක් ඇසුවේය. මා කීවේ ඉදි කරන්නේ තාවකාලික මඩුවක් නිසා ඒ ගැන කරදර වෙන්ට ඕනෑ නැති බවය. ඔහු ඊට නොකැමැති බව පෙන්නුවත් මුවින් නොබැණ මා කී විදියට වැඩේ කළේය. මේ බාසුන්නැහේ සේම ගෝලයින්ද ආවේ කුරුණෑගල පැත්තෙනි. ඔවුන්ටද අවශ්‍ය වූයේ හැකි ඉක්මණින් වැඩේ ඉවර කර ගෙදර යන්ටය. මෙනිසා මේ සුළු ගැටළු ලොකුවට ඇදී ආවේ නැත. ගාස්තුව අතට ගත් බාසුන්නැහේ මඬුව තැනීම හිතින් ඉවත් කළාය සිතමි.

නමුත් පුංචි පරහක් තිබුණේය. මේ මඩුව තනන්ට නගර සභාවෙන් අවසර ගන්ට බැරි විය. හේතුව අමුතුවෙන් පැහැදිළි කළ යුතු නොවේ.

මීට අමතරව තවත් වැදගත් සිද්ධියක් සඳහන් විය යුතුය. ඒ පන්සලේ ඇබිත්තයා වූ එකොළොස් හැවිරිදි සුදතාගේ මරණයයි. මේ මරණය නුහුරු නොවූ මා පවා දැඩි ලෙස කම්පනයට පත් කළ මරණයකි. ඒ සුදත්ගේ වයස නිසාම නොවේ.

සුදතාට දවසක් එක් වරම උණ ගත්තේය. එකසිය දෙකටත් ටිකක් වැඩියෙනි. හේතුව අපි නොදනිමු. පන්සලේ ආවතේවකම් කරන්ට කෙනෙක් නැත. සුදත්ගේ මෑණියන්ටද පණිවිඩයක් යවා අපි ඔහු ආණ්ඩුවේ ඉස්පිටිතාලයට ඇතුළු කළෙමු. රෝගය ඩෙංගු නොවන බව දින දෙකකට පසු දැනගන්ට ලැබුණේය. එසේම ඔහුට අවශ්‍ය බේත් හේත්ද අඩුවක් නැතිව කෙරෙනවා පෙණුනේය. අපි සැනසුම් සුසුම් හෙළුවෙමු. ඒත් ටික කාලයකටය. සුදතාගේ උණ බැස්සේම නැත. උණ ගැනී පස් වන දින පමණ වන විට ඔහු බෙහෙවින් දුබලව සිටියේය. බලන්ට ගිය මා වත් හඳුනා ගන්ට බැරිවිය. සයවැනි දින ඔහු සදහටම දෙනෙත් පියා ගත්තේය. “දැන් ඔහොම හඳුනා ගන්ට බැරි උණ රෝග හරියට තියෙනවා!” දොස්තරලා කීහ. උන්ට නම් මොනවා කියන්ට බැරිද? තමන්ගේම දරුවන් ගැන නම් ඔවුන් එසේ කියයිද?  අහිංසකයා! වතුර බහින්නේද මිටි තැනින්මය.

කොතැනක සැඟවුණද කර්ම විපාකයෙන් ගැළවෙන්ට බැරිය කියා හිත හදාගන්ට මම වෙර දරමි. බුදු හාමුදුරුවන් කීවේ එහෙමය. න අනතලිකෙඛ, න සමුදදමජෙඣ – න පබබතානං විවරං පවිසස – න විජජති සො ජගතිපපදෙසො – යත‍ථටඨිතො මුඤෙචය්‍ය පාපකමමා.ඒ එක්කම මට හිතෙන්නේ මෑණියන් වත් ළඟ සිටියේ නම් මේ අහිංසකයාගේ දිවි ගැළවෙන්ට ඉඩ තිබුණු බවය. අනෙක් අතට එසේ කියන්ටද බැරිය. ධම්මරතන උන්නාන්සේ හැකි සෑම ආකාරයෙන්ම සුදතා ගැන සොයා බැලුවේය. කොලුවා ගැන ඔහුට තිබුණේ සැබෑ ලෙන්ගතුකමක් බව මේ කාලය තුළ හොඳාකාරවම පෙණුනේය. එහෙත් සුදතා මියැදුනේය. සංසාරේ හැටි, පින්වතුනි, සංසාරේ හැටි.

මියෙන්ට දින දෙකකට පමණ පෙර සුදතා මළ මිනියක් වළලපු සිද්ධියක් ගැන උණ විකාරෙන් දොඩවා තිබුණු බව මට කීවේ ධම්මරතන උන්නාන්සේය. මෙය හෙදියන්ටද ගැටළුවක් වී තිබුණද, ඔවුන් එය පසුව නොසලකා හැර ඇත. උණ වැඩි වූ විට මිනිස්සු කොහොමටත් විකාර කතා කියති.  මගේ පූරුවේ වාසනාවට කිසිවකුත් පූර්වාපර සන්ධි ගලපා නොතිබුණේය.

අදාළ සිද්ධියට සිටි එකම ඇසින් දුටු සාක්ෂිකරුවාත් මියගිය කල්හි සිද්ධිය සම්පූර්ණයෙන් යටපත් වන්ට ඇතැයි ඔබ සිතනු ඇත්තේය. එය එසේ වූයේ නොවේ. ජීවිතය පුදුමාකාරය. අප නොසිතූ දෙවල්මය සිදුවන්නේ. මේ සිද්ධිය නැවත හොල්මන් කරන්ට පටන් ගත්තේ මා නොසිතූ විරූ ආකාරයටය.

මේ සිද්ධියට එන්ට කලියෙන් මා දැනට පදිංචිව සිටින පන්සල සහිත ග්‍රාමයෙහි ඉතිහාසය ගැන යමක් කිව යුතුය. මා මෙහි ආවේ මෑතකදීය. එනිසා මේ කියන සමහර තොරතුරු මා ද වෙනත් අයගෙන් අසා දැනගත් ඒවාය.

අපේ ගම බොහෝ දුරට සිංහල බෞද්ධ එකකි. මේ සිංහල බෞද්ධකම අඩු වශයෙන් සිය වසරක් වත් ඈතට දිව යන බවට සාක්ෂි තියේ. මා වැඩ සිටින රතනාරාමය තනා ඇත්තේ එකදාස් නවසිය ගණන් වල මුලය. ටිකක් දුරින් ඇති අනෙක් ආරාමය ඊටත් පැරැණිය.

එකදාස් නවසිය හැට ගණන් වලදී ගමේ ව්‍යාපාරිකයන්ගේ ලැයිස්තුවක් පන්සලේ තවම තියේ. එයින් දෙමළ නම් තුනක් හැරුණු විට අනෙක්වා සියල්ලම සිංහලය. සමහරවිට කතෝලිකයින් ඉන්ට ඇත. එය නම් වලින් හොයන්ට අමාරුය. නමුත් මුස්ලිම් මිනිසුන් නොහිටි බව නම් හොඳටම පෙණේ. (දෙමළුන් තිදෙනාද ඉන්දියන් කාරයෝය. මේ තිදෙනාම 1993ට පසුව ගම හැර ගියෝය. එක්කෙනෙක් නම් ඉන්දියාවටමය. මටත් ඇවිත් කියලා ගිය නිසා මම දනිමි. අනෙක් අය කොහේ ගියාද නොදනිමි. මේවා කතාවට අදාළ නොවන කාරණාය.)

අපේ ගමට ආ මුල්ම මුස්ලිම්කාරයා සිද්දික්ය. සිද්දික්ගේ පැමිණීම ඓතිහාසික සිද්ධියකි. ඔහු ආවේ නඩු හබයක් නිසා හන්දියේ සිංහල මුදලාලි කෙනකුගේ පවුලම කැති ගා මරාදැමූ අවාසනාවන්ත සිද්ධියකදී කඩේ ගෙනියන්ට කෙනකු නැති වුණු විටය. කලින් තිබුණු කඩේ සිල්ලර කඩයකි. සිද්දික් එතැන හෝටලයක් දා ගත්තේය.

සිද්දික් ශූර ව්‍යාපාරිකයෙකි. අනෙක් ආපන ශාලාවලද මස් පිසූ නමුත් හැමදනාම කීවේ සිද්දික්ගේ ආපන ශාලාවෙහි තරම් රහට අහළ ගම් හතක වත් හරක් මස් පිසෙන්නේ නැති බවය. (මෙහි ඇත්ත නැත්ත මම නොදනිමි. බෞද්ධ භික්ෂුවක් හැටියට මම ගව මස් ආහාරයට ගැනීමෙන් වැළකී සිටිමි.) මේ නිසාම සිද්දික්ගේ කඩේට පෞද්ගලික බස් රියැදුරන්ගෙන් ලොකු ඉල්ලුමක් විය. දුර ගමන් යන පෞද්ගලික බස් රථ පවා නතර කරන ලද්දේ ඔහුගේ හෝටලය ඉදිරිපසය. එසේ නතර කළ විට රියැදුරාට හා කොන්දොස්තරට හෝටලයේ වෙනම කාමරයක නොමිළයේ බුරියානි හෝ ෆ්‍රයිඩ් රයිස් එකක් නොවරදවාම ලැබුණේය.

සිද්දික් මිනිසුන් අල්ලා ගන්ටද දක්ෂයෙකි. ඔහු හැම අවුරුද්දේම, බිස්නස් කොච්චර වැටුණත්, ලොකු ඉලක්කම් සහිත කැලැන්ඩරයක් ගහයි. මෙය ගනුදෙනුකාරයාය නැත කියා වෙනසක් නැතිව හැමෝටම බෙදයි.

සිද්දික්ගේ කඩයට කවදාවත් ගොඩ නොවැදුණු (මගේ හොඳ දායකයකු වූ) සුමතිරත්න මහත්තයා පසුපස දවසක් එළවාගෙන ආ සිද්දික් ඔහුටද කැලැන්ඩරයක් දී තිබුණේය.

“මං මේක ගන්න එක හරි නෑනෙ මුදලාලි…” අවංක මිනිසකු වූ සුමතිරත්න මහත්තයා කියා තිබේ. “මම ඉඳල හිටල වත් මුදලාලිගෙ හෝටලේට එන කෙනෙක්යැ!”

“අපට ඕනේ බිශ්නශ් නෙවෙයි මහතයා. අපට ඕනෑ මිනිශ්ශු…බිශ්නශ් අද තිබුණා එට නේ. මිනිශ්ශු ඒමද?”

සිද්දික් ධර්ම දේශනාවක් කොට තියේ.

එදා පටන් ඉතාම අවංක මිනිසකු හා ශාකාහාරියකු වූ සුමතිරත්න මහත්තයාද ඉඳ හිටවත් හෝටලයට ගොඩ වදින්ට වග බලා ගත්තේය. ඔහු බොහෝ විට මිළට ගත්තේ මුනුබුරාට ලොසින්ජර කීපයකි. සිද්දික් හැම ගනුදෙනුකරුවකුටම කරන ඉහළ සැලකිල්ල ඔහුටද පෑයේය. සුමතිරත්න මහත්තයාගේ මහළු මෑණියන් මිය ගිය විට සිද්දික් මළ ගෙදරට සිගරැට් දුන්නේ සතයක් වත් නොගෙනය.

“බෝධිසත්වයෙක් වාගෙ මනුස්සයෙක්…”

සුමතිරත්න මහත්තයා සිද්දික් ගැන කීප දෙනෙකුට කියා තිබුණේය. මම ඔහු නිවැරදි කරන්ට නොගියෙමි. ඔය අනවශ්‍ය කතා මාසෙකට සැරයක් හම්බ වෙන පේරු දානෙටත් කෙළ වෙන වැඩකි.

හම්බයින් එකකු තැනකට රිංගා ගත්තාම ජාතිය බෝ කරන හැටි අමුතුවෙන් කියන්ට ඕනෑ නැත. එනිසා සිද්දික්ගේ පැමිණීමෙන් වසර තිහක හතළිහට පමණ කාලයක් තුළ ගමේ මුස්ලිම් ජනගහණය පවුල් විස්සක් තිහක් බවට පත්වී තිබුණේය.

මෙයද මගේ ප්‍රශ්නයක් නොවේ. රටේ පාලකයින් ඉන්නේ මේවා බලා ගන්ටය. එනිසා මම ඒ ගැන කරදර නොවීමි. මට කරදර වෙන්ට වුණේ එය මගේ ප්‍රශ්නයක් වෙන්ට පටන් ගත් පසුවය.

මේ මුස්ලිම් පවුල් ගණනට දේවස්ථානයකුත් ඕනෑලු. ඉස්සර ඔවුන් ගියේ ළඟ නගරයක පල්ලියකටය. ළඟදී ඉඳන් ලේසියට ගමේම මඩුවක් අටවාගෙන තියේ. මගේ ඉවසීමේ සීමාව පැන්නේ අහළ පහළ ආරාම වල උන්නාන්සේලා මට මේක ඇඟිල්ලෙන් ඇණ පෙන්නා දෙන්ට පටන් ගත් කල්හිය.

“ඕකුන්ට ඉඩ දෙන්න හොඳ නෑ. දන්නෙම නැතුව අපිවත් එළවලා තියෙයි…අන්තිම භයානක ජාතිය”

“ඔය පල්ලිය තියෙන්නේ පන්සල කිට්ටුවම නේද? ඇයි පොඩ්ඩක් එහායින් වත් ඕක අටවා ගන්න බැරි?”

“ඕක අනවසර ඉදි කිරීමක්. බලන් ඉන්ට නරකයි…”

අවසානයේ මුස්ලිම් දේවස්ථානයට විරුද්ධව උද්ඝෝෂණයක් පවා කෙරුණේය. එයද මගේ උවමනාවට කෙරුණු දෙයක් නොවේ. ඊට මූලික වූයේ කොළඹින් පැමිණි තරුණ පිරිසකි. ඔවුන් ගැන වැඩි විස්තර මම නොදනිමි. ඔවුන් පැමිණ සිටියේද මගේ නොව අනෙක් පන්සලේ හාමුදුරුවන්ගේ සම්බන්ධයක් මතය. නමුත් මට උද්ඝෝෂණයට විරුද්ධ වන්ට නුපුළුවන. එනිසා මම මගේ සහයෝගය දුන්නෙමි. ඊට අක්‍රියව එක්වීමෙනි.

උද්ඝෝෂණය රූපවාහිනී නාලිකා දෙකකවත් පෙන්නු බව මම දනිමි. ඉන් එකක විනාඩියක් පමණ මමද කථා කළෙමි. මම කාගේවත් හිත රිදෙන්ට දෙයක් නොකීවෙමි. එක ගමේ මිනිසුන් ගහ මරා ගත යුතු නොවේ. මා කීවේ මේ මුස්ලිම් දේවස්ථානය අනවසර ඉදිකිරීමක් බවත් එනිසා ඉවත් කළ යුතු බවත්ය. හැබැයි අපේ ධම්මරතන උන්නාන්සේ නම් ටිකක් සැරට කතා කොට තිබුණේය.

එදා හවස සිද්දික් තමන්ම තැඹිලි වල්ලකුත් උස්සාගෙන පන්සලට එන කොටම මට කාරණා නරක අතට හැරෙන්ට ඉඩ ඇති බව වැටහුණේය.

මා සිද්දික් ඉන් පෙර මුණ ගැසී තිබුණේ වාර කීපයකදී පමණෙකි. ඒ හැම හමුවක්ම ප්‍රසන්න ඒවාය. ඔහු රෝම පිරි,  විශාල ශරීරයක්ද දිග රැවුළක්ද ඇති මිනිසෙකි. සිද්දික් තැඹිලි වල්ල පිළ උඩ තියා ඒ අසළම හිඳ ගත්තේය. මමද “සුවපත් වේවා!” ය කියා ඔහුට කතාව අරඹන්ට දී බලා සිටියෙමි.

ඔහු කතාව ඇරැඹුවේ මා නොසිතූ තැනෙකිනි.

“ශාදු…රතු ශාදු දන්නවද අපේ තාත්තා අරිම නපුරු මිනිහා. ආයෙ කිව්වොත් කිව්වා තමයි…”

මේ එන්නේ මොකාටදැයි වටහා ගන්ට බැරිව මම ඔහේ අසා සිටියෙමි. මේවාට ඔව් කියලාත් බෑය. නෑ කියලාත් බෑය.

“ඔව් ශාදු ඒ කාලෙ තාත්තා මට එමදාම ගානවා. වෙඩ නොකළාත් ගානවා. කළාත් ගානවා. වෙනින් කවුරු අරි ඔරකම් කළාත් ගානවා …ඉතින් රතු ශාදු මම අවුරුදු දහයක් දොළාක් කොල්ලා කාලෙ ඉතුණා මෙහෙම හිටියා එති. මේම ඉඳලා මට වෙන දෙයක් නේ. ඉතින් මම දවශක් රේ ගත්තා එඳුම් ටික පොදියකට. ගෙදර ඉන්ඩම එපා වෙලා ඉටියේ. මං ගියා බස් හෝල්ට් එකට. එල්ලුවා අනුරාජපුර බස් එක. නිදාගත්තා පස්සේ ශීට් එකේ. ගියා අනුරාජපුර. අතේ ෂල්ලිත් නේ….”

මම අසා සිටිමි.

“ඉතින් ශාදු මං අනුරාජපුර බස් ස්ටේන්ඩ් එකෙන් බෙහෙ ගත්තා. ශාදුට කියන්ඩ මට උදේ අරීම බඩගිනියි. මොනා කරන්ඩද ශාදු. කඩේකින් ඉල්ලුවට දුන්නේ නේ. එක මුශ්ලිම් මනුශ්ශයෙක් මට උදව් කළේ නේ ශාදු. යන්ඩ කිවා ගෙදර.ඉතින් මම එවිදලා එවිදලා ගියා කොහාටද දන්නවද ශාදු…?”

“කියමුකෝ බලන්ට…”

“මම ගියා රතු ශාදු බෞද්ධ පන්ශලකට. මං කවදාවත් ඊට කලින් බෞද්ධ පන්ශලකට ගිහිල්ලා නෑ ශාදු. ඉතින් පයෙන් පයෙන් තමයි ගියා. එතකොට එතන හිටියා ලොකු ශාදු. මං ලොකු ශාදුට කිව්වා ලොකු ශාදු මට බඩගිනියි. ඒත් මං බෞද්ධයා නෙවෙයි….ශාදු දන්නවද ලොකු ශාදු මොකද කිව්වා….”

මම උත්තරයක් නොදී බලා හිඳිමි.

“රතු ශාදු…ඒ ලොකු ශාදු මට කිව්වා, පුතා බඩගින්නට ආගම් නේ. අපි කාටත් බඩගිනි වෙනවා. අපි කේම කාලා කතා කරමු. කියලා ශාදු මට ලොකු බත් ගොඩාක් දුන්නා පිඟානකට…”

අපේම උන්නාන්සෙලා හිත හොඳ කමට කරන දේවල් අපටම කැරැකී එන හැටි මම කල්පනා කරමි.

“රතු ශාදු…එදා ඒ ලොකු ශාදු මට බුදු ආමුදුරුවො ගෙන ගොඩාක් දේවල් කියලා දුන්නා ශාදු. ඔන්න එක දවසක් බුදු ආමුදුරුවො ළඟට එනවලු දුප්පත් මිනිහා. බඩගින්නෙ. ශාදු දන්නවද බුදු ආමුදුරුවො මොකද කිව්වා? බුදු ආමුදුරුවො කිව්වා මේ අහිංසක මිනිහට කන්ඩ දෙන්ඩ. මෙයාට බණ කියන්ඩ එපා. එයා ඉන්නෙ බඩගින්නේ. බඩගින්නෙ ඉන්න මනුස්සයාට බණ කියලා වෙඩක් නේ…බලන්ඩ ශාදු කොච්චර ශ්‍රේශ්ට කියමනක්ද ඒ? බඩගින්නෙ ඉන්න මිනිආට තමයි කන්ඩ දෙන්ඩ ඕනේ. ඊට පස්සෙ තමයි බණ කියන්ඩ පුළුවන්…”

සිද්දික් මාතෘකාවට එන්නේ තවත් පැය භාගයක් පමණ මට ‘බුදු බණ’ කියා දීමෙන් පසුවය. මේ වන විට මමද ඉවසීමේ සීමාවට ආසන්න වෙමින් සිටිමි. වැඩිය කියවන්ට ආවොත් මේකාට කොස්සෙන් ගසා පන්නා දැමිය යුතුය.

“ශාදු එම ආගමම ඇති වෙලා තියෙන්නෙ මොකද? එම ආගමම මනුශ්ශ්‍යයාට කියනවා හොඳ කරන්ඩ. නරක කරන්ඩ එපා. නමුත් මනුශ්‍යයා ඒ ආගම් පිළි ගන්නේ නේ. මුශ්ලිම් මනුශ්‍යයා ඉශ්ලාම් ආගම පිළි පදින්නේ නේ. බෞද්ධ ශහෝදරවරු බෞද්ධාගම පිළි පදින්නේ නේ. මේ ආගම් වල වරද නෙවෙයි ශාදු. මේ මනුශ්‍යයාගේ වරද…”

තවත් කාලය නාස්ති නොකොට මේ අප්‍රසන්න මාතෘකාව අහවර කර දැමිය යුතුය මට සිතෙයි.

“දැන් සිද්දික් මහත්තයෝ ඕක නෙවෙයිනේ මෙතැන ප්‍රශ්නෙ…”

“ඔව් රතු ශාදු ඔව්. මං දන්නවා. මං දන්නවා මොකද ප්‍රශ්නය කියලා…”

“ප්‍රශ්නෙත් දන්නවා නම් මහත්තයෝ, ඇයි තවත් බලා ගෙන ඉන්නේ ඒ ප්‍රශ්නෙ විසඳන්නෙ නැතුව…?”

“ඔව් රතු ශාදු…මං ප්‍රශ්නෙ දන්නවා රතු ශාදු….”

මට දැන් නම් රතු ඉරට ආසන්න වීගෙන එයි.

“සිද්දික් මහත්තයෝ, මෙතැන තියෙන ප්‍රශ්නෙ තමුන්ලා කිසිම අවසරයක් නැතිව හිතුමතේට මුස්ලිම් පල්ලි හදන එකනෙ. තැනක පන්සලක් පල්ලියක් හදන කොට ඒක හදන්න ඕනැ ක්‍රමයක් තියෙනවා. තමුන්ලට ඕනැ ඕනැ විදියට ඒවා හදන්න බෑ…”

“එත්ත රතු ශාදු. එත්ත. ඒව එහෙම හදන්න බෑ….”

“ඇත්ත නම් මොන මඟුලටද ඕයි ඔය පල්ලිය තාමත් තියාගෙන ඉන්නේ. තමුසෙලා ඕක ගලවනවද? මං ඕක ගලවලා දෙන්ඩද…?”

මා කතා කරන්නේ උස් හඬිනි. සිද්දික් ලේන්සු පොඩියක් ගෙන නළලේ දහදිය පිස දමයි. ධම්මරතන උන්නාන්සේ පන්සලේද නොදනිමි. මේ වාදය ඇසී මෙතැනට ආවොත් මළ ජංජාලයක් වන්ට බැරි නැත.

“ශාදු…එත්ත තමයි ශාදු කියන්නේ. මං ඕක අපේ මිනිශ්ශුලාටත් කිව්වා. ඒ පල්ලිය එතෙන තියෙන එක වෙරදි…”

මේ මා බලාපොරොත්තු වූ ප්‍රවේශයක් නොවේ. මම ටිකක් උපේක්ෂා සහගත වෙමි.

“ඒ ඉන්ද මං අපේ මුශ්ලිම් ශහෝදරවරුන්ට කිව්ව ශාදු ඒ පල්ලිය එතෙනින් අයින් කරන්ඩ කියලා. අපි මේ එක ගමේ ශිංහල බෞද්ධ ශහෝදරවරුයි මුශ්ලිම් ශහෝදරවරුයි ෆයිට් කරන්ඩ ඕනෑ දෙයක් නෙවෙයි මේක…අපිට ශමාවෙන්ඩ ඕනෑ රතු ශාදු. අපි වෙරෙද්ද තමා කළා. අපි පල්ලිය අයින් කර ගන්නවා රතු ශාදු. ඒක කියන්ඩ තමා මම අද ආවා පන්ශලට…”

මේ මට කිසිසේත් බලාපොරොත්තු නොවිය හැකි වූ ප්‍රශස්ත විසඳුමකි. සියල්ල යහපත් පරිදි විසඳුනේය මට සතුටු විය හැකිය. එකම උද්ඝෝෂණයෙන් ඔවුහු පරාජය පිළි ගෙන තිබේ.

“හෙබෙයි රතු ශාදු, මට පුංචි උදව්වක් ඕනෑ රතු ශාදු ගෙන්…ශාදු ඒක කරනව කියල මට විශ්වාශයි…”

මම ඔහුට සවන් යොමු කරමි.

“රතු ශාදු අපි ඔය පල්ලිය අයින් කර ගන්නම්. ඒක ලොකු වෙඩක් නෙවෙයි. හෙබෙයි ශාදු දෙන් මේ ගමේ ශිංහල ශහෝදරවරු හා මුශ්ලිම් ශහෝදරවරු අතර සමගිය බිඳිලා තියෙන්නෙ. ඒ හන්දා ශාදු අපට ඉඩ දෙන්න මේ පන්ශලට ඉක්මණටම දානෙ වේලක් දෙන්න ශාදු. අපි මෂ් උයන්නෙ නේ. එළවළු වලින් විතරක් දානෙ දෙනවා…”

මේ මොන වාසනාවක් කඩා වැටෙන්ට යන්නේද මට සිතා ගත නොහැකිය. මස් නම් ටිකක් තිබුණාත් කමක් නැතිය කියා කියන්ට මට සිතේ. තමන් වහන්සේ පිණිසම සකස් නොකරණ ලද මාංශය පිළි ගන්ට බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට බාධාවක් නොවේ. නමුත් එය කියා මේ හම්බයා ඉදිරියේ පාච්චල් විය යුතු නැත.

“අපෝ, ඒක නම් කවදා කරන්ට බැරිද සිද්දික් මහත්තයෝ…”

“එහෙම කියල බේ රතු ශාදු. මට දෙන්මම දිනයක් දෙන්ඩ…”

මම පොත බලා ඊළඟ සතියේම ඔහුට දානේ වේලක් දෙන්ට දිනයක් දෙමි. ඔහු හීල හා දහවල් දානය දෙකම භාර ගනියි. වෙනත් ආගමිකයින් දානේ වේල භාර ගැනීම අරුම දේවල් නොවේ. එවැනි දේ ඉන් පෙර බොහෝ අවස්ථාවලදී සිදුව තිබේ.  ඇරත් ඔහු කියන්නේ ඇත්තය. ගමේ ආගමික සමඟිය පළුදු වී තිබේ. එය පිළිසකර කර ගන්ට ඔවුන්ට අවස්ථාව දිය යුතුය.

නමුත් මගේ ඉහමොළ රත් වූයේ සිද්දික් යන්ට ලෑස්ති වී කිව් මේ කතාවටයි. ඒ අවස්ථාවේ මා කිනම් ප්‍රතිචාරයක් දැක්වීද යන්න පවා මට අමතකය.

“ශාදු… රතු ශාදු නම් ළඟදිනෙ මේ පන්සලට ආවේ. අපි ඉතින් මේ ගමේ කාලයක් තිශ්ශේ ඉන්න කට්ටියනේ. ඉශ්ශරත් හිටිය ලොකු ශාදු කෙනෙක්. හෙබෙයි රතු ශාදු වගේ නෙවෙයි. චරිතේ ගෙන ටික ටික කතන්දර තිබුණා. ශමහරවිට ඒ ලොකු ශාදු හොඳ වෙන්ඩත් එති. දන්නවනෙ අපේ මිනිශ්ශු කියන කතන්දර. ඒ කාලෙ මිනිශ්ශු කිව්වේ පන්ශලේ ඉඩමේ මෙරිච්චි මිනියෙක් වළලල දාල තියෙනව කියලා. මං කිව්වෙ මීට අවුරුදු විශි පාකට විතර එහා කතාවක් ශාදු…ශාදු කලබල වෙන්ඩ ඕනෙ නේ. බොරු කතාවක් වෙන්ඩත් එති ශමාර විට මං කිව්වෙ ඔය මිනිශ්ශුලා කියල කතා තමයි. අපි ගිහින් එන්නම් රතු ශාදු…”

පින්වත. මෙයින් මතු සිද්ධීන් පරිකල්පනය කර ගන්ට ඔබට බාධාවක් ඇතිවේය නොසිතමි. සිද්දික් සිය වචනයට ගරු කර දානය දුන්නේය. අමතක වීමකින් බව පෙන්නා ඊට මාංශයක්ද එක් කොට තිබුණු නමුත් (ගව මස් නොවේ.) අපි ඔවුන් කෙරෙහි කරුණාවෙන් එය ප්‍රතික්ෂේප නොකළෙමු. දානය රසය. දුටු තැන හම්බයන්ට නෙළන්ට සූදානම්ව සිටිනා අපේ පන්සලේ උන්නාන්සේලා වුව ගැටළුවක් කොට නොගෙන දානය වැළඳූයේ එහෙයිනි. ගමක අන්තර්-ආගමික සමගිය ඇති කොට ගැනීමේ වැදගත්කම ගැන මම කෙටි අනුශාසනාවක් කළෙමි. අනෙක් උන්නාන්සෙලා එය අනුමත කළේද නොදනිමි. බැලූ බැල්මට ගමේ සමගිය යළි ඇති වූ බවක්ද පෙණුනේය.

එහෙත් සිද්දික් පොරොන්දු වූ ලෙස කවදාවත් මුස්ලිම් පල්ලිය ඉවත් කර නොගත්තේය. එය මේ මොහොතෙහිද එසේම වෙයි. දෙවන වර ඊට එරෙහි උද්ඝෝෂණය නතර කරන්ට වූයේ මටය. මා එසේ නොකළා නම් සිද්දික් කවර ක්‍රියා මාර්ගයක් ගනු ඇත්තේද මම නොදනිමි. ඔහුට කරන්ට ඇත්තේ පන්සලේ වසන ලද ළිඳේ මෘත දේහයක් ඇති බවට සැකය කියා පොලීසියට කීම පමණය. ඉතිරි සියල්ල ඉබේ සිදුවනු ඇත්තේය.

ඇත්තටම සිද්දික් මේ රහස දැන ගත්තේ කෙසේදැයි මම තවම නොදනිමි. මගෙන් එළියට නොගියා නම් එය එළියට යන්ට ඉඩ ඇති එකම පුද්ගලයා සුදත්ය. අවාසනාවකට සුදත් දැන් මළවුන් අතරය. රහස නොදැන ගත යුතුම පුද්ගලයකු අතට පත්ව තිබේ.

අවසානයේ වූයේ මා මුස්ලිම් ජනතාවගෙන් දානය ලබන්ට ගිජු නිසා ඔවුන්ගේ දේවස්ථානයට ඉඩ දුන්නේය මගේම දායකයින්ගෙනුත්, අසල පන්සල් වල උන්නාන්සේලාගෙනුත් නරක නාමයක් අසා ගැනීම පමණෙකි. මේ චෝදනාව ඇත්තය. නමුත් මා එසේ කළේ දානයට ගිජු වීම නිසා නොවේ. ඊට හේතුව මට හැම දෙනාට පහදා දිය නොහැකිය.

මා විඳි අවමානයේ කූට ප්‍රාප්තිය ඉස්ලාම් භක්තිකයින්ගේ නෝම්බි බිඳීමේ ‘ඉෆ්තාර්’ උත්සවයක් සිද්දික්ගේ ඉල්ලීම මත වරෙක පන්සලේ තබන්ට සිදු වීමය. මේ නිසා අවට පන්සල් රාශියක උන්නාන්සේලා මා සමඟ අමනාප වූහ. මා එය කළේ කොයි තරම් පිළිකුලෙකින්ද කියා මට ඔවුන්ට පහදා දිය නොහැකිය.

පින්වත, පින්වතිය. ඔබ මට අනුකම්පා කරන්නෙහිද?

.

.

(ඉවසන්න……………සමනළයා යළි පියා සලන තෙක්)

(32) චරිත්ට පුංචි අම්මා කෙනෙක්! || A stepmother for Charith

කාලය: 2003  මුල හරිය, සමාන්තර විශ්වය. [‘නිරුවතින් දිය නෑ සමනළියට මාස කිහිපයකට පසුව හා ‘මඩොල් දූවේ සමනල්ලු’ට අවුරුදු එක හමාරකට දෙකකට කලින්]
ස්ථානය: කොළඹ, ලංකාව

අප්පච්චි නැවත විවාහ වන්ට සැරසෙන්නේය මා දැන ගත්තේ ආරංචිය හොඳටෝම පිළුණු වුවායින් පසුවය. පවුලේ අනෙකුත් සියළු දෙනා මෙන්ම අප්සරා ආන්ටි, ජයන්ත අංකල් බඳු කිට්ටුවන්තයෝද කලින් කතා කර ගත්තාක් මෙන් මෙපුවත මගෙන් සැඟවූවෝය.

ඔවුනට එසේ කරන්ට තරම් හේතුවක් තිබුණේය මට නොසිතෙයි. තමන් විවාහ වන බව අසා චරියා මැණික් කටුව කපාගෙන නාන බේසමේ මිය යාය අප්පච්චි මොහොතකට හෝ සිතුවා නම් මට කියන්ට ඇත්තේ ඔහු තමන්ගේම පුතා නොදැන සිටි බවයි.

අප්පච්චි බැන්දාය කියලා මට පාන්යැ!

මට කලබල වන්ට කිසිම කාරණයක් නොතිබුණේය. අප්පච්චිට ඔහුගේ ජීවිතය ඔහුගේ අභිමතය පරිදි ගෙන යන්ට මගෙන් කිසිදිනෙක බාධාවක් නොවීය. මම ඔහු බදා අල්ලාගෙන නොසිටියෙමි. එසේම ඔහු මතක ඇති කාලයක මගේ ජීවිතයේ කොටස් කරුවකු නොවීය. අප්පච්චි රාජකීය විද්‍යාලයේ ‘කඩලේ’ තරමට වත් මට කිට්ටු නොවූ, මා කිසි දවසෙක දැඩි බැඳීමක් ඇති නොකැර ගත් චරිතයක් විය. ඔහුගේ සම්බන්ධතා ගැන මම කවදාවත් කරදර නොවීමි. මට කරදර වන්ට ඊට වඩා දේවල් තිබුණේය.

අම්මා ගැන මා සිතුවේ මීට ඉඳුරා වෙනස්වය. කයින් නැතිවද ආධ්‍යාත්මිකව අම්මා මා මොහොතකුදු තනි නොකැර, සෙවනැල්ලක ලෙසින්, හැමදා මා ළඟින් සිටියාය.  කුඩා කල පටන්ම මගේ සතුට මෙන්ම දුකද බෙදා හදා ගත්තාය. මගේ හැම රහසක්ම දැන සිටියාය. වැදගත් තීරණයක් ගන්ට සැරසෙන හැම විටෙකම අම්මා මා පසුපසින් හිඳ මට මඟ පෙන්වනු මට ඉවෙන් මෙන් දැනේ. අන් කිසිවකුට නෑසෙන්ට ඇය මට බොහෝ දේ කීවාය.

“Chari brush your teeth once you eat chocolates!”

“Chari, have you done your maths homework?”

“Chari, don’t do that putha…one day you are going to regret it”

මීගමුවේ සීයලාගේ ගෙදර ගිය හැම විටෙකම මම අම්මාගේ පරණ ඇඳෙහි නිදා ගනිමි. මේ තරම් සුව දායක ලෙස මා නින්දට පත් කරන වෙනත් සයනයක් ලොව නැත්තේය. ඈතින් මුහුදෙහි දිය රළ බිඳෙන හඬ මගේ නින්දට කවදාවත් බාධා නොකළේය. අම්මාගේ සුවඳ රැඳි මේ කාමරය මගේ ආත්මය සිරුරින් බැහැර කොට ඊටම උරා ගත්තේය.

ආදරයේ උල්පත වූ අම්මා – මා ඔබගේ පුතු වූ…
‍ඔබ මතු බුදුවන දවසේ – මා රාහුල කුමරුන් සේ
සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළැගිල්ලේ එල්ලී…

සඳ දිය කොට කිරිවතුරෙන් – ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක්වන් නැලැවිලි ගීයෙන් – මතකයි මා නැලැවූවා…
ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී – ඒ ජීවිතයට කිරි දී පණ දී
මා දැඩි කල අම්මා…

කවදාවත් පින්තූරයක මිස හැබැහින් දැක නැතිවද, අම්මා මගේ සිහිනයන්ට ඇතුළු වන්ට එය බාධාවක් නොකැර ගත්තාය. හැම විටෙකම ඇය ඇතුළු වූයේ ප්‍රසන්න සිහිනයන්ටය. මට ජීවිතයට දෙපයින් සිට මුහුණ දෙන්ට හැකිවූයේ ඇය මා අත නොහැර මා ළඟ සිටි නිසාය. ඉදින් අම්මා නැවත විවාහ වන්ට යන පුවත ඇසුවේ නම් මා බෙහෙවින් කලබල වන්ට තිබුණේය. සමහරවිට මැණික් කටුව කපාගෙන නාන බේසමෙහි මියෙන්ටද ඉඩ තිබුණේය.

කොටින්ම මගේ ලෝකයෙහි මිය ගොස් සිටියේ අම්මා නොව අප්පච්චිය. මා හොඳින්ම දත්තවුන්ට වුව තේරුම් ගත නොහැකි වූයේ එයයි.

අප්පච්චි මට දුරකථනයෙන් වුව කථා කරන්නේ කලාතුරෙකිනි. එබැවින් ඔහු දවසක කතා කොට මා හඳුනා ගන්ට කැමැති ‘අක්කා කෙනකු’ සිටින්නීය කී විට මම පුදුම වීමි. මට ‘අක්කා කෙනකු’ හඳුනා ගන්ට කිසිම අවශ්‍යතාවයක් නුවුවද හුදෙක් අප්පච්චිට කීකරු වීමක් වශයෙන් මම දුරකථනයට පිළිතුරු දුන්නෙමි.

“හලෝ චරිත්… මගේ නම මහීරා. ඔයා මම ගැන අහල තියෙනවද? “

ඇය කතා කළේ සිංහලෙනි. මා සිංහලෙන් දුරකථන ඇමැතුම් ගෙන නැතුවා නොවේ. එහෙත් අප්සරා ආන්ටිගේ පවුලේ ඇත්තන් සේම මගේ මිතුරන්ද මට කතා කරන්නේ ඉංගිරිසියෙනි.

“නෑ…මම අහල නැහැ…”

ඔයා යන්නෙ රෝයල් එකට නේද…?”

“ඔව්…”

ඔයා පොත් කියවන්න කැමැතියි නේද…?”

“ඔව්…”

“ඔයා මුද්දර එකතු කරනවා නේද…?”

“ඉස්සර එකතු කළා. පස්සෙ නතර කළා…”

“ඔයා Ice Age බැලුව නේද…?

“ඔව්…” (මේ මොන වදයක්ද? මැයට වැඩකට ඇති දෙයක් කතා කරන්ට බැරි ඇයි?)

“ඔය ඉතින් බලන්නකෝ. ඔයා ගැන හැම දෙයක්ම මම දන්නවා. ඔයා මං ගැන මොකුත් දන්නෙ නෑනෙ…”

“ඇයි මං ඔයා ගැන දැන ගන්න ඕනැ…?” (මේ වන විට මම ඉවසීමේ සීමාවට කිට්ටු කරමින් සිටියෙමි.)

“ඔයා මගේ යාළුවෙක් හින්දනේ…”

මම නිහඬව සිටියෙමි.

“ඔයා කැමති නැද්ද මං ගැන දැන ගන්න..?”

“ඇයි..?”

“ඇයි කියල අහන්නෙ? ඔයාගෙ යාළුවෙක් ගැන දැන ගන්න කැමති නැද්ද…?”

“කැමැතියි…”

“ඔන්න එහෙනම් මං ගැන කියන්නම්කෝ. මම තමයි ලංකාවේ වැඩිම කාර්යක්ෂ්ම මයික්‍රො හයිඩ්‍රො පවර් ස්ටේෂන් එක හැදුවේ. මම සැලසුම් කළා ජල විදුලි බලාගාරයක් වෙන ඒවායින් වගේ හතර ගුණයක් ගෙවල් වලට විදුලිය දෙන්න පුළුවන්…”

“හා…”

“ඒ විතරක් නෙවෙයි ඔයා පුදුම වෙයි මං කරපු දේවල් අහලා…”

“ඒ මොනවද…?”

“ඔයා ඒ ලෙවල් නේද කරන්නෙ…?”

“ඔව්…”

“ඔයා ප්‍රොජෙක්ට් එකක් කරනවද…?”

“ඔව්…”

“මොනවා ගැනද…”

“මං කරන්නේ ශේක්ස්පියර්ගෙ සොනට්ස් ගැන…” (සොනට්ස් වල නම් ඇයට කීමෙන් ඵලක් නැතැයි මට සිතුණේය.)

“මං ඒ ලෙවල් වලට කළේ ඊට වැඩිය හුඟාක් අමාරු ප්‍රොජෙක්ට් එකක්. මම මිනීමරුවන් අල්ලන්න පොලීසියට උදව් වුණා…”

“හා…”

ඉන්පසු ඇය නිවුන්නු දෙදෙනකු විසින් කළේය කියන මිනීමැරුමක් ගැන දීර්ඝ විස්තරයක් කළාය. මට නම් එහි කතාවකට වඩා වැඩි දෙයක් නොවීය. වරින් වර ‘ඔව්’ කියමින් මම එය අසා සිටියෙමි.

කිසිම වැදගත් අදහසක් හුවමාරු නොවී, මිනිත්තු පහළොවකට පමණ පසු මේ දුරකථන සංවාදය නිමා විය. එහි අරුත කුමක්දැයි මම දින කිහිපයක්ම කල්පනා කළෙමි. එහෙත් මට කිසිවක් සිතා ගන්ට නුපුළුවන් විය. නැවත කතා කරන්නේය කියුවද ඇය මට නැවත කථා නොකළාය. එසේම මමද ඇගෙන් දුරකථන ඇමැතුමක් බලාපොරොත්තු නොවීමි.

මේ ප්‍රහේළිකාව විසඳුණේ දින කිහිපයකට පසු අප්සරා ආන්ටි සමඟ කළ දුරකථන ඇමැතුමකදීය.

“I heard you spoke with Maheera…” සතියකට වරක් පමණ මා සමඟ කළ සංවාදයක් මැද හිටි හැටියේම ඇය කීවාය.

“Who…?”

“A girl called Maheera. Appachchi told you spoke to her…”

“Ah. That silly girl…?”

අප්සරා ආන්ටිට හිනා ගිය හැටි මට ඇසුණේය.

“Silly girl? What is so silly about her…?”

“I do not know. She wanted to speak about this and that and wasted half an hour of my time…”

“You shouldn’t talk like that Chari…”

“Why…?”

“Because she is going to be an important person in your life…”

“In my life…?”

“I am sorry, Chari. I didn’t tell you this for a long time. But you are no more a kid and you should know these things. Appachchi is going to remarry…”

“What? He is going to marry that girl…?”

“Yes…”

“Don’t tell me…!”

“Now you know! Does it make a difference…?”

“To me…? No it doesn’t. I don’t care whether he marries or not. But why marry at this age…?”

“I don’t know you have to ask him…”

“By the way aunty she could be very much younger to him…”

“Yes. She is just twenty two…”

“What? I am seventeen now…She is just five years older…”

“Yes…”

“Good. So can I call her ‘akka’…?”

“No, I think you have to call her ‘punchi’ or something…”

“I prefer calling her ‘akka’…”

“This is not a joke putha. Life is more serious…”

“Not to me aunty. But I will note that point…”

මේ අප්සරා ආන්ටි සමඟ මා මහීරා ගැන කථාකළ මුල් හා අවසාන අවස්ථාවයි.

මින් සති දෙකකට පමණ පසු මම පළමු වරට අප්පච්චි සමඟ මහීරා හමුවීමි. නමුත් මට එදින මතක වෙනත් කාරණයක්ද නිසාය.

රජ බොජුන් අවන් හලෙහි ඒ සන්ධ්‍යාවේ අප්පච්චි හා මහීරා හිඳගෙන සිටියේ ඉන්දියන් සාගරය දෙසට මුහුණ ලාය. (මම කිසි විටෙකත් ඇයට ‘පුංචි’ හෝ ‘අක්කා’ නොකීවෙමි. මා ඇය හැම විටම ආමන්ත්‍රණය කළේ නමිනි. අප්පච්චිද ඊට විරුද්ධත්වයක් නොපෑවේය.) ඇය සිහින්ය. මටත් වඩා සුදුය. මා සිතුවාට වඩා රූමත්ය. ඒත් මාධුරී තරමටම නොවේ. අප්පච්චි හා ඇය අතර වයසේ වෙනස කැපී පෙණේ. එය ඔවුනට ගැටළුවක් නොවේ නම් මට පාන්යැ!

මම සයුරට පිටුපා ඔවුන් ඉදිරියේ හිඳගෙන සිටියෙමි. මහීරා FM නිවේදිකාවක මෙන් තොරතෝංචියක් නැතිව කියවයි.

චරිත් ඔයා උල්කාපාත ගැන අහල තියෙනවද...?”

“ඔව්…” (මම වෙන මොනවා කියන්ටද? හදිසියේම අපේ ජීවිතවලට පාත් වූ ඇයද උල්කාවකැයි මට සිතෙයි.)

“මම පොඩි කාලෙ අපේ වත්ත පිටිපස්සට උල්කාවක් වැටුණා…”

“හා…”

ඒක සාමාන්‍ය උල්කාවක් නෙවෙයි…මෙන්න මෙච්චර විතර ලොකු (ඇය අතින් පාපන්දුවක් තරමේ වස්තුවක් දක්වයි.) කළුපාට එකක්. ඒකෙ මතුපිට හොඳටම ඔප වැටිලයි තිබුණෙ. නාසා එකේ සයන්ටිස්ට්ලා කිව්වෙ ලෝකෙ කොහේවත් ඒ වගේ උල්කාවක් හොයාගෙන නැහැයි කියලා…

“හා…”

“ඔය උල්කාවෙ කතන්දරේ කවද කියන්න බැරිද දැන්…” අප්පච්චි ඇයට බාධා කරයි.

“ඇයි ඒ ළමය කැමැති නද්ද උල්කා ගැන අහන්න…? චරිත් ඔයා කැමැති නැද්ද අපේ වත්තට වැටිච්චි උල්කාව ගැන අහන්න?”

“කැමැතියි…” (මා වෙන මොනවා කියන්ටද?)

ඔයා ‘භවත්‍රා’ බලල තියෙනවද චරිත්…?”

“භවත්‍රා? මොකද්ද ඒ…?”

“අනේ ගොඩයා. ටෙලිවිෂන් එකවත් බලන්නෙ නැද්ද…?”

“මම ලෝකල් චැනල්ස් බලන්නෙ නෑ…”

“අයියෝ ඔයා එහෙනම් මොනවද දන්නෙ…වැඩක් නෑනෙ රෝයල් එකට ගියා කිව්වත්…”

රෝයල් එකට ගියාය කියල ලෝකෙ හැම දෙයක්ම දන්නෙ නෑනෙ…”

අප්පච්චි සිහින් සිනාවක් ඇතිව අපේ දෙබස අසා සිටියි. සමහරවිට අප දෙදෙනා මෙසේ හොඳින් කතා කිරීම ඔහුගේ සතුටට හේතු වූවා විය හැකිය.

අවන්හලෙහි දොරින් මගේ මිතුරකු ඔහුගේ මව හා පියා සමඟ ඇතුළු වෙයි. මා දුටු ඔහු සිහින් සිනාවක් පායි. මම ඔහුට අත වනමි. අප්පච්චි පසු පස හැරී බලයි. ඔහු මගේ මිතුරාගේ පියා සමඟ සිනාසී මදෙස බලයි.

“I didn’t know you know Mahinda’s son…”

“Yes. I know Namal. Is Mahinda uncle a friend of yours…?”

“Not really. I know him a bit. Not closely. He is an opposition MP…”

“Do you mind I move to their table for a minute…?”

“No. Go and talk…”

මට අවශ්‍යව තිබුණේ නාමල් සමඟ කතා කරන්ටම නොව මහීරාගේ දඬු අඬුවෙන් මිදෙන්ටය. මම නාමල්ලාගේ මේසය වෙත ගමන් කරමි.

“Hello Charith…”

“Hi Namal…”

“තාත්තෙ මේ චරිත් මතකද…?”

“අප්පච්චිව නම් ඉතින් අපි දන්නව. පුතාව හම්බවුණේ කොහෙදිද හරියටම නිච්චියක් නෑ…”

“ඇයි තාත්තෙ මතක නැද්ද ශේක්ස් ඩ්‍රාමා කම්පිටිෂන් එකේ…”

“හරි. මට මතකයි. ඇන්තනි ඇන්ඩ් ක්ලියෝපැට්රා එකේ ක්ලියෝපැට්රාට හිටියෙ ඔයා නේද? අර අන්තිම සීන් එක නම් මට තාම මතකයි. ඔයා හුඟාක් ලස්සනට ඒක කළා. මං හිතුවෙ ගෑණු ළමයෙක්ම තමයි කියලා…”

මම මහින්ද අංකල්ගේ මතකය ගැන පුදුම වෙමි. මේ කතා කරන ශේක්ෂ්පියර් නාට්‍ය උළෙල තිබුණේ අඩු තරමින් වසර දෙකකට උඩදීය.

“රෝයල් එකේ ගෑනු ළමයි ඉන්නව කියල දන්නෙ අදනෙ…” නාමල් සිනාසෙයි.

“සෙන් තෝමස් එකේ තරමටම නෑ නේද…?”

මටත් කලින් උත්තර දෙන්නෙ මහින්ද අංකල්ය. අපි සියල්ලෝ සිනාසෙමු. මහින්ද අංකල්ට අපේ අප්පච්චිට නැති අමුතුම සෙන්ස් ඔෆ් හියුමර් එකක් ඇත.

“චරිත්ගෙ තාත්තත් මේ වගේමද…?” ශිරන්ති ආන්ටි අසයි. “මෙයාට නම් අපි එක්ක මේ වගේ ඩිනර් එකකට එනව කියන්නෙ හාවා හඳ දැක්ක වගේ කලාතුරෙකින් කරන්න හම්බ වෙන දෙයක්…”

“පොලිටීෂියන්ස්ලා ඔක්කොම එක වගෙයි නේද පුතා…?”

මම හිස වනමි.

“ඒ කරලත් පොඩි පුතාලා දෙන්න අල්ල ගන්න බැරි වුනානෙ. දෙන්නම නුවර ගිහින් රගර් මැච් එකකට…” ශිරන්ති ආන්ටි කියන්නේ ඔවුන් දෙදෙනාට නුවර යන්ට වුණේ මගේ වරදින් වගේය.

මම සිනාසෙන්ට වෑයම් කරමි.

“නාමල්, ඇයි යාළුවට ඉන්වයිට් නොකරන්නෙ නිවාඩු කාලෙක බෙලිඅත්තට එන්න කියලා…” මේ මහින්ද අංකල්ය.

“දැනටම කියලා තියෙන්නෙ තාත්තෙ. මේ ගොල්ලන්ගෙ ගණන්නෙ…”

“අප්පච්චි ඇමැති කෙනෙක් උණාම එහෙම තමයි නේද පුතා…”

“තාම ඩිපියුටි මිනිස්ටර් විතරයිනෙ අංකල්…”

“ඩිපියුටි මිනිස්ටර් කියන්නෙත් මිනිස්ටර්ම තමයි පුතා. තමන් දැන ගන්න ඕනැ බලය ලබා ගන්න. ඒක වෙන කාටවත් දෙන්න බැහැ. මට නම් බුද්ධ ශාසන අමාත්‍යාංශය දුන්නත් කමක් නෑ පුතා මම වැඩ කරනව. මම දන්නව ඒක කරන හැටි…”

“ඔන්න පටන් ගත්ත දේශපාලනේ. අනේ ඔයාටත් දේශපාලනේ නැතුවම බැරිද…අම්මා ආවෙ නැද්ද පුතා අද?”

ආන්ටි මගේ අම්ම නැති වෙලා තියෙන්න මං උපදිනව එක්කම…

මහින්ද අන්කලුත් ශිරන්ති ආන්ටිත් එකිනෙකා දෙස බලා ගනිති. නිහඬ මිනිත්තු කිහිපයක් ගෙවී යයි.

“ඔහොම තමයි පුතා ජීවිතේ. කවුරුත් හමදාම ඉන්න එන්නෙ නෑ. ලබා උපන් හැටි තමයි…පුතා බුද්ධාගමේද?”

“මගේ තාත්තා බුද්ධාගමේ. අම්මා කැතලික්. මං නම් ඔය දෙකටම වැඩිය නෑ…”

“අන්න මං වගේ තව කෙනෙක්…” නාමල් සිනාසෙයි.

“අර Birds of a feather flock together කියල කියමනක් තියෙනවනෙ…” ඒ ශිරන්ති ආන්ටිය.

තවත් නිහඬ මිනිත්තු කිහිපයක් ගත වෙයි. සමු ගන්ට කල් පැමිණ ඇති බව මට සිතේ.

“මං යන්නම් අංකල්. යන්නං ආන්ටි. Namal, see you…”

“See you later Charith…”

මා නැගිටින විට මහින්ද අංකල් අපේ මේසය දෙස බලයි.

“කවුද පුතා ඒ අක්කද…?”

“නෑ අංකල්, ඒ මගෙ පුංචි…”

මහින්ද අංකල් යමක් වටහා ගත්තාක් මෙන් හිස සලයි.

.

.

(ඉවසන්න…………….සමනළයා යළි පියා සලන තෙක්)

(31) සමනළයා විච්ඡේදනය කරමි || How to dissect a butterfly

**********(දිනූෂා සංජීවනී දෙබරවැව කියන කතාව )**********

උපේක්ෂාගේ උපන් දින සාදයේදී සමුද්‍රා ශේන් ගැන කී කතාවෙන් මගේ සිත රිදුණේය. මම සමුද්‍රාට දොස් නොපවරමි. ඇය ශේන් හා මා අතර සම්බන්ධය නොදනියි. ඇය කියන්ට ඇත්තේ ඇය ඇසූ තොරතුරක් විය හැකිය. එය හරි හෝ වැරදි විය හැකිය. මගේ ශේන් ගැන මම කිසිවකුට වඩා හොඳින් දනිමි. එනිසාය ඒ කතාව එක්වර මට විශ්වාස කළ නොහැකි වූයේ. ශේන් වැඩ කරන්නේ තරගකාරී ක්ෂේත්‍රයකය. එහි ඉරිසියාකාරයෝ, සතුරෝ බොහෝය. අප අසන දෙයක් තාර බර බේරා පිළිගත යුතුය.

මේ කතාවෙන් ලද සිත් තැවුල ඇතිව වුවද එදා මට තවත් යමක් කරන්ට සිතුණේය. ඒ එදා ස්ට්‍රිපර් කෙනකු ලෙසට ආ ආමි තරුණයන් දෙදෙනාගෙන් එකකු ඩිසෙක්ට් කිරීමය. මේ සමනළයෙකි. මම සමනළයින් ඩිසෙක්ට් කිරීමට කැමැත්තෙමි.

සමනළයින් ඩිසෙක්ට් කිරීම පටන් ගත්තේ රිචඩ් ද සොයිසාය. ඔහු ‘Lepidoptera’ නමින් වූ කවියෙහි මෙසේ ලීවේය. (‘Lepidoptera’ යනු සමනළයින් හා සලබයින් අයත් වන සත්ත්ව කාණ්ඩයයි – ලේඛක)

On broken butterfly wing, your crippled mind
Fluttered into my schoolroom. Failed. And died
I couldn’t do a thing to stir its organs
Of poor maimed sense to life again ….

The heavy footed State, which made a mess
Of your fragility, called this progress,
Should pin you down on cardboard behind glass
Specimen of the educated class.

බිඳුනු සමනළ තටුවෙන් නුඹේ අංග විකල මනස
මගේ පන්ති කාමරයට පාවී ආයේය; වැටුණේය; මැරුණේය
නුඹේ ඉන්ද්‍රියයන් උත්තේජනයට මට යමක් කළ නොහැකි විය
ජීවිතය ලබා දෙන්ට නැවත අබ්බගාත අර්ථයෙන් වත්

නුඹේ බිඳෙන සුළු බව අවුල් කළ, බර සපත්තු පැළැඳි ආණ්ඩුව
ඊට ප්‍රගතියය නමක් දුන්නේය
වීදුරුවට යටින් කාඩ්බෝඩ් එකක අල්පෙනෙත්ති වලින් සවිකළ යුතුය – නුඹේ සිරුර
නුඹ, උගත් පන්තියට දර්ශකයක් වන නිසාම

රිචඩ් මැරුණේය. මරා දමන ලද්දේය. සමහරවිට රිචඩ් සමනළයන් ඩිසෙක්ට් කිරීම ඔහුගේම පන්තියේ ඇත්තන් නොරිස්සුවා විය හැකිය. සමහරවිට රිචඩ් සමනළයින් ඩිසෙක්ට් කිරීමෙන් ඔබ්බට ගියා විය හැකිය. ඩිසෙක්ට් කරන සතාට අනුකම්පා කරන්ට ගියොත් ඩිසෙක්ෂන් එක අබල වේ. බටහිර සමහර වෛද්‍ය විද්‍යාලයන්හීදී වෛද්‍ය සිසුන්ට ඩිසෙක්ට් කරන්ට පෙර තමන් විසින්ම බල්ලකු බළලකු වැනි සතකුට වේදනාත්මක මරණයක් ලබා දෙන්ට උනන්දු කරවන්නේ මේ අනුකම්පාව තුරන් කිරීම පිණිසය.

ඩිසෙක්ට් කරන සමනළයාට මගේ නම් කිසිම අනුකම්පාවක් නොවේ.

සුවිසල් නිවසෙහි උඩු මහලේ කාමරයකදී මම සමනළයා හමුවෙමි. ඔහු සැරසී සිටින්නේ කළු ටී-ෂර්ට් එකකින්, බාගෙට හම ගිය ඩෙනිමකින් හා රෝස පැහැති, ඇඳුමට කිසිසේත් නොගැළපෙන රබර් සෙරෙප්පු කුට්ටමකිනි. කොටට කැපූ කොණ්ඩය හා ඉල්පිණු මස් පිඬු ඔහු අදිසි තන්තූන්ගේන් යුද හමුදාවට බැඳ ඇතිවාක් සේ පෙනේ. ඔහු සුවඳ විලවුන් වර්ගයක නමක් වත් අසා නැති බව මට බොහෝ දුරට සහතිකය. කළු දැවුණු සම. He is a pure raw animal.

“සිසිත…මේ දිනූෂා. එයා කැමැතියිලු ඔයා එක්ක පොඩියක් කතා කරන්න…” උපේක්ෂා මා හඳුන්නා දෙයි. ඔහු බයාදු ලෙස සිනාසෙයි.

“සිසිත…ලස්සන නම…”

ඔහු නැවත සිනාසෙයි. සුදු දත් අතර හිඩැස්.

“Dhinusha, you speak to him darling. I will check the things….” උපේක්ෂා අපෙන් සමුගෙන යයි.

“සිසිත, ඔයා මාත් එක්ක පොඩ්ඩක් කතා කරන්න අකැමැති නෑ නේද..?”

“අනේ නෑ මැඩම්…”

මගේම වයසේ කොල්ලකු මට ‘මැඩම්’ කීම ගැන ඇති වන්නේ සතුටකි. ‘මට මැඩම් කියන්න එපා!’ කියා මේ මොහොතෙහිම මට අප අතර පරතරය බිඳලිය හැක්කේය. එහෙත් මම ඒ පරතරයට කැමැත්තෙමි. එය පවත්වා ගැන්ම මට සතුටකි. එනිසා මම ඔහුට බාධා නොකරමි. චාල්ස් ඩිකන්ස්ගේ Great Expectations හි එස්ටෙලාද පිප්ට නිකම්ම නිකම් ගොඩේ කොල්ලකු සේ සැලකීමෙන් එවන් වින්දනයක් ලබන්ට ඇතැයි සිතමි.

“සිසිත මට ඔයාගෙන් දැන ගන්න කාරණා ටිකක් තියෙනව. මං අහන ප්‍රශ්න වලට ඔයාට තරහ යයිද දන්නෙ නෑ. මං අහන නිසාම ඔයා ප්‍රශ්නෙකට උත්තර දෙන්න ඕනැ නැහැ. උත්තර දෙන්න බැරි නම් කියන්න…”

“හොඳයි මැඩම්…”

“මං ටිකක් කාලය ගනීවි. ඔයාට රෑ වෙන්නෙ නෑ නේද? ඔයා යන්නෙ කොහොමද?”

“නෑ මැඩම් මට තව ටික වෙලාවක් ඉන්න පුළුවන්. බයික් එක තියෙනව…”

“ඔයාගෙමද බයික් එක…?”

“ඔව් මැඩම්…”

මම  ‘උගත් පන්තිය’ වෙනුවෙන් සමනළයා විච්ඡෙදනය කිරීම ආරම්භ කරමි. පාඨකයාගේ පහසුව තකා එය සංවාද ස්වරූපයෙන් ඉදිරිපත් කරමි.

මම: “සිසිත, ඔයාගෙ සම්පූර්ණ නම මොකද්ද?”

ඔහු: “ඩබ්ලිව්. ජී. සිසිත සඳරුවන් පෙරේරා”

මම: “නම ලස්සනයි. ඔයාගෙ ගම…?”

ඔහු: “මම වාරියපොළ මැඩම්…”

මම: “වාරියපොළ කොයි හරියෙද?” (මා වාරියපොළ දන්නා තැනක් නැත. එහෙත් ඔහු මීට දෙන උත්තරය මට වැදගත්ය.)

ඔහු: “වාරියපොළ කිව්වට මැඩම් වාරියපොළින් හැරිලා කිලෝමීටර් දහයක් පහළොවක් විතර ඇතුළට යන්න ඕනැ. ගමේ නම කිව්වට මැඩම් දන්න එකක් නෑ…”

මම: “ඔයා කීයට වෙනකල් ඉගෙන ගත්තද?”

ඔහු: “ඕ-ලෙවල් පාස් කළා මැඩම්…”

මම: “මොන අවුරුද්දෙදිද?”

ඔහු: 2000 දි…

(එකම අවුරුද්ද! මම ඊට කැමැත්තෙමි.)

මම: “මොනවද රිසල්ට්ස්?”

ඔහු: “වැඩ හයයි; සම්මාන දෙකයි…”

මම: “සම්මාන මොනවටද?”

ඔහු: “බුද්ධාගමයි සිංහලයි…”

මම: “English…?”

ඔහු: “පාස් උණේ නෑ මැඩම්…ගණන් මං දෙවැනි සැරේ ගොඩ දාගත්තා”

මම: “ඇයි ඔයා ආමි එකට ජොයින් වෙන්න හිතුවෙ…?”

ඔහු: “හ්ම්ම්ම්ම්ම්…ඉස්කෝලෙ ගමන නැති වුණාට පස්සෙ වෙන කරන්න ලොකුවට දෙයක් ගමේ තිබුණෙ නෑ මැඩම්. ඉතින් මං ඇප්ලිකේෂන් එකක් දාල බැළුව…”

මම: “එතකල් මොනවද කළේ…?”

ඔහු: “ඔය පොඩි පොඩි වැඩ කළා මැඩම්. කුලියට කුඹුරු කෙටුවා. ගොයම් කැපුවා. ටික කාලයක් මේසන් බාස් උන්නැහැ කෙනකුට අත් උදව් දුන්නා. පොළට එළවළු ගෙනිහින් වික්කා. ඔය අතට කීයක් හරි ලැබෙන හැම දෙයක්ම කළා..”

මම: “ඔයා යාපනෙත් හිටියද…?”

ඔහු: “යාපනේම නෙවෙයි මම පුනරින් වල හිටියා මැඩම් අවුරුදු දෙකක් විතර…”

මම: “ළඟකදි නෙවෙයි…?”

ඔහු: “නෑ…”

මම: “ඒ කියන්නෙ, ඉවරද යුද්ද කරපු කාලෙ…?”

ඔහු: “මම ඉන්ජර්ඩ් වුණා මැඩම්…මේ ඔළුව බලන්න. (හිසෙහි තුවාල කැළල් කිහිපයක් පෙන්වයි.) ටෙරාලගෙ වැඩ තමයි. බිම් බෝම්බෙක කොටස් කීපයක් ඔළුව ඇතුළට ගියා…”

මම: “අහ්හ්. දැන් හොඳද?…?”

ඔහු: “ඒ කොටස් සම්පූර්ණයෙන් අරන් දාල නෑ මැඩම්. ටිකක් තාම තියෙනව. සමහර වෙලාවට මට දරන්න බැරි තරම් හිස රදයක් එනව…”

(ඔහු බලා සිටින්නේ මගෙන් අනුකම්පාවක් පළවන තුරු විය යුතුය. මා එවැන්නක් නොකරන බැව් පැහැදිළි වූ නිසාදෝ යළි කතාව පටන් ගනියි.)

ඔහු: “ඇයි මැඩම් මේ ඔක්කොම මගෙන් අහන්නෙ…?”

මම: “නිකම්. මම ආසයි ඔයා ගැන දැන ගන්න. ඒක නෙවෙයි ඔයාට තිබහත් ඇති. මොනව හරි ගේන්නද බොන්න…?”

ඔහු: “හොඳයි…”

මම: “මොනවද බොන්නෙ? බියර් එකක්…?”

ඔහු: “හා…”

මම ශීතකරණය වෙත ගොස් කාල්ස්බර්ග් බියර් දෙකක් රැගෙන එමි. ඔහු එකක් කටේ හළා ගනියි. පව්. කොල්ලා ඉන්ට ඇත්තේ තිබහෙ.

මම: “ඇයි ඔයා මෙහෙම නටන්නෙ සිසිත…?”

ඔහු: “ඇයි එක වැරදිද…?”

මම: “අපෝ නැහැ. මම ඒක වැරදියි කිව්වෙ නෑ…එහෙම නම් මම මෙතැන්ට එන්නෙ නෑනෙ. මාත් ආවෙ ස්ට්‍රිපර්ස්ලා දෙන්නෙක් එනව කිව්වා නිසා… බයි ද වේ, ඔයාගෙ පෆෝමන්ස් නම් ග්‍රේට්…”

ඔහු: “තෑන්ක් යූ මැඩම්…”

මම: “ඔයා තාම මං අහපු එකට උත්තර දුන්නෙ නෑ…”

ඔහු: “මොකටද…?”

මම: “ඇයි ඔයා මෙහෙම නටන්නෙ…?”

ඔහු: “ඒකට එහෙමම කියලා උත්තරයක් නෑ මැඩම්. අපි නටනවා. මැඩම්ලා බලනවා. මට පොඩි ආදායමක් තියෙනවා ඒකෙන්…”

මම: “ඇයි ආමි එකෙන් හම්බවෙන පඩිය මදිද…?”

ඔහු: “මට විතරක් නම් ඇති මැඩම්. පවුල ගැනත් බලන්න එපායැ…”

මම: “තව කවුද පවුලෙ ඉන්නෙ?”

ඔහු: “අම්මයි මල්ලියි නංගියි. තාත්තා නැතිවුණා කාලෙකට ඉස්සර…”

මම: “ඔයා විතරද සල්ලි හම්බ කරන්නෙ…?”

ඔහු: “මල්ලිත් ටිකක් හොයනව. ඒත් ඒක එයාටත් මදි…”

මම: “නංගි තාම ඉගෙන ගන්නවද..?”

ඔහු: “ඔව්. ලබන අවුරුද්දෙ ඕ ලෙවල් කරනව…”

මම: “ආමි එකෙන් දන්නවද ඔයා මෙහෙම නටනව කියල…?”

ඔහු: “අපෝ නෑ මැඩම්. අපට මෙහෙම දේවල් කරන්න තහනම්…අහුවුණොත් ගස් තමයි”

මම: “ඉතින් ඔයා ඇයි ඒ අවදානම අරගෙන මේ වගේ දෙයක් කරන්නෙ…?”

ඔහු: : “මං කලින් කිව්වෙ මැඩම්. අපටත් බඩගිනි වෙනවනෙ…”

මම: “සිසිත ඔයාට කෙල්ලෙක් හෙම නැද්ද…?”

ඔහු: “මැඩම්…?”

මම: “අකමැති නම් කියන්න ඕනැ නෑ. මම නිකම් ඇහුවෙ…”

ඔහු: “එහෙම එකකුත් තියෙනව මැඩම්. හැබැයි, ඉස්සරහට මොනව වෙයිද ෂුවර් නැහැ…”

මම: ” එයා ගමේද…?”

ඔහු: “නැහැ. කොළඹ. කටුනායක ගාමන්ට් එකක වැඩ කරන්නෙ…”

මම: “ඇයි ෂුවර් නැහැ කිව්වෙ…?”

ඔහු: “අපි ඉතින් ඕව සොමියට කරන වැඩනෙ මැඩම්. මොනව වෙයිද කවුද දන්නෙ…?”

මම: “මොකද්ද එයාගෙ නම…?”

ඔහු: “මහේෂි…”

මම: “මහේෂි දැන් ඔයා ගැන සීරියස්ද?”

ඔහු: “ඒ කිව්වෙ මැඩම්…?”

මම: “එයා ඔයා ගැන බලාපොරොත්තු තියාගෙනද ඉන්නෙ…?”

ඔහු: “එහෙම හිතනවා මැඩම්…”

මම: “එහෙම නම් කිසි ප්‍රශ්නයක් නැහැනෙ…”

ඔහු: ” මං කිව්වද මට ප්‍රශ්නයක් තියෙනව කියලා? අපි ඔය එදා දවසෙ ජීවත් වෙනවා…එතකොට ප්‍රශ්න නෑ. ලොකුවට හිතන්න ගියොත් තමයි ප්‍රශ්න”

මම: “සිසිත, ඔයා දාර්ශනිකයෙක් වගේනෙ…”

ඔහු: “ඇයි මැඩම් අපට දාර්ශනිකයින් වෙන්න බැරිද…?”

මම: “අපෝ නැහැ. මම එහෙම කිව්වෙ නෑනෙ ළමයෝ…”

ඔහු: “අපිත් කැම්පස් ගියා නම් උගත්තු තමයි මැඩම්…”

මම: “ඒකෙනෙ. ඇයි ඔයා පස්සෙ වත් ඉහළට ඉගෙන ගන්න නොහිතුවෙ…?”

ඔහු: “මොනවද?”

මම: “මොනවා හරි”

ඔහු: ” දැන් මම මේ රස්සාවට සෙට් වෙලා මැඩම්. තව මොනවද? මාසෙ අන්තිමට පඩියක් ගන්නවා. කාල ඇඳල ඉන්නවා දෙවියනේ කියලා. තව මොනවද ඉගෙන ගන්න තියෙන්නෙ…?”

මම: “ඒ කියන්නෙ සියේට හය දුන්නත් ඔයා එතැනමයි…?”

ඔහු: “මොකද්ද ඒ…?”

මම: “ඇයි ඔයා අහල නැද්ද දළ ජාතික නිෂ්පාදිතයෙන් සියේට හයක් අධ්‍යාපනේට දෙන්න ඕනැ කියන තර්කය…”

ඔහු: නෑ මැඩම්…”

මම: “ඔයා කොහේද ඉන්නෙ ළමයෝ? ඔයා ඉන්ටර්නෙට් බලන්නෙ නැද්ද…?”

ඔහු: “ෆේස්බුක් යන්න විතරයි මැඩම්, ෆෝන් එකෙන්…”

ඔහු මගේ අවසන් නොකළ බියර් එක දෙස බලයි. මම එය ඔහු වෙත පාස් කරමි. ඔහු ඉතිරි බියර් ටික හිස් කරයි.

මම: “ඔය ගොල්ල සන්තෝසෙන්ද ඉන්නෙ ආමි එකේ?”

ඔහු: “ඔව් මැඩම්”

මම: “වෙන ජොබ් එකකට වැඩිය…?”

ඔහු: “වෙන ජොබ් එකක් කරල නැති නිසා මං දන්නෙ නෑ මැඩම්…”

මම: “ඒත් එක ජීවිතේ අවදානමක් ගන්න ඕනැ ජොබ් එකක්…?”

ඔහු: ” ආමි එකට බැඳෙන්නෙ ඒක දැනගෙන තමයි…”

මම: “ඔය ආමි එකේ කට්ටිය හරියට නරක ගෑනු පස්සෙ යනවලු නේද…?”

ඔහු: “මැඩම්…?”

මම: “ඇයි ඔයා අහල නැද්ද…?”

ඔහු: “නරක ගෑනු කිව්වෙ මැඩම්….?”

මම: “මං කිව්වේ ප්‍රොස්ටිටියුට්ස්ලා…ගණිකාවො. ඇයි ආමි එකේ අය එහෙම යන්නෙ නැද්ද?”

ඔහු: “ආමි එකේ කියල මිනිස්සු මැටියෙන් හදල නෑනෙ මැඩම්.රටේ අනික් මිනිස්සු වගේම තමයි අපිත්…”

මම: ” හඃ හඃ හඃ. මොකද සිසිතත් යනවද…?”

ඔහු: “මාත් මැටියෙන් හදල නෑනෙ මැඩම්…”

මම: “ඉන්නකෝ මම මහේෂිට කියන්න…”

ඔහු: “එයත් මැටියෙන් හදල නෑ මැඩම්. එයා දන්නව එයා ඉන්න ඕනැ තැන…”

විච්ඡේදනයෙන් මීට වඩා දුර ගමන් කළ නොහැකිය මට සිතෙයි. අපි එක තැන කැරැකැවෙමින් සිටිමු. මේ කෙසෙල් ගසක් ඩිසෙක්ට් කරන්නාක් වැනි වැඩකි. එක කෙසෙල් පතුරක් ගළවන විට තව එකක් මතුවේ. අවසානයේ හිස් බවට ළඟා වනතුරුම අපි කෙසෙල් පතුරු ගලවමු.

“සිසිත, තෑන්ක් යූ වෙරි මච්, මාත් එක්ක කතා කළාට. මට දැන් යන්න ඕනැ…”

“මැඩම්…?”

“ඔව්..”

“මං දැන් මැඩම්ගෙ ප්‍රශ්න ඔක්කෝටම උත්තර දුන්නනෙ. මගේ එකම ප්‍රශ්නෙකට උත්තර දෙනවද?”

“කියන්න…”

“මැඩම්ගෙ මොබයිල් නම්බර් එක…”

“සිසිත, මගේ මොබයිල් නම්බර් එකෙන් ඔයාට වැඩක් නෑ. එකක් මට කොල්ලෙක් ඉන්නවා. අනෙක එහෙම නැතත් ඔයාට මට ඕනැ ඒව දෙන්න පුළුවන් කමක් නෑ. බොරු හෝප්ස් තියා ගන්න ඕනැ නෑනෙ සිසිත. කොළඹ කෙල්ලො වාරියපොළ ආමි කොල්ලන්ට සෙට් වෙන්නෙ නැති බව අපි දෙන්නම දන්නවනෙ…”

ඔහු මුව අයා මේ බලාපොරොත්තු නොවූ වාග් ප්‍රහාරය දරා සිටියදී, මම ආපසු හැරී නොබලාම ඔහුගෙන් ඈතට ගමන් කරමි.

“වල් බැල්ලි!” ඔහු තමන්ටම කියා ගනු ඇත. මම ඊට කැමැත්තෙමි. ඩිසෙක්ට් කරද්දී සමනළයාට නොරිදුණේ නම් ඒක ඩිසෙක්ට් එකක්යැ!

එස්ටෙලා මා ගැන අඩම්බර වනු ඇතිය මට සිතෙයි.

.

.

(ඉවසන්න………………….සමනළයා යළි පියා සලන තෙක්)

(30) මාලක සිල්වා හා රෙහාන් විජේරත්න මැරයන්ට නෙළුවෙමු || How we beat the thugs Malaka Silva and Rehan Wijeratne

කාලය: 2010, සමාන්තර විශ්වය
ස්ථානය: දකුණු පළාත, ලංකාව

**********(තිසර රාජිත සේනාපති කියන කතාව)**********

Jesse Woodson James (1847-1882) ඇමෙරිකාවේ මිසූරි ප්‍රාන්තයේ විසූ මැරයෙකි; මැර කල්ලි නායකයෙකි; බැංකු කොල්ලකරුවෙකි, දුම්රිය කොල්ලකරුවෙකි, මිනීමරුවෙකි. කොටින්ම නම ඇසූ සැණින් නිලධරයන් බියට පත් කළ දාමරිකයෙකි.

මේ මහා දාමරිකයා මරණයට පත් වූයේ කිසිවකුත් නම අසා නැති සොච්චං තරුණයකු අතිනි.

Brad Pitt රඟන ‘The Assassination of Jesse James by the Coward Robert Ford’ ඔහුගේ ඝාතනය ගැන කතාවය.

මේ මැරයන් සාමාන්‍යයෙන් සල්ලං වන හැටිය. මා කියන්ට යන කතාවද ඊට නොවෙනස්ය.

Galle Literary Festival එකට යන්ට ඕනෑ වූයේ චරිත්ටය. ප්‍රධාන කොටම කිරන් දේසායි හා මනුකා විජේසිංහ නිසාය. මනුකාගේ නවකථා වලට මමද කැමැත්තෙමි. එසේ වුවද ඇය මුහුණට මුහුණ හමුවන්ට තරම් දරුණු ආසාවක් නොවේ. කිරන් දේසායි මම කියවා නැත්තෙමි. ඇගේ මව අනිටා දේසායිගේ කෘති වලින් පවා මා කියවා තිබුණේ The Village By The Sea, Bye-bye Blackbird ඇතුළු ප්‍රකට නවකථා කිහිපයක් විතරය. මේ නිසා මේ ගමන ගැන මගේ ලොකු කැමැත්තක් නොතිබුණේය. එසේම අකැමැත්තක්ද තිබුණු බව කියන්ට බැරිය.

චන්න අයියා හා නිරෝෂ් – සවින්ද ජෝඩුව එකතු කර ගත් විට අපේ ගැන්සිය සම්පූර්ණ විය. චන්න අයියා සේම නිරෝෂ්ද රෝයල් එකේ සිට අප දෙදෙනා දන්නවුන්ය. චන්න අයියා අපට වසර තුනකින් හෝ හතරකින් වැඩිමහළුය. විද්‍යාලයේදී ඔහු ඉංග්‍රීසි සාහිත්‍ය සංගමයේ සැළකිය යුතු භූමිකාවක් රඟපෑවේය. නිරෝෂ් වසරකට බාලය. මේ දෙදෙනා සමඟම අපට දිගටම සම්බන්ධයක් තිබුණේ ඔවුන් චරිත් හා නාට්‍ය කටයුතු වලට ඉඳහිට එකතු වන නිසාය.

චරීගේ දුකට කාරණය වූයේ අරේෂා කැටුව යන්ට බැරි වීමයි. ඇය සිටියේ නිවාඩු ඉල්ලන්ට බැරි තත්ත්වයකය.

“Why d hell u wnt 2 take her?” මම චරීට txt කළෙමි.

“U hv 4gotten she is my bokka” ඔහු පිළිතුරු එව්වේය.

චරිත් කීවේ ඇත්තකි. චරිත් හා අරේෂා අතර අමුතුම ආකාරයේ දැඩි බැඳීමක් ඇති වෙමින් තිබුණේය. කාලයකදී එය ප්‍රේම සම්බන්ධතාවයකැයි සිතුවෝ (එක්තරා මට්ටමකට අරේෂාගේ දෙමාපියන්ද ඇතුළුව) ඉක්මණින් අදහස් වෙනස් කර ගත්තෝය. එය අතිශය අස්වාභාවික මිතුදමක් විය. මිතුරන්ට අරේෂා චරිත්ගේ ‘බොක්ක’ වුණේ එනිසාය. මට මතකයට නැඟෙන කිට්ටුම උදාහරණය Les roseaux sauvages හි Francois හා Maite ය.

හිතුණු හිතුණු වෙලාවට චරිත් අරේෂාගේ ගෙදර නතර වන්ට පටන් ගත්තේය. කොටින්ම චරී අරේෂාගේ පවුලේම කෙනකු මෙන් විය. ඔහුට නිදන්ටම එහි සෙටියක් විය. අරේෂා ගෙදර නැතිනම් ඔහු අරේෂාගේ ඇඳේද නිදා ගත්තේය. අරේෂාගේ ඩෙනිම්, ටී-ෂර්ට් ඇඳගෙන වැඩට ගියේය. අරේෂාගේ ෆේස් බුක් එකවුන්ට් එකට ලොග් වී පිස්සු කෙළියේය. අරේෂාගේ එකම පැමිණිල්ල වූයේ චරී නාන්ට හා ඇඳුම් හෝදා ගන්ට කම්මැලි බවය. (මෙය එක්තරා දුරකට ඇත්තකි.) “ගඳයා” කියා බැන වැදුනද අරේෂා චරීගේ ඇඳුම් සෝදා දුන්නාය.

අරේෂාට ගාළු යන්ට බැරිවීම ගැන මම පුද්ගලිකව සතුටු වීමි. ඇය පරිස්සම් කරන්ට ගිය විට අපේ නිදහසට සීමා පැමිණේ.

අප ගමන සැලසුම් කළේ ප්‍රමාද වීය. මේ නිසා නතර වෙන්ට වූයේ බූස්සේය. නරකම නැත. මේ ස්ථාන දෙක අතර දුර වැඩිය කියා හිතුණේම නැත. චරීගේ අප්පච්චිගේ පරණ ටොයෝටා කොරොල්ලා එක තිබුණු හෙයිනි. අවශ්‍ය නම් චරීට රියැදුරකු සමඟ නිල වාහනයක් ගෙනෙන්ට පුළුවන්කම තිබුණේය. එහෙත් ඔහු මෙවැනි ගමන් වලට, කාලෙකින් ටින්කර් කර නැති මේ පරණ වාහනය භාවිතා කරයි. චරීගේ අප්පච්චි මේ කබල විකුණා නොදමන්නේ මන්ද මම නොදනිමි.

“You know it has a sentimental value. This is the car that brought us to Colombo from Kandy in the middle of 1993 riots…  චරී ඉඳහිට එහි අතීතය මතක් කොට දෙයි.

“Yes, the ideal car for a minister’s son…” මම කියමි.

මේ කාර් එකේ තව වාසියක් ඇත. එය කවදාවත් හයි ස්පීඩ් අල්ලන්නේ නැති වාහනයකි. එතරම් පරණ වාහනයකට හැටකට වඩා හයියෙන් යා නොහැකිය පොලීසිය සිතනවාක් මෙන්ය. එහෙත් පිට පෙනුම කෙසේ වුවද, එන්ජින් එක හොඳට තියා ඇති හෙයින් එයට පහසුවෙන් අසූවකට යා හැකිය. වීල් බැලන්ස් කළොත් සීයක් විතර අමාරුවක් නැතිය සිතේ.

මා කියන්ට ගියේ Galle Literary Festival ගැන නොවේ. වැඩි උනන්දුවක් නොතිබුණු නිසා මා ඊට සහභාගි වූයේ අනිටා දේසායිගේ සැසියට විතරය. ඒත් ඕනැවට එපාවටය. මේ නිසා Galle Literary Festival එක ගැන මගේ හා කල්ලියේ ෆේස්බුක් පින්තූර වලට කතා කරන්නට ඉඩ දී අතුරු කතාවට අවතීර්ණ වෙමි.

උළෙලෙහි දෙවන දවසේ රැය. උණවටුන වෙරළ. රාත්‍රී අටට පමණ වන්ට ඇත. බලාපොරොත්තු නොවූ ලෙස වෙරළ හිස්ය. අප උණවටුනට ආවේ බූස්සේ කුඩා හෝටලයේ කරන්ට දෙයක් නොතිබුණු නිසාය. ඒ එක්කම උණවටුන වෙරළ විනෝද වන්ට වඩා හොඳය.

අප පස්දෙනා වෙරෙළහි හිඳගෙන හිටියේ කණ්ඩායමක් සේ නොවේ. සමහරවිට අප කණ්ඩායමක් සේ සිටියේ නම් මේ සිද්ධිය සිදු නොවන්ට ඉඩ තිබුණේය.

මා සිටියේ චරී සමඟය. ඔහු මනුකාගේ Monsoons and Potholes හි ප්‍රධාන චරිතය මුකුණුවැන්න සම්බෝල සමඟ සැන්ඩ්විචස් පාසලට ගෙන ගිය සැටි විස්තර කරමින් හුන්නේය. නිරෝෂ් හා සවින්ද සිටියේ ඊට ටිකකට එපිටින් ඔවුන්ගේම ලෝකයක තනිව  VSOA බෝතලයක් බෙදා ගනිමිනි. චන්න අයියා කොහේ සිටියේද හරියටම මතක නැත. තරමකට හෝ මත්පැන් පානය කළේ නිරෝෂ් හා සවින්ද පමණෙකි. අප තිදෙනාගේ නහරයන්හි ගමන් කරමින් තිබුණේ කෝක්, ෆැන්ටා හෝ ස්ප්‍රයිට්ය. White Wine එකක් ඕඩර් කරන්ට සිතුවත් චරී ඒ වන විට මත්පැණින් සම්පූර්ණයෙන්ම මිදී සිටි නිසා එය අනුචිතය මම කල්පනා කළෙමි.

කළුවර හා වැඩි ඕනෑකමකින් නොසිටීම නිසා එදින රාත්‍රියේ සිදුවීම් පැහැදිළිව පෙළ ගසා ගන්ට මට කිසිවිටෙකත් නොහැකි විය. මා මේ කියන්නේ මට මතක හැටියට හා මා පසුව අනෙකුන්ගෙන් අසා දැනගත් විදියට සිදුවීම් අනුක්‍රමයයි.

“See that…” චරී මගේ අතින් ඇද්දේය.

අපට ටිකක් එපිටින් සිටි නිරෝෂ් හා සවින්ද සමඟ කවුදෝ උණුසුම් කතාවකට පැටැළවී තිබුණේය. ඔහු හැඳ සිටියේ නාන කඩ පමණෙකි. සමහරවිට ඒ මොහොතෙහිම සයුරෙන් ගොඩට ආ කෙනකු වන්ට ඇත. ඔහුගේ අතින් අලාගෙන සිටියේ පෙම්වතිය වන්ට ඇත. ඇයද සැරසී සිටියේ නාන කඩෙකිනි. ඔවුන් දෙදෙනාම සිටියේ අපට පිටුපා ගෙනය.

ඉන්පසු උස් හඬින් ඇසුණු වචන කිහිපය නොවන්නට අප මේ සිද්ධිය සම්පූර්ණයෙන් අමතක කොට දමන්ට ඉඩ තිබුණේය.

“..Bloody ponnayaa. Do you fucking know whom you are talking to…?”

මේ සමඟම මා දුටුවේ නානකඩින් සැරසී සිටි මැරයා (ඔහු කවුද අපි ඒ අවස්ථාවේ නොදැන සිටියෙමු. එබැවින් මැරයා-1 නමින් හඳුන්වමු.) ඒ වන විට නැඟිට සිටි සවින්දගේ ටී-ෂර්ට් එකෙන් අල්ලා තමන් දෙසට ඇදගන්නා ආකාරයයි.

චරීත් මාත් දෙදෙනාටම පෙර ඔවුන් දෙසට දිව ගියේ චන්න අයියාය. ඔහු වයසින් සේම ඇඟපතින්ද මෝරා ගිය කෙනෙකි. ඔහුගේ අභිප්‍රාය වූයේ ගැටුම සංසිඳුවීමය.

“Come on guys…What’s this? We can settle this…”

මේ වචන වලට යම් බලයක් ඇති බව පෙණුනේය. මැරයා-1 සවින්දගේ ටී-ෂර්ට් එක අතහැර චන්න අයියා දෙසට හැරුණේය. ඔහු යමක් කියන්ට උත්සාහ දරණ බව පෙණුනේය. නමුත් තරහ නිසා හෝ බීමත් කම නිසා වචන කටට නො ආයේය.

මේ අවස්ථාවේ නිරෝෂ් කළ හැකි අන්තිම ගොන් කම නොකරන්ට මේ සිද්ධිය සාමකාමීව එතැනින් නිමා වන්ට තිබුණේය. නමුත් නිරෝෂ් සිටියේද බීමතිනි. එසේම මැරයා-1 සවින්දගේ ටී-ෂර්ට් එකෙන් ඇදීම ඔහු සීරියස්ලි ගෙන තිබුණා වන්ට පිළිවන. එය straight කොල්ලකුට අමනයකු තමන් හා සිටින පෙම්වතියගේ අතින් ඇදීමට සමාන අවමානයට හේතුවකි. ඉන්පසු එය පෞරුෂය සම්බන්ධ ප්‍රශ්නයක් බවට පත් වේ.

නිරෝෂ් බෝතලයේ ඉතිරි වී තිබුණු අරක්කු මැරයාගේ හිස මත වත් කරනු දුටු චරීගේත් මගේත් කටින් “Shit” යන්න පිටවූයේ එකටමය.

මින්පසු ක්‍රියා දාමය උපකල්පනයට කෙනකුට වැඩි පරිකල්පන ශක්තියක් අවශ්‍යය නොසිතමි.

මැරයා-1 එක් වරම “Fuck you bastard…” යි කෑ ගසාගෙන නිරෝෂ් දෙසට පැන්නේය. නමුත් ඔහුගේ පහර දුබල වූයේ පෙම්වතිය අතේ එල්ලුණු නිසාය. මේ සමඟම තවත් මැරයෙක් (මැරයා-2) කොහෙන්දෝ දිව ආවේය. ඔහු සවින්දගේ බෙල්ලෙන් අල්ලාගෙන සවින්දට ගහන්ට පටන් ගත්තේය.

මගේත් චරීගේත් (මට හිතුණු හැටියට) චන්න අයියාගේත් මැදිහත් වීම මුලින් වූයේ ගැටුම සමථයකට පත් කරන්ටය. එහෙත් මැරයා-1 ගේ  හා මැරයා-2 ගේ හැසිරීම අනුව අපට එසේ කරන්ට අවස්ථාවක් තිබුණේ නැත. ඔවුන් නිරෝෂ්ට හා සවින්දට බිම පෙරළාගෙන ගසනු අපට බලා සිටින්ට නුපුළුවන. මොහොතෙකින් සියල්ල ඔවුන් හා අප අතර ගුටි කෙළියක් බවට පත්විය.

පැහැදිළි ලෙසම සටනෙහි සමතුලිතතාව බිඳී තිබිණි. ඔවුන්ගේ පිළෙහි වූයේ තිදෙනෙකි. එකියක කෙල්ලකි. ඇයද ඇතුළුව තිදෙනාම සිටියේ බීමතින් බව පෙණුනේය. අපේ පිළෙහි පස් දෙනාගෙන් කොල්ලන්ම පස් දෙනකු වූ අතර තරමකට හෝ වැදී තිබුණේ දෙදෙනකුට පමණෙකි. මේ නිසා මේ ගැටුමින් අපට වැඩි වාසියක් අත් වන බව මුල පටන්ම පෙනෙන්ට තිබුණේය.

කියනවාට මුල පටන්ම කීවාට මේ සියල්ලට වැඩි වෙලාවක් ගත වූයේ නොවේ. වැඩිම වුණොත් මිනිත්තු පහක් අප ගහ ගන්ට ඇත. මේ පරණ සිංහල චිත්‍රපටයක ගාමිණී ෆොන්සේකා දුෂ්ඨයින්ට නෙළන ජාතියේ දිග ගැටුමක් නොවේ.

මට සීරියස්ලි ගැටුමට මැදිහත් වන්ට වූයේ මැරයා-1 චරිත්ට ගහන්ට පටන් ගැනීමත් සමඟය. චරී කෙනෙක්ය ගහන්ට නොදනී. ඔහු කළේ අනෙකාගෙන් වැදෙන පහර වළකමින් පස්සෙන් පස්සට යන එකය. මා සිටියේ මැරයා-1 ට පසු පසිනි. මගේ මුල් අදහස වූයේ පොල්ලක් ගෙන ඔහුගේ නිරුවත් පිටට නෙළන්ටය. පොල්ලක් සෙවූ මුත් සමහරවිට මගේ වාසනාවට කිසිවක් ළඟක නොවීය. මොහොතෙකින් ඊට වඩා හොඳ අදහසක් මට ආවේය. මම මැරයා-1 පසුපසින් ඔහුගේ දෙකකුල් අතරින් අත දැමීමි. නානකඩට යටින් මට ඔහුගේ වෘෂණ කෝෂය හසුවිය. මම හැකි උපරිම වැර යොදා එය මිරිකුවෙමි. මැරයා-1 වේදනාවෙන් කෑ ගසන හඬ මට ඇසිණි. ඒ ඇසිල්ලෙන් ඔහුගේ ග්‍රහණයෙන් මිදී ගත් චරිත් සවින්දගේ අතින් ඇදගෙන කාර් එක ඇති පැත්තට දුවන්ට විය.

මේ වන විට අපේ ගැටුමට අනෙකුන්ගේ අවධානය යොමුව තිබුණු අතර,  තරමක් ඈතින් වූ හෝටලයෙන් යම් පිරිසක් අප දෙසට එනුද දක්නට ලැබුණේය. තව මිනිත්තු කිහිපයක් ගත වන්නේ නම් ඔවුන් අප අල්ලා ගනු ඇතිය මට සිතිණි.

මැරයා-1 ගේ පෙම්වතිය හෝටලය දෙසට දුවමින් සිටියාය.

මෙතැනින් වහාම පැණ ගත යුතුය මට සිතිණි. වට පිට බැලූ මට පෙණුනේ වෙරළෙහි සිටින්නේ මා පමණක් බවයි. චරීද, චන්න අයියාද අනෙක් දෙදෙනා ඇදගෙන කාර් එක දෙසට දිව ගොස්ය.

මම අවසාන වතාවට මැරයන් දෙදෙනා දෙස බැලුවෙමි. දෙදෙනාම සිටියේ බිම වැටිලාය. එකකු (මා වෘෂණ කෝෂය මිරිකූ එකා) වේදනාවෙන් කකුල් දෙක අතර අත් දෙක ගසා ගෙනය.

චරීට අමුතුවෙන් කියන්ට දෙයක් නැත. අර්බූදයකදී ඔහු තරම් ඥාණාන්විතව හැසිරෙන කෙනකු මා දැක නැත්තෙමි. මා කාර් එකට කිට්ටු වන විටද ඔහු සිටියේ එය ස්ටාර්ට් කරගෙනය. මම ඉදිරිපස අසුනට පැණ ගතිමි. චරී පොල් ගහකට සෙන්ටි මීටර කිහිපයකට මෙහායින්, ගෑවී නොගෑවී ලොකු වංගුවක් ගත්තේය.මොහොතෙකින් අපි පාරේය.

“කාට හරි තුවාලද…?” ඒ චන්න අයියාය.

“Yeap. My leg hurts…” චරී කොඳුරයි.

“Can you drive…?”

“Yes, can manage…”

“No. Stop you idiot. I’ll take the wheel…”

චරී පාර අයිනේ රථය නතර කොට ඉදිරි වම්පස අසුනට මාරු වෙයි. මම සුක්කානම අතට ගනිමි.

“වැදුණ උන් දෙන්නට මදියි නොකියන්න…” බැරි බැරි ගාණේ මේ කියන්නෙ සවින්දය.

“උන්ට වැදුණ එක නෙවෙයි හු***,  තොපි ඩබලට පිස්සුද යන යන තැන වළි දා ගන්න…?”

“අපි මුකුත් කළේ නෑ… ඌයි වළියට ආවේ…”

“පලයන් යන්න, උඹල උගෙ කෑල්ලට මොකක් හරි කියන්න ඇති…”

“නෑ චන්නයියෙ… අපි උගේ කෑල්ල දැක්කෙත් නෑ. ඌ ඇවිල්ල අපෙන් සිගරැට් ඉල්ලුවෙ…”

මේ කියන දේ ඇත්තය මටද සිතෙයි. මෙහෙම ලෑතර කෑලි නොව ඓශ්වර්යා රායි මේ වෙරළට නාවත් මුන් දෙන්නාට නොපෙනෙන්ට තිබුණේය.

“ඉතින් උඹ මොකද කිව්වෙ…?”

“ඉතින් සිගරැට් නෑ කිව්ව. නැත්නං කොහෙන් දෙන්නද…?”

“ඉතින් ඌට තරහ ගියේ…?”

“ඌට තරහ ගියේ මොකද දන්නෙ නෑ. සිගරැට් නැති හින්ද තරහ යන්න ඇති…”

අපි සියළු දෙනාම සිනාසෙමු.

“Now, what are we going to do…?” මම අසමි.

අපි සියළු දෙනාම චන්න අයියාගේ මුහුණ දෙස බලමු. නඩේ වැඩිමහල්ලා හැටියට තීරණ ගත යුත්තේ ඔහුය.

“Let us go and sleep. I don’t think we should take it seriously…”

මගේ ඉහමොළ සීතල වී ගෙන යන්නේ කිසිවකුත් නොදන්නා යමක් මා දන්නා නිසාය. ඒ එකකුගේ වෘෂණ කෝෂය මවිසින් මිරිකූ බවය. ඒකාට අමාරු වෙන්නට පිළිවන.

“Are you sure? Don’t you think we should report to police…?”

“We cannot…”

“We cannot..?”

“Not with one of being the son of a powerful minister…Let us not create stories for the media”

අප නැවත සිනාසෙමු. චන්න අයියා කියන්නේ ඇත්තය. චරී අප අතර සිටිනා තුරු අප පරිස්සම් විය යුතුය. Minister’s son squeezes testicles එසේ නැතිනම් හෙට පුවත්පත් කියනු ඇත. මළ කෙළියයි. පොලීසියට යාම අපට ගැලැවීමක් නොවේ. අපට කළ හැකි එකම දෙය හැකි උපරිමයෙන් සිද්ධිය සිදු නොවීය කීමය. අප කෙතෙක් සාර්ථකවේද මම නොදනිමි.

මම ජීවිතයේ තීරණාත්මකම රාත්‍රියක් නිදිවර්ජිතව ගෙවමි. මගේ එක් පසෙකින් චරී සුව නින්දකය. පැය කිහිපයකට පෙර සිදු වූ කිසිවක් ඔහුට ගාණක් වත් නැතිවා සේය. අනෙක් පසින් චන්න අයියාද ඇඳේ ඒ මේ අතට පෙරළෙන්නේ ම පෙළන චකිතය ඔහු සිත තුළද ඇති හෙයින් විය හැකිය.

අප කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් මාධ්‍යයට නිව්ස් අයිටම් එකක් නිර්මාණය කර ඇති වග තේරුම් ගන්නේ පසු දිනය. අප විසින් පහර දී ඇත්තේ ලංකාවේ අංක එකේ මැරයන් දෙදෙනකු වන මාලක සිල්වාට හා රෙහාන් විජේරත්නටය. මා විසින් වෘෂණ කෝෂ මිරිකා ඇත්තේ මාලක සිල්වාගේය.

දැන අපට පොලීසියට යනවා තියා එළියට බහින්ටවත් බැරිය. මුළු දවසක් අපි බූස්සේ හෝටලයට වී ගත කරමු. අවට ලෝකයේ වන්නේ කුමක්දැයි රූපවාහිනියෙන් නරඹමිනි.

“මාලක සිල්වා මහතා වැඩිදුර ප්‍රතිකාර පිණිස හෙලිකොප්ටරයෙන් කොළඹට”

“මාලක සිල්වා හා රෙහාන් විජේරත්න මහතුන්ට පහර දුන් මැර කල්ලිය ගැන තවමත් ආරංචියක් නෑ”

“හේතුවක් නැතුව අපට පහර දුන්නා! – මාලක සිල්වා මහතාගේ පෙම්වතිය කියයි”

“රෙහාන් විජේරත්නට තුවාල නැහැ. රෝහලින් පිටවෙයි”

“මගෙ අහිංසක පුතාට පහර දුන් මැර කල්ලිය හමු වුවහොත් අඬු කඩනවා! – මර්වින් සිල්වා මහතා ස්වර්ණවාහිනියට කියයි

“මාලක සිල්වා මහතාගේ වෘෂණ කෝෂයට සුළු සැත්කමක්!”

“මැර කල්ලිය ගැන තවම ආරංචියක් නැහැ…”

“තවම ආරංචියක් නැහැ…”

“ආරංචියක් නැහැ…”

“නැහැ…”

මාලක සිල්වා හා රෙහාන් විජේරත්නහේ මැර ක්‍රියා චිර ප්‍රසිද්ධ නිසා සිද්ධියේදී මුල පටන්ම ජනතා අනුකම්පාව ලැබුණේ අපටය. පොලීසියද අප ගැන සොයන්ට වැඩි උවමණාවක් නොගත්තේ එනිසා විය හැකිය. සමහර මාධ්‍ය වලට අප වීරයින් වූ බවක්ද පෙනෙන්ට තිබුණේය. මාලක සිල්වා හා රෙහාන් විජේරත්න ඒ තරමටම රටට එපා කළ චරිත දෙකක් විය. තම පුතා රේහාන් විජේරත්නගේ ක්‍රියා කලාපය ගැන තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනි වන ඔහුගේ මව භාරතී විජේරත්න ලජ්ජා විය යුතුය කියා සී. ඒ. චන්ද්‍රප්‍රේම The Island එකට ලියා තිබුණේය.

ඇත්තටම අප වාසනාවන්තයින්ය මම සිතමි. මාලක සිල්වාගෙන් හා රෙහාන් විජේරත්නගෙන් මීට පෙර ගුටි කෑ යුද හමුදා මේජර්වරයකුට තමන් තමන්ටම ගසා ගත් බව දිවුරුම් පෙත්සමක් මඟින් අධිකරණයෙහි පිළි ගන්ට වූ අතර ඒ මදිවාට රස්සාව අහිමි කර ගන්ටද සිදු විය. නමුත් කොකාට වාරයක් ඒ නම් තිත්ත්යාටද වාරයක් ඒය කියන්නාක් සේ එදින ඔවුන්ගේ නොව අපේ වාරය විය.

දින තුනකට පසු අපි කලබලයක් නැතිව කොළඹ ආවෙමු. චරී අරේෂාටවත් මේ ගැන txt නොකළ බැව් මා දැනගත්තේ පසුවය.

.

.

(ඉවසන්න……………..සමනළයා යළි පියා සලන තෙක්)

(29) ‘සාසනයා’ගෙන් පත්‍ර මිත්‍රයින්ට ඩිනර් එකක් || ‘Sasanayaa’ treats his journalist friends

කාලය: 2008, සමාන්තර විශ්වය (මෙන්න මේ කතාවට පොඩියක් කලින්)
ස්ථානය: කොළඹ, ලංකාව

**********(‘සාසනයා‘ කියන කතාව )**********

“සර් ‘සට්ටඹියා’ කියන වචනෙ තේරුම දන්නවද…?” සුමනසේකරයා ඇසුවේය.

මේ මා කිහිප වාරයක් මේකාගෙන්ම ඇසූ කතාවකි. ඒත් මේකාද එක්කෝ ඒක මතක නැතිව, නැතිනම් මේ කතාවේ ඌට ඇති හෘදයාංගමභාවය නිසා ඒකම කියයි. මුගේ වින්දනයට බාධා නොකළ යුතුය.

“නෑනෙ. කියමුකො බලන්න…”

“…මේ වචනෙ භාවිතා වෙච්චි ඓතිහාසික අවස්ථාවක් තමයි සර්, විජය කුමාරතුංග ඝාතනය. ඒ වෙලාවෙ ජේ.වී.පී. එක විජය කුමාරතුංගව හඳුන්නා දුන්නෙ ‘ජේ.ආර්. ජයවර්ධනගේ දේශපාලන සට්ටඹියා වූ විජය කුමාරතුංග’ කියලා….”

“ඒ කියන්නෙ පුරෝහිත වගේ තනතුරක්ද…?” මොහුට උපරිම වින්දනය ලබා දීම පිණිස මම විහින් ගොනාට ඇඳ ගනිමි.

“රජ වාසල තනතුරක් නම් තමයි සර්, ඒත් පුරෝහිත වගේ ගෞරවනීය තනතුරක් නෙවෙයි…”

“අහා…”

“මහනුවර යුගයෙදි ‘සට්ටඹියා’ කිව්වෙ මහ රජ්ජුරුවො මළ පහ කළාම සෝදන පුද්ගලයාට. ඒක වෙනම කුලයකට අයිති රාජකාරියක්. මේ මනුස්සයා කොයිතරම් අවාසනාවන්තයෙක්ද කියනව නම් තමන් හෝදන දේ ඇහින් දකින්නවත් වරම් තිබුණේ නෑ. මොකද මහ රජතුමායි එයයි අතර සුදු රෙද්දක් එල්ලලා තමයි මේ වැඩේ කළේ. මේ මනුස්සයාට රාජකාරිය කරන්න වුණේ ඒ සුදු රෙද්දට යටින් අත් දාගෙන…”

“හැබැයි ඉතින් ඕක කරන කොට ඔය වෙන වෙන ගැජට් හෙමත් අහු වෙනවා ඇති නේද…?”

“පොත පතේ නම් එහෙම දෙයක් නෑ සර්. ගැජට් වුණත් ඒව රාජකීයයිනෙ. පොඩ්ඩ එහා මෙහා වුණොත් හිස ගසා දානවනෙ. ඉතින් පරිස්සමෙන් රාජකාරිය කරන්න ඇති…”

“දැන් ඕක විතරද ඔය මනුස්සයගෙ රාජකාරිය…?” උත්තරය දැන දැනම මම අසමි.

“නෑ සර්, ඕක රාජකාරියෙ කොටසක් විතරයි. මිනිහට තව රාජකාරියක් තිබුණ මහ රජතුමාගෙ කක්කා කාල බලලා රස කියන්න ඕනැ, ලුණු රහද, ඇඹුල් රහද, තිත්තද කියලා…”

“චික් විතරක්. ඒ මොකටද ඒ…?”

“ඒ කාලෙ මෙඩිකල් ටෙස්ට් තමයි සර්. මොකද අද වගේ පහසුකම් තිබුණයැ. ඩයග්නෝස් කරපු හැටි තමයි. අනෙක් අතට මහ වෙදනා යම් යම් බෙහෙත් වර්ග දුන්නහම ඒවයෙ ගුණා ගුණ බැලුවෙ එහෙම තමයි…”

“මහ වෙදනා කිව්වෙ රාජකීය වෛද්‍යවරයටද…?”

“ඔව් සර්. ඒක රාජකීය වෛද්‍යවරයාටම පමණක් භාවිතා කරන්න පුළුවන් වෙච්චි සුවිශේෂ ගෞරව නාමයක්. සර්රුත් රොබට් නොක්ස්ගෙ පත පොත හෙම කියවල තියෙනව වගේ…”

මා දන්නා ඉලව් රොබට් නොක්සෙක් නැත්තේය. මේ කතාව මට කලින් දවසක මෙහෙමම කීවේද මේකාමය.

“හැබැයි සර්, ඔය සට්ටඹි කුලයට ඉතාම ඉහළින් මහ රජතුමා සැලකුවාය කියලයි කියන්නෙ. එහෙම නැතුවත් පුළුවනෑ? ලේසි පාසු රාජකාරියක්යැ කරන්නෙ…”

‘නැතුව, නැතුව, හරියට උඹලා වගේම’ හුඟාක් අමාරුවෙන් මගේ කටට බ්‍රේක් ගසා ගන්ට මට හැකිවිය. මේක කිව්වත් ලොකු ගැටළුවක් නොවේ. මුන් සියළු දෙනාගේ ලජ්ජා නහර කපා ගොඩක් කල්ය. මා මෙහෙම කතාවක් කිව්වත් “සර්රුත් මාර කතානෙ කියන්නෙ…” කියා මේකා සිනාවී නිකම් සිටිනු ඇත්තේය.

සුමනසේකර ලංකාවේ සම්ප්‍රදායික පත්තරකාරයකුට දර්ශීය උදාහරණයකි. පත්තරකාරයින්ගේ හැටි මෙහෙමය. ඔවුහු ඔහේ මොන මොනවා හරි කට පාඩම්කරගෙන ඒ ටිකම වමාරමින් යති. අළුතින් දෙයක් උකහා ගැනීමක් සේම ප්‍රකාශනයක්ද නැත. “සිරි බුද්ධ ගයා විහාරේ…” මිස වෙන දෙයක් ගයන්ට බැරි පරණ ග්‍රැමෆෝන් වැනිය. කොච්චර වයින් කළත් “සිරි බුද්ධ ගයා විහාරේ…” ම කියයි.

සුමනසේකරයා හා මේ කතාව කරන්ට ලැබුණේ මගේ ආරාධනය අනුව රාත්‍රී භෝජන සංග්‍රහයට ඒකා කලින්ම ආ හෙයිනි. මගේ පත්‍ර මිත්‍රයින්ට ඉඳලා හිටලා භෝජන සංග්‍රහයක් දෙන එක මගේ සිරිතකි. මගේ පත්‍ර මිත්‍රයින් මට ගසට පොත්ත බඳුය. මට උන් නැතිව බැරිය උන් මට නැතිව බැරිය. අපි දෙගොල්ල සහයෝගයෙන් කරට අත දාගෙන මේ ගමන යමු.

බුදු හාමුදුරුවන් යහපත් මිත්‍රයින් ගැන කී කතා කොයිතරම් ඇත්තද හිතෙන්නේ මේ පත්‍ර මිත්‍රයින් දෙස බලන විටය.

මොවුහු උපකාරක මිත්‍රයෝය. උපකාරක මිත්‍රයාගේ ගේ ස්වභාවය වන්නේ මිතුරා ආරක්‍ෂා කිරීම, මිතුරාගේ ධනය, වස්තුව, ආරක්ෂා කිරීම බියක් පැමිණි අවස්ථාවකදී පලා නොගොස් පිහිට වීමත් පිහිටක්, උදව්වක් අවශ්‍ය වූ විටකදී පිහිට වීමත් ආදියයි. එසේම ඔවුන්ට සමාන සුඛ දුක්ඛ මිත්‍රයින්ගේ සමහර ලක්ෂණද ඇත්තේය. සමාන සුඛ දුක්ඛ මිත්‍රයාට ආවේණික ලක්ෂණ වන්නේ තම රහස් නොසඟවා මිතුරාට කීම, මිතුරා කියන ලද රහස් ඒ අයුරින්ම ආරක්ෂා කිරීම ආදියයි. (මුන් අන්තිම එක නම් කීයටවත් නොකරයි. ඒ නිසා මුන්ට යමක් කිව යුත්තේ පරිස්සමෙනි. නැත්නම් මුන් අප ගැන මොහොතකටවත් නොසිතා වැඩ අංජබජල් කරයි.) පොඩ්ඩක් හරි නැත්තේ අත්ථක්ඛායි මිත්‍රයාගේ ලක්ෂණ විතරය. මොවුන් පස්පව් දස අකුසලින් මිදුණු දවසට නම් බස්නාහිරින් ඉර පායනු ඇත. හැබැයි මොවුන් අනුකම්පකය. අපේ දියුණුව ගැන හදවතින්ම සතුටු වෙති. මන්ද එවිට උන්ගේද කුට්ටිය ලොකුවන බව දන්නා නිසාය.

“ලංකාවෙ අරක්කු බෝතලයක් දීලා මිළට ගන්න බැරි එක පත්තරකාරයෙක් නෑ” අපේ රටේ පත්‍ර මිත්‍රයින් ගැන මේ කතාව කාලයකට ඉහත කීවේ මංගල සමරවීරය.

ඔහුට මෙතැනදී පොඩ්ඩක් වැරදුණාය හිතමි. ලංකාවේ අරක්කු බෝතලයට මිළට ගන්න බැරි පත්තරකාරයෝ ඕනැ තරම් වෙති. නමුත් අරක්කු බෝතලයට මිළ නොවන එකා විස්කි බෝතලයකට හෝ ගණිකාවක් සමඟ රැය පහන් කිරීමට මිළ වෙයි. මේ කිසිම දේකට මිළ නොවන පත්තරකාරයකු අද සිටී නම් ඒ කොළඹ කනත්තේ අඩි හයක් යට විය යුතුය. මේ බී. ඒ. සිරිවර්ධනලාගේ ඩී. බී ධනපාලලාගේ යුගය නොවේ. චන්ද්‍රප්‍රේමලාගේ කීර්ති වර්ණකුලසූරියලාගේ, නෝමන් පලිහවඩනලාගේ හඩ්සන් සමරසිංහලාගේ යුගයයි.

මහා ලොකුවට රැවුල් වවාගෙන, දාර්ශනික පෙණුමක් ආරූඪ කරගෙන ලියෝ තෝල්ස්තෝයිලා, මක්සිම් ගෝර්කිලා, කාල් මාක්ස්ලා වගේ පෙනී හිටියත් ලංකාවේ පත්තරකාරයින් කියන්නේ  සීනි බෝල වලට කෑදර මොන්ටිසෝරි ළදරුවන් වගේ බොළඳ මිනිස්සුය. ඔවුහු තමන්ගේ පත්තර පිටුපුරා අනුන්ට උගන්වන සදාචාරයේ නාමයක් වත් නැති කුහක, ආත්මාර්ථකාමී, ජඩයෝය. ඉහේ සිට පහළට කුණු ගඳ ගහන ඇවිදින අසුචි කඳුය.

එසේම පත්‍ර මිත්‍රයින්ගේ මිළද ඔවුන් විසින්ම අඩු වැඩි වශයෙන් සකසාගෙන තිබේ. උදාහරණයක් හැටියට අබේසුන්දර යනු ඉතාම අඩු මිළකට විකිණෙන්ට ලැහැස්ති පත්තරකාරයෙකි. බොන්ට තියේ නම් භෝජන සංග්‍රහ හොය හොයා යයි. කිසිම ලජ්ජාවක් නැත. මේවාට යන්ටම වෙන්කළ පරණ හමගිය කබායක් හා දුම්කොළ බඳු කිලුටු ටයි කිහිපයක්ද ඔහු සතුව ඇත. හොඳට කා බී පසුවදා ඕනෑම ටොන් පචයක් ලුණු ඇඹුල් ඇතිව ලියා ලජ්ජාවක් නැතුව “අදත් පිටපත අබේසුන්දරගෙනි” කියා නම දා ගනී. එසේ නම දා ගැනීමද මහා ආඩම්බරයක් සේ සලකයි. උදව්වක් ගන්ට අවශ්‍ය නම් අරක්කු බෝතලයක් ප්‍රදානය කිරීම හොඳටම සෑහේ. ඉතුරු බාගේ පස්සෙ දෙනවා කියා බාගයක් දීමද සමහරවිට ඇතිය සිතමි. (සමහරවිට මංගල සමරවීර තමන්ගේ ‘අරක්කු බොතල්’ තියරිය අටවා ගන්ට ඇත්තේ මේකා නිරීක්ෂණය කිරීමෙන් පසුව විය යුතුය.)

අයිවන්ගේ මිළ අබේසුන්දරගේ මිළට වඩා වැඩිය. උදාහරණයක් හැටියට අරක්කු බෝතයලක් හෝ ගෑනියෙක් පෙන්නීමෙන් අයිවන්ගෙන් වැඩක් ගත හැකිය මම නොසිතමි. (හරියටම නොදන්නේ තවම ඊට උත්සාහ කොට නැති නිසාය.) නමුත් මින් අදහස් වන්නේ අයිවන්ටද මිළක් නැති බව නොවේ. දක්ෂයා ඒ කුමක්ද සොයා ගත යුතුය.

මාස කිහිපයකට පෙර මා අයිවන් හමු වූ අවස්ථාවේ ඔහු තමන්ගේ දරුවන් ගැන දීර්ඝ ලෙස කථා කළේය. දියණියන් දෙදෙනා නම් විවාපත් කර දුන් පසු වැඩි වගකීමක් නැතැයි කී ඔහුගේ හිතට වදයක්ව තිබුණේ පුතාය. ඔහු බොහෝ හැඟීම්බරව පුතා ගැන කතා කළේය. හොඳින් ඉගෙන ගන්ට පුළුවන්කම තිබුණු පුතා ඉගෙනීම කඩාකප්පල් කරගෙන දැන් පූර්ණකාලීනව චෙස් අදින බවද කීවේය. මට හැඟුණේ ඔහු මගෙන් පුතාගේ අනාගතය ගැන උදව්වක් බලාපොරොත්තු වන බවය. ඊට හිලව් වශයෙන් ඕනෑම උදව්වක් කළ හැකි බවද ඔහු ඇඟෙව්වේය. දැනට මා සිටින තත්ත්වය අනුව මට මේ සම්බන්ධයෙන් ලොකු උදව්වක් කරන්ට බැරිය. මට මේ වගේ දෙයක් ගැන උදව්වක් ගන්ට හිටි අනුර බණ්ඩාරනායක අතිජාත මිත්‍රයාද මැරිලාය. නමුත් අයිවන්ට උදව්වක් කරන්ට මම උපරිම උත්සාහය යොදමි. ඉන්පසුව ඔහුගේ පෑන නැටවෙනු ඇත්තේ මට ඕනැ විදියටය. මම ඊට ඔහුට දොස් නොපවරමි. ඕනෑම පියකුට තම දරුවන් වැදගත්ය. රටක ප්‍රජාතන්ත්‍රවාදය, යහ පාලනය, මානුෂික අයිතිවාසිකම්, පුවත්පත් නිදහස වගේ බර සංකල්ප වලට වඩා අතිශයින් වැදගත්ය.

මිත්‍රවරුනි, තව වසර කිහිපයකින් අයිවන් “අනේ ලංකාවෙ යුද්දෙකුත් තිබුණද…? මට මතක නෑනෙ ඕයි” කිව්වොත් පුදුම නොවන්න. ලංකාවේ පුවත්පත් නිදහසක් නැත්තේ පාලකයින් නිසා නොව පත්තරකාරයින්ගේම වරදින් බව කිව්වොත් පුදුම නොවන්න. රුපියල් 2,500කින් තමන්ටද මාසයක් කාලා ඇඳලා ඉන්න පුළුවන් බව පිළිගත්තොත් පුදුම නොවන්න. තමන්ගේ පුවත්පතේ විසිපස් වන සංවස්තරයට අපේ රටේ ඉන්නා දූෂිතම දේශපාලකයින් සෙට් එක ගෙන්නා රටේ දූෂණය ගැන (වර්තමාන පාලනයේ දූෂණය දක්ෂ ලෙස මඟහැර) වීඩියෝ ක්ලිප් එකක් තනා පෙන්නා “අපි මේ කළේ මේ පිරිස අතර සංවාදයක් ඇති කිරීමට  මුල පිරීම…” කියා කතාවක් කිව්වොත් පුදුම නොවන්න. ඕනෑම පියකුට තම දරුවා වැදගත්ය. ඔහුගේ පුතාද ඔහුට මට මගේ පුතුන් තිදෙනා මෙන්ය. මගේ පුතුන් වෙනුවෙන් මා මිළ නොවන්නේ නම් මා මිළ වන්නේ කවුරුන් වෙනුවෙන්ද?

මගේ පහසුව පිණිස මම ලංකාවේ පත්තර මිත්‍රයින් මිළට ගන්ට හැකි මාර්ග ඇතුළත් චාර්ට් එකක් හදාගෙන සිටිමි. (පහත බලන්න.) මෙය සියයට සියයක් නිවැරදිය මම නොකියමි. එය නිර්මාණය කර ඇත්තේ හුදෙක් මගේ අවබෝධය මත පමණක් බවත් මනුෂ්‍යයකු ලෙස මට වරදින්ට ඕනෑතරම් ඉඩ ඇති බවත් කිව යුතුය. නමුත් මේ චාර්ට් එක අනුව යමින්, පත්‍ර මිත්‍රයින්ට කැමැති දේ ප්‍රදානය කොට ඔවුන් සාර්ථකව මිළට ගෙන මා කිහිප වාරයක්ම විශිෂ්ඨ ප්‍රතිඵල අත් කොට ගත් බවත් කිව යුතුය.

මෙහි මුල් නම් තුන, එනම් රණසිංහ, සුන්දර සහ චන්ද්‍රප්‍රේම ඉදිරියෙන් කිසිවක් සලකුණු කොට නැති බව ඔබට පෙණෙනු ඇත. ඒ මේ තිදෙනා අනෙකුන්ට වඩා වෙනස් මහා ප්‍රතිපත්තිගරුක පුවත්පත්කලාවේදීන් නිසා හෙම නොවේ. මඩ වළක දිය කෙළින ඌරන් දෙස බලන්න. එහි මඩ නානොගත් ඌරෝත් වෙතිද?

මේ තිදෙනාගේ නම් ඉදිරියෙන් යමක් සලකුණු කොට නැත්තේ වෙනත් හේතුවක් නිසාය. ඔවුන් රිමෝට් කන්ට්‍රෝල් කළ යුත්තේ වෙනම ආකාරයකටය. රණසිංහ නටන පදය තීරණය කරන්නේ රංජිත් විජේවර්ධන හාමුය. ඔහු මළාටවත් රංජිත් හාමුට පිටින් නොයයි. එසේම සුන්දර දරුවාගේ ගමන තීරණය කරන්නේ තිලංග සුමතිපාල බාප්පාය. චන්ද්‍රප්‍රේම දරුවා ගැන වෙල්ගම ලොක්කා බලාගනියි. උඩ කන්ට්‍රෝල් කළාම යට ඉබේම කන්ට්‍රෝල් වෙයි. මා උගත යුත්තේ උඩ කන්ට්‍රෝල් කරන සැටිය.

හැබැයි මේ චාර්ට් එක අනුව වුවද ප්‍රතිලාභ ලබා දිය යුත්තේ පරිස්සමිනි. නැත්නම් මාද චාටර් වෙන්ට පිළිවන. පහත දැක්වෙන්නේ එක උදාහරණයකි.

කාලයකට ඉහත මගේ ඇමැති සගයකු තමන්ගේ ප්‍රතිරූපය මාධ්‍ය මාර්ගයෙන් නංවා දීමට කළ උදව්වට ප්‍රත්‍යුපකාරයක් සේ දිවයිනේ ප්‍රකට සිංහල ඉරිදා සංග්‍රහයක උගත් බහුශ්‍රැත කතුවරයා එක් රැයක ජිනා විසින් අළුතින් ආනයනය කොට තිබුණු නාඹර තායි වෙසඟනක වෙත යවන ලද්දේය. මේ කතුවරයා කොයි තරම් උත්සාහ කළත් මෙට්ටයේ තියන්ට බැරි කූඩැල්ලෙකි. කාරිය අතර මඟදී මේකාට මළපහ කිරීමේ අවශ්‍යතාවයක් ඇති වී තිබේ. (කරුණාකර ඇයිද මගෙන් නොඅසන්න. වයස හා දියවැඩියාව නිසා විය හැකිය.) මේකා ඉඳලා තියෙන්නේත් බාගයක් වෙරි පිටය. වෙරි මරගාතේ බාත් රූම් එකට ඇතුළු වූ ඔහුට කොමඩ් එක වෙනුවට පෙනී ඇත්තේ සාමාන්‍යයෙන් හොඳ බටහිර පන්නයේ වැසිකිළිවල සාමාන්‍යයෙන් දක්නට ලැබෙන ‘බිඩේ’ (Bidet) එකය. මේකා එහි මළපහ කොට තිබේ. අන්තිමේදී ජිනාගෙන් කුණුහරුප අසා ගන්ට වූයේ මගේ ඇමැති සගයාටය. ඔහු හොඳ අනුග්‍රාහකයකු හා ප්‍රබල ඇමැතිවරයකු නොවන්ට ජිනා ඔහු බ්ලැක් ලිස්ට් කරන්ටද ඉඩ තිබුණේය. ඔන්න අපේ පත්තර මිත්‍රයන් අපට දාන ලෙඩ!

පත්තරකාරයින් අතර තවත් අමු කැත සිරිත් ගණනාවක්ම වෙයි. එකක් නම් එකාට එකා නැති කමය. හැම මොහොතකම ඉන්නේ අනෙකා ගැන ඉරිසියාවෙනි. පත්තරකාරයින් ගැන ඕපාදූප පතුරන්නේ ඔවුන්ගේම සගයින් විනා බාහිර පුද්ගලයින් නොවේ. එසේම ඔවුන්ගේ බෙලි කපන්නේද ඔවුන් සමඟම එක මේසය වටේ හිඳගෙන එකට අරක්කු බෝතලය හිස් කරන සගයින්ය.

අරක්කු ගැන සිහිවත්ම මට කල්පනා වුණේ මා සුනිල් මාධව ප්‍රේමතිලකයාට ඇරැයුම් නොකළ බවයි. කමක් නැත. ඌ මේ දවස්වල හරියකට දෙයක් ලියන්නේත් නැත. ලිව්වත් ඌ ලියන දේවල් කවුරුත් කියවන්නේද නැත. ආවත් ඔය කියුබාව ගැනත් චේගුවේරාගේ හමුදා හවානා නගරය අල්ලා ගත් හැටි ගැණත් පරණ රෙකෝඩ් එකම වාදනය කරනු ඇත. චේගුවේරා මැරිලා වසර හතළිහක් වත් ගතවෙලා බව මූට වගේ වගක් නැත. කියන්නේ හරියට ඊයේ බැටිස්ටාට ගැහුවා වගේය. ඔය බීපු තරමට ළඟදිම ඒකා සෙත්ත පෝච්චි වනු ඇති. මෙච්චර කල් වුණත් අක්මාවක් ඉතිරිවී තිබුණා පුදුමය. විනී හෙට්ටිගොඩයා නම් ජේ. වී. පී. එකට හේත්තු වී ටිල්වින්ගේ පුක සෝදමින් සිටී. එනිසා මම ඌටද කතා කරන්ට කරදර නොවූයෙමි.

හැබැයි අද ඩිනර් එකට ආ සෙට් එක නම් අපූරුය. නොපැමිණි එවුන්ටත් ඇතිවෙන්ට කා බී වමනය දමා පිස්සු නටා, පුටු පොළොවේ ගසා කඩා මගේ සාලය  යකුන් නැටූ පිටියක් කොට ගොස් තිබුණේය. (ඩිනර් එක ගැන මම දිගට කියන්ට නොයමි. මගෙ පත්‍ර මිත්‍රයින් සෙට් එක ඇති වෙන්ට කෑ බිව් බවත් මම උන්ගෙන් ඇති වෙන්ට ප්‍රයෝජනවත් ඕපාදූප අසා ගත් බවත්, උන් සමහරකට මටද ලණුවක් දෙකක් ගිල්ලන්ට පුළුවන් වූ බවත් සඳහන් වීම ප්‍රමාණවත්ය.)

උන් කළ ඔක්කෝම පාහර වැඩ වලට වයිපරේගෙන් දොස් අහන්ට වුණේ මටය. සාමාන්‍යයෙන් වැඩිය සද්දයක් නොදැම්මත් එයාට මේ වගේ අවස්ථාවක මහසෝනා ආරූඪ වෙයි. තමන්ගේ ගෙදර සත්තු වත්තේ අලිගාල වගේ කැත කළාම මොන ගෑනිටද තරහ නොයන්නේ? අලියොත් ඔහොමම තමයි. අතනත් බෙටි දාලා. මෙතැනත් බෙටි දාලා.

“ඔයාටත් මොළේ හොඳ නැද්ද අනේ, මේ වගේ වල් සත්තු රැළකට කෑමට කතා කරන්නෙ? මුන් කෑවා බිවා නම් මෙතැන කැත නොකර යන්න බැරිද? අර බලන්න කී තැනක වමනෙ දාලද කියලා…”

“ඔය වැඩි හරියක් අබේසුන්දරයා වමනෙ දාපුවනෙ. ඉතින් ඌට කතා නොකරත් පුළුවනෑ. ඌ වගේ සට්ටඹියෙක් වෙන කොහෙන් හොයා ගන්ඩද…?”

“සට්ටා…මොකා…?”

“නෑ නෑ නෑ ඔයාට ඕනැ නෑ ඒවා…”

“ඒ මදිවට බාත් රූම් එක පුරාම ගඳයි. මුන්ට කොමඩ් එකට මුත්‍රා කරන්ඩ බැරිද… ඒක බිම පුරා හැමතැනම කරන්ඩ ඕනැද…?”

“ටිකක් වැදිල නිසා ඒම් එක ගන්ඩ බැරි වෙන්ඩ ඇති…”

ඇය යමක් කියන්ට මත්තෙන් මගේ ජංගම දුරකථනය නාද වේයි. මම එය ආන්සර් කරමි.

“…සර් මම සූරියාරච්චි…”

“ඔව්, සූරි මොකද්ද කෙරෙන්න ඕනැ…?”

“සර්.. මේ මේ පොඩි ප්‍රශ්නයක්…”

“හැමෝටම ප්‍රශ්න තියෙනවනෙ සූරි. අපි ඔක්කෝම ප්‍රශ්න එක්කනෙ ජීවත් වෙන්නෙ….”

“මේකයි සර්…මේක කියන්නත් මොකද්ද වගේ…”

“ඔන්න ඔහෙ කියනව සූරි අපි අද ඊයෙයැ දන්නෙ. තමුසෙ දිවයිනේ ඉන්න දවස් වල ඉඳන් නෙවැ මම දන්නෙ… අර මොකද්ද ලිව්වෙ ඒ කාලෙත් බකුසුලන්තයද මොකද්ද කියලා…”

“මේකයි සර්….සර් අද උදේ ගෙදර අස් කරද්දි කලිසමක් හෙම හම්බවුණේ නැද්ද…?”

“කලිසමක්…?”

“ඔව් සර්, මාර වැඩේ. සර්ට හින්ද මිස වෙන කාටවත් නම් මේවා කියන්නත් බෑ. ඊයෙ මම ගෙදර එනකොට කලිසම තිබිල නැතිලු. ලන්කට් එක පිටින් ගෙදර ඇවිත් තියෙන්නෙ…”

“තමුසේ මාර මිනිහෙක්නෙ ඕයි. ඉතින් තමුසෙට ඕක තේරුණේ නැද්ද? හුළං වදින කොට වත් දැනුණෙ නැද්ද? අඩුගානෙ ඩ්‍රයිවරයා වත් දැක්කෙ නැද්ද…?”

“මේකනෙ සර්, අපි දෙන්නටම ටිකක් වැදිලනෙ තිබුණෙ…”

“හරි හරි. ඉතින් තමුසෙ හිතුවෙ මොකද කලිසම මෙහේ ඇති කියල….”

“සර් මම ටොයිලට් ගිය වෙලේ වත් ගැලෙව්වද මතක නෑ…ඒකයි…”

“නෑ ඕයි. මෙහේ නම් තිබුණෙ නෑ. තිබුණොත් කියන්නම්කෝ…”

ෂුවර් එකටම මේකා ගෙදර යන ගමන් කොටුවක් පනින්ට ගිහිලා කලිසම එතැන දමා යන්ට ඇත. අපි නොදන්න ලේක් හවුස්.

වයිපරේ කන්දොස්කිරියාව තවම නතර වී නැත.

“තමුසෙට බැරිද ඕයි මේ බූරුවො රැළට ගෙදර නැතුව වෙන තැනෙක කෑම දෙන්ඩ? මුන් ගෙදරකට වැද්ද ගන්ඩ තරම් එවුන් ටිකක් නෙවෙයි කියල තමුසෙට තේරෙන්නෙ නැද්ද…”

මුන්ට මීට කලින් අවුරුද්දේ රාත්‍රී භෝජන සංග්‍රහය දුන්නේ වෝටර්ස් එජ් එකේ බවත්, හඩ්ඩා එහිදී පත සයිස් ඇන්ටි කෙනකුට පැණි පෙරන්ට ගිහින් කම්මුල් පාරක් කෑ බවත්, කීර්තියා හැඳි ගෑරුප්පු කිහිපයක් සාක්කුවේ දාගෙන යන්න ගිහින් මාට්ටු වී හොඳ පරිප්පුවක් කෑ බවත් ඇයට නැවත මතක් කර දිය යුතුද?

සමහරවිට ඔන්න මා ජනාධිපති වූ දවසක නම් මුන්ට කරදරයකින් තොරව කෑමක් දෙන්න පුළුවන් වනු ඇත. එතකොට මට පුළුවන් මුන් සෙට් එකම මාසෙකට සැරයක් උදේ කෑමට අරලිය ගහ මන්දිරේට කැඳවන්න. මම එයට Breakfast meeting with editors කියලා අමුතුම නමක්ද දාමි. මොකද මගේ සල්ලියැ. බොන්න දෙන්න ඕනැත් නෑ. බොන්න දුන්නාම තමන්යි මුන්ගෙ කරදර වැඩි. උදේට ඔය බිත්තර ආප්පයක්, හැලපයක්, ලැවරියා එකක්, වඩේ එකක් වගේ දෙයක් දුන්නාම හරි. මුන් ටිකත් ෂුවර් එකටම එයි. ඒ වගේ බඩජාරියො සෙට් එකනෙ. ඊට පස්සෙ මං කියනව “මං කතාකරනවාට වඩා හොඳයි ඔබ තුමාලම ප්‍රශ්න අහන්න” කියල. නියම අයිඩියා එක. ඔය මට ඕනැ ප්‍රශ්නයක් එකෙක් දෙක්කෙකුට ලියල දුන්නම උන් අහයි.

මගේ ජංගමය නැවත නාද වෙයි. චන්ද්‍රප්‍රේම.

ඔව්. චන්ද්‍රප්‍රේම, කියන්න…”

“සර්, ඊයේ රෑ මාර වැඩක්නෙ වෙලා තියෙන්නෙ….”

“මොකද්ද චන්ද්‍රප්‍රේම….?” (මුගේත් කලිසම නැතිවෙලාවත්ද?)

“මාත් ඒක මඟක් දුර යනකොට දැක්කෙ සර්. ඊයෙ සර්ලගෙ ගෙදර ඩිනර් එකට ඇවිල්ලා ගෙදර යනකොට මගේ කාර් එක උඩ කලිසමක් තිබුණා…”

සූරිගෙ කලිසම!!!

“මාර වැඩක්නෙ අයිසෙ. තමුසෙ කාර් එකට නඟින කොට දැක්කෙ නැද්ද….?”

“කළුවරයිනෙ සර්. අනෙක මටත් ටිකක් වැදිලා තිබුණෙ. ටිකක් දුර යනකොට තමයි පිටිපස්සෙ වීදුරුවෙන් දැක්කෙ මොකද්ද වැනෙනවා. බලනකොට කලිසමක්…”

මට සිදු වී ඇති දේ අනුමාන කළ හැකිය. මොකක් හෝ කාරියකට සූරි කලිසම ගලවා චන්ද්‍රප්‍රේමගේ කාර් එක උඩ තියන්ට ඇත. චන්ද්‍රප්‍රේම එය නොදැක කාර් එක එළවා ගෙන යන්ට ඇත. ඒත් සූරි කලිසම ගැලෙව්වේ ඇයි?

මේ සමඟම පරල වූවාක් මෙන් වයිපරය දිව එයි.

“පත්තරකාරයො පත්තරකාරයො කිව්වම මං හිතුව ශීලාචාර මිනිස්සු ටිකක් කියලා. බලනකොට මුන් තිරිසනුන්ටත් අන්තයි. මෙහෙ එනවා තමුසෙගෙ අමර යාළුවෙක් ඊයෙ රෑ අපේ ගාඩ්න් එකේදි කරපු හපන්කමක් පෙන්වන්න…”

ඇය කෙතෙක් කෝප ගෙන සිටියේද යත් මට කිසිවක් කියන්ටවත් ඉඩ නොදී මගේ අත අල්ලාගෙන වත්තට දුවයි. කිසිවක් දකින්ටත් පළමු නැහැයට දැනෙන ගන්දස්සාරයෙන් මට සියල්ල අවබෝධ වෙයි.

දෙයි හාමුදුරුවනේ මුන්ට රෙන්ඩ බර හැදුන නම් ටොයිලට් එක කොහෙද කියලා අහන්න බැරිද? මගේ ගාඩ්න් එක මෙහෙම කැත කරන්න ඕනැද?

.

.

(ඉවසන්න,……………..සමනළයා යළි පියා සලන තෙක්)

(28) නිරුවතින් දිය නෑ සමනළිය || The Naked Butterfly

කාලය: 2002 අග හරිය, සමාන්තර විශ්වය
ස්ථානය: ලංකාව

**********(නියෝජ්‍ය අමාත්‍ය වික්ටර් සාලිය බණ්ඩාර කියන කතාව)**********

මෙතෙක් කතාව: වික්ටර් බණ්ඩාර තමන්ම කුඩා විදුලි බලාගාරයක් තැනූ බව කියා ලිපියක් එවූ සිංහල-මුස්ලිම් තරුණියක මුණ ගැසෙන්ට යයි. ඇගේ ආරාධනය අනුව ඔහු ඇගේ නිවසෙහි රැයක් නතර වේ. මේ නතර වීමෙන් පසු ඔහු වෙනස් මිනිසෙක් බවට පත් වේ. එහෙත් ඔහුට තවමත් මහීරා තේරුම් ගත නොහැකිය. ඇය ඔහුට විශ්වාස නොකළ හැකි කතන්දර ගණනාවක් කියා තිබේ. දිනෙක ඇය තමන් පිටසක්වළින් මෙහි එවන ලද නියෝජිතවරියකිය ඔහුට කියයි. මේ ඇගේ ෆැන්ටසියක් පමණක් බව වික්ටර් වටහා ගනී. කොළඹ පැවැති වැඩමුළුවකට ඇය සහභාගි කරවා ගන්නා ඔහු ඇය කාටත් හොරෙන් ඇගේ නවාතැන් ගත් ස්ථානයෙන් රැගෙන යයි. මේ එතැන් සිට කතාවයි.

මහීරා ෂවරය හැර දිය නාන්ට පටන් ගත්තාය. ඇය නාන කාමරයේ දොර වහන්ට කරදර නුවූවාය. ඇගේ සුදු නිරුවත් සිරුර මා සිටින තැනට හොඳින් පෙනෙයි. එය දක්ෂ කැටයම්කරුවකු විසින් කරන ලද කිරිගරුඬ වීනස් ප්‍රතිමාවක් වැන්න. හිස් කෙස් හැරුණු විට ඇගේ ශරීරයේ රෝම කූපයකුදු නැත. සිහින් සිරුර. නුපුළුල් උරහිස්. ගැට තන්. රතට හුරු තද දුඹුරු පැහැ නිපල්ස්. සිහිනිඟ. වට්ටක්කා ගෙඩියක් සිහි ගන්වන නිතඹ, සුදු දිග දෙපා, කුඩා පාද, කුඩා පා ඇඟිලි.

රන් කුඹු සේමැයි දිලෙනා තිසර යුග…
රිය සක සේමැයි වැනෙනා පුළුලුකුළ…

තැන තැන අළුහම් නොවේ නම් මේ පරිපූර්ණ නාරි ශරීරයකි. රජ කෙනකුටම සුදුසු යුවතියකගේ ශරීරයකි. මට මා ගැන ආඩම්බරයක් දැනේ.

අළුහම් වලට ඇයට ක්‍රීම් වර්ගයක් මිළට ගෙන දිය යුතුය. ඕනෑ නම් “පිටසක්වළත් අළුහම් තියේද?” කියා විහිළුවක් කරන්ට පිළිවන. “ඔයා විහිළු කරන්ට එනවා නම් මීට පස්සෙ කිසිම දෙයක් කියන්නෙ නෑ…” ඇය සමහරවිට කියනු ඇත්තේය.

එසේම මතක ඇතිව ඇයට ඔඩෙල් එකෙන් හෝ MC එකෙන් හොඳ තොන්ග්ස් හා G-ස්ට්‍රින්ග්ස් ටිකක්ද අරන් දිය යුතුය. කොළඹ එනවා වෙලාත් ඇය ඇඳගෙන ඇවිත් තිබුණේ චීත්ත රෙදි වලින් මැසූ ජංගියකි. අපේ ගැමි යුවතියන්ගේ ෆැෂන්ස් මේ තරමටම ප්‍රාථමිකද?

ඊයේ මා ජීවිත කාලයටම අත් නොවිඳින ලද ආකාරයේ සොඳුරු රැයක් බව සටහන් විය යුතුය. මේ තාක් සතුටක් මා ලද්දේ නම් ඒ බියට්‍රිස් සමඟ මගේ ප්‍රේම සම්බන්ධය ආරම්භ වූ අවස්ථාවේදීය. එදිනද මා අළුත් මිනිසකු වී ඇතැයි මට සිතුණේය. නමුත් ඒ සතුට පැවතියේ ටික කාලයකි. බියට්‍රිස් හා මා අතර ඇති වූ සුළු ගැටුම් දරුණු සිත් රිදීම් දක්වා දුර ගියේය. ඒ සමඟම අප අතර වූ සෙනෙහසද බිඳ වැටුණේය.

මා ආස්වාදය කළේ මහීරාගෙන් මා උරා බිව් රොන්ම නොවේ. ඉන්ද්‍රියයන් පිනවීම පමණකින්ම ගත්තොත් එක ගැහැණියක ගෙන් ලබන පහස වෙන එකියකගෙන් ලබන පහසින් වෙනස් වන්නේ කලාතුරෙකින්ය. මා පුදුමයට පත් කළේ මහීරා මා සතුටු කරන්ට ගත් උත්සාහයයි. වෙන කිසිම ගැහැණියක එසේ මා සතුටු කරන්ට උත්සාහයක් ගත් වගක් මට මතක නැත. ඇය යමකට මුල පුරන්ට මා කියන තුරු නොසිටියාය. මා සිතැඟි පර චිත්ත විජානන ඥානයෙන් සේ දැන, මා බලපොරොත්තු වූ හැම සුවයක්ම මට දුන්නාය. එසේම මොහොතකට හෝ මේ මා සතුටු කරන්ට දරණ උත්සාහයකැයි මට හැඟෙන්ට ඉඩ නොහැරියාය. ඇය හැසිරුණේ මා හා නිරත වූ හැම ලිංගික අන්තර්-ක්‍රියාවකින්ම ඇය උපරිම තෘප්තියට පත් වූ ලෙසිනි. ඇත්තටම ඇය තෘප්තියක් ලැබුවාද නැද්ද මම නොදනිමි. එසේ නොලැබුවෙහි නම් ඇගේ රඟපෑම ලොව දක්ෂතම නිළියකගේ රඟපෑමට සම වේය සිතමි.

මට තායි වෙසඟනන් සිහිවිය. ඔවුන්ද (වෙනත් බොහෝ රටවල වෙසඟනන් මෙන් නොව) තම අනුග්‍රාහකයාගේ සතුට පිණිස උපරිම ලෙස කැපව සිටිති. කුටියට ඇතුළු වූ වහාම තායි වෙසඟනක කරන්නේ සම්ප්‍රදායික තායි චාරිත්‍රානුකූලව අනුග්‍රාහකයාගේ දෙපා නැමැඳීමය. මේ තමන්ගේ බඩ වියත රැක ගන්ට මස්සක් දෙකක් දීම වෙනුවෙන් දක්වන කෘතඥතාවකි. ඉනික්බිති අනුග්‍රාහකයාගේ ඇඳුම් සීරුවෙන් හා සැලකිල්ලෙන් ඉවත් කොට ඔහුගේ ශරීරය සුමුදු ස්පොන්ජයකින් සෝදා පවිත්‍ර කරනු ලැබේ. රමණය ආරම්භ වන්නේ ඉන්පසුවය. ඒද අනවශ්‍ය ඉක්මන් කිරීම් වලින් තොරව අනුග්‍රාහකයාගේ වේගයටය. අනුග්‍රාහකයකු ඔවුන්ගෙන් තුටු නොවන්නේ නම් එයයි පුදුමය!

“මොනවද බලන්නෙ…?”

“ලස්සන බැලුවා…”

“අනේ යන්න…”

ඇය මට වතුර විසි කරන බවක් අභිනයෙන් දක්වයි. එහෙත් සිය නිරුවත සඟවා ගැන්ට කිසිදු වෑයමක් නොදරයි.

ඊයේ ඇය මට කියා තිබුණේ තමන් කන්‍යාවක බවය. මෙය මා විශ්වාස නොකළත් අවදානමක් ගන්ට අකැමැති වීමි.

“කමක් නැද්ද…?” සයනයෙහි දිගා වන ගමන් මම ඇගෙන් ඇසුවෙමි.

“මොකටද…?”

“මෙහෙම ඉන්න..?”

“ඇයි එහෙම ඇහුවෙ…?”

“ඔයා වර්ජින් කෙනෙක් හින්ද…”

“කමක් නෑ…”

“ඇත්තටම…?”

“ඔව්. ඔයා මගෙ සුදු අයියනේ…”

ඇය කන්‍යාවක වීද නැද්ද මම නොදනිමි. එහෙත් ඇය කන්‍යාවකය සිතන්ට කිසිම ලකුණක් නම් මම නුදුටුවෙමි. විජිතපුර බලකොටුවේ දොර බිඳ දැමුවේ කඩොලැතාය. ඉන්පසු බොහෝ පිරිස් ඒ විවරයෙන් ඇතුළු වන්ට ඇත්තේය. මට හිතුනේ මා මෙසේ පසු ගමන් කළ කෙනකු වන්ට වඩා ඉඩ ඇති බවයි.

මම ඇඳෙන් නැඟිට කවුළුව දෙසට පිය මැන්නෙමි. කණ්නාඩියෙන් මගේ නිරුවත් ශරීරය මට පෙණේ. එය මහීරාගේ නිරුවතෙහි පරස්පරයයි. ඊයේ රාත්‍රියෙහි ඇය මට “අලියා” කීවේ මන්ද මට අවබෝධ විය. (ඇගේ අඩ මුස්ලිම් සම්භවය නිසා නොවේ නම් ඇය මට කියනු ඇත්තේ “ඌරා” කියාය.) මගේ තරුණ කඩවසම් සිරුර මේ වන විට මක් වීද සිතන්ට බැරි තරමට වෙනස් වී තියේ. බිස්නස් කරන කාලයේද ඉදිරියට නෙරා විත් තිබුණු බඩ දැන් පත කළ ගෙඩියක් වැන්න. මට මෙවැනි අලි බඩක් ආවේ කොහොමද හිතා ගන්ට වත් බැරිය. පපුවේ රෝම කූපයන් බාගයට බාගයක් සුදු පැහැයට හැරිලාය. පියකරු තරුණ මුහුණ මටම කැතය සිතන තරමට වැහැරිලාය. එකම සහනය තවමත් තට්ටය පෑදෙන්ට පටන් නොගැනීමයි. ළඟදීම එයද වන්ට පිළිවන. පොඩියක් කෙට්ටු වීම පිණිස හවසට දුවන්ට පටන් ගන්ට ඕනෑය මට සිතුණේය. නැතිනම් මා මහීරා සමඟ ඉන්නා විට අප දෙදෙනා beauty and the beast ලෙස පෙණෙනු ඇත්තේය.

“සර්…”

“ඇයි…”

“නාගන්නෙ නැද්ද…?”

“මාව නාවන්ට බැරිද…?”

“අනේ පුංචි බබා නාවන්න…”

මම නාන කාමරයට ඇතුළු වීමි. ඇය මවක දරුවකු නහවන්නාක් සේ මා නාවා පිරිසිදු කළාය.

අපට ඉක්මණින් අහර ගෙන අහවර කරන්ට වූයේ ඇයට පදනම් ආයතනයේ ඇගේ කාමරය නිදහස් කරන්ට තිබුණු නිසාය. මම පදනම් ආයතනයටම නොයා ඇය නිදහස් චතුරශ්‍රය අසළින් බැස්සුවෙමි. සියල්ල කරදරයකින් තොරව සිදුවුණු බව ඇය පසුව මට දුරකථන කොට දැන්වූවාය.

ඉන් පසු මාස කිහිපය තුළ ජීවිතය ෆාස්ට් ෆෝර්වර්ඩ් කළාක් සේ දිවෙන්ට පටන් ගත්තේය.

මුල්ම සිද්ධිය වූයේ මහීරා ක්ෂුද්‍ර විදුලි බලාගාරය සම්බන්ධ කටයුතු වලින් ඈත් වීමයි. ඊට හේතු වූයේ ඇය අදාළ රාජ්‍ය නොවන සංවිධානයෙන් වැටුපක් ඉල්ලීම හා ඒ ඉල්ලීමට ඉඩ නොලැබීමය.

“බලන්න අනේ, මං මෙච්චර කාලයක් මේක මගේ දෙයක් වගේ කිසිම පඩියක් නොගෙන කළා. හැමදාමත් එහෙම කරන්න බැහැනෙ. නමුත් ඒ අය සතයක් වත් දෙන්න ලැහැස්ති නැහැ…ඒක ගමට යහපතක් නිසා මට පඩියක් ගෙවන්න ඕනැ ගමෙන්ලු. ඒක හරි කතාවක්නෙ. මේ මිනිස්සුන්ට ඕවට සල්ලි තියෙනවද…?” ඇය මට කථා කළ අවස්ථාවක කීවාය.

මේ ප්‍රවණතාවයේ ලොකු වරදක් මම නුදුටුවෙමි. ඇත්තටම මටත් අවශ්‍ය වූයේ ඇය ගමෙන් එළියට ගන්ටය.

“දැන් මොකද කරන්ට බලාගෙන ඉන්නෙ?” මම ඇසීමි.

“තාම දෙයක් හිතල නැහැ. අනේ ඔයාට බැරිද මට රස්සාවක් හොයල දෙන්න…?”

මේ ඉල්ලීම කවදා හෝ මට එල්ල වෙතැයි මම දැන සිටියෙමි. එ නිසා මා සිටියේ එය එල්ල වූ මොහොතක ඊට පිළිතුරු දීමේ සූදානමිනි. ඇත්තටම ඇයට කළ හැකි රැකියාවක් ගැනද මගේ සිතෙහි යම් අදහසක් තිබුණේය. ඒ මගේ පාසල් සමයේ සගයකුට අයත් සමාගමකය. (මගේ බිස්නස් වලට ඇය ගාවා ගන්ට මම අකැමැති වූයෙමි. හේතූන් කිහිපයක් නිසාය. මම ඥාතීන් හා මිතුරන් බිස්නස් වලට සම්බන්ධ කර නොගනිමි. එය කරදර වැඩකි. අනෙක මට අවශ්‍ය වූයේ ඇයට සැබෑ ලෙස වැඩ ඉගෙන ගන්ට හැකි තැනකි. මා ඇය මගේ යටතට ගතහොත් ඇයට ඒ අවස්ථාව නොලැබේ.)

මම නසීර්ගේ දුරකථන අංකය හා ඉලෙක්ට්‍රොනික තැපැල් ලිපිනය ඇයට දී ඔහුට CV එකක් යවන සේ උපදෙස් දුන්නෙමි. මහීරාගේ අර්ධ මුස්ලිම් සම්භවය ගැන මම නසීර්ට යමක් නොකීවෙමි. ඔහුම සොයා ගත්තාවේ. එසේම පස්සෙන් පන්නන්ටද නොගියෙමි. රස්සාවක් අවශ්‍ය නම් ඊට අවශ්‍ය දේවල් කරන්ට ඇය දැන ගත යුතුය. නසීර් මිතුරකු වූ පළියට බලෙන් ඇයට රස්සාවක් ගෙන දෙන්ට මට අවශ්‍ය වූයේ නැත.

දින කිහිපයකට පසුව නසීර් මට කථා කළේය.

“As-salamu alaykum Nazeer, what’s up…?”

“Salam Victor, you remember the girl you talked about…?”

“Yes…?”

“Well, do you know her closely…?”

මම ඇටෙන්ෂන් මෝඩ් එකට ඇතුළු වූයෙමි.

“Well, not really. Came to know her through a contact. Have met her once or twice…”

“I have interviewed her and we have a problem…”

“Problem…?

“Yes. A bit…”

“Isn’t she experienced…?”

“Not the experience. I am happy about her. She looks good enough…”

“Then…?”

“She asks for an impossible package. I thought you want to know…”

“How much…?”

“She expects hundred and twenty thousand rupees a month…”

“What…?”

නියෝජ්‍ය ඇමැතිවරයකු හැටියට මගේ මාසික වැටුප රුපියල් 40,000 ක් පමණ වේ. දීමනාත් සමඟ සම්පූර්ණ පැකේජය රුපියල් අසූ දහස නොපනී. මාසෙකට රුපියල් 1,20,000 ක පඩියක් ඉල්ලන්ට මැයට පිස්සුද?

“Yes. She said that is what she earns a month by helping her father’s agri-work and part time teaching…”

මේ කිසිවක් ඇය මට කියා නැත. ඇරත් ඒ සියල්ලෙන් වුව මෙතරම් මුදලක් ඉපැයීම තේරුම් ගත නොහැකිය. මේ වන විට ඇගේ බොරු කතා ගැන මම වෙහෙසට පත්ව සිටියෙමි. ඇයට රැකියාවක් සොයා දීමට මම උත්සාහ කළෙමි. ඇයට එය කරන්ට අවශ්‍ය නොවේ නම් මා කුමක් කරන්ටද?

“I don’t think Nazeer, but anyway that is not for us to judge. If she doesn’t want to take what you can realistically offer let us forget this…”

“Yes, Victor. That was what I wanted to tell you. I am sorry that I of little help…”

“No worries Nazeer. I don’t expect you to do miracles…”

මට මහීරාට කතා කොට බනින්ට හිතුණේය. ඇය කතා කරන්නේ රටේ තොටේ කිසිම දෙයක් නොදැනද? උදව් කරන්ට තැත් කළ විට මෙලෙස ඇය මා විහිළුවට ලක් කරන්නේ මන්ද?

මොහොතකට පසු මම මගේ තීරණය වෙනස් කර ගතිමි. රැකියාව අවශ්‍ය වූයේ ඇයටය. මම එය ලබා දෙන්ට අවංකව උත්සාහ ගෙන ඇත්තෙමි. ඇයට එය එපා නම් මා කුමක් කරන්ටද? අනෙක මේ තත්ත්වයන් යටතේ ඇය කොතැනක හෝ රැකියාවක් කරනු ඇතැයි සිතිය හැකිද?

ඉන්පසු දින කිහිපය තුළ මහීරා සමඟ කතා කළත් මේ ගැන කිසිම දෙයක් සඳහන් නොකරන්ට මම පරිස්සම් වීමි. ඇයද කිසිවකුත් නොකීවාය. ඇය කතා කළේ කිසිම සම්බන්ධයක් නැති වෙන දේවල්ය.

මේ නිසා නසීර්ගෙන් දින කිහිපයකට පසුව ලද ඊළඟ දුරකථන ඇමැතුම මා පුදුමයට පත් කළේය.

“Victor, that girl agreed to work for us…”

“What…? How much you pay…?”

“Finally she agreed to work for Rs. 7,000…”

මට එක පාරටම හිනා ගියේය.

“Why are you laughing…?

“It looks you got a real bargain…”

“Yes, I cannot understand it. She just called and said she is ready to work for any salary. So I offered what I can…”

“Strange…”

“Victor, I want to tell you another thing…”

“Yes…”

“Her CV says she is an entrepreneur and set up a micro-hydro project but I know this is an NGO project..”

“Yes. I should tell you this. She has the bad habit of exaggerating things. But other than that she has no problems…”

“True. I don’t find anything wrong with her. No problem Victor. Anyway I am taking her probationary for six months…”

“Thanks Nazeer…”

ඉන්පසු සිද්ධීන් ටික මම නැවත ෆාස්ට් ෆෝවර්ඩ් කරමි. රැකියාවට ඇය කොළඹ පැමිණිය යුතු වූවාය. එසේම නවාතැනක් සොයා ගන්ටද අවශ්‍ය විය. අවශ්‍ය නම් මට නවාතැනක් සොයා දෙන්ට පුළුවන්කම තිබුණේය. නමුත් ඇය නොඉල්ලූ නිසා මම ඊට මැදිහත් නොවීමි. මට අවශ්‍ය වූයේ ඇය කවදා හෝ තනියෙන් නැඟිටිනු දකින්ටය. (මේ මා ඇය විවාහ කර ගන්ට තීරණය කරන්ට බොහෝ කාලයකට පෙරය.) මේ නිසා හැම දෙයක්ම ඇයට තනියෙන් කර ගන්ට දී මම පසෙකට වීමි. මා ඇයට උදව් කළේ අළුත් රැකියාවට අවශ්‍ය ඇඳුම් ටිකක් ගන්ට විතරය.

පුදුමයකට මෙන් ඇයට දෙහිවලින් නවාතැනක් සොයා ගන්ට අපහසු වූයේ නොවේ. එහෙත් එය සොයා ගත්තේ කෙසේද කියා ඇය කෙදිනකවත් පැහැදිළිව නොකීවාය.

“අර ගායකයෙක් ඉන්නෙ ටී. එම්. ජයරත්න කියලා…”

“ආ, එයාද බෝඩිං ප්ලේස් එක හොයලා දුන්නෙ…?”

“නෑ අනේ අයාගෙ පුතාගෙ යාළුවෙක්ගෙ මාර්ගයෙන් හම්බවෙච්චි එකක්. ඒක නෙවෙයි, ඔයා කැමැති නැද්ද ටී. එම්. ජයරත්නගෙ සින්දු අහන්න…?”

මින්පසු නවාතැන ගැන ඇසූ හැම වාරයකදීම කතාව ටී. එම්. ජයරත්න ගෙන් කෙළවර විය. මමද හාරා හාරා අවුස්සන්ට නොගියෙමි.

මා සිතූ හැටියට මේ වන විට අප දෙදෙනා අතර අපේ සම්බන්ධය ගැන අලිඛිත අවබෝධයක් විය. මම වෙනත් ගැහැණුන් ආශ්‍රය කිරීම, අඩු තරමින් රාගාශ්‍රිත විහිළුවක් වත් කිරීම සම්පූර්ණයෙන් අත් හළෙමි. ඇයටද මා ඒ බව කී අතර මා ඇගෙන් බලාපොරොත්තු වූයේද එයමය. කවදාවත් කෙළින්ම ප්‍රකාශයක් නොකළද ඇය වක්‍රව ඒ බව ඇඟෙව්වාය.

“දැන් රස්සාවක් හොයල දුන්නට මොකද්ද මට දෙන්නෙ…?” මම වරෙක ඇගෙන් ඇසුවෙමි.

“තව මොනව දෙන්නද? මගෙ මුළු ජීවිතේම ඔයාට දීල තියෙද්දි…?” ඇය කීවාය.

මේ නිසා මගේ නිගමනය වූයේ අප දෙදෙනාගේ සම්බන්ධය සංවෘත එකක් බවයි. සමහරවිට එය මෝඩ ලෙස විශ්වාස කරන්ට මට අවශ්‍යව තියෙන්ට ඇත.

ඇය කොළඹ ආවායින් පසු අප හමුවීමේ සංඛ්‍යාතය වැඩි වූ බව කිවමනා නොවේ. එසේම මම ඇය මැජෙස්ටික් සිටි, ක්‍රෙස්කැට්, ඔඩෙල් ඇතුළු ඇයට ඉන්පෙර විවෘත නොවූ ලෝකයකට ගෙන ගියෙමි. ඇය හැසිරුණේ නම් උපන්දා සිට ඒවායේ දිවිගෙවූ ලෙසය. එහෙත් හද්දා පිටිසර කෙල්ලකට මේ ගොඩයට මැජික් බව මා නොදැන සිටියා නොවේ.

ඉක්මණින්ම ඇය සිංගප්පුරුවට හෝ බැංකොක් වලට රැගෙන යන්ට මම අදහස් කළෙමි. එහෙත් අනවශ්‍ය පරිදි ඇගේ පවුලේ අවධානය ලක් වන්ටද මට අවශ්‍ය වූයේ නැත.

සතියකට දවසක් විතර ඇය මා සමඟ රැය ගත කළාය. මේ අත්දැකීම් මගේ පොකට් එකට ටිකක් තදින් දැනෙන්ට පටන් ගත් හෙයින් මම ටජ් වෙනුවට රේණුකා එකට ස්ථානය මාරු කළෙමි. එය ඈට ගැටළුවක් නොවීය සිතමි.

මගේ ඇයට වූ ආදරය කවදා පටන් ගත්තේද මට නිශ්චිතව කිව නොහැකිය. සමහරවිට එය ඇය දුටු දවසේ පටන්ම විය හැකිය. සමහරවිට ඇය කොළඹ ආවායින් පසුව විය යුතුය. කෙසේවෙතත් මට ලව්සික් වැළඳී ඇති බව නම් අවබෝධ කොට ගතිමි. ඒ ඇය සමඟ රැයක් ගත කරනවාට වඩා අළුත් සිතුවම් පටයක් බලන්ට ඇය රැගෙන යන්ට මට උනන්දුවක් ඇති වූ නිසාය. ලිංගික සුවය වෙනුවට ඇගෙන් මම ආදරයක් බලාපොරොත්තු වන්ට පටන් ගත්තෙමි.

බියට්‍රිස්ගේ මරණයත් සමඟම, සමහර විට ඊට පෙර සිටම මගේ ජීවිතයේ විශාල හිස් තැනක් ඇති වී තිබුණේය. ඇය විසින් පුරවමින් සිටියේ ඒ හිස් ඉඩය.

මා ඇය විවාහ කර ගත යුතුද නැද්ද යන ප්‍රශ්නය සම්බන්ධයෙන් නම් මගේ හදවත හා බුද්ධිය සිටියේ දෙතැනකය.

මට ඇය විවාහ කර ගන්ට අවශ්‍ය වූ එකම හේතුව ඇය මට අහිමි වේද යන බියයි. නැතිනම් මේ ගෙවන දිවියෙන් මම සෑහීමකට පත්වීමි. නමුත් විවාහ වන වයසේ සිටි මහීරා කොයි මොහොතක හෝ “සර් මට ආදරේ බව දන්නවා, ඒත් සර්ට මාව හැමදාම බලා ගන්න බෑනෙ.මටත් අනාගතයක් තියෙන්ට එපායැ…” කියයිද කියන්ට බැරිය. එවිට මට වන්නේ වහ කන්ටය.

විවාහය ගැන බුද්ධිය තර්ක කළේ මෙසේය.

මම වැන්දඹු පුරුෂයෙක්මි. මැදිවිය ගත කරමි. එනිසා මට නැවත කසාද බඳින්ට කවරකුගේවත් අවසරය අවශ්‍ය නොවේ. මේ නෛතිකවය. සාමාජීය වශයෙන් එය එසේ නොවේ. තවම ජීවතුන් අතර ඉන්නා මගේ අම්මා මා “දහ පඳුරියක” විවාහ කර ගැනීම කොයි ලෙසකින් දකියිද සිතන්ට අමාරු නොවේ. මගේ ඥාති වර්ගයා ගනු ඇත්තේද අම්මාගේ පැත්තය. අනෙක් අතට මට රැක ගන්ට දේශපාලන ජීවිතයක් ඇත. මාත් මගේ පවුලත් අතර බිඳීමක් දේශපාලන විරුද්ධවාදීන් විසින් අනිවාර්යයෙන්ම තමන්ගේ වාසියට හා මගේ අවාසියට යොදා ගනු ඇත්තේය.

අප දෙදෙනා අතර තවත් බෙදීම් තිබුණේය.

මහීරා සිංහල-මුස්ලිම්ය. මට වසර විසි පහකින් පමණ බාලය. ගැමි තරුණියකි. ලොකු උගත්කමක් නැත. දුප්පත් පවුලකය. ඇගේ දෙමාපියෝ දුප්පත්තුය. මා හා සම වයසේය. ඇගේ මව මටද බාලය සිතමි.

මේ වෙනස්කම් මගේ සංකීර්ණ ජීවිතයට කෙසේ බලපානු ඇද්ද?

දේශපාලන ක්ෂේත්‍රයේ කටකතා පැතිර යන්නේ අධි වේගයෙනි. දිනක් පාර්ලිමේන්තු ලොබියේදී ටිරෝන් ප්‍රනාන්දු “Young man…” කියා මගේ කරට අත දමාගෙන මා පැත්තකට ගත්තේය. ඔහු ලලිත් ඇතුලත්මුදලි-ගාමිණී දිසානායක-රන්ජන් විජේරත්න යුගයේ සිටම මා දැන සිටි තවත් පරිනත දේශපාලනඥයෙකි. ජ්‍යෙෂ්ඨයෙකි. ඔහු මට ‘Young man’ කිව්වේ වයස පරතරය නිසාම නොවේ. ඇත්තටම අප දෙදෙනා අතර ලොකු වයස පරතරයක් නැත. මේ ජ්‍යෙෂ්ඨයින් අප සැලකුවේ ආදරයෙන් බලා ගත යුතු දරුවන් විදියටය.

“Victor, what are these stories I hear about you…?”

“What do you hear sir…?”

මම ආයාසයෙන් මුවඟට සිනාවක් මතු කර ගතිමි.

“Nothing serious Victor. But you should be careful. You are no longer young. You are at a critical age. I don’t want to get into your personal life, but be careful. Don’t forget the politicians live in glass houses…”

“Sir, you didn’t tell me what you heard…”

“Not just heard Victor. I saw you with her once. You were so engaged that you didn’t see me. She is beautiful but still too young…”

“Ah…”

“I know you are single Victor, so I don’t really bother seeing you with a lady friend…what worries my friend, is something else…”

“…And that sir…?”

“Don’t pretend Victor. It is written all over your face. I am ready to take any bet that you are in love with that girl…”

.

.

(ඉවසන්න……………සමනළයා යළි පියා සලන තෙක්)

Re-Post: (27) ඇය මගේ ඇඳට ආවාය || She came to my bed

කාලය: 2002 අග හරිය, සමාන්තර විශ්වය
ස්ථානය: ලංකාව

**********(නියෝජ්‍ය අමාත්‍ය වික්ටර් සාලිය බණ්ඩාර කියන කතාව)**********

මෙතෙක් කතාව: වික්ටර් බණ්ඩාර තමන්ම කුඩා විදුලි බලාගාරයක් තැනූ බව කියා ලිපියක් එවූ සිංහල-මුස්ලිම් තරුණියක මුණ ගැසෙන්ට යයි. ඇගේ ආරාධනය අනුව ඔහු ඇගේ නිවසෙහි රැයක් නතර වේ. මේ නතර වීමෙන් පසු ඔහු වෙනස් මිනිසෙක් බවට පත් වේ. එහෙත් ඔහුට තවමත් මහීරා තේරුම් ගත නොහැකිය. ඇය ඔහුට විශ්වාස නොකළ හැකි කතන්දර ගණනාවක් කියා තිබේ. දිනෙක ඇය තමන් පිටසක්වළින් මෙහි එවන ලද නියෝජිතවරියකිය ඔහුට කියයි. මේ එතැන් සිට කතාවයි.

“ඔයා මං කියන දේවල් විශ්වාස කරන්නෙ නෑ නේද?” ඇය ඇසුවාය.

මට එක එල්ලේ යමක් කියා ගන්ට බැරිවිය. “පිස්සු කතා නොකර ඉන්නවා!” වෙන කෙනෙකු මෙවැන්නක් කීවේ නම් කියන්ට තිබිණි. ඇයට එසේ කියන්ට බැරිය. මා උත්තර දුන්නේ මිනිත්තු කිහිපයකට පසුවය.

“ඔය වගේ දේවල් ගැන මගේ තියෙන්නෙ විවෘත දැක්මක්. මට ඔයා කියන දේ ඇත්ත හරි බොරු හරි කියන්න තරම් සාක්ෂි නැහැ. ඒ හන්ද මම ඒක ගැන තීරණයක් ගන්නෙ නැහැ. මම ඒ ගැන විවෘත මනසකින් ඉන්නෙ…”

“හරි, මං ඔයාට සාක්ෂි ඉදිරිපත් කළොත් ඔයා පිළි ගන්නවද…?”

“ඔව්. සාක්ෂි තියෙනවනම් මම පිළි ගන්නවා…” (මා වෙන මොනවා කියන්ටද?)

“එහෙනම් ඉන්නකෝ, මම මගේ කතාව කියන්න…”

මට විනාඩි පහකින් රැස්වීමක් තිබුණේය. එනිසා කියන දෙයක් කෙටියෙන් කියන ලෙස මම ඇයට කීවෙමි.

“මං පුංචි කාලෙ අනෙක් ළමයි වගේ නෙවෙයි…” ඇය කීවාය. “…මම වයස අවුරුදු දෙකේ තුනේදි කාටවත් නොතේරෙණ භාෂාවකින් කතා කළා කියලා අම්මලා කියනවා…”

මේ පුදුමයක් නොවන බව ඇයට කිව යුතුද? මේ වයසේ දරුවකු හෝ දැරිවියක අනිවාර්යයෙන්ම අවෙශේෂ ලෝකයාට කිසිම තේරුමක් නැති බොහෝ දේ කියවයි. කිසිම මානව භාෂාවකට අයත් යැයි සිතන්ට බැරි අපූරු ශබ්දද නිකුත් කරයි.

මගේ නිහඬතාවය ඇය ඍණාත්මකව ගත්තාක් සේය.

“ඔයා හිතන්නෙ බොරු කියල නේද? බොරු නෙවෙයි අනේ. අපේ අම්මල මං කියපු දේවල් පොතක ලියලත් තියෙනවා…”

මෙය අප නිතර අසා පුරුදු පුනරුප්පත්ති කතාවේම වඩා සංකීර්ණ වර්ෂන් එකක් බව තේරුම් ගන්ට මට අසීරු නොවීය. එක්තරා වයසකදී ළමයි අඩු වැඩි වශයෙන් අමුතු කතා කියන්ට පටන් ගනී. මගේම නංගීද මෙසේ අමුතු කතා කී බව මට මතකය.

“…අපේ ගේ තිබුණේ ලොකු කන්දක් මුදුණේ. අපේ තාත්තයි අම්මයි මැරිලා. මම ආච්චි එක්ක හිටියේ. ආච්චිගෙ නම බටකොළ-ආච්චි. සීයගෙ නම කදිරා…”

“…දවසක් දා රාජ කුමාරයෙක් කැළේ අතරමං වෙලා අපේ ගෙදරට ආවා. ඇවිල්ලා දොර අස්සෙ හැංගිලා හිටියා.  අපි එයාව කාර් එකේ දාගෙන මාළිගාවට ඇරලෙව්වා…”

“…අපේ ගේ ගොඩාරියක් ලොකුයි. රතුපාටයි, කහපාටයි, නිල්පාටයි, දම්පාටයි, තැඹිලි පාටයි තීන්ත ගාලා තිබුණේ. ගේ වටේම පුහුල් වවලා තිබුණා. හරීයට සමනල්ලු හිටියා. පූසොත් හිටියා. සිංහයොත් හිටියා.ලොකුම සිංහයගෙ නම ටාසන්…”

“…මම ඉස්කෝලෙ ගියේ කෝච්චියේ. කෝච්චිය එළෙව්වෙ සුනිල් කියල අන්කල් කෙනෙක්. එයාට ගිරවෙක් හිටියා. ඒ ගිරවගෙ කරේ රත්තරන් පාට මාලයක් බැඳල තිබුණා. කෝච්චියෙදි අපට සුනිල් අන්කල් අයිස් ක්‍රීම් කන්න දෙනවා. ගිරවත් අයිස් ක්‍රීම් කනවා…” (අපේ නිවසට නිතර අත්වැඩ කරන්ට ආ තරුණයකුගේ නමද සුනිල්ය. හැබැයි කෝච්චියක් නම් ඇය තරමක් ලොකු වනතුරුම දැක නොතිබුණාය.)

ඇය මේවා කියනු අසා අපි උඩ පැණ පැණ හිනාවෙමු. “ආ නංගි, සීයගෙ නම කදිරා නේද?” යි පසු දිනයෙක ඇසූ කළ ඒ නම ඇයට මතක හිටී. (‘කදිරා’ යනු එවක ප්‍රකටව තිබුණු මුවන්පැලැස්ස ගුවන් විදුලි නාටකයේ ප්‍රධාන චරිතයකි.) ඉන්පසුව ඇය ගෙදරට එන අමුත්තටද “මගේ සීයගෙ නම කදිරා” කියයි. ඉන්පසු සියල්ලන් සිතන්නේ ඇය ඇත්තටම කදිරා නම් සීයා කෙනෙකු ගැන කියනවා කියාය.

අපේ සමාජ මට්ටමට වඩා අඩු මට්ටමකදී නම් මෙවැනි දරුවකු අනිවාර්යයෙන්ම ‘පුනරුප්පත්ති කතා කියන්නකු’ බවට පත් වේ. දෙමාපියන් සිතන්නේ දරුවන්ට – විශේෂයෙන්ම කුඩා දරුවන්ට කිව හැක්කේ තමන් විසින්ම ඔවුන්ට කියා දෙන කතා විතරකැයි කියාය. විවිධ පුද්ගලයින්ගෙන් අසන කතා කොටස්, සිද්ධීන්, අත්දකින අවස්ථා සිහිනයකදී මෙන් කලවම් කොට තමන්ගේ පරිකල්පනයද අවිඥානකව ඊට එකතු කොට කුඩා දරුවන්ට ඔවුන්ටම සුවිශේෂ වූ අපූරු කතා මවන්ට පුළුවන් බව දෙමාපියන්ට වැටහීමක් නොවේ.

අනෙක් අතට ‘පුනරුප්පත්ති කතාවක්’ හොඳ ආදායම් මාර්ගයකි. මේ නිසා සුලු දෙයක් වුව පෝර දා වගා කර ගන්නා තැනට මිනිස්සු පත්වෙති.

කාලයකට පෙර රණසිංහ ප්‍රේමදාස මහත්තයා නැවත උපන්නේය රාවයක් පැතිරූ හඟුරන්කෙත පියකු තම කුඩා දරුවා විකුණා ගමටම හොද්ද බොර කර ගත්තේය. ගෙදරට වැල නොකැඩී ආ සෙනඟ පවුලට මුදලින් ආධාර කළා පමණක් නොව දරුවාගේ නමින් බැංකු ගිණුමක්ද විවෘත කොට ඊට ලක්ෂ ගණනක මුදලක් රැස් කළේය. එන සෙනඟට කඩල, සරුවත්, අරුමෝසම් බඩු, අයිස් ක්‍රීම් විකුණා තවත් විශාල පිරිසක් දෛනික ආදායමක් උපයා ගත්තෝය.

මේ එස්. බී. දිසානායකගේ මහ ගෙදර කිට්ටුවය. ගමේ ගිය විටෙක එස්. බී. “අනේ බොංඩියෙ, ප්‍රේමදාසට පුළුවන්ද අපේ ගමේ උපදින්න? ඕකා ප්‍රේමදාස නම් ඌ අපේ කොල්ලන්ට කළ දේම ඌටත් කරනවා” කියා දරුවාගේ මවට තගක් දමා තියේ. එදායින් පසුව, යළි ඉපැදුණු ප්‍රේමදාස එක රැයින්ම අතුරුදහන් විය.

“මොනවද ඉතින් ඔයා කියල තියෙන්නෙ…?” මම මහීරාගෙන් අසමි.

“මම කියල තියෙනව මම ආපු ග්‍රහලෝකෙ විස්තර. හැබැයි ඒ ගොල්ල වැඩිය සැලකිල්ලට අරගෙන නැහැ. ඒ හන්ද සටහන් කරගෙන නැහැ. නැත්නම් මට ඔයාට ඒ තොරතුරු ඔක්කෝම කියන්න තිබුණා…”

“දැන් මට මීටිමකට යන්න තියෙනවා. ඉතුරු ටික හෙට කියනවද…?”

“අනේ ඉන්නකෝ. ඔයා හොඳම හරියට එන කොටනෙ දුවන්න හදන්නෙ…”

“තව විනාඩි දෙකක් දෙන්නම්. ඉක්මණට කියන්න…”

“හා. ඔන්න මට වයස පහක් විතර වෙන කොට ඒ ගොල්ල තවත් දෙයක් එව්වා…”

“ඒ මොකද්ද…?”

“උල්කාවක්…”

“උල්කාවක්…?”

“ඔව්. අපේ ගෙදර පිටිපස්සේ වත්තටමයි කෑල්ලක් කඩා ගෙන වැටුණේ…”

“ඒකට මොකද වුණේ…?”

“මම එතකොට පොඩියි. මොකද්ද කියලා දන්නෙ නෑ…හැබැයි මටම තමයි ඒක හම්බ වුණේ. ලොකු කළුපාට ගලක් වගේ එකක්. හැබැයි නිකං කළු ගලක් වගේ නෙවෙයි ඔපදාලා වගේ…”

“ඒක තාම තියෙනවද…?”

“නෑ අපේ තාත්තා ඩොක්ටර් චන්දන ජයරත්නට ඒක ගැන දන්නලා තිබුණා. එයා ඇවිත් ඒක ගෙනිහිල්ලා. ඔයා එයාගෙන් අහලා බලන්නකෝ. ලංකාවෙ හරි ලෝකෙ හරි කොතැනකවත් ඒ තරම් ලොකු, ඔප දාපු උල්කාපාතයක කොටසක් හමු වෙලා නැහැ. ඒක කෝටි ගාණක් වටිනවලු. ඩොක්ටර් චන්දන ජයරත්න ඒක නාසා එකට විකුණුවලු ලොකු ගානකට. නාසා එකේ අයත් පුදුම වුණාලු ඒක දැකලා. නාසා එකෙන් පිරිසක් ඇවිත් අපේ වත්තත් අඟලක් නෑර බැලුවලු තව උල්කා කොටස් තියෙනවද කියලා. හැබැයි හම්බ වෙලා නෑ මොකුත්ම…”

“ඔය වාගෙ දෙයක් වුණා නම ළමයො ඒ කාලෙ පත්තර වලත් යන්න එපායැ…”

“ඔව්. මෙහේ පත්තර වල නෙබෙයි. ඇමෙරිකාවෙ ඒවයෙ මේ ගැන පළ වෙලා තියෙනවා. Times මැගසින් එකේ දිග ලිපියක් පළ වෙලා තියෙනවා. ඩොක්ටර් චන්දන ජයරත්න අපේ තාත්තටත් කොපියක් ගෙනල්ල දීල තිබුණලු.අපේ වත්තෙත් පින්තූරයක් තිබුණලු ඒකෙ…”

“Times නෙවෙයි TIME වෙන්න ඇති. Times කියන්නෙ පත්තරයක්නෙ…”

“ඔව්. ඔව්. TIME මැගසින් එක තමයි…”

“ඒක තාමත් ඇතිනෙ එහෙනම්…?”

“නෑ අනේ, අපේ අම්ම දවසක් ඇඳුම් මදින කොට වැරදිලා ඒක උඩින් ඉස්තිරික්කෙ තියලා ඒක පිච්චිලා…”

“අඩුගාණෙ පුස්තකාලෙකින්වත් හොයා ගන්න පුළුවන් ඇතිනෙ. ඔයාට මතක නැද්ද දවස්…?”

“මට හරියටම මතක නෑ. මම හොයලා කියන්නම්කෝ. මේ ගොඩාක් ඉස්සරනෙ…”

“හරි. දැන් මට යන්න තියෙනව. හෙට කියන්නකෝ ඉතුරු ටික…”

දයාබර පාඨකය, පසු දිනයෙහි ඇය තමන් නතර කළ තැනින් කතාව පටන් ගත්තේය ඔබ සිතන්නේ නම් ඔබ වැරදිය. ඇය මට කතා කළ මුත් මේ මාතෘකාව ගැන වචනයක් වත් නොකීවාය. ඇය කතා කළේ මෙහෙම දෙයක් මට කීවාදැයි අංශුමාත්‍රයක්වත් මතක නැති සේය. කොටින්ම එදින සිට සති දෙකක විතර යනතුරු ඒ ගැන ඇය මට කිසිවක් සඳහන් නොකළාය. ඒ කාලය තුළ ඇය කතා කළේ එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය සිද්ධීන්ය.

ඇය මට එදා එවැනි කතාවක් කීවේ ඇයි? විහිළුවටද? මා රවටන්ටද? මා බයිට් කරන්ටද?

ආචාර්ය චන්දන ජයරත්නට කතා කොට ඇය කී කතාවේ ඇත්ත නැත්ත තහවුරු කර ගන්ට මට කිහිප වාරයක්ම සිතුණේය. ඒත් කරදර වන්නේ කුමටද? ඇයගේ ගම අහලාවත් නැතැයි ඔහු කියන්ට පිළිවන. ඇගේ කතාවක් තහවුරු කර ගන්ට තැත් කළ හැම අවස්ථාවකම මා ගිහින් නතර වුණු dead end එක මෙතැනදී වෙනස් වෙතැයි සිතිය හැක්කේ කෙසේද? මේවා සමාන්තර විශ්වයකදී සිදුවන ක්‍රියාවලි මෙන්ය. ඇගේ සමාන්තර විශ්වයේදී සිදුවී තියෙන්නේ අප ජීවත්වන පොදු විශ්වයේදී වුණු දේවල් නොවේ.

මා මේ සියල්ල අමතක කර දමන්ට ඔන්න මෙන්න කියා තිබියදී ඇය ආපහු දවසක මේ පිටසක්වළ කතාව ඇද ගත්තාය.

“එදා මං ඔයාට කිව්ව නේද අපේ වත්ත පිටිපස්සට උල්කාවක් වැටුණ කියලා…”

“හ්ම්…”

“මං ඉතුරු ටික කිව්වෙ නැහැනෙ…”

“හ්ම්…”

“මොකද අනේ හ්ම් හ්ම් ගාන්නෙ බකමූණෙක් වගේ…”

“හා, කියන්නකො ඉතින්…?”

“ඒ වැටුණයින් පස්සෙ අපේ වත්ත එහෙම පිටින්ම වෙනස් වුණා. වත්තෙ වැවෙන හැම දේම ලොකු වෙන්න පටන් ගත්තා. පොල් ගස් අනෙක් පොල් ගස් වගේ තුන් ගුණයක් විතර උඩට ගියා…”

“කෝ මං එදා එහෙම පොල් ගස් දැක්කෙ නෑනෙ..?”

“ඒ දැන්නෙ. මං මේ කියන්නෙ කොච්චර කාලෙකට ඉස්සෙල්ල කතාවක්ද? දැන් ඒ ගස් මැරිලා ගොඩාක් කල්…”

“දැන් එහෙම වත්තෙ වැවෙන ගස් ලොකු වෙන්නෙ නැද්ද…?”

“දැන් ඒකෙ බල බිඳිලා. ඒ කාලෙ නම් හැම ගහකම වෙනසක් තිබුණා. නාරං ගහක් තිබුණා ඒකෙ ගෙඩි දොඩම් ගෙඩි තරම් ලොකු වෙනවා. බිලිං ගහේ ගෙඩි පිපිඤ්ඤා තරමට ලොකුයි. දැන් ඒ බල නැහැ. ඒ වුණත් ඔයාට පේන්න ඇති තාමත් අපේ වත්තෙ ඕනැ දෙයක් හොඳට වගා කරන්න පුළුවන්. ඵලදාවත් හොඳයි…”

මම කිසිත් නොකියා නිහඬ වූයෙමි.

මින් පසුව ඇය ගැන මතයක් ගොඩ නඟා ගන්ට මම උත්සාහ කළෙමි. මෙහි පහත ඇත්තේ ඒ මතයයි. මා නිවැරදිද නොදනිමි.

මහීරා අතිශයින් බුද්ධිමත් යුවතියකි. විශේෂයෙන්ම ඇය වෙසෙන පරිසරයට සාපේක්ෂව ඇය කැපී පෙණෙන ලෙස දක්ෂය. ස්මාර්ට්ය. බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තීය. ඇගේ පියා කී ලෙසට විද්‍යාලයේදී ප්‍රධාන ශිෂ්‍ය නායිකාවද වන අතරම වසරේ හොඳම සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ප්‍රතිඵල ගෙන තිබුණේ ඇයයි. එසේ වුවත් ඇය වෙසෙන සමාජය තුළින් ඇගේ දක්ෂතා වලට බුද්ධියට ඇයට යම් පිළිගැනීමක් නොලැබේ. ඒ දක්ෂතා බුද්ධිය තේරුම් ගන්ට තරම් ඒ සමාජය දියුණු වී නොමැතිය. ඔවුන් සිටින්නේ ඇයට බොහෝ පහළිනි. ඇය කියන්නක් ඔවුන්ට නොවැටහේ. එසේම ඇගේ පියා හා මවගේ සාම්ප්‍රදාය විරෝධී සිංහල-මුස්ලිම් සම්බන්ධය නිසා ඇය (පවුලත් සමඟ) සිංහල සමාජයෙන් මෙන්ම මුස්ලිම් සමාජයෙන්ද කොන් වී ඇත. ගමේ ඇයට මිතුරකු මිතුරියකවත් නැත්තේය. ඇය තනියෙකි.

මේ පරිසරයට ඇය ප්‍රතිචාර දක්වන්නේ කෙසේද? තමාගේම ෆැන්ටසියක් මවා එය තුළ ජීවත් වීමෙනි. සැබෑ ලෝකය තුළ ජීවත් වනවාට වඩා මේ ෆැන්ටසිය තුළ ජීවත් වීම ඇයට සුව දායකය. තමන් සමාජයේ අනෙකුන්ට වඩා විශේෂ නිසා මේ සමාජයට තමන් එවා ඇත්තේ යම් වෙනසක් කිරීම පිණිස පිට සක්වළ ග්‍රහලෝකයකිනැයි ඇය ගේ සිතට අවිඥානකව ඇතුළු වී තියේ.

මේ ලෝකයේ රැකියාවක් හෝ ආදායමක් නැති කාගේවත් අවධානයට බඳුන් නොවන නිකම්ම නිකම් ගොඩේ තරුණියක වනවාට වඩා පිට සක්වළින් ආ නියෝජිතවරියක වීම සිතට මොන තරම් සුවදායී හැඟීමක්ද?

මා කළ තවත් නිරීක්ෂණයක් වූයේ ඇය කියන බොරු ලෙහෙසියෙන්ම බොරු බව සොයා ගත හැකි ඒවා බවය. ඇයට මෙසේ අතේ පැලවෙන බොරු කියන්ට කිසිම අවශ්‍යතාවයක් නොවේ. ටිකක් වෙහෙස ගත්තේ නම් මීට වඩා හොයන්ට අමාරු බොරු ගොතන්ට තරම් ඇය බුද්ධිමත්ය. එසේ නම් ඇය ලෙහෙසියෙන්ම හොයා ගන්ට පුළුවන් බොරු කියන්නේ ඇයි? හුදෙක් අසන්නා රවටන්ට වන්ට බැරිය.

මගේ අදහස නම් මේද ඇයගේ ෆැන්ටසියේම කොටසක් බවයි. සමහරවිට තමන් කියන්නෙ බොරු බව ඇයද නොදන්නවා වන්ට පිළිවන. ඇගේ ෆැන්ටසියට අනුව ඔහේ හිතෙන දෙයක් කියයි. ඊට ගැළපෙන සේ අනෙකුත් කාරණා වෙනස් කරයි.

මේ අවබෝධය ලැබීමෙන් පසුව මම ඇය ගැන සිතූ ආකාරය වෙනස් කර ගතිමි. ඇය කපටියක නොවේ. ඉතාම අහිංසක ලෙස අනුන්ගේ අවධානය අයදින්නියකි. ඇය සිටින ස්ථානය (ගම, අධ්‍යාපන මට්ටම) අනුව මේ අවධානය ලබා ගන්ට ලෙහෙසි නැත. ඇය ඒ වෙනුවෙන් විශේෂ ක්‍රමවේදයක් භාවිතා කරයි. මා හසුව සිටින්නේ ඒ ක්‍රමවේදයටය. ඇත්තටම ඇය මගේ අනුකම්පාවට බඳුන් විය යුතු තැනැත්තියකි.

එකතරා මට්ටමකට මා ආත්මාර්ථකාමී වූ බවද නොසැඟවිය යුතුය. ලොකුවටම නොවුණත් ඇය හා යහන් ගත වන්ට මට අවශ්‍යතාවයක් විය. මීට එක හේතුවක් නම් මා මේ වන විටත් ඇය වෙනුවෙන් සැලකිය යුතු මුදලක් හා කාලයක් වැය කොට තිබීමයි. හිටි හැටියේ ඇය මා සමඟ සන්නිවේදනය නතර කළොත් සියල්ල වාෂ්ප වී යන්ට පිළිවන. ඉක්මණ් විය යුතුය.

ඇය මගේ යහනට ගන්ට අසීරු වූයේ නැත. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවෙහි මගේ අමාත්‍යාංශය මඟින් වාර්ෂිකව පවත්වන ‘විදුල්කා’ ජාතික විදුලි බල ප්‍රදර්ශනයට සමාන්තරව මම ක්ෂුද්‍ර ජල විදුලි බලාගාර ව්‍යවසායකයින්ට එක් දින වැඩ මුළුවක් සංවිධානය කළෙමි. ලෝක බැංකුව මේ සම්බන්ධ සියළු බරපැණ දැරුවේය. ඇයට මේ වැඩ මුළුවට සහභාගි වන්ට සඳහා රාජකාරි මට්ටමෙන් ආරාධනා කරන්ට කිසිම අපහසුවක් වූයේ නැත. එසේම කළ වහාම ඇය ආරාධනය පිළි ගත්තාය.

අප මේ වැඩ මුළුවට සහභාගි වූවන්ට නවාතැන් පහසුකම් සැපැයූවේ අසළ පදනම් ආයතනයේ හොස්ටල් එකේය. ගැහැණු පස් දෙනකු හා පිරිමි දොළොස් දෙනකු වෙන් වෙන්වය. දෙදෙනෙකුට එක කාමරය ගණනේ බෙදා ගන්ට සිදු විය. ගැහැණු පස් දෙනකු නිසා එක් අයෙකුට තනි කාමරයක් ගන්ට තිබුණේය. මම කිසිම අපහසුවකින් තොරව එය මහීරාට ලබා දුනිමි.

ඇය පැමිණියේ පියාද සමඟය. තම දියණියගේ ආරක්ෂාව ගැන කල්පනා කළ පියෙකි ඔහු. මම නවාතැන හා සම්බන්ධ කිසිම කටයුත්තකට සහභාගි නොවීමි. පදනම් ආයතනය පැත්ත පළාතේ නොගියෙමි. තම දියණිය තවත් යුවතියන් කිහිප දෙනකු සමඟ රැය ගත කරන බව අසා ඇයගේ පියා තෘප්තිමත්ව නික්ම ගියේලු.

වැඩ මුළුවට පෙර රාත්‍රියේ මම ඇයට කරදර නොකළෙමි. වැඩ මුළුව දවසේ උදෑසන මා ආරම්භක උත්සවයේදී ඇය දුටුවද ඇය සමඟ කතා කරන්ට වත් උනන්දු නොවීමි. ඇයද මගේ උපදෙස් මත මා නොදත්තියක මෙන් හැසුරුණාය. (මා හෙඩ් ටේබල් එකේ හිඳගෙන සිටියදී “ටයි එකටයි කෝට් එකටයි ඔයා හරි ස්මාර්ට්” කියා SMS එකක් නම් එව්වාය.)

එදින සවස ඇය මගේ ජංගම දුරකථන පණිවිඩයකට අනුව වැඩ මුළුවෙන් පසුව නිදහස් චතුරශ්‍රය අසළට ආවාය. මා ගියේ මගේ පුද්ගලික රථයෙන් රියැදුරකු නැතිවය. ලොකු සන් ග්ලාස් එකක් පැළඳය. ඇය රාත්‍රියෙහි කාමරයේ නොසිටි බව කවරකු හෝ නිරීක්ෂණය කරනු ඇතැයි මම නොසිතුවෙමි. එසේ කොට ඇය නැති බව දැන ගත්තද කොළඹ නැන්දලාගෙ ගෙදරක නතර වුණාය කියන්ට ඇය බොරුවක් නිර්මාණය කර ගෙන සිටියාය.

සාමාන්‍යයෙන් මා කොළඹදී යුවතියන් කැටුව යන්නේ රේණුකා හෝ ජානකී හෝටල් දෙකින් එකකටය. දෙතැනම ගාණ අඩුය. කළමණාකාරිත්වයෙන් කරදරයක් නැත. විශ්වාස කටයුතුය. නමුත් මෙදින විශේෂ අවස්ථාවක් නිසා මම ටජ් එකේ ඩබල් රූම් එකක් බුක් කළෙමි.

මළ හිරු බසිනා සැන්දෑ යාමයේ මම බෞද්ධාලෝක මාවත ඔස්සේ ඇය සමඟ රිය ධාවනය කරමින් සිටිමි. ඇය හැසිරෙන්නේ සැහැල්ලුවෙනි.

“ඔයාට බය නැද්ද මාත් එක්ක මෙහම යන්න…?” මම අසමි.

“මොනවට බය වෙනවද…?” ඇය කිසිම බරක් පතළක් නැතිව සිනාසෙයි.

“ඇයි ඒ…”

“ඔයා මගේ සුදු අයියනේ…”

.

.

(ඉවසන්න……………..සමනළයා යළි පියා සලන තෙක්)

(27) ඇය මගේ ඇඳට ආවාය || She came to my bed

කාලය: 2002 අග හරිය, සමාන්තර විශ්වය
ස්ථානය: ලංකාව

**********(නියෝජ්‍ය අමාත්‍ය වික්ටර් සාලිය බණ්ඩාර කියන කතාව)**********

මෙතෙක් කතාව: වික්ටර් බණ්ඩාර තමන්ම කුඩා විදුලි බලාගාරයක් තැනූ බව කියා ලිපියක් එවූ සිංහල-මුස්ලිම් තරුණියක මුණ ගැසෙන්ට යයි. ඇගේ ආරාධනය අනුව ඔහු ඇගේ නිවසෙහි රැයක් නතර වේ. මේ නතර වීමෙන් පසු ඔහු වෙනස් මිනිසෙක් බවට පත් වේ. එහෙත් ඔහුට තවමත් මහීරා තේරුම් ගත නොහැකිය. ඇය ඔහුට විශ්වාස නොකළ හැකි කතන්දර ගණනාවක් කියා තිබේ. දිනෙක ඇය තමන් පිටසක්වළින් මෙහි එවන ලද නියෝජිතවරියකිය ඔහුට කියයි. මේ එතැන් සිට කතාවයි.

“ඔයා මං කියන දේවල් විශ්වාස කරන්නෙ නෑ නේද?” ඇය ඇසුවාය.

මට එක එල්ලේ යමක් කියා ගන්ට බැරිවිය. “පිස්සු කතා නොකර ඉන්නවා!” වෙන කෙනෙකු මෙවැන්නක් කීවේ නම් කියන්ට තිබිණි. ඇයට එසේ කියන්ට බැරිය. මා උත්තර දුන්නේ මිනිත්තු කිහිපයකට පසුවය.

“ඔය වගේ දේවල් ගැන මගේ තියෙන්නෙ විවෘත දැක්මක්. මට ඔයා කියන දේ ඇත්ත හරි බොරු හරි කියන්න තරම් සාක්ෂි නැහැ. ඒ හන්ද මම ඒක ගැන තීරණයක් ගන්නෙ නැහැ. මම ඒ ගැන විවෘත මනසකින් ඉන්නෙ…”

“හරි, මං ඔයාට සාක්ෂි ඉදිරිපත් කළොත් ඔයා පිළි ගන්නවද…?”

“ඔව්. සාක්ෂි තියෙනවනම් මම පිළි ගන්නවා…” (මා වෙන මොනවා කියන්ටද?)

“එහෙනම් ඉන්නකෝ, මම මගේ කතාව කියන්න…”

මට විනාඩි පහකින් රැස්වීමක් තිබුණේය. එනිසා කියන දෙයක් කෙටියෙන් කියන ලෙස මම ඇයට කීවෙමි.

“මං පුංචි කාලෙ අනෙක් ළමයි වගේ නෙවෙයි…” ඇය කීවාය. “…මම වයස අවුරුදු දෙකේ තුනේදි කාටවත් නොතේරෙණ භාෂාවකින් කතා කළා කියලා අම්මලා කියනවා…”

මේ පුදුමයක් නොවන බව ඇයට කිව යුතුද? මේ වයසේ දරුවකු හෝ දැරිවියක අනිවාර්යයෙන්ම අවෙශේෂ ලෝකයාට කිසිම තේරුමක් නැති බොහෝ දේ කියවයි. කිසිම මානව භාෂාවකට අයත් යැයි සිතන්ට බැරි අපූරු ශබ්දද නිකුත් කරයි.

මගේ නිහඬතාවය ඇය ඍණාත්මකව ගත්තාක් සේය.

“ඔයා හිතන්නෙ බොරු කියල නේද? බොරු නෙවෙයි අනේ. අපේ අම්මල මං කියපු දේවල් පොතක ලියලත් තියෙනවා…”

මෙය අප නිතර අසා පුරුදු පුනරුප්පත්ති කතාවේම වඩා සංකීර්ණ වර්ෂන් එකක් බව තේරුම් ගන්ට මට අසීරු නොවීය. එක්තරා වයසකදී ළමයි අඩු වැඩි වශයෙන් අමුතු කතා කියන්ට පටන් ගනී. මගේම නංගීද මෙසේ අමුතු කතා කී බව මට මතකය.

“…අපේ ගේ තිබුණේ ලොකු කන්දක් මුදුණේ. අපේ තාත්තයි අම්මයි මැරිලා. මම ආච්චි එක්ක හිටියේ. ආච්චිගෙ නම බටකොළ-ආච්චි. සීයගෙ නම කදිරා…”

“…දවසක් දා රාජ කුමාරයෙක් කැළේ අතරමං වෙලා අපේ ගෙදරට ආවා. ඇවිල්ලා දොර අස්සෙ හැංගිලා හිටියා.  අපි එයාව කාර් එකේ දාගෙන මාළිගාවට ඇරලෙව්වා…”

“…අපේ ගේ ගොඩාරියක් ලොකුයි. රතුපාටයි, කහපාටයි, නිල්පාටයි, දම්පාටයි, තැඹිලි පාටයි තීන්ත ගාලා තිබුණේ. ගේ වටේම පුහුල් වවලා තිබුණා. හරීයට සමනල්ලු හිටියා. පූසොත් හිටියා. සිංහයොත් හිටියා.ලොකුම සිංහයගෙ නම ටාසන්…”

“…මම ඉස්කෝලෙ ගියේ කෝච්චියේ. කෝච්චිය එළෙව්වෙ සුනිල් කියල අන්කල් කෙනෙක්. එයාට ගිරවෙක් හිටියා. ඒ ගිරවගෙ කරේ රත්තරන් පාට මාලයක් බැඳල තිබුණා. කෝච්චියෙදි අපට සුනිල් අන්කල් අයිස් ක්‍රීම් කන්න දෙනවා. ගිරවත් අයිස් ක්‍රීම් කනවා…” (අපේ නිවසට නිතර අත්වැඩ කරන්ට ආ තරුණයකුගේ නමද සුනිල්ය. හැබැයි කෝච්චියක් නම් ඇය තරමක් ලොකු වනතුරුම දැක නොතිබුණාය.)

ඇය මේවා කියනු අසා අපි උඩ පැණ පැණ හිනාවෙමු. “ආ නංගි, සීයගෙ නම කදිරා නේද?” යි පසු දිනයෙක ඇසූ කළ ඒ නම ඇයට මතක හිටී. (‘කදිරා’ යනු එවක ප්‍රකටව තිබුණු මුවන්පැලැස්ස ගුවන් විදුලි නාටකයේ ප්‍රධාන චරිතයකි.) ඉන්පසුව ඇය ගෙදරට එන අමුත්තටද “මගේ සීයගෙ නම කදිරා” කියයි. ඉන්පසු සියල්ලන් සිතන්නේ ඇය ඇත්තටම කදිරා නම් සීයා කෙනෙකු ගැන කියනවා කියාය.

අපේ සමාජ මට්ටමට වඩා අඩු මට්ටමකදී නම් මෙවැනි දරුවකු අනිවාර්යයෙන්ම ‘පුනරුප්පත්ති කතා කියන්නකු’ බවට පත් වේ. දෙමාපියන් සිතන්නේ දරුවන්ට – විශේෂයෙන්ම කුඩා දරුවන්ට කිව හැක්කේ තමන් විසින්ම ඔවුන්ට කියා දෙන කතා විතරකැයි කියාය. විවිධ පුද්ගලයින්ගෙන් අසන කතා කොටස්, සිද්ධීන්, අත්දකින අවස්ථා සිහිනයකදී මෙන් කලවම් කොට තමන්ගේ පරිකල්පනයද අවිඥානකව ඊට එකතු කොට කුඩා දරුවන්ට ඔවුන්ටම සුවිශේෂ වූ අපූරු කතා මවන්ට පුළුවන් බව දෙමාපියන්ට වැටහීමක් නොවේ.

අනෙක් අතට ‘පුනරුප්පත්ති කතාවක්’ හොඳ ආදායම් මාර්ගයකි. මේ නිසා සුලු දෙයක් වුව පෝර දා වගා කර ගන්නා තැනට මිනිස්සු පත්වෙති.

කාලයකට පෙර රණසිංහ ප්‍රේමදාස මහත්තයා නැවත උපන්නේය රාවයක් පැතිරූ හඟුරන්කෙත පියකු තම කුඩා දරුවා විකුණා ගමටම හොද්ද බොර කර ගත්තේය. ගෙදරට වැල නොකැඩී ආ සෙනඟ පවුලට මුදලින් ආධාර කළා පමණක් නොව දරුවාගේ නමින් බැංකු ගිණුමක්ද විවෘත කොට ඊට ලක්ෂ ගණනක මුදලක් රැස් කළේය. එන සෙනඟට කඩල, සරුවත්, අරුමෝසම් බඩු, අයිස් ක්‍රීම් විකුණා තවත් විශාල පිරිසක් දෛනික ආදායමක් උපයා ගත්තෝය.

මේ එස්. බී. දිසානායකගේ මහ ගෙදර කිට්ටුවය. ගමේ ගිය විටෙක එස්. බී. “අනේ බොංඩියෙ, ප්‍රේමදාසට පුළුවන්ද අපේ ගමේ උපදින්න? ඕකා ප්‍රේමදාස නම් ඌ අපේ කොල්ලන්ට කළ දේම ඌටත් කරනවා” කියා දරුවාගේ මවට තගක් දමා තියේ. එදායින් පසුව, යළි ඉපැදුණු ප්‍රේමදාස එක රැයින්ම අතුරුදහන් විය.

“මොනවද ඉතින් ඔයා කියල තියෙන්නෙ…?” මම මහීරාගෙන් අසමි.

“මම කියල තියෙනව මම ආපු ග්‍රහලෝකෙ විස්තර. හැබැයි ඒ ගොල්ල වැඩිය සැලකිල්ලට අරගෙන නැහැ. ඒ හන්ද සටහන් කරගෙන නැහැ. නැත්නම් මට ඔයාට ඒ තොරතුරු ඔක්කෝම කියන්න තිබුණා…”

“දැන් මට මීටිමකට යන්න තියෙනවා. ඉතුරු ටික හෙට කියනවද…?”

“අනේ ඉන්නකෝ. ඔයා හොඳම හරියට එන කොටනෙ දුවන්න හදන්නෙ…”

“තව විනාඩි දෙකක් දෙන්නම්. ඉක්මණට කියන්න…”

“හා. ඔන්න මට වයස පහක් විතර වෙන කොට ඒ ගොල්ල තවත් දෙයක් එව්වා…”

“ඒ මොකද්ද…?”

“උල්කාවක්…”

“උල්කාවක්…?”

“ඔව්. අපේ ගෙදර පිටිපස්සේ වත්තටමයි කෑල්ලක් කඩා ගෙන වැටුණේ…”

“ඒකට මොකද වුණේ…?”

“මම එතකොට පොඩියි. මොකද්ද කියලා දන්නෙ නෑ…හැබැයි මටම තමයි ඒක හම්බ වුණේ. ලොකු කළුපාට ගලක් වගේ එකක්. හැබැයි නිකං කළු ගලක් වගේ නෙවෙයි ඔපදාලා වගේ…”

“ඒක තාම තියෙනවද…?”

“නෑ අපේ තාත්තා ඩොක්ටර් චන්දන ජයරත්නට ඒක ගැන දන්නලා තිබුණා. එයා ඇවිත් ඒක ගෙනිහිල්ලා. ඔයා එයාගෙන් අහලා බලන්නකෝ. ලංකාවෙ හරි ලෝකෙ හරි කොතැනකවත් ඒ තරම් ලොකු, ඔප දාපු උල්කාපාතයක කොටසක් හමු වෙලා නැහැ. ඒක කෝටි ගාණක් වටිනවලු. ඩොක්ටර් චන්දන ජයරත්න ඒක නාසා එකට විකුණුවලු ලොකු ගානකට. නාසා එකේ අයත් පුදුම වුණාලු ඒක දැකලා. නාසා එකෙන් පිරිසක් ඇවිත් අපේ වත්තත් අඟලක් නෑර බැලුවලු තව උල්කා කොටස් තියෙනවද කියලා. හැබැයි හම්බ වෙලා නෑ මොකුත්ම…”

“ඔය වාගෙ දෙයක් වුණා නම ළමයො ඒ කාලෙ පත්තර වලත් යන්න එපායැ…”

“ඔව්. මෙහේ පත්තර වල නෙබෙයි. ඇමෙරිකාවෙ ඒවයෙ මේ ගැන පළ වෙලා තියෙනවා. Times මැගසින් එකේ දිග ලිපියක් පළ වෙලා තියෙනවා. ඩොක්ටර් චන්දන ජයරත්න අපේ තාත්තටත් කොපියක් ගෙනල්ල දීල තිබුණලු.අපේ වත්තෙත් පින්තූරයක් තිබුණලු ඒකෙ…”

“Times නෙවෙයි TIME වෙන්න ඇති. Times කියන්නෙ පත්තරයක්නෙ…”

“ඔව්. ඔව්. TIME මැගසින් එක තමයි…”

“ඒක තාමත් ඇතිනෙ එහෙනම්…?”

“නෑ අනේ, අපේ අම්ම දවසක් ඇඳුම් මදින කොට වැරදිලා ඒක උඩින් ඉස්තිරික්කෙ තියලා ඒක පිච්චිලා…”

“අඩුගාණෙ පුස්තකාලෙකින්වත් හොයා ගන්න පුළුවන් ඇතිනෙ. ඔයාට මතක නැද්ද දවස්…?”

“මට හරියටම මතක නෑ. මම හොයලා කියන්නම්කෝ. මේ ගොඩාක් ඉස්සරනෙ…”

“හරි. දැන් මට යන්න තියෙනව. හෙට කියන්නකෝ ඉතුරු ටික…”

දයාබර පාඨකය, පසු දිනයෙහි ඇය තමන් නතර කළ තැනින් කතාව පටන් ගත්තේය ඔබ සිතන්නේ නම් ඔබ වැරදිය. ඇය මට කතා කළ මුත් මේ මාතෘකාව ගැන වචනයක් වත් නොකීවාය. ඇය කතා කළේ මෙහෙම දෙයක් මට කීවාදැයි අංශුමාත්‍රයක්වත් මතක නැති සේය. කොටින්ම එදින සිට සති දෙකක විතර යනතුරු ඒ ගැන ඇය මට කිසිවක් සඳහන් නොකළාය. ඒ කාලය තුළ ඇය කතා කළේ එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය සිද්ධීන්ය.

ඇය මට එදා එවැනි කතාවක් කීවේ ඇයි? විහිළුවටද? මා රවටන්ටද? මා බයිට් කරන්ටද?

ආචාර්ය චන්දන ජයරත්නට කතා කොට ඇය කී කතාවේ ඇත්ත නැත්ත තහවුරු කර ගන්ට මට කිහිප වාරයක්ම සිතුණේය. ඒත් කරදර වන්නේ කුමටද? ඇයගේ ගම අහලාවත් නැතැයි ඔහු කියන්ට පිළිවන. ඇගේ කතාවක් තහවුරු කර ගන්ට තැත් කළ හැම අවස්ථාවකම මා ගිහින් නතර වුණු dead end එක මෙතැනදී වෙනස් වෙතැයි සිතිය හැක්කේ කෙසේද? මේවා සමාන්තර විශ්වයකදී සිදුවන ක්‍රියාවලි මෙන්ය. ඇගේ සමාන්තර විශ්වයේදී සිදුවී තියෙන්නේ අප ජීවත්වන පොදු විශ්වයේදී වුණු දේවල් නොවේ.

මා මේ සියල්ල අමතක කර දමන්ට ඔන්න මෙන්න කියා තිබියදී ඇය ආපහු දවසක මේ පිටසක්වළ කතාව ඇද ගත්තාය.

“එදා මං ඔයාට කිව්ව නේද අපේ වත්ත පිටිපස්සට උල්කාවක් වැටුණ කියලා…”

“හ්ම්…”

“මං ඉතුරු ටික කිව්වෙ නැහැනෙ…”

“හ්ම්…”

“මොකද අනේ හ්ම් හ්ම් ගාන්නෙ බකමූණෙක් වගේ…”

“හා, කියන්නකො ඉතින්…?”

“ඒ වැටුණයින් පස්සෙ අපේ වත්ත එහෙම පිටින්ම වෙනස් වුණා. වත්තෙ වැවෙන හැම දේම ලොකු වෙන්න පටන් ගත්තා. පොල් ගස් අනෙක් පොල් ගස් වගේ තුන් ගුණයක් විතර උඩට ගියා…”

“කෝ මං එදා එහෙම පොල් ගස් දැක්කෙ නෑනෙ..?”

“ඒ දැන්නෙ. මං මේ කියන්නෙ කොච්චර කාලෙකට ඉස්සෙල්ල කතාවක්ද? දැන් ඒ ගස් මැරිලා ගොඩාක් කල්…”

“දැන් එහෙම වත්තෙ වැවෙන ගස් ලොකු වෙන්නෙ නැද්ද…?”

“දැන් ඒකෙ බල බිඳිලා. ඒ කාලෙ නම් හැම ගහකම වෙනසක් තිබුණා. නාරං ගහක් තිබුණා ඒකෙ ගෙඩි දොඩම් ගෙඩි තරම් ලොකු වෙනවා. බිලිං ගහේ ගෙඩි පිපිඤ්ඤා තරමට ලොකුයි. දැන් ඒ බල නැහැ. ඒ වුණත් ඔයාට පේන්න ඇති තාමත් අපේ වත්තෙ ඕනැ දෙයක් හොඳට වගා කරන්න පුළුවන්. ඵලදාවත් හොඳයි…”

මම කිසිත් නොකියා නිහඬ වූයෙමි.

මින් පසුව ඇය ගැන මතයක් ගොඩ නඟා ගන්ට මම උත්සාහ කළෙමි. මෙහි පහත ඇත්තේ ඒ මතයයි. මා නිවැරදිද නොදනිමි.

මහීරා අතිශයින් බුද්ධිමත් යුවතියකි. විශේෂයෙන්ම ඇය වෙසෙන පරිසරයට සාපේක්ෂව ඇය කැපී පෙණෙන ලෙස දක්ෂය. ස්මාර්ට්ය. බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තීය. ඇගේ පියා කී ලෙසට විද්‍යාලයේදී ප්‍රධාන ශිෂ්‍ය නායිකාවද වන අතරම වසරේ හොඳම සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ප්‍රතිඵල ගෙන තිබුණේ ඇයයි. එසේ වුවත් ඇය වෙසෙන සමාජය තුළින් ඇගේ දක්ෂතා වලට බුද්ධියට ඇයට යම් පිළිගැනීමක් නොලැබේ. ඒ දක්ෂතා බුද්ධිය තේරුම් ගන්ට තරම් ඒ සමාජය දියුණු වී නොමැතිය. ඔවුන් සිටින්නේ ඇයට බොහෝ පහළිනි. ඇය කියන්නක් ඔවුන්ට නොවැටහේ. එසේම ඇගේ පියා හා මවගේ සාම්ප්‍රදාය විරෝධී සිංහල-මුස්ලිම් සම්බන්ධය නිසා ඇය (පවුලත් සමඟ) සිංහල සමාජයෙන් මෙන්ම මුස්ලිම් සමාජයෙන්ද කොන් වී ඇත. ගමේ ඇයට මිතුරකු මිතුරියකවත් නැත්තේය. ඇය තනියෙකි.

මේ පරිසරයට ඇය ප්‍රතිචාර දක්වන්නේ කෙසේද? තමාගේම ෆැන්ටසියක් මවා එය තුළ ජීවත් වීමෙනි. සැබෑ ලෝකය තුළ ජීවත් වනවාට වඩා මේ ෆැන්ටසිය තුළ ජීවත් වීම ඇයට සුව දායකය. තමන් සමාජයේ අනෙකුන්ට වඩා විශේෂ නිසා මේ සමාජයට තමන් එවා ඇත්තේ යම් වෙනසක් කිරීම පිණිස පිට සක්වළ ග්‍රහලෝකයකිනැයි ඇය ගේ සිතට අවිඥානකව ඇතුළු වී තියේ.

මේ ලෝකයේ රැකියාවක් හෝ ආදායමක් නැති කාගේවත් අවධානයට බඳුන් නොවන නිකම්ම නිකම් ගොඩේ තරුණියක වනවාට වඩා පිට සක්වළින් ආ නියෝජිතවරියක වීම සිතට මොන තරම් සුවදායී හැඟීමක්ද?

මා කළ තවත් නිරීක්ෂණයක් වූයේ ඇය කියන බොරු ලෙහෙසියෙන්ම බොරු බව සොයා ගත හැකි ඒවා බවය. ඇයට මෙසේ අතේ පැලවෙන බොරු කියන්ට කිසිම අවශ්‍යතාවයක් නොවේ. ටිකක් වෙහෙස ගත්තේ නම් මීට වඩා හොයන්ට අමාරු බොරු ගොතන්ට තරම් ඇය බුද්ධිමත්ය. එසේ නම් ඇය ලෙහෙසියෙන්ම හොයා ගන්ට පුළුවන් බොරු කියන්නේ ඇයි? හුදෙක් අසන්නා රවටන්ට වන්ට බැරිය.

මගේ අදහස නම් මේද ඇයගේ ෆැන්ටසියේම කොටසක් බවයි. සමහරවිට තමන් කියන්නෙ බොරු බව ඇයද නොදන්නවා වන්ට පිළිවන. ඇගේ ෆැන්ටසියට අනුව ඔහේ හිතෙන දෙයක් කියයි. ඊට ගැළපෙන සේ අනෙකුත් කාරණා වෙනස් කරයි.

මේ අවබෝධය ලැබීමෙන් පසුව මම ඇය ගැන සිතූ ආකාරය වෙනස් කර ගතිමි. ඇය කපටියක නොවේ. ඉතාම අහිංසක ලෙස අනුන්ගේ අවධානය අයදින්නියකි. ඇය සිටින ස්ථානය (ගම, අධ්‍යාපන මට්ටම) අනුව මේ අවධානය ලබා ගන්ට ලෙහෙසි නැත. ඇය ඒ වෙනුවෙන් විශේෂ ක්‍රමවේදයක් භාවිතා කරයි. මා හසුව සිටින්නේ ඒ ක්‍රමවේදයටය. ඇත්තටම ඇය මගේ අනුකම්පාවට බඳුන් විය යුතු තැනැත්තියකි.

එකතරා මට්ටමකට මා ආත්මාර්ථකාමී වූ බවද නොසැඟවිය යුතුය. ලොකුවටම නොවුණත් ඇය හා යහන් ගත වන්ට මට අවශ්‍යතාවයක් විය. මීට එක හේතුවක් නම් මා මේ වන විටත් ඇය වෙනුවෙන් සැලකිය යුතු මුදලක් හා කාලයක් වැය කොට තිබීමයි. හිටි හැටියේ ඇය මා සමඟ සන්නිවේදනය නතර කළොත් සියල්ල වාෂ්ප වී යන්ට පිළිවන. ඉක්මණ් විය යුතුය.

ඇය මගේ යහනට ගන්ට අසීරු වූයේ නැත. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවෙහි මගේ අමාත්‍යාංශය මඟින් වාර්ෂිකව පවත්වන ‘විදුල්කා’ ජාතික විදුලි බල ප්‍රදර්ශනයට සමාන්තරව මම ක්ෂුද්‍ර ජල විදුලි බලාගාර ව්‍යවසායකයින්ට එක් දින වැඩ මුළුවක් සංවිධානය කළෙමි. ලෝක බැංකුව මේ සම්බන්ධ සියළු බරපැණ දැරුවේය. ඇයට මේ වැඩ මුළුවට සහභාගි වන්ට සඳහා රාජකාරි මට්ටමෙන් ආරාධනා කරන්ට කිසිම අපහසුවක් වූයේ නැත. එසේම කළ වහාම ඇය ආරාධනය පිළි ගත්තාය.

අප මේ වැඩ මුළුවට සහභාගි වූවන්ට නවාතැන් පහසුකම් සැපැයූවේ අසළ පදනම් ආයතනයේ හොස්ටල් එකේය. ගැහැණු පස් දෙනකු හා පිරිමි දොළොස් දෙනකු වෙන් වෙන්වය. දෙදෙනෙකුට එක කාමරය ගණනේ බෙදා ගන්ට සිදු විය. ගැහැණු පස් දෙනකු නිසා එක් අයෙකුට තනි කාමරයක් ගන්ට තිබුණේය. මම කිසිම අපහසුවකින් තොරව එය මහීරාට ලබා දුනිමි.

ඇය පැමිණියේ පියාද සමඟය. තම දියණියගේ ආරක්ෂාව ගැන කල්පනා කළ පියෙකි ඔහු. මම නවාතැන හා සම්බන්ධ කිසිම කටයුත්තකට සහභාගි නොවීමි. පදනම් ආයතනය පැත්ත පළාතේ නොගියෙමි. තම දියණිය තවත් යුවතියන් කිහිප දෙනකු සමඟ රැය ගත කරන බව අසා ඇයගේ පියා තෘප්තිමත්ව නික්ම ගියේලු.

වැඩ මුළුවට පෙර රාත්‍රියේ මම ඇයට කරදර නොකළෙමි. වැඩ මුළුව දවසේ උදෑසන මා ආරම්භක උත්සවයේදී ඇය දුටුවද ඇය සමඟ කතා කරන්ට වත් උනන්දු නොවීමි. ඇයද මගේ උපදෙස් මත මා නොදත්තියක මෙන් හැසුරුණාය. (මා හෙඩ් ටේබල් එකේ හිඳගෙන සිටියදී “ටයි එකටයි කෝට් එකටයි ඔයා හරි ස්මාර්ට්” කියා SMS එකක් නම් එව්වාය.)

එදින සවස ඇය මගේ ජංගම දුරකථන පණිවිඩයකට අනුව වැඩ මුළුවෙන් පසුව නිදහස් චතුරශ්‍රය අසළට ආවාය. මා ගියේ මගේ පුද්ගලික රථයෙන් රියැදුරකු නැතිවය. ලොකු සන් ග්ලාස් එකක් පැළඳය. ඇය රාත්‍රියෙහි කාමරයේ නොසිටි බව කවරකු හෝ නිරීක්ෂණය කරනු ඇතැයි මම නොසිතුවෙමි. එසේ කොට ඇය නැති බව දැන ගත්තද කොළඹ නැන්දලාගෙ ගෙදරක නතර වුණාය කියන්ට ඇය බොරුවක් නිර්මාණය කර ගෙන සිටියාය.

සාමාන්‍යයෙන් මා කොළඹදී යුවතියන් කැටුව යන්නේ රේණුකා හෝ ජානකී හෝටල් දෙකින් එකකටය. දෙතැනම ගාණ අඩුය. කළමණාකාරිත්වයෙන් කරදරයක් නැත. විශ්වාස කටයුතුය. නමුත් මෙදින විශේෂ අවස්ථාවක් නිසා මම ටජ් එකේ ඩබල් රූම් එකක් බුක් කළෙමි.

මළ හිරු බසිනා සැන්දෑ යාමයේ මම බෞද්ධාලෝක මාවත ඔස්සේ ඇය සමඟ රිය ධාවනය කරමින් සිටිමි. ඇය හැසිරෙන්නේ සැහැල්ලුවෙනි.

“ඔයාට බය නැද්ද මාත් එක්ක මෙහම යන්න…?” මම අසමි.

“මොනවට බය වෙනවද…?” ඇය කිසිම බරක් පතළක් නැතිව සිනාසෙයි.

“ඇයි ඒ…”

“ඔයා මගේ සුදු අයියනේ…”

.

.

(ඉවසන්න……………..සමනළයා යළි පියා සලන තෙක්)