(32) චරිත්ට පුංචි අම්මා කෙනෙක්! || A stepmother for Charith

කාලය: 2003  මුල හරිය, සමාන්තර විශ්වය. [‘නිරුවතින් දිය නෑ සමනළියට මාස කිහිපයකට පසුව හා ‘මඩොල් දූවේ සමනල්ලු’ට අවුරුදු එක හමාරකට දෙකකට කලින්]
ස්ථානය: කොළඹ, ලංකාව

අප්පච්චි නැවත විවාහ වන්ට සැරසෙන්නේය මා දැන ගත්තේ ආරංචිය හොඳටෝම පිළුණු වුවායින් පසුවය. පවුලේ අනෙකුත් සියළු දෙනා මෙන්ම අප්සරා ආන්ටි, ජයන්ත අංකල් බඳු කිට්ටුවන්තයෝද කලින් කතා කර ගත්තාක් මෙන් මෙපුවත මගෙන් සැඟවූවෝය.

ඔවුනට එසේ කරන්ට තරම් හේතුවක් තිබුණේය මට නොසිතෙයි. තමන් විවාහ වන බව අසා චරියා මැණික් කටුව කපාගෙන නාන බේසමේ මිය යාය අප්පච්චි මොහොතකට හෝ සිතුවා නම් මට කියන්ට ඇත්තේ ඔහු තමන්ගේම පුතා නොදැන සිටි බවයි.

අප්පච්චි බැන්දාය කියලා මට පාන්යැ!

මට කලබල වන්ට කිසිම කාරණයක් නොතිබුණේය. අප්පච්චිට ඔහුගේ ජීවිතය ඔහුගේ අභිමතය පරිදි ගෙන යන්ට මගෙන් කිසිදිනෙක බාධාවක් නොවීය. මම ඔහු බදා අල්ලාගෙන නොසිටියෙමි. එසේම ඔහු මතක ඇති කාලයක මගේ ජීවිතයේ කොටස් කරුවකු නොවීය. අප්පච්චි රාජකීය විද්‍යාලයේ ‘කඩලේ’ තරමට වත් මට කිට්ටු නොවූ, මා කිසි දවසෙක දැඩි බැඳීමක් ඇති නොකැර ගත් චරිතයක් විය. ඔහුගේ සම්බන්ධතා ගැන මම කවදාවත් කරදර නොවීමි. මට කරදර වන්ට ඊට වඩා දේවල් තිබුණේය.

අම්මා ගැන මා සිතුවේ මීට ඉඳුරා වෙනස්වය. කයින් නැතිවද ආධ්‍යාත්මිකව අම්මා මා මොහොතකුදු තනි නොකැර, සෙවනැල්ලක ලෙසින්, හැමදා මා ළඟින් සිටියාය.  කුඩා කල පටන්ම මගේ සතුට මෙන්ම දුකද බෙදා හදා ගත්තාය. මගේ හැම රහසක්ම දැන සිටියාය. වැදගත් තීරණයක් ගන්ට සැරසෙන හැම විටෙකම අම්මා මා පසුපසින් හිඳ මට මඟ පෙන්වනු මට ඉවෙන් මෙන් දැනේ. අන් කිසිවකුට නෑසෙන්ට ඇය මට බොහෝ දේ කීවාය.

“Chari brush your teeth once you eat chocolates!”

“Chari, have you done your maths homework?”

“Chari, don’t do that putha…one day you are going to regret it”

මීගමුවේ සීයලාගේ ගෙදර ගිය හැම විටෙකම මම අම්මාගේ පරණ ඇඳෙහි නිදා ගනිමි. මේ තරම් සුව දායක ලෙස මා නින්දට පත් කරන වෙනත් සයනයක් ලොව නැත්තේය. ඈතින් මුහුදෙහි දිය රළ බිඳෙන හඬ මගේ නින්දට කවදාවත් බාධා නොකළේය. අම්මාගේ සුවඳ රැඳි මේ කාමරය මගේ ආත්මය සිරුරින් බැහැර කොට ඊටම උරා ගත්තේය.

ආදරයේ උල්පත වූ අම්මා – මා ඔබගේ පුතු වූ…
‍ඔබ මතු බුදුවන දවසේ – මා රාහුල කුමරුන් සේ
සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළැගිල්ලේ එල්ලී…

සඳ දිය කොට කිරිවතුරෙන් – ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක්වන් නැලැවිලි ගීයෙන් – මතකයි මා නැලැවූවා…
ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී – ඒ ජීවිතයට කිරි දී පණ දී
මා දැඩි කල අම්මා…

කවදාවත් පින්තූරයක මිස හැබැහින් දැක නැතිවද, අම්මා මගේ සිහිනයන්ට ඇතුළු වන්ට එය බාධාවක් නොකැර ගත්තාය. හැම විටෙකම ඇය ඇතුළු වූයේ ප්‍රසන්න සිහිනයන්ටය. මට ජීවිතයට දෙපයින් සිට මුහුණ දෙන්ට හැකිවූයේ ඇය මා අත නොහැර මා ළඟ සිටි නිසාය. ඉදින් අම්මා නැවත විවාහ වන්ට යන පුවත ඇසුවේ නම් මා බෙහෙවින් කලබල වන්ට තිබුණේය. සමහරවිට මැණික් කටුව කපාගෙන නාන බේසමෙහි මියෙන්ටද ඉඩ තිබුණේය.

කොටින්ම මගේ ලෝකයෙහි මිය ගොස් සිටියේ අම්මා නොව අප්පච්චිය. මා හොඳින්ම දත්තවුන්ට වුව තේරුම් ගත නොහැකි වූයේ එයයි.

අප්පච්චි මට දුරකථනයෙන් වුව කථා කරන්නේ කලාතුරෙකිනි. එබැවින් ඔහු දවසක කතා කොට මා හඳුනා ගන්ට කැමැති ‘අක්කා කෙනකු’ සිටින්නීය කී විට මම පුදුම වීමි. මට ‘අක්කා කෙනකු’ හඳුනා ගන්ට කිසිම අවශ්‍යතාවයක් නුවුවද හුදෙක් අප්පච්චිට කීකරු වීමක් වශයෙන් මම දුරකථනයට පිළිතුරු දුන්නෙමි.

“හලෝ චරිත්… මගේ නම මහීරා. ඔයා මම ගැන අහල තියෙනවද? “

ඇය කතා කළේ සිංහලෙනි. මා සිංහලෙන් දුරකථන ඇමැතුම් ගෙන නැතුවා නොවේ. එහෙත් අප්සරා ආන්ටිගේ පවුලේ ඇත්තන් සේම මගේ මිතුරන්ද මට කතා කරන්නේ ඉංගිරිසියෙනි.

“නෑ…මම අහල නැහැ…”

ඔයා යන්නෙ රෝයල් එකට නේද…?”

“ඔව්…”

ඔයා පොත් කියවන්න කැමැතියි නේද…?”

“ඔව්…”

“ඔයා මුද්දර එකතු කරනවා නේද…?”

“ඉස්සර එකතු කළා. පස්සෙ නතර කළා…”

“ඔයා Ice Age බැලුව නේද…?

“ඔව්…” (මේ මොන වදයක්ද? මැයට වැඩකට ඇති දෙයක් කතා කරන්ට බැරි ඇයි?)

“ඔය ඉතින් බලන්නකෝ. ඔයා ගැන හැම දෙයක්ම මම දන්නවා. ඔයා මං ගැන මොකුත් දන්නෙ නෑනෙ…”

“ඇයි මං ඔයා ගැන දැන ගන්න ඕනැ…?” (මේ වන විට මම ඉවසීමේ සීමාවට කිට්ටු කරමින් සිටියෙමි.)

“ඔයා මගේ යාළුවෙක් හින්දනේ…”

මම නිහඬව සිටියෙමි.

“ඔයා කැමති නැද්ද මං ගැන දැන ගන්න..?”

“ඇයි..?”

“ඇයි කියල අහන්නෙ? ඔයාගෙ යාළුවෙක් ගැන දැන ගන්න කැමති නැද්ද…?”

“කැමැතියි…”

“ඔන්න එහෙනම් මං ගැන කියන්නම්කෝ. මම තමයි ලංකාවේ වැඩිම කාර්යක්ෂ්ම මයික්‍රො හයිඩ්‍රො පවර් ස්ටේෂන් එක හැදුවේ. මම සැලසුම් කළා ජල විදුලි බලාගාරයක් වෙන ඒවායින් වගේ හතර ගුණයක් ගෙවල් වලට විදුලිය දෙන්න පුළුවන්…”

“හා…”

“ඒ විතරක් නෙවෙයි ඔයා පුදුම වෙයි මං කරපු දේවල් අහලා…”

“ඒ මොනවද…?”

“ඔයා ඒ ලෙවල් නේද කරන්නෙ…?”

“ඔව්…”

“ඔයා ප්‍රොජෙක්ට් එකක් කරනවද…?”

“ඔව්…”

“මොනවා ගැනද…”

“මං කරන්නේ ශේක්ස්පියර්ගෙ සොනට්ස් ගැන…” (සොනට්ස් වල නම් ඇයට කීමෙන් ඵලක් නැතැයි මට සිතුණේය.)

“මං ඒ ලෙවල් වලට කළේ ඊට වැඩිය හුඟාක් අමාරු ප්‍රොජෙක්ට් එකක්. මම මිනීමරුවන් අල්ලන්න පොලීසියට උදව් වුණා…”

“හා…”

ඉන්පසු ඇය නිවුන්නු දෙදෙනකු විසින් කළේය කියන මිනීමැරුමක් ගැන දීර්ඝ විස්තරයක් කළාය. මට නම් එහි කතාවකට වඩා වැඩි දෙයක් නොවීය. වරින් වර ‘ඔව්’ කියමින් මම එය අසා සිටියෙමි.

කිසිම වැදගත් අදහසක් හුවමාරු නොවී, මිනිත්තු පහළොවකට පමණ පසු මේ දුරකථන සංවාදය නිමා විය. එහි අරුත කුමක්දැයි මම දින කිහිපයක්ම කල්පනා කළෙමි. එහෙත් මට කිසිවක් සිතා ගන්ට නුපුළුවන් විය. නැවත කතා කරන්නේය කියුවද ඇය මට නැවත කථා නොකළාය. එසේම මමද ඇගෙන් දුරකථන ඇමැතුමක් බලාපොරොත්තු නොවීමි.

මේ ප්‍රහේළිකාව විසඳුණේ දින කිහිපයකට පසු අප්සරා ආන්ටි සමඟ කළ දුරකථන ඇමැතුමකදීය.

“I heard you spoke with Maheera…” සතියකට වරක් පමණ මා සමඟ කළ සංවාදයක් මැද හිටි හැටියේම ඇය කීවාය.

“Who…?”

“A girl called Maheera. Appachchi told you spoke to her…”

“Ah. That silly girl…?”

අප්සරා ආන්ටිට හිනා ගිය හැටි මට ඇසුණේය.

“Silly girl? What is so silly about her…?”

“I do not know. She wanted to speak about this and that and wasted half an hour of my time…”

“You shouldn’t talk like that Chari…”

“Why…?”

“Because she is going to be an important person in your life…”

“In my life…?”

“I am sorry, Chari. I didn’t tell you this for a long time. But you are no more a kid and you should know these things. Appachchi is going to remarry…”

“What? He is going to marry that girl…?”

“Yes…”

“Don’t tell me…!”

“Now you know! Does it make a difference…?”

“To me…? No it doesn’t. I don’t care whether he marries or not. But why marry at this age…?”

“I don’t know you have to ask him…”

“By the way aunty she could be very much younger to him…”

“Yes. She is just twenty two…”

“What? I am seventeen now…She is just five years older…”

“Yes…”

“Good. So can I call her ‘akka’…?”

“No, I think you have to call her ‘punchi’ or something…”

“I prefer calling her ‘akka’…”

“This is not a joke putha. Life is more serious…”

“Not to me aunty. But I will note that point…”

මේ අප්සරා ආන්ටි සමඟ මා මහීරා ගැන කථාකළ මුල් හා අවසාන අවස්ථාවයි.

මින් සති දෙකකට පමණ පසු මම පළමු වරට අප්පච්චි සමඟ මහීරා හමුවීමි. නමුත් මට එදින මතක වෙනත් කාරණයක්ද නිසාය.

රජ බොජුන් අවන් හලෙහි ඒ සන්ධ්‍යාවේ අප්පච්චි හා මහීරා හිඳගෙන සිටියේ ඉන්දියන් සාගරය දෙසට මුහුණ ලාය. (මම කිසි විටෙකත් ඇයට ‘පුංචි’ හෝ ‘අක්කා’ නොකීවෙමි. මා ඇය හැම විටම ආමන්ත්‍රණය කළේ නමිනි. අප්පච්චිද ඊට විරුද්ධත්වයක් නොපෑවේය.) ඇය සිහින්ය. මටත් වඩා සුදුය. මා සිතුවාට වඩා රූමත්ය. ඒත් මාධුරී තරමටම නොවේ. අප්පච්චි හා ඇය අතර වයසේ වෙනස කැපී පෙණේ. එය ඔවුනට ගැටළුවක් නොවේ නම් මට පාන්යැ!

මම සයුරට පිටුපා ඔවුන් ඉදිරියේ හිඳගෙන සිටියෙමි. මහීරා FM නිවේදිකාවක මෙන් තොරතෝංචියක් නැතිව කියවයි.

චරිත් ඔයා උල්කාපාත ගැන අහල තියෙනවද...?”

“ඔව්…” (මම වෙන මොනවා කියන්ටද? හදිසියේම අපේ ජීවිතවලට පාත් වූ ඇයද උල්කාවකැයි මට සිතෙයි.)

“මම පොඩි කාලෙ අපේ වත්ත පිටිපස්සට උල්කාවක් වැටුණා…”

“හා…”

ඒක සාමාන්‍ය උල්කාවක් නෙවෙයි…මෙන්න මෙච්චර විතර ලොකු (ඇය අතින් පාපන්දුවක් තරමේ වස්තුවක් දක්වයි.) කළුපාට එකක්. ඒකෙ මතුපිට හොඳටම ඔප වැටිලයි තිබුණෙ. නාසා එකේ සයන්ටිස්ට්ලා කිව්වෙ ලෝකෙ කොහේවත් ඒ වගේ උල්කාවක් හොයාගෙන නැහැයි කියලා…

“හා…”

“ඔය උල්කාවෙ කතන්දරේ කවද කියන්න බැරිද දැන්…” අප්පච්චි ඇයට බාධා කරයි.

“ඇයි ඒ ළමය කැමැති නද්ද උල්කා ගැන අහන්න…? චරිත් ඔයා කැමැති නැද්ද අපේ වත්තට වැටිච්චි උල්කාව ගැන අහන්න?”

“කැමැතියි…” (මා වෙන මොනවා කියන්ටද?)

ඔයා ‘භවත්‍රා’ බලල තියෙනවද චරිත්…?”

“භවත්‍රා? මොකද්ද ඒ…?”

“අනේ ගොඩයා. ටෙලිවිෂන් එකවත් බලන්නෙ නැද්ද…?”

“මම ලෝකල් චැනල්ස් බලන්නෙ නෑ…”

“අයියෝ ඔයා එහෙනම් මොනවද දන්නෙ…වැඩක් නෑනෙ රෝයල් එකට ගියා කිව්වත්…”

රෝයල් එකට ගියාය කියල ලෝකෙ හැම දෙයක්ම දන්නෙ නෑනෙ…”

අප්පච්චි සිහින් සිනාවක් ඇතිව අපේ දෙබස අසා සිටියි. සමහරවිට අප දෙදෙනා මෙසේ හොඳින් කතා කිරීම ඔහුගේ සතුටට හේතු වූවා විය හැකිය.

අවන්හලෙහි දොරින් මගේ මිතුරකු ඔහුගේ මව හා පියා සමඟ ඇතුළු වෙයි. මා දුටු ඔහු සිහින් සිනාවක් පායි. මම ඔහුට අත වනමි. අප්පච්චි පසු පස හැරී බලයි. ඔහු මගේ මිතුරාගේ පියා සමඟ සිනාසී මදෙස බලයි.

“I didn’t know you know Mahinda’s son…”

“Yes. I know Namal. Is Mahinda uncle a friend of yours…?”

“Not really. I know him a bit. Not closely. He is an opposition MP…”

“Do you mind I move to their table for a minute…?”

“No. Go and talk…”

මට අවශ්‍යව තිබුණේ නාමල් සමඟ කතා කරන්ටම නොව මහීරාගේ දඬු අඬුවෙන් මිදෙන්ටය. මම නාමල්ලාගේ මේසය වෙත ගමන් කරමි.

“Hello Charith…”

“Hi Namal…”

“තාත්තෙ මේ චරිත් මතකද…?”

“අප්පච්චිව නම් ඉතින් අපි දන්නව. පුතාව හම්බවුණේ කොහෙදිද හරියටම නිච්චියක් නෑ…”

“ඇයි තාත්තෙ මතක නැද්ද ශේක්ස් ඩ්‍රාමා කම්පිටිෂන් එකේ…”

“හරි. මට මතකයි. ඇන්තනි ඇන්ඩ් ක්ලියෝපැට්රා එකේ ක්ලියෝපැට්රාට හිටියෙ ඔයා නේද? අර අන්තිම සීන් එක නම් මට තාම මතකයි. ඔයා හුඟාක් ලස්සනට ඒක කළා. මං හිතුවෙ ගෑණු ළමයෙක්ම තමයි කියලා…”

මම මහින්ද අංකල්ගේ මතකය ගැන පුදුම වෙමි. මේ කතා කරන ශේක්ෂ්පියර් නාට්‍ය උළෙල තිබුණේ අඩු තරමින් වසර දෙකකට උඩදීය.

“රෝයල් එකේ ගෑනු ළමයි ඉන්නව කියල දන්නෙ අදනෙ…” නාමල් සිනාසෙයි.

“සෙන් තෝමස් එකේ තරමටම නෑ නේද…?”

මටත් කලින් උත්තර දෙන්නෙ මහින්ද අංකල්ය. අපි සියල්ලෝ සිනාසෙමු. මහින්ද අංකල්ට අපේ අප්පච්චිට නැති අමුතුම සෙන්ස් ඔෆ් හියුමර් එකක් ඇත.

“චරිත්ගෙ තාත්තත් මේ වගේමද…?” ශිරන්ති ආන්ටි අසයි. “මෙයාට නම් අපි එක්ක මේ වගේ ඩිනර් එකකට එනව කියන්නෙ හාවා හඳ දැක්ක වගේ කලාතුරෙකින් කරන්න හම්බ වෙන දෙයක්…”

“පොලිටීෂියන්ස්ලා ඔක්කොම එක වගෙයි නේද පුතා…?”

මම හිස වනමි.

“ඒ කරලත් පොඩි පුතාලා දෙන්න අල්ල ගන්න බැරි වුනානෙ. දෙන්නම නුවර ගිහින් රගර් මැච් එකකට…” ශිරන්ති ආන්ටි කියන්නේ ඔවුන් දෙදෙනාට නුවර යන්ට වුණේ මගේ වරදින් වගේය.

මම සිනාසෙන්ට වෑයම් කරමි.

“නාමල්, ඇයි යාළුවට ඉන්වයිට් නොකරන්නෙ නිවාඩු කාලෙක බෙලිඅත්තට එන්න කියලා…” මේ මහින්ද අංකල්ය.

“දැනටම කියලා තියෙන්නෙ තාත්තෙ. මේ ගොල්ලන්ගෙ ගණන්නෙ…”

“අප්පච්චි ඇමැති කෙනෙක් උණාම එහෙම තමයි නේද පුතා…”

“තාම ඩිපියුටි මිනිස්ටර් විතරයිනෙ අංකල්…”

“ඩිපියුටි මිනිස්ටර් කියන්නෙත් මිනිස්ටර්ම තමයි පුතා. තමන් දැන ගන්න ඕනැ බලය ලබා ගන්න. ඒක වෙන කාටවත් දෙන්න බැහැ. මට නම් බුද්ධ ශාසන අමාත්‍යාංශය දුන්නත් කමක් නෑ පුතා මම වැඩ කරනව. මම දන්නව ඒක කරන හැටි…”

“ඔන්න පටන් ගත්ත දේශපාලනේ. අනේ ඔයාටත් දේශපාලනේ නැතුවම බැරිද…අම්මා ආවෙ නැද්ද පුතා අද?”

ආන්ටි මගේ අම්ම නැති වෙලා තියෙන්න මං උපදිනව එක්කම…

මහින්ද අන්කලුත් ශිරන්ති ආන්ටිත් එකිනෙකා දෙස බලා ගනිති. නිහඬ මිනිත්තු කිහිපයක් ගෙවී යයි.

“ඔහොම තමයි පුතා ජීවිතේ. කවුරුත් හමදාම ඉන්න එන්නෙ නෑ. ලබා උපන් හැටි තමයි…පුතා බුද්ධාගමේද?”

“මගේ තාත්තා බුද්ධාගමේ. අම්මා කැතලික්. මං නම් ඔය දෙකටම වැඩිය නෑ…”

“අන්න මං වගේ තව කෙනෙක්…” නාමල් සිනාසෙයි.

“අර Birds of a feather flock together කියල කියමනක් තියෙනවනෙ…” ඒ ශිරන්ති ආන්ටිය.

තවත් නිහඬ මිනිත්තු කිහිපයක් ගත වෙයි. සමු ගන්ට කල් පැමිණ ඇති බව මට සිතේ.

“මං යන්නම් අංකල්. යන්නං ආන්ටි. Namal, see you…”

“See you later Charith…”

මා නැගිටින විට මහින්ද අංකල් අපේ මේසය දෙස බලයි.

“කවුද පුතා ඒ අක්කද…?”

“නෑ අංකල්, ඒ මගෙ පුංචි…”

මහින්ද අංකල් යමක් වටහා ගත්තාක් මෙන් හිස සලයි.

.

.

(ඉවසන්න…………….සමනළයා යළි පියා සලන තෙක්)

Advertisements
Leave a comment

32 Comments

  1. මේ කතා කොටස මතු දවසක එන කොටස් කිපයකටම ලින්ක් වෙන හැටි මට තේරෙනවා තේරෙනවා වගේ.

    ඉන් එකක් 18+ එකක් වෙයිද?

    Reply
    • ඉදිරිය ගැන කියන්න බෑ. මොකද මා වත් තවම ඒක දන්නෙ නැති නිසා. සමනළයා පියා සලන හැටියට තමයි. කොටින්ම සමනළයාගේ පියා සැලීම මත චරිත්ට බෙලිඅත්තට එන්න කියලා මහින්ද මාමා කරන සරල ආරාධනාවම 18+ කතාවක් හැටියට ඉවර වෙන්න බැරි නෑ.

      – ලේඛක

      Reply
    • ~Kasun~

       /  October 24, 2012

      මොකක්ද මේ ලංකාවේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ..??? sex ඇර වෙන දෙයක් හිතේ වැඩ කරන්නෙම නැද්ද? සුද්දන්ගේ රටවල අවුරුදු ගණන් ඉඳලත් මේ මිනිස්සුන්ට හැදෙන්න බැරි හැටි..
      හැමදාම ගෙදර ගෑනිත් එක්ක ඉන්නේ නැතුව කොටුවක් එහෙම පැනල පොඩි සොමියක් ගන්නවල. එහෙම ටැලන්ට් එකක් නැත්තම් ඉඳල හිටලා යනවල ඔය බඩුපොට් එකකට.. ගිහිල්ල ඔය මොලේ අමාරු හොඳකරගන්නවල..
      මේකේ හැමතැනටම sex ඔබන්න ගියාම හඳගමගේගෙ ෆිල්ම් එකක් වගේ වෙයි.. මතක් වෙනකොටත් වමනෙ යන්න එනවා..

      Reply
    • Sujeewa

       /  October 24, 2012

      චරිත් මහීරාත් එක්ක බුදිය ගනී කියලා මම හිතන්නේ නැහැ කතන්දර 🙂 ඔබ මීන් කලේ ඒකනම්…

      Reply
      • ඒ වුනාට මහීරා චරිත් එක්ක බුදියගන්න බැරිද..? 🙂

        මමනං දැන් හැදිලා ඉන්නේ… සමනළයා පියාසලනකල් ඉන්නවා… ද රයිටර් එහෙම හොඳා නේද..? 😉

  2. maal

     /  October 24, 2012

    චරිත කලින් ගියේ ට්‍රිනිටි එකටය.

    Reply
  3. 1. මහින්ද අංකල්ගේ මතකය
    2. මහින්ද අංකල්ගේ අමුතුම සෙන්ස් ඔෆ් හියුමර් එක
    3. මහින්ද අංකල්ගේ යමක් වටහා ගැනීමේ ශක්තිය

    පුහ්, මාර ෂොපින් බෑග් එක!

    Reply
    • රයන්ත

       /  October 24, 2012

      ඇත්ත කියන්න, ටිකක් බයෙන් නේද ?

      Reply
  4. කතාංග එකිනෙකට ලින්ක් කිරීම අපූරුවට කරලා තියෙනවා. වෙල් ඩන් ලේඛක පොර ළමයා.

    Reply
    • Sujeewa

       /  October 24, 2012

      සමනල විප්ලවය ලේඛන හැකියාවෙන් ඉහල තත්වයේ පවතින බව මගේ අදහස. ඒ නිසාම තමා මට වැටහෙන විදිහට ඒක කඩා වැටෙනවා කියා හිතන තැන්වල ඒ ගැන සඳහන් කරන්නේ. නිර්මාණයක් නිසා මම බොහෝ විට ලිඛකයා සමග එහි නිර්මානාත්මක අගය ගැන විනා “හුරේ ඕකට ගහපිය” හෝ “අඩෝ තතෝ කවුද අපේ අහවල් එකට මෙහෙම කියන්න” වර්ගයේ සංවාදයකට යන එකක් නැහැ.

      Reply
  5. kawuluwa

     /  October 24, 2012

    //I don’t tell you this for a long time// Is this grammatically correct shouldn’t it be like //I didn’t tell you this//

    Reply
  6. කොමෙන්ට් නොකර ඉන්නම බෑ.. විකිපීඩියා එකටත් ලින්ක් එකක් දාලනේ.. මේක නම් රහයි.. මම හිතනවා පෞද්ගලික කතාවක් යනවට වඩා මේ වගේ දේශපාලන චරිත ඇතුලත් කරාම රහයි කියලා. දැන් මේකේ උනත් මහින්ද මහත්තයා ඇතුලත් නොවුනනම් ඒ රහ නැති වෙන්න පුළුවන්. අපේ ඔළු හැඩ ගැහිලා තියෙන්නේ එහෙමයි. ඇත්ත මහින්ද මහත්තයා විපක්ෂේ ඉන්න කාළේ නියම චරිත ස්වභාවය එහෙමම ලියලා තියෙනවා..

    Reply
    • Sujeewa

       /  October 24, 2012

      ඒකම නොවේ, ඒත් සිද්ධි පරණ සිද්ධි එක්ක ගැලපීම තමා ඒ කොලිටිය මට වැටහෙන පරිදි. ලේඛකයා මේ කතාන්ගයෙන් කියවන්නා කිහිප පොළකදී විස්මයට පත් කරනවා. මහින්ද අන්කල් ඉන් ඒක අවස්තාවක් පමණයි.

      Reply
  7. Pieces falling into places! great!

    Reply
  8. Sujeewa

     /  October 24, 2012

    හොඳයි. සමනලයා ආයිත් හරියට තටු සලන්නා සේ හැඟෙනවා.

    Reply
  9. ලේඛකයා සතුව නිශ්චිත ලෙස ගලා යන නවකතාවක් ඔහුගේ මනසේ ඇත. ඔහු අතරින් පතර එදිනෙදා සිදුවන දේවල් අරඹයා කථාංග පල කරයි (උදා-මාලක සිල්වා, සර්වඥ ධාතු). අද පල කර ඇත්තේ ‍ෆික්ස්ඩ් කථාවේ කොටසකි.

    Reply
    • වැරැදියි! ඔබ ඔය දෙන නිදර්ශන දෙකේම ෆික්ස්ඩ් කතාවට ඉතාමත්ම අදාළ කාරණා තියෙනවා. පොඩ්ඩක් ඉතින් හංගලා තමයි තියෙන්නෙ. හෙව්වොත් හම්බවෙයි.:-)

      – ලේඛකයා

      Reply
  10. Sujeewa

     /  October 24, 2012

    මහීරා මරාගෙන මැරෙන කොටි කෙල්ලක් වීමේ සම්භාවිතාවය කීයද? මැඩම්ට ගේම දෙන්නේ මෙයාද?

    Reply
    • සුජීව මුල ඉදල කියවල නෑ වගේ තාම. වික්ටර් ගේ මල ගේ දවසේ චරියට මැඩම් කෝල් කරනවා.

      Reply
      • Sujeewa

         /  October 24, 2012

        හෆ්ෆා හැබෑ නේන්නම්. මුල එපිසොඩ් කියෙව්වේ කලකට පෙර. ඊට පස්සේ කාර්ය බහුල වීම නිසා කියවන්න බැරි උනා. ඔන්න ඔය අස්සේ අමතක වෙලා.

        සම්භාවිතාවය 0%යි ශේප් ශේප්

      • වික්ටර්ගේ මළ ගෙදර මහීරා කියලා චරිතයක් නැහැ. වික්ටර්ගේ චන්ද්රිකා ආණ්ඩු භුමීකාව තුළත් මහීරා ගැන වැඩි සටහනක් නැත්තේ මොකක් හරි නිසා මහීරා ඉක්මනින්ම වික්ටර්ගේන් ඇත් වෙනවා වෙන්න ඔනෙ. සමහර විට රතු හාමුදුරුවන්ගේ පංසලේ ළිංඳේ වලලන්නේ මහීරා වෙන්නත් බැරි නැහැ.

        අනික මහින්ද නිකම්ම නිකම් MP කෙනෙක් නම් දැන් කවුද විපක්ෂ නායක? රත්නසිරි?අනුර? නැත්නම් කාදිරගාමර් ද?

      • විපක්ෂ නායක කදිරගාමර්. ඒ ගැන ලේකඛයා ඕනෑ තරම් ඉගි දීලා තියනවා. රතු හාමුදුරුවෝ නම් ළිං ගත කලේ ප්‍රගීත් එක්නැලිගොඩව.

        වික්ටර් ගේ අවසානයට නම් මහීරා හේතුවක් වෙන්න පුළුවන් පසුබිම හැදිල තියෙනවා. හැබැටි කොටින්ගේ හරහා වෙන්න නම් බෑ.

      • මා මුලදීම සඳහන් කළ 2007 ආණ්ඩු මාරුව ගැන කොටස වැඩි දෙනකුට මතක නැහැ වගේ. (බනින්නත් බැහැ මොකද පසුබිමේ ලියැවුණාට පසුව ඒ ගැන සඳහනක් වුනේම නෑ.)

        අදාළ කොටස මෙසේයි.

        “සමනළ විප්ලවය” ට අදාළ සමාන්තර විශ්වය ගොඩ නැඟෙන්නේ 2003 ඔක්තෝබරයේ ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග එවක අගැමැති රනිල් වික්‍රමසිංහ සමඟ වූ අවබෝධයක් මත සිදු කරන 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් සමඟය. ඒ අනුව යම් පුද්ගලයකුට ජනාධිපතිවරණයට තරග කළ හැකි වාර ගණනේ සීමාව ඉවත් කෙරෙයි. ඇය 2005 ජනාධිපතිවරණයට තරග වදින අතර ඉන්ද වසර හයක් ගිය තැන එළඹෙන 2011 ජනපතිවරණයෙන්ද ජය ගනියි. රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 2007දී බිඳ වැටෙන අතර ජවිපෙ සමඟ සහයෝගයෙන් පිහිටුවා ගන්නා, අග්‍රාමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් ගේ නායකත්වයෙන් යුතු සභාග රජය 2012 දී ලංකාවේ පාර්ලිමේන්තු බහුතරය නියෝජනය කරයි. මහින්ද රාජපක්ෂ ඒ රජයේ බුද්ධ ශාසන කටයුතු අමාත්‍යවරයාය. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් පසුව මේ රජයට එක්වෙති.

        ඒ අනුව:

        2001 තෙක් ජනාධිපති අගමැති තනතුරු අපේ විශ්වයේ වගේමයි
        2001-2007 : අගමැති රනිල්, ආණ්ඩුව යූ එන්.පී.
        2007ට පසුව : අගමැති ලක්ෂ්මන් කදිරගාමර්
        2016 තෙක් : ජනාධිපති මැඩම්

        වික්ටර් බණ්ඩාර එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය අමාත්‍යවරයකු හා පසුව (මැඩම්ගේ දෑත් ශක්තිමත් කරන්න එක් වූවායින් පසුව) මැඩම්ගේ ආණ්ඩුවේ ඇමැතිවරයකු සේ කටයුතු කරනවා. දිගටම ඔහුගේ විෂයය විදුලි බල.

        – ලේඛක

        සැ. යු. පොඩි නොගැළපීම් වුණොත් පෙන්නා දෙන්න නිවැරදි කරන්නම්.

      • Sujeewa

         /  October 25, 2012

        [[“සමනළ විප්ලවය” ට අදාළ සමාන්තර විශ්වය ගොඩ නැඟෙන්නේ 2003 ඔක්තෝබරයේ ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග එවක අගැමැති රනිල් වික්‍රමසිංහ සමඟ වූ අවබෝධයක් මත සිදු කරන 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් සමඟය. ඒ අනුව යම් පුද්ගලයකුට ජනාධිපතිවරණයට තරග කළ හැකි වාර ගණනේ සීමාව ඉවත් කෙරෙයි]]

        ලේඛකයා මේක දාන්නකෝ ඔයාගේ බ්ලොග් එකේ මින් පේජ් ඒකට. මොකද මේක ඉතාමත් වැදගත් කොටසක් නිසා.

      • 2003 මහින්ද විපක්ෂ මන්ත්‍රී. විපක්ෂ නායක කවුද කියල සෘජුව කියල තිබ්බේ නැති වුනාට ඊළග මහ මැතිවරණයෙන් (2007) දිනල අගමැති වෙන කදිරගාමර් 2003 වෙනකොට විපක්ෂ නායක ඉන්න ඇති කියන උපකල්පනය කරපු එක වැරදි නෑ කියල හිතනවා.

  11. Charith M

     /  October 25, 2012

    මා සිතුවාට වඩා රූමත්ය. ඒත් මාධුරී තරමටම නොවේ. – Best part of the story 🙂

    Reply
  12. Sujeewa

     /  October 25, 2012

    මහින්ද අන්කල් මුණ ගැසුණු නිසා ටැබ්ලොයිඩ් කාරයින් අවදි වී මහීරා ගැන සියලු වගතෝග හෙළි වීමෙන් වික්ටර් කසාදය නොකර අත හරියි.

    හ්ම්ම්ම් ඒක මෙලෝ රහක් නැහැ.

    Reply
  13. හොඳ හොඳ සෙල්ලම් ඉස්සරහට බලාගත්තෑකි වගේ!

    Reply
  14. (ඉවසන්න…………….සමනළයා යළි පියා සලන තෙක්)

    Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: