(31) සමනළයා විච්ඡේදනය කරමි || How to dissect a butterfly

**********(දිනූෂා සංජීවනී දෙබරවැව කියන කතාව )**********

උපේක්ෂාගේ උපන් දින සාදයේදී සමුද්‍රා ශේන් ගැන කී කතාවෙන් මගේ සිත රිදුණේය. මම සමුද්‍රාට දොස් නොපවරමි. ඇය ශේන් හා මා අතර සම්බන්ධය නොදනියි. ඇය කියන්ට ඇත්තේ ඇය ඇසූ තොරතුරක් විය හැකිය. එය හරි හෝ වැරදි විය හැකිය. මගේ ශේන් ගැන මම කිසිවකුට වඩා හොඳින් දනිමි. එනිසාය ඒ කතාව එක්වර මට විශ්වාස කළ නොහැකි වූයේ. ශේන් වැඩ කරන්නේ තරගකාරී ක්ෂේත්‍රයකය. එහි ඉරිසියාකාරයෝ, සතුරෝ බොහෝය. අප අසන දෙයක් තාර බර බේරා පිළිගත යුතුය.

මේ කතාවෙන් ලද සිත් තැවුල ඇතිව වුවද එදා මට තවත් යමක් කරන්ට සිතුණේය. ඒ එදා ස්ට්‍රිපර් කෙනකු ලෙසට ආ ආමි තරුණයන් දෙදෙනාගෙන් එකකු ඩිසෙක්ට් කිරීමය. මේ සමනළයෙකි. මම සමනළයින් ඩිසෙක්ට් කිරීමට කැමැත්තෙමි.

සමනළයින් ඩිසෙක්ට් කිරීම පටන් ගත්තේ රිචඩ් ද සොයිසාය. ඔහු ‘Lepidoptera’ නමින් වූ කවියෙහි මෙසේ ලීවේය. (‘Lepidoptera’ යනු සමනළයින් හා සලබයින් අයත් වන සත්ත්ව කාණ්ඩයයි – ලේඛක)

On broken butterfly wing, your crippled mind
Fluttered into my schoolroom. Failed. And died
I couldn’t do a thing to stir its organs
Of poor maimed sense to life again ….

The heavy footed State, which made a mess
Of your fragility, called this progress,
Should pin you down on cardboard behind glass
Specimen of the educated class.

බිඳුනු සමනළ තටුවෙන් නුඹේ අංග විකල මනස
මගේ පන්ති කාමරයට පාවී ආයේය; වැටුණේය; මැරුණේය
නුඹේ ඉන්ද්‍රියයන් උත්තේජනයට මට යමක් කළ නොහැකි විය
ජීවිතය ලබා දෙන්ට නැවත අබ්බගාත අර්ථයෙන් වත්

නුඹේ බිඳෙන සුළු බව අවුල් කළ, බර සපත්තු පැළැඳි ආණ්ඩුව
ඊට ප්‍රගතියය නමක් දුන්නේය
වීදුරුවට යටින් කාඩ්බෝඩ් එකක අල්පෙනෙත්ති වලින් සවිකළ යුතුය – නුඹේ සිරුර
නුඹ, උගත් පන්තියට දර්ශකයක් වන නිසාම

රිචඩ් මැරුණේය. මරා දමන ලද්දේය. සමහරවිට රිචඩ් සමනළයන් ඩිසෙක්ට් කිරීම ඔහුගේම පන්තියේ ඇත්තන් නොරිස්සුවා විය හැකිය. සමහරවිට රිචඩ් සමනළයින් ඩිසෙක්ට් කිරීමෙන් ඔබ්බට ගියා විය හැකිය. ඩිසෙක්ට් කරන සතාට අනුකම්පා කරන්ට ගියොත් ඩිසෙක්ෂන් එක අබල වේ. බටහිර සමහර වෛද්‍ය විද්‍යාලයන්හීදී වෛද්‍ය සිසුන්ට ඩිසෙක්ට් කරන්ට පෙර තමන් විසින්ම බල්ලකු බළලකු වැනි සතකුට වේදනාත්මක මරණයක් ලබා දෙන්ට උනන්දු කරවන්නේ මේ අනුකම්පාව තුරන් කිරීම පිණිසය.

ඩිසෙක්ට් කරන සමනළයාට මගේ නම් කිසිම අනුකම්පාවක් නොවේ.

සුවිසල් නිවසෙහි උඩු මහලේ කාමරයකදී මම සමනළයා හමුවෙමි. ඔහු සැරසී සිටින්නේ කළු ටී-ෂර්ට් එකකින්, බාගෙට හම ගිය ඩෙනිමකින් හා රෝස පැහැති, ඇඳුමට කිසිසේත් නොගැළපෙන රබර් සෙරෙප්පු කුට්ටමකිනි. කොටට කැපූ කොණ්ඩය හා ඉල්පිණු මස් පිඬු ඔහු අදිසි තන්තූන්ගේන් යුද හමුදාවට බැඳ ඇතිවාක් සේ පෙනේ. ඔහු සුවඳ විලවුන් වර්ගයක නමක් වත් අසා නැති බව මට බොහෝ දුරට සහතිකය. කළු දැවුණු සම. He is a pure raw animal.

“සිසිත…මේ දිනූෂා. එයා කැමැතියිලු ඔයා එක්ක පොඩියක් කතා කරන්න…” උපේක්ෂා මා හඳුන්නා දෙයි. ඔහු බයාදු ලෙස සිනාසෙයි.

“සිසිත…ලස්සන නම…”

ඔහු නැවත සිනාසෙයි. සුදු දත් අතර හිඩැස්.

“Dhinusha, you speak to him darling. I will check the things….” උපේක්ෂා අපෙන් සමුගෙන යයි.

“සිසිත, ඔයා මාත් එක්ක පොඩ්ඩක් කතා කරන්න අකැමැති නෑ නේද..?”

“අනේ නෑ මැඩම්…”

මගේම වයසේ කොල්ලකු මට ‘මැඩම්’ කීම ගැන ඇති වන්නේ සතුටකි. ‘මට මැඩම් කියන්න එපා!’ කියා මේ මොහොතෙහිම මට අප අතර පරතරය බිඳලිය හැක්කේය. එහෙත් මම ඒ පරතරයට කැමැත්තෙමි. එය පවත්වා ගැන්ම මට සතුටකි. එනිසා මම ඔහුට බාධා නොකරමි. චාල්ස් ඩිකන්ස්ගේ Great Expectations හි එස්ටෙලාද පිප්ට නිකම්ම නිකම් ගොඩේ කොල්ලකු සේ සැලකීමෙන් එවන් වින්දනයක් ලබන්ට ඇතැයි සිතමි.

“සිසිත මට ඔයාගෙන් දැන ගන්න කාරණා ටිකක් තියෙනව. මං අහන ප්‍රශ්න වලට ඔයාට තරහ යයිද දන්නෙ නෑ. මං අහන නිසාම ඔයා ප්‍රශ්නෙකට උත්තර දෙන්න ඕනැ නැහැ. උත්තර දෙන්න බැරි නම් කියන්න…”

“හොඳයි මැඩම්…”

“මං ටිකක් කාලය ගනීවි. ඔයාට රෑ වෙන්නෙ නෑ නේද? ඔයා යන්නෙ කොහොමද?”

“නෑ මැඩම් මට තව ටික වෙලාවක් ඉන්න පුළුවන්. බයික් එක තියෙනව…”

“ඔයාගෙමද බයික් එක…?”

“ඔව් මැඩම්…”

මම  ‘උගත් පන්තිය’ වෙනුවෙන් සමනළයා විච්ඡෙදනය කිරීම ආරම්භ කරමි. පාඨකයාගේ පහසුව තකා එය සංවාද ස්වරූපයෙන් ඉදිරිපත් කරමි.

මම: “සිසිත, ඔයාගෙ සම්පූර්ණ නම මොකද්ද?”

ඔහු: “ඩබ්ලිව්. ජී. සිසිත සඳරුවන් පෙරේරා”

මම: “නම ලස්සනයි. ඔයාගෙ ගම…?”

ඔහු: “මම වාරියපොළ මැඩම්…”

මම: “වාරියපොළ කොයි හරියෙද?” (මා වාරියපොළ දන්නා තැනක් නැත. එහෙත් ඔහු මීට දෙන උත්තරය මට වැදගත්ය.)

ඔහු: “වාරියපොළ කිව්වට මැඩම් වාරියපොළින් හැරිලා කිලෝමීටර් දහයක් පහළොවක් විතර ඇතුළට යන්න ඕනැ. ගමේ නම කිව්වට මැඩම් දන්න එකක් නෑ…”

මම: “ඔයා කීයට වෙනකල් ඉගෙන ගත්තද?”

ඔහු: “ඕ-ලෙවල් පාස් කළා මැඩම්…”

මම: “මොන අවුරුද්දෙදිද?”

ඔහු: 2000 දි…

(එකම අවුරුද්ද! මම ඊට කැමැත්තෙමි.)

මම: “මොනවද රිසල්ට්ස්?”

ඔහු: “වැඩ හයයි; සම්මාන දෙකයි…”

මම: “සම්මාන මොනවටද?”

ඔහු: “බුද්ධාගමයි සිංහලයි…”

මම: “English…?”

ඔහු: “පාස් උණේ නෑ මැඩම්…ගණන් මං දෙවැනි සැරේ ගොඩ දාගත්තා”

මම: “ඇයි ඔයා ආමි එකට ජොයින් වෙන්න හිතුවෙ…?”

ඔහු: “හ්ම්ම්ම්ම්ම්…ඉස්කෝලෙ ගමන නැති වුණාට පස්සෙ වෙන කරන්න ලොකුවට දෙයක් ගමේ තිබුණෙ නෑ මැඩම්. ඉතින් මං ඇප්ලිකේෂන් එකක් දාල බැළුව…”

මම: “එතකල් මොනවද කළේ…?”

ඔහු: “ඔය පොඩි පොඩි වැඩ කළා මැඩම්. කුලියට කුඹුරු කෙටුවා. ගොයම් කැපුවා. ටික කාලයක් මේසන් බාස් උන්නැහැ කෙනකුට අත් උදව් දුන්නා. පොළට එළවළු ගෙනිහින් වික්කා. ඔය අතට කීයක් හරි ලැබෙන හැම දෙයක්ම කළා..”

මම: “ඔයා යාපනෙත් හිටියද…?”

ඔහු: “යාපනේම නෙවෙයි මම පුනරින් වල හිටියා මැඩම් අවුරුදු දෙකක් විතර…”

මම: “ළඟකදි නෙවෙයි…?”

ඔහු: “නෑ…”

මම: “ඒ කියන්නෙ, ඉවරද යුද්ද කරපු කාලෙ…?”

ඔහු: “මම ඉන්ජර්ඩ් වුණා මැඩම්…මේ ඔළුව බලන්න. (හිසෙහි තුවාල කැළල් කිහිපයක් පෙන්වයි.) ටෙරාලගෙ වැඩ තමයි. බිම් බෝම්බෙක කොටස් කීපයක් ඔළුව ඇතුළට ගියා…”

මම: “අහ්හ්. දැන් හොඳද?…?”

ඔහු: “ඒ කොටස් සම්පූර්ණයෙන් අරන් දාල නෑ මැඩම්. ටිකක් තාම තියෙනව. සමහර වෙලාවට මට දරන්න බැරි තරම් හිස රදයක් එනව…”

(ඔහු බලා සිටින්නේ මගෙන් අනුකම්පාවක් පළවන තුරු විය යුතුය. මා එවැන්නක් නොකරන බැව් පැහැදිළි වූ නිසාදෝ යළි කතාව පටන් ගනියි.)

ඔහු: “ඇයි මැඩම් මේ ඔක්කොම මගෙන් අහන්නෙ…?”

මම: “නිකම්. මම ආසයි ඔයා ගැන දැන ගන්න. ඒක නෙවෙයි ඔයාට තිබහත් ඇති. මොනව හරි ගේන්නද බොන්න…?”

ඔහු: “හොඳයි…”

මම: “මොනවද බොන්නෙ? බියර් එකක්…?”

ඔහු: “හා…”

මම ශීතකරණය වෙත ගොස් කාල්ස්බර්ග් බියර් දෙකක් රැගෙන එමි. ඔහු එකක් කටේ හළා ගනියි. පව්. කොල්ලා ඉන්ට ඇත්තේ තිබහෙ.

මම: “ඇයි ඔයා මෙහෙම නටන්නෙ සිසිත…?”

ඔහු: “ඇයි එක වැරදිද…?”

මම: “අපෝ නැහැ. මම ඒක වැරදියි කිව්වෙ නෑ…එහෙම නම් මම මෙතැන්ට එන්නෙ නෑනෙ. මාත් ආවෙ ස්ට්‍රිපර්ස්ලා දෙන්නෙක් එනව කිව්වා නිසා… බයි ද වේ, ඔයාගෙ පෆෝමන්ස් නම් ග්‍රේට්…”

ඔහු: “තෑන්ක් යූ මැඩම්…”

මම: “ඔයා තාම මං අහපු එකට උත්තර දුන්නෙ නෑ…”

ඔහු: “මොකටද…?”

මම: “ඇයි ඔයා මෙහෙම නටන්නෙ…?”

ඔහු: “ඒකට එහෙමම කියලා උත්තරයක් නෑ මැඩම්. අපි නටනවා. මැඩම්ලා බලනවා. මට පොඩි ආදායමක් තියෙනවා ඒකෙන්…”

මම: “ඇයි ආමි එකෙන් හම්බවෙන පඩිය මදිද…?”

ඔහු: “මට විතරක් නම් ඇති මැඩම්. පවුල ගැනත් බලන්න එපායැ…”

මම: “තව කවුද පවුලෙ ඉන්නෙ?”

ඔහු: “අම්මයි මල්ලියි නංගියි. තාත්තා නැතිවුණා කාලෙකට ඉස්සර…”

මම: “ඔයා විතරද සල්ලි හම්බ කරන්නෙ…?”

ඔහු: “මල්ලිත් ටිකක් හොයනව. ඒත් ඒක එයාටත් මදි…”

මම: “නංගි තාම ඉගෙන ගන්නවද..?”

ඔහු: “ඔව්. ලබන අවුරුද්දෙ ඕ ලෙවල් කරනව…”

මම: “ආමි එකෙන් දන්නවද ඔයා මෙහෙම නටනව කියල…?”

ඔහු: “අපෝ නෑ මැඩම්. අපට මෙහෙම දේවල් කරන්න තහනම්…අහුවුණොත් ගස් තමයි”

මම: “ඉතින් ඔයා ඇයි ඒ අවදානම අරගෙන මේ වගේ දෙයක් කරන්නෙ…?”

ඔහු: : “මං කලින් කිව්වෙ මැඩම්. අපටත් බඩගිනි වෙනවනෙ…”

මම: “සිසිත ඔයාට කෙල්ලෙක් හෙම නැද්ද…?”

ඔහු: “මැඩම්…?”

මම: “අකමැති නම් කියන්න ඕනැ නෑ. මම නිකම් ඇහුවෙ…”

ඔහු: “එහෙම එකකුත් තියෙනව මැඩම්. හැබැයි, ඉස්සරහට මොනව වෙයිද ෂුවර් නැහැ…”

මම: ” එයා ගමේද…?”

ඔහු: “නැහැ. කොළඹ. කටුනායක ගාමන්ට් එකක වැඩ කරන්නෙ…”

මම: “ඇයි ෂුවර් නැහැ කිව්වෙ…?”

ඔහු: “අපි ඉතින් ඕව සොමියට කරන වැඩනෙ මැඩම්. මොනව වෙයිද කවුද දන්නෙ…?”

මම: “මොකද්ද එයාගෙ නම…?”

ඔහු: “මහේෂි…”

මම: “මහේෂි දැන් ඔයා ගැන සීරියස්ද?”

ඔහු: “ඒ කිව්වෙ මැඩම්…?”

මම: “එයා ඔයා ගැන බලාපොරොත්තු තියාගෙනද ඉන්නෙ…?”

ඔහු: “එහෙම හිතනවා මැඩම්…”

මම: “එහෙම නම් කිසි ප්‍රශ්නයක් නැහැනෙ…”

ඔහු: ” මං කිව්වද මට ප්‍රශ්නයක් තියෙනව කියලා? අපි ඔය එදා දවසෙ ජීවත් වෙනවා…එතකොට ප්‍රශ්න නෑ. ලොකුවට හිතන්න ගියොත් තමයි ප්‍රශ්න”

මම: “සිසිත, ඔයා දාර්ශනිකයෙක් වගේනෙ…”

ඔහු: “ඇයි මැඩම් අපට දාර්ශනිකයින් වෙන්න බැරිද…?”

මම: “අපෝ නැහැ. මම එහෙම කිව්වෙ නෑනෙ ළමයෝ…”

ඔහු: “අපිත් කැම්පස් ගියා නම් උගත්තු තමයි මැඩම්…”

මම: “ඒකෙනෙ. ඇයි ඔයා පස්සෙ වත් ඉහළට ඉගෙන ගන්න නොහිතුවෙ…?”

ඔහු: “මොනවද?”

මම: “මොනවා හරි”

ඔහු: ” දැන් මම මේ රස්සාවට සෙට් වෙලා මැඩම්. තව මොනවද? මාසෙ අන්තිමට පඩියක් ගන්නවා. කාල ඇඳල ඉන්නවා දෙවියනේ කියලා. තව මොනවද ඉගෙන ගන්න තියෙන්නෙ…?”

මම: “ඒ කියන්නෙ සියේට හය දුන්නත් ඔයා එතැනමයි…?”

ඔහු: “මොකද්ද ඒ…?”

මම: “ඇයි ඔයා අහල නැද්ද දළ ජාතික නිෂ්පාදිතයෙන් සියේට හයක් අධ්‍යාපනේට දෙන්න ඕනැ කියන තර්කය…”

ඔහු: නෑ මැඩම්…”

මම: “ඔයා කොහේද ඉන්නෙ ළමයෝ? ඔයා ඉන්ටර්නෙට් බලන්නෙ නැද්ද…?”

ඔහු: “ෆේස්බුක් යන්න විතරයි මැඩම්, ෆෝන් එකෙන්…”

ඔහු මගේ අවසන් නොකළ බියර් එක දෙස බලයි. මම එය ඔහු වෙත පාස් කරමි. ඔහු ඉතිරි බියර් ටික හිස් කරයි.

මම: “ඔය ගොල්ල සන්තෝසෙන්ද ඉන්නෙ ආමි එකේ?”

ඔහු: “ඔව් මැඩම්”

මම: “වෙන ජොබ් එකකට වැඩිය…?”

ඔහු: “වෙන ජොබ් එකක් කරල නැති නිසා මං දන්නෙ නෑ මැඩම්…”

මම: “ඒත් එක ජීවිතේ අවදානමක් ගන්න ඕනැ ජොබ් එකක්…?”

ඔහු: ” ආමි එකට බැඳෙන්නෙ ඒක දැනගෙන තමයි…”

මම: “ඔය ආමි එකේ කට්ටිය හරියට නරක ගෑනු පස්සෙ යනවලු නේද…?”

ඔහු: “මැඩම්…?”

මම: “ඇයි ඔයා අහල නැද්ද…?”

ඔහු: “නරක ගෑනු කිව්වෙ මැඩම්….?”

මම: “මං කිව්වේ ප්‍රොස්ටිටියුට්ස්ලා…ගණිකාවො. ඇයි ආමි එකේ අය එහෙම යන්නෙ නැද්ද?”

ඔහු: “ආමි එකේ කියල මිනිස්සු මැටියෙන් හදල නෑනෙ මැඩම්.රටේ අනික් මිනිස්සු වගේම තමයි අපිත්…”

මම: ” හඃ හඃ හඃ. මොකද සිසිතත් යනවද…?”

ඔහු: “මාත් මැටියෙන් හදල නෑනෙ මැඩම්…”

මම: “ඉන්නකෝ මම මහේෂිට කියන්න…”

ඔහු: “එයත් මැටියෙන් හදල නෑ මැඩම්. එයා දන්නව එයා ඉන්න ඕනැ තැන…”

විච්ඡේදනයෙන් මීට වඩා දුර ගමන් කළ නොහැකිය මට සිතෙයි. අපි එක තැන කැරැකැවෙමින් සිටිමු. මේ කෙසෙල් ගසක් ඩිසෙක්ට් කරන්නාක් වැනි වැඩකි. එක කෙසෙල් පතුරක් ගළවන විට තව එකක් මතුවේ. අවසානයේ හිස් බවට ළඟා වනතුරුම අපි කෙසෙල් පතුරු ගලවමු.

“සිසිත, තෑන්ක් යූ වෙරි මච්, මාත් එක්ක කතා කළාට. මට දැන් යන්න ඕනැ…”

“මැඩම්…?”

“ඔව්..”

“මං දැන් මැඩම්ගෙ ප්‍රශ්න ඔක්කෝටම උත්තර දුන්නනෙ. මගේ එකම ප්‍රශ්නෙකට උත්තර දෙනවද?”

“කියන්න…”

“මැඩම්ගෙ මොබයිල් නම්බර් එක…”

“සිසිත, මගේ මොබයිල් නම්බර් එකෙන් ඔයාට වැඩක් නෑ. එකක් මට කොල්ලෙක් ඉන්නවා. අනෙක එහෙම නැතත් ඔයාට මට ඕනැ ඒව දෙන්න පුළුවන් කමක් නෑ. බොරු හෝප්ස් තියා ගන්න ඕනැ නෑනෙ සිසිත. කොළඹ කෙල්ලො වාරියපොළ ආමි කොල්ලන්ට සෙට් වෙන්නෙ නැති බව අපි දෙන්නම දන්නවනෙ…”

ඔහු මුව අයා මේ බලාපොරොත්තු නොවූ වාග් ප්‍රහාරය දරා සිටියදී, මම ආපසු හැරී නොබලාම ඔහුගෙන් ඈතට ගමන් කරමි.

“වල් බැල්ලි!” ඔහු තමන්ටම කියා ගනු ඇත. මම ඊට කැමැත්තෙමි. ඩිසෙක්ට් කරද්දී සමනළයාට නොරිදුණේ නම් ඒක ඩිසෙක්ට් එකක්යැ!

එස්ටෙලා මා ගැන අඩම්බර වනු ඇතිය මට සිතෙයි.

.

.

(ඉවසන්න………………….සමනළයා යළි පියා සලන තෙක්)

Advertisements
Leave a comment

30 Comments

  1. Sujeewa

     /  October 22, 2012

    මේක ජෙනරල් ප්‍රශ්නයක්. නිර්මානයක ඉන්න සියලු චරිත දාර්ශනිකව එක වගේ වෙන්න ඕනෙද? ලේඛකයා ගේ දාර්ශනික වපසරිය හැම චරිතයකින්ම එලියට ඒම එතරම් හොඳ නැහැ නේද? චරිත ස්වාධීනව ජීවත් වෙන්න ඕනේ නේද?

    මම මේ ගැටලුව දැක්කා හඳගමගේ මා බලා ඇති කතා එක දෙකේ. ඇත්තෙන්ම මම කීපයකට වඩා බලලා නැහැ. උගේ ශයිලිය මට අල්ලන්නේ නැති නිසා. සමනල විප්ලවයේ ඒ අඩුව තිබ්බේ නැහැ. ඒත් මම දිනුෂා ගෙන බලාපොරොත්තු වුන චරිතය මේ පොස්ට් ඒකත් එක්ක ගැටෙනවා.

    ඉතිරිය ලේඛකයාට බාරයි. සමාන්තර විශ්ව වල බොහෝ දේ වියහැක්යි [උදාහරනෙකට ෆේස්බුක් කලින් ඒම. මොබයිල් කම්පියුටර් වාරියපොලදී 2004 වෙද්දී විකිණීම වගේ එව්වා] මෙය විවේචනයක් නොවේ. අදහසක් පමණයි.

    Reply
    • @සුජීව – මම නම් දකින්නේ දිනූෂා දාර්ශණික වීමක්ට වඩා අතිශය සාමාන්‍යය හැසිරීමක් පෙන්නනවා වගේ. හේතුව මේ චරිතය අපේ විශ්වයෙදි දිනුෂගේ පංතියේ සුලභයි. එකම එකම නොගැලපීම ෂේන් ගැන අහන්න ලැබුණු කාරනය ගැන දිනුෂගේ තියන ස්වයං ප්‍රතිචාරය, ෂේන් ගැන දිනුෂා ඇත්තටම දන්න දේවල් එක්ක සහ ඇයගේ සමාජයත් එක්ක බැලුවහම ‘අන්කොමන්’ වීමයි.

      Reply
    • Sujeewa

       /  October 22, 2012

      මොඩන් පේට්‍රියට්;

      මම කිව්වේ ඒක නොවේ. දිනුෂා දාර්ශනික වීමේ කිසිම අවුලක් නැහැ. බොහෝ සමාජවල ඉන්න අය දාර්ශනිකව හිතනවා. එකට ඒ හැමෝම කැම්පස් යන්න හෝ ජිජක්‌ ගේ පොත පත කියවීම අවශ්‍ය නැහැ.

      හැබැයි ඒක ඒක මිනිසාට උරුම චින්තන රාමු, පරිකල්පන හා අදහස් වෙනස් වෙනවා.

      මගේ පොයින්ට් ඒක හුදෙක් දිනුෂා ගැනම නොවේ. දිනුෂා, චරිත, තිසර ඇතුළු බර ගානක් හර්දයාංගම චරිත වලින් එන්නේ එකම දර්ශනයක්. මේ ඔක්කොම හිතන්නේ එකම ආකාරයකින්. ඒකෙ පරස්පර නැහැ. ගැටුම් නැහැ. මට හිතෙනවා ඒ දර්හ්සනය ලේඛකයාගේ දර්ශනය කියලා. එහෙම නම ඒක සාර්ථක නිර්මාණ කෞශලයයක් කියා මා හිතන්නේ නැහැ. ඒ ඒ මිනිසුන්ට උචිත හා ආවේනික ඇහින් ඒ ඒ චරිත ලෝකය බැලීමයි වඩාත් සුදුසු.

      මට වෙන දෙන්න උදාහරණ නැහැ අශෝක හඳගම ඇරෙන්න. හද්ද වන්නියේ මිරිස් වේලන ගෑනියෙක් ගත්තත් හන්දයගේ කතාවල හිතන්නේ කොළඹ විකල්ප කාන්තා ක්‍රියාකාරිනියක් වගේ. ඌට බැහැ උගේ මතවාදී ඒකාධිපති කමින් චරිත මුදා ගන්න.

      ඒ නිසයි මම කියන්නේ මේක දිනුෂා ගැන විවේචනයක් නොවන බව.

      Reply
      • Sujeewa

         /  October 22, 2012

        ලෝකය විවිධාකාරයි මිනිසුන් ගෝලාකාරයි නේ. 🙂

      • ~Kasun~

         /  October 22, 2012

        හයියෝ.. සුජීව මෙතනටත් ඇවිත්.. දැන් ඉතින් තේරුමක් නැති කමෙන්ට් වලින් මේක පුරවාවී.. 😀 රස්සාවක්, දරුමල්ලෝ එහෙම නැතුවය.. ? 😀

      • Jesse James

         /  October 23, 2012

        සුජීව කියන කතාව ඇත්ත මේ පෝස්ටය ගැන . ඉතින් උගේ වතගොත හොයල වැඩක් තියෙනවය උගේ මතය එක්ක එකඟ නොවෙන නිසා

      • ~Kasun~

         /  October 23, 2012

        @Jesse James
        මම සුජීවගේ කමෙන්ටුව කියෙව්වේ නැහැ… ඒක නිසා ඔබේ චෝදනාව වැරදියි. පොඩි විස්තර කිරීමක් කරන්න කැමතියි.

        මට මතක හැටියට සුජීව බ්ලොග්ස්වල කමෙන්ට් කරන්න ගත්තේ ටැබූ සබ්ජෙක්ට් බ්ලොගයේ. ඊට පස්සේ අනිත් බ්ලොග් වලත්.. එදා ඉඳන්ම සුජීවගේ කමෙන්ට්ස් වචන දෙසීයේ තුන්සීයේ හෝ ඊට වැඩි ඒවා.. ඔය ඕනේ කමෙන්ට් එකක් කම්ප්‍රෙස් කරාම ඒකෙ එක වාක්‍යකට වැඩි දෙයක් නැහැ. ඒත් මිනිහ ලියනවා.. හරියට කොහොම හරි උපාධිය ගොඩදාගන්න රිසර්ච් රිපෝට් එකක් ලියනවා වගේ වගේ. 😛
        මිනිහගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකටත් ගිහින් බැලුවොත් තේරේවි… මෙලෝ තේරුමක් නැති මගුල් ශෙයා කරනවයි, ඒවාට පත කමෙන්ට් දානවයි.. එක විකාරයයි..

        මිනිහගේ මේ හැසිරීම මට විග්‍රහ කරන්න අමාරුයි.. සමහරවිට මනෝවිද්‍යාව වගේ විෂයක් දන්න කෙනෙක්ට පුළුවන් වෙයි..

      • Dereeda

         /  October 23, 2012

        ඕකට කියන්නේ අනන්‍යතා අර්බුදය.
        මෙලෝ සංසාරයක් තෙරෙන්නේ නැහැ.කථාවේ යටින් යන එක තේරුම් ගන්නෙත් නැහැ ඔහේ මොනව හරි ලියනවා.මෙතන ඉන්න එඋන් ගොඩක් ඒ වගේ..
        කතන්දර කාරයා දෙක වෙන්න සුජීවය යන්නේ..(කතන්දර කාරයා දැන් වටේටම වාතයක් වෙලා තියෙන්නේ.ගොන් පාට් දාල යනව ඇවිල්ලා සුජීවයත් ඒ වගේ වෙන්න යන්නේ..)
        ලේඛකයා ට- උඹ මේ පාරත් නාගන්නේ මෙන්න මේ සුකිරි බටිල්ලන්ට පිළිතුරු දෙන්න ගිහින් එක්කෝ කමෙන්ට් කරන්න බැරි වෙන්න මේක හදපන්..මේ ගොන් පාට් කමෙන්ට් දැක්කම සසර එපා වෙනවා..

      • Sujeewa

         /  October 24, 2012

        කසුන් හා ඩෙරීඩා; කියවන්නේ නැතුව ඉන්න.

  2. මිස්ටර් හයිඩ්

     /  October 22, 2012

    // බටහිර සමහර වෛද්‍ය විද්‍යාලයන්හීදී වෛද්‍ය සිසුන්ට ඩිසෙක්ට් කරන්ට පෙර තමන් විසින්ම බල්ලකු බළලකු වැනි සතකුට වේදනාත්මක මරණයක් ලබා දෙන්ට උනන්දු කරවන්නේ මේ අනුකම්පාව තුරන් කිරීම පිණිසය//

    STF පුහුණුවේදීත් ඔහොම එකක් කරනවා කියලා අසා තිබෙනවා

    Reply
  3. DDT

     /  October 22, 2012

    බලන් ගියාම කොයි ලෝකෙත් එකවගේනේ. මේක මහ කෲර ලෝකයක්.

    ෴ ඩබ්ලිව්. ජී. සිසිත සඳරුවන් පෙරේරා ෴

    ‘කරෝලිස් අප්පුහාමිලාගෙ සිරිපාල‘ වගේ නමක් දැම්ම නම් ඔය සෙල්ලමෙන් ලේඛකයට තවත් ටිකක් සතුටුවෙන්න තිබුණ.

    Reply
  4. මගේ අවංක අදහස නම් මෙතෙක් පලවූ අසාර්ථකම කතාංගය….

    Reply
    • මනික්

       /  October 22, 2012

      මටත් හිතෙන්නෙ ඒ ටිකමයි.
      අද ලේබකයා නැගිට්ටෙ ඇඳ විට්ටම් පැත්තෙන්ද.
      මම Coments නොදැම්මත් හැමදාම කියවන පින්වතෙක්මි.

      Reply
  5. ඊ-මේල් එකෙන් උදේ බලපු වෙලාවේ මොලෝ රහක් දැනුනේ නෑ. තාමත් එහෙමයි. ඇඹුල් තියල් ද කියා හෙට ඇවිත් බලන්නම්.

    Reply
    • Sujeewa

       /  October 22, 2012

      රහ අඩුවීම මීට පෙර ලිපියේ දැනුම දුන්නේමිය

      Reply
    • Sunimal

       /  October 22, 2012

      ඔව් අද නම් කකා ලියපු බ්ලොග් පෝස්ට් එකක් වගේ.

      Reply
      • මට මෙච්චර වචන ටයිප් ගොඩක් කරන්න වෙලාවක් නෑ ළමයෝ! අඩු වශයෙන් මගේ ස්කේල් එකෙන් සතියක චවන මෙතන.

  6. හැමෝම බනින නිසා… තව ඩිංගක් වෙනස් කලානම් ඇනොනිමස් ආතල් බ්ලොග් එකෙත් දාන්න තිබුණා හැරෙන්නට මට නම් අද පෝස්ට් එකේ අවුලක් නැත… (මෙසේ කීම අගෞරවයක් නොවේ… ඇනොනිමස් ආතල්හි හොඳ පෝස්ට් ගොඩක් පළවුණි…)

    මට ඇති එකම අවුල කලක පටන්ම උත්සාහකලද මේ ඩිසෙක්ට් කරන කලාව අල්ලා ගැනීමට නොහැකි වීමයි…

    Reply
  7. ~Kasun~

     /  October 22, 2012

    @ලේඛක

    “මේ සමනළයෙකි. මම සමනළයින් ඩිසෙක්ට් කිරීමට කැමැත්තෙමි.”

    “සමනළයින් ඩිසෙක්ට් කිරීම පටන් ගත්තේ රිචඩ් ද සොයිසාය.”

    මේ වාක්‍ය වලින් කියන ව්‍යන්ගාර්තය මට තේරෙන්නේ නැහැ.. මොකක්ද මේ සමනලයෝ දෙසෙක්ට් කරන කතාව..?

    Reply
    • Jesse James

       /  October 23, 2012

      රිචඩ් ගේ lepidoptera කියන ඔය මුලින්ම තියෙන කවියෙන් එය විශ්ලේෂණය කරන්නේ ගම්බද තරුණයාව. ඔහු ගම්බඳ තරුණයාව සමාන කරන්නේ තටු බිඳුන සමනලයෙකුට . ඒ වගේම තමා දිනුෂත් විශ්ලේෂණය කරන්න තැත් කරනවා තමන්ගේ පන්තියෙන් බැහැර ගම්බඳ තරුනයෙක්ව
      lepidoptera මේ ලේඛකයාගේ ප්‍රියතම කවියක් මට මතක විදියට.

      Reply
      • පෝස්ට් එක තේරුම් ගත හැකි එක හෝ පාඨකයකු සිටීම සතුටට කරුණක්.

        – ලේඛක

      • ~Kasun~

         /  October 23, 2012

        @Jesse James & ලේඛකයා
        බොහොම ස්තුතියි පැහැදිලි කිරීමට..
        ඒත් ඔබ කියන කාරනා ඍජුවම ලිපියේ කියවෙන දේවල්නේ..
        මගේ ප්‍රශ්නය මේකේ ව්‍යන්ගාර්තය මොකක්ද කියල.. (එහෙම එකක් තියෙනවා යයි සිතමි..!තිබේද?)
        දැන් ඕකෙ ව්‍යන්ගාර්තයක් නැත්තම් අර කවියේවත් දිනූශගෙ ප්‍රශ්නාවලියෙවත් තේරුමක් නැහැනේ.. ?!!

  8. //මම: “ඒ කියන්නෙ සියේට හය දුන්නත් ඔයා එතැනමයි…?”
    ඔහු: “මොකද්ද ඒ…?”
    මම: “ඇයි ඔයා අහල නැද්ද දළ ජාතික නිෂ්පාදිතයෙන් සියේට හයක් අධ්‍යාපනේට දෙන්න ඕනැ කියන තර්කය…”
    ඔහු: නෑ මැඩම්…”//

    😀 😀

    Reply
  9. සමහරවිට ලේඛකයා මේ චැප්ටරයෙන් අදහස් කරන්න ඇත්තේ කොළඹ පොෂ් කෙල්ලෙක් ගමෙන් කොතරම් දුරස්තරබව පෙන්නීම විය හැක. හැබැයි එයට මෙතරම් චවන ගොඩක් ටයිප් කරන්නට මහන්සි විය යුතුද?

    නැතිනම් මේ පුසෙක් මීයෙක් හා කරන සෙල්ලමක් විය හැක.

    MI-6 එකට හෝ CIA එකට රෙක්රූට් කරන්නේ මේ විදියටද?

    Reply
    • මෙතැන කෙරෙන්නේ කුමක්දැයි ඔය තරම් දුරට කල්පනා කරන්ට අවශ්‍ය නැත. මෙතැන කෙරෙන්නේ සමනළයකු විච්ඡේදනය කිරීමකි. අඩුත් නැත. වැඩිත් නැත.

      – ලේඛක

      Reply
      • Dereeda

         /  October 23, 2012

        මම ආයිත් උඹට කියන්නේ මෙතන කමෙන්ට් දාන්න තියෙන එක නවත්වපන්. මුන් හොඳ ගොසිප් එකේ කමෙන්ට් දාන්න.මෙ වගේ වාහේලා ද මේක කියවන්නේ කියල හිතුනම සහ මුන් තේර්ම් ගන්න ප්‍රමාණය දැක්කම අපිට කෙසේ වෙතත් උඹට දුක නැද්ද?

  10. Jesse James

     /  October 23, 2012

    also the name Susitha and 6% go together cos that is name of one of those IUSF boys who got killed in that accident . Found that out by an accident

    Reply
  11. Jesse James

     /  October 23, 2012

    Sorry I mean sisitha

    Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: