(34) රෝහණ විජේවීර ඝාතනය දුටුවෙමි || I saw the killing of Rohana Wijeweera

කාලය: නොවැම්බර් 12-13, 1989, සමාන්තර විශ්වය (දේශ ද්‍රෝහීන්ට දඬුවම මරණයයි ට වසර එක හමාරකට පමණ පසුව)
ස්ථානය: කොළඹ, ලංකාව

**********(වික්ටර් සාලිය බණ්ඩාර කියන කතාව)**********

රාත්‍රි දහය පසුව මිනිත්තු තිස් පහකි. මම රන්ජන් විජේරත්න ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිතුමන්ට දුරකථන කරමි. මට ඔහු අල්ලා ගන්ට ලැබෙන්නේ තරමක පරිශ්‍රමයකින් පසුවය. වෙන කෙනකුට නම් මෙවැනි අවස්ථාවක ඔහු කතා නොකැර හරිනු ඇත්තේය සිතමි. එහෙත් මා වෙනස්ය. මම රන්ජන් විජේරත්න, ලලිත් ඇතුළත්මුදලි, ගාමිණී දිසානායක ත්‍රිත්වයේම අනාගත දේශපාලන බලාපොරොත්තුව නියෝජනය කරමි. ඔවුන්ට අවශ්‍ය ආකාරයට පක්ෂය ආරක්ෂා වනු ඇත්තේ මා වැනි තරුණයින් ආරක්ෂා වුනොතිනි. කවදා හරි දවසක රනිල් වික්‍රමසිංහලා, සජිත් ප්‍රේමදාසලා, මිලින්ද මොරගොඩලා වැනි දේශපාලන නපුංසකයින්ගෙන් පක්ෂය රැක ගන්ට ඉන්නේ අපය. එනිසා මේ සියළුම දෙනා තුළ මා වැන්නන්ට soft spot එකක් ඇති බව මම දනිමි. ඔවුන් ආයාස ගෙන අප නායකත්වයට පුහුණු කරන්නේ පරාර්ථයෙන්ම නොව තමන්ගේද සිහිනය ආරක්ෂා කරනු පිණිසය. අප ඔවුන්ගේ අනාගත ආධ්‍යාත්මයයි. අප විසින් ගොඩ නඟනු ලබන්නේ අපේ පමණක් නොව ඔවුන්ගේද හෙට දවසයි. ඔහුට මා නොසලකා නොහැරිය හැක්කේ එනිසාය.

“Yes Victor, What can I do for you…?” ඇමැතිවරයාගේ කටහඬෙහි ඇත්තේ ජයග්‍රාහී ස්වරයකි.

“Sir, I have an old tyre in my garage…”

“An old tyre, Victor…?

“Yes, Sir. With Wijeweera’s name written on it!”

“Ah, that’s interesting…”

“…and I just thought you will need it today!”

මට ඔහු හක හක ගා හිනැහෙන හඬ ඇසේ.

“Jokes apart Victor, why don’t you come right now…I need you”

“Yes sir…”

“How long will it take…?”

“To Army headquarters? I am in Colombo. Give me half an hour maximum. I will be there…”

“…and you will not spill the beans. I know who leaked the news to you. It should stop there. Not even the President knows about this yet. Do you understand…?”

“Yes, sir..”

“Just show your driving license at the gate and they will direct you…”

“Yes, sir…”

කල්පයක් සේ හැඟුණු මිනිත්තු හතළිස් පහක කාලයක් තුළ මම ඔහුගේ කුටියට කැඳවාගෙන යනු ලබමි. එහි දැනටමත් හත් අටදෙනෙක් චීස් සමඟ ක්‍රීම් ක්‍රැකර් කමින්, කෝපි හා තේ බොමින් සිටිති. අමාත්‍යවරයා හැරුණු විට මා එක් වර හඳුනා ගන්නේ එක් අයකු පමණකි. ඒ සිය නිළ ඇඳුමින් සිටින මේජර් ජෙනරාල් මුණසිංහය. සිවිල් ඇඳුමින් සිටින අනෙකුන්ද හමුදා හෝ පොලිස් නායකයින්ම බව හඳුනා ගැන්මේ අපහසුවක් නොවේ.

කිසිවකු කිසිවකුට හඳුන්වා දීමක් සිදු නොවේ. මේ ඊට කාලය නොවන්නාක් සේය. ඇරත් කාමරයේ සිටින දැවැන්තයින්ට සාපේක්ෂව මම පුංචෙක්මි. අමාත්‍යවරයා මට වාඩි වෙන්ට සන් කොට මේසය මත ඇති හිස් කෝප්පයකට ඇඟිල්ල දිගු කරයි. මම ඊට කෝපි පුරවා ගනිමි.

මා ඇතුළු වන්ට පෙර එහි කෙරුණු කතාබහ නොකඩව එසේම කෙරීගෙන යයි.

“…Perhaps the bugger would have thought you would just leave. Ha. Ha. Ha So what you did…?”

කර්නල් ජානක පෙරේරා ලෙස මා පසුව හඳුනා ගත් තැනැත්තා මේ කතාවෙහි ප්‍රධාන නළුවා සේ පෙනෙයි. ඔහු කතා කරන්නේ සෙමෙනි. වචන බර කරමිනි.

“I too, sir, I too would have just come. He was so convincing…but then I thought to myself why the hell somebody has to take a shave at two o’clock, even if he were a planter. Then I put my gun to his head and asked in Sinhala “ඔයා විජේවීර නේද?” That was when the bugger retaliated. If he said no, perhaps I would have returned empty handed…He was so convincing…”

“Clever bugger…”

“Definitely clever. He fooled us for so many years…”

“Not anymore gentlemen. Not anymore… Now if you will excuse me for a while, I want to have a chat with my friend Victor here. Then let’s get over with it. I have ordered two bottles of Champaign. Open it when it comes. No need to wait for me…Victor, if you come with me, please…”

නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාගේ කාමරය ඇති තට්ටුවේ ගෘහ නිර්මාණ ශිල්පය මට අවබෝධ කර ගන්ට අපහසු තරමට සංකීර්ණය. තනිව නැවත මඟ සොයා ගත හැකිවේද මම නොදන්නා තරම් වංගගිරියකි මේ. සමහර විට වැඩි ආරක්ෂාව නිසා විය හැකිය. මොහොතෙකින් අප දෙදෙනා යාබද වෙනත් කුඩා කුටියකය. මම හිඳ ගන්ට ඔහු සන් කරන තුරු හිඳිමි.

“Victor, I need your advice…”

“Sir…?” මම විපිළසර වෙමි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අංකුර දේශපාලනය කළ කාලයට හා ගාමිණී දිසානායක මහතා සමඟ යාපනයේ ගිය කාලයට වඩා මා දේශපාලනමය වශයෙන් මුහුකුරා ගොස් ඇති බව ඇත්තකි. එහෙත් රන්ජන් විජේරත්න මහතාගේ මට්ටමේ කෙනකු මගෙන් අවවාද බලාපොරොත්තුවීම මට අදහා ගන්ට බැරිය.

“Relax boy.  I am old enough to take my decisions. But still I am more a solider than a politician. Everyone else here are soldiers – just like me. You are a politician. I need your views, as a politician…”

“Yes, sir…”

“You know we have captured Wijeweera…He is in custody now. Few buildings away, interrogated by our men…what you think the next step should be…?”

“I can think of only one course of action, sir. I thought it has already been taken…”

“Victor, I told you to think like a politician. Keep the biases aside. Is it the best political move…?”

මම පිළිතුරු දෙන්ට කල් ගනිමි.

“Is that the best political move, Victor…?”

“Let me ask this sir. What other options we have…?”

නියෝජ්‍ය ඇමැතිතුමා කැරැකෙන පුටුවේ වාඩිවී කකුල් දෙක මේසය මතට ගනියි. ඔහු කතා කරන්නෙ පැහැදිළි සිංහලෙනි.

“මං වික්ටර්ට කිව්වනෙ. විජේවීර ඇල්ලුවාය කියලා ලොක්කා තවමත් දන්නෙ නෑ. මේක දෙකෙන් එකක් ඉවර කරන තුරු මට කියන්න ඕනැ කමකුත් නැහැ. ඇයි මම නොකියන්නෙ? මම වගේ නෙවෙයි එයා ප්‍රශ්නයක් දිහා බලන්නෙ පොලිටිකලි. විජේවීරට නඩු දාල හිරේ යවන එක නැත්නම් එල්ලුම් ගස් නග්ගන එක පොලිටිකලි වාසියි. හරියට ඇඩොල්ෆ් අයිෂ්මාන් ගේ කේස් එක වගේ. ජේ. වී. පී. කාරයින් මරපු මිනිස්සුන්ගෙ ගෑනු ගෙන්නලා, විත්ති කූඩුවට නංවපු විජේවීර ඉස්සරහා අඬවලා හොඳ පබ්ලිසිටි එකක් ගන්න පුළුවන්. නමුත් වික්ටර් ඔය අතර මොන දේවල් වෙයිද අපි දන්නෙ නෑ. සිරිමා බණ්ඩාරනායක කරපු ගොන්කමම අපට කරන්න පුළුවන්ද වික්ටර්…?”

“ඒත් සර්ම දන්නව නම් ලොක්කා එහෙම දෙයක් කරන්න හිතේ තියාගෙන ඉන්නවය කියලා ලොක්කා මොනව කියයිද හෙට උදේට…?”

“Victor, don’t worry about me. I am a big boy. I can take care of myself. Maximum I will lose my job, which has little value after this…my concern is about the party and army…What do you think the people will say…?”

“Sir, as far as I know everybody waits for an end to this mess. They will care little about the rest…That I can assure. They will not object to what you have in mind”

“Including Mahanayakes…?”

“Including Mahanayakes, Bishops, Mullahs and the opposition…”

“How do you feel so sure about the opposition? Are you sure that Hambanthota-wallah will not take it to Geneva?”

“I am sure. He will not…”

“Why?”

“He has big hopes. One day he too might have to do the same thing. Why rock the boat now…?”

“He has big hopes…?”

“Yes…”

Do you think he will ever be the President? Even if they come to power, do you think Bandaranaikes will let him to…?”

“I am not a soothsayer, sir. I said it is a possibility…”

“Yes, right now it is not our concern…Come…”

මෙතැන් සිට මට කියන්ට ඇත්තේ අසම්පූර්ණ කතාවකි. ඊට එක හේතුවක් මේ නාටකයට සම්බන්ධ අනෙක් බොහෝ පාර්ශ්වයන්සේම මාද දුටුවේ නාටකයේ එක් පැතිකඩක් පමණක් වීමය. මේ සිද්ධිය ගැන වචනයෙන් වචනයට විස්තර කොට පොත් ලියූ (එවක මේජර් ජෙනරාල් පසුව බ්‍රිගේඩියර්) සරත් මුණසිංහලාද දුටුවේ මා දුටුවාට ඕනෑනම් යාන්තම් වැඩියෙන්ය. මා සමහර කාරණා සම්බන්ධයෙන් නිහඬ කරවන අනෙක් හේතුව සදාචාරාත්මක එකකි. අප දකින හැම දෙයක්ම ප්‍රකාශ කළ යුතු නොවේ. නිහඬව සිටිය යුතු තැන්ද ඇත.

නමුත් මට කාරණා කිහිපයක් කියන්ට පිළිවන. ඒ මේ සිද්ධිය සම්බන්ධයෙන් පැතිර ඇති මිථ්‍යා කිහිපයක් හෙළිකරනු පිණිසය.

එකක් රන්ජන් විජේරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා විසින්ම විජේවීරගේ හිසට පිස්තෝලයක් එල්ල කොට ඝාතනය කරන ලදැයි කියන කතාව බොරුවක් බවයි. ඔහු එදින රාත්‍රියේ නාරාහේන්පිට ගොල්ෆ් පිටියට ගියේ නිරීක්ෂකයකු වශයෙන් පමණෙකි. ඔහුද මා මෙන්ම දුටුවේ අඳුරේ විජේවීර ඇතුළු නිරුවත් සිරකරුවන් පස් දෙනකු වැටි වැටී ගොල්ෆ් පිටියේ ප්‍රධාන ගොඩනැඟිල්ල අසළ සිට තණ බිමට දක්කාගෙන යනු පමණෙකි. (මෙසේ සැකකරුවන් තම අවසාන ගමනේදී නිරුවත් කරන ලද්දේ මක් නිසාද මම නොදනිමි. සමහරවිට ලේ ගෑවෙන ඇඳුම් විනාස කිරීමේ කරදරයෙන් මිදෙන්ට වන්ට පිළිවන.) අපට වෙඩි හඬ සේම ලතෝනි කිහිපයක්ද ඇසුණු බව ඇත්තය. එය මා යම් පමණකට සසල කළ බව කිව යුතුය. මින් පෙර කිසි දිනෙක මම මිනිසකු මරණයට පත් කරන තැනෙක සිට නැත්තෙමි. ඉන් පසුව එළඹි රාත්‍රි කිහිපයක්ම මා මානසිකව යම් වේදනාවක් නොවිඳි බව නොකියැවෙන්නේ නම් එය බොරුවකි. නමුත් එය ඉක්මණින්ම පහ විය.

එසේම දැඩි ආයාසයකින් යුතුව මගේ හැඟීම් වචනයෙන් හෝ මුහුණින් පළ නොකරන්ට වග බලා ගත්තෙමි. රන්ජන් විජේරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා මා මේ තීරණාත්මක ගමනට එක් කොට ගත්තේ මාව එක්තරා මට්ටමකට ‘ටෙස්ට් කරන්ට’ බවද මම දැන සිටියෙමි. ඒ ‘ටෙස්ට් එක’ ෆේල් විය යුතු නැත.

අනෙක් අතට විජේවීර යනු ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ප්‍රකාශ කළ ආකාරයෙන්ම වන මෘගයෙකි. මෙරට හය හතර නොදත් දරුවන්ට ආදරණීය පියවරුන් අහිමි කළ, ගැහැණුන්ට සැමියන්, පුතුන් අහිමි කළ වධකයෙකි. ඔහු මේ සියල්ල කළේ තමන්ට කවදා හෝ එබඳු ඉරණමක් ලැබෙන්නට ඉඩ ඇති බව නොදැන නොවිය හැකිය. වන මෘගයකුගේ මරණය ගැන මා කම්පා විය යුතුද? නැතොත් එම වන මෘගයාගේ මරණය නිසා යහපත් වන ලෝකය දෙස බලා සතුටු විය යුතුද? මම දෙවැන්න තෝරා ගතිමි. ඇත්තටම පසු කලෙකදී මේ සිද්ධිය දෙස නැවත හැරී බලන විට, එදා මා රඟ පෑ සුළු හෝ භූමිකාව ගැන මට ඇති වූයේ කළකිරීමක් නොව ආත්ම තෘප්තියකි.

දෙවැනි කාරණාව විජේවීර මරණයට පෙර වධ බන්ධනයට ලක් කළ කතාව බොරුවක් බවය. ‘නිමල් කස්තුරි අත්තනායක’ (එන්.කේ. අත්තනායක) ලෙසින් පෙනී සිටි ඔහු අත් අඩංගුවට ගන්නා ලද්දේ සවස දෙකට පමණය. උලපනේ සිට කොළඹට රහසේ රැගෙන එන්ටම පැය හයකටත් වඩා ගතව තිබුණේය. ‘එයා ලිෆ්ට්’ කළ නොහැකි වූයේ රටේ නායකයාගෙන්ද රහස රැක ගත යුතු වූ නිසාය. ඉන්පසුව ආරම්භ වූයේ දීර්ඝ ප්‍රශ්න කිරීමේ අවස්ථාවයි.

මේ නාටකය පසුව ලේඛන ගත කළ වැඩි දෙනකු සහභාගි වූයේ ප්‍රශ්න කිරීමේ ජවනිකාවටයි. නමුත් ඔවුන් අතුරින් එකකු ලියූ ආකාරයට එය පසුදින උදෑසන හතර දක්වා නොඇදුණේය. ප්‍රශ්න කිරීම සේම විජේවීර කළ රූපවාහිනී ප්‍රකාශයද රෑ මැදියම පසුව ටික වේලාවකින් කර අවසන් විය. අප යුද හමුදා මූලස්ථානයෙන් ගොල්ෆ් පිටිය බලා පිටත් වූයේ උදේ එකට පමණය. මේ සුළු කාලය කෙනකු වධ බන්ධනයට ලක් කරන්ට ප්‍රමාණවත් නොවේ. ඇරත් එය අනවශ්‍ය විය. ඔහු සිය කැමැත්තෙන්ම සියළු ප්‍රකාශ කර තිබිණි. කොටින්ම තමන්ගේ දෙවැනියා වූ උපතිස්ස ගමනායකගේ පානදුර ‘ඩයස් මුදලාලි’ අවතාරය පිළිබඳ සියළු තොරතුරු පවා ඔහු විසින් කිසිම පැකිළීමකින් තොරව හෙළි කොට තිබුණේය. සමහරවිට ඔහු මෙසේ කරන්ට ඇත්තේ අභය දානය බලාපොරොත්තුව විය හැකිය. එහෙත් ඔහුට වැරදිනි.

සඳහන් නොකොටම නොහැකි තෙවන කාරණය යම් වධ බන්ධනයකට ලක් වීමේ අනතුර ඇතිව හෝ ඔහු හමුදා නිලධරයින් සමඟ සහයෝගයෙන් කටයුතු නොකළේ නම් ඔහුගේ දිවි රැකෙන්ට ඉඩ තිබුණු බවයි. එසේ වී නම් ප්‍රශ්න කිරීම තව දිගට ඇදෙන්ට ඉඩ තිබුණේය.  එසේම උදේ පහට නැඟිටින්ට පුරුදුව සිටි ජනාධිපති ප්‍රේමදාස මේ සිද්ධිය අනිවාර්යයෙන්ම දැන ගන්ට තිබුණේය. එසේ වී නම් විජේවීරගේ දිවි ගැළවෙන්ට තිබිණි. රන්ජන් විජේරත්නට අවශ්‍ය නුවූයේද මේ ටිකය.

එදින රාත්‍රියේ මගේ රාජකාරිය නිරුවත් මිනිසුන් පස්දෙනකු වෙඩි වැදී මැරී සිටිනු දැකීමේ අප්‍රසන්න ජවනිකාවෙන් නිමා වූයේ නොවේ. මළ සිරුරු පුළුස්සන්ට කොළඹ මහ නගර සභා කනත්තේ සොහොන් පල්ලා අවදි කරන්ට වූයේ මේ පිරිස අතර සිටි එකම සිවිල් පුද්ගලයා වූ මටය. (නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ වන විට නික්ම ගොස් සිටියේය.) හේතුව පසුව හඳුනා ගැනීමට ලක්වේය බියෙන් හමුදා කණ්ඩායමේ සිටි කිසිවකුත් මේ අවදානම ගන්ට මැළිවීමය. ඔවුන් සියළු දෙනාම තම ලේන්සු වලින් මුව වසා සිටියේ ගඳකට නොවේ. කිසිවකු ඔවුන් පසුව හඳුනා ගනිතැයි බියෙනි.

කොළඹ කනත්තේ භාරකරුගේ නිවස තිබුණේ බේස්ලයින් පාරේ අද ජයරත්න මල් ශාලාව ඇති තැනට පොඩ්ඩක් නාරාහේන්පිට පැත්තට වන්ට, පාරේ ඒ පැත්තේමය. එය ශීට් හා රටඋළු සෙවිළි කළ, කුඩා ගෙයකි. මිදුලේ අඹ ගසක් වූ අතර වත්තේ ඉදිරිපස උස නැති කොට්ටම්බා ගස් කිහිපයකි. මම ගොස් ලී ගේට්ටුවට දමා තිබුණු යෝධ ඉබ්බා සමඟ වූ යකඩ දම්වැල ගේට්ටුවේ කිහිප වතාවක් වැද්දුවෙමි. මට උපදෙස් ලැබී තිබුණේ මෙය බොහෝ රාත්‍රියන්හි සිදුවන සාමාන්‍ය ක්‍රියාවලියක් බවත් ඔහු කලබල වෙන්ට හේතුවක් නැති බවත්ය.

ලී ගේට්ටුවට කොයිතරම් හයියෙන් තට්ටු කළද පළක් නොවීය. ඉස්තෝප්පුවට ගසා ඇති යකඩ දැල් අතරින් දුබල ටෝච් එළියක් පත්තු වනු පෙණුනේ “කවුද ගෙදර?” යි කිහිප වාරයක් හඬ නඟා කතා කළ පසුය.

“ගුණතිලක මහත්තයා, පොඩි හදිස්සියක්…”

“කවුද මහත්තේලා…?”

“අපි පොලීසියෙන්…”

අඳුරේ වුවද ඔහු ජීප් රථය දකින්ට ඇතැයි සිතමි. දොර මඳක් විවර විය. සුදු සරමකින් සැරැසුණු, නිරුවත් උඩුකය සාළුවකින් වසා ගත්තකු, නිදි බර දෙනෙතින් යුතුව එදොරින් එළියට ආවේය. තරමක අඳුරේ වුවද ලඟ වූ ලයිට් කණුවේ එළියෙන් මට ඔහුගේ හැඟීම් විරහිත දිගටි මුහුණ පැහැදිළිව පෙණුනේය.

“ඇයි මහත්තයා…?”

“අපට කනත්තෙ දොර ඇර ගන්න ඕනැ…”

මේ ප්‍රකාශය ඔහු තුළ වෙනසක් ඇති කළ බවක් පෙණුනේ නොවේ. මෙය හැමදා සිදුවන පුරුදු ක්‍රියාවලියක් නිසා වන්ට හැකිය.

“අද කීයද…” ඔහු ඇසුවේ බලකොටුවකට ඇතුළු වන්නට තනන්නකුගෙන් මුර පදය අසනා ආකාරයෙනි.

“පහයි…”

“කට්ටිය ඉන්නවද…?”

“කට්ටිය කිව්වෙ…?”

“මං ඉතින් දොර ඇරල දෙන මිනිහ විතරයිනෙ…”

“ඔව්. ඒ හොඳටම ඇති. අපට කට්ටිය ඉන්නවා…”

“ඉන්න මම ඇඳුමක් දාගෙන එන කල්…”

මගේ අසම්පූර්ණ කතාව මෙතැනින් නතර කරන්ට හැකි නම් යහපත්ය. එහෙත් එය ඉදිරියට ඇදුණේය.

මින් වසර විස්සකටත් වැඩි කාලයකට පසු මට මේ ගුණතිලක නැමැති අපූර්ව මිනිසා හමුවූයේය. ඒ ඇතුල්කෝට්‌ටේ සාරානන්ද නම් භික්ෂුවක ලෙසිනි. ඔහු මා සහභාගි වූ රැස්වීමක පන්සිල් දී කෙටි අනුශාසනාවක් කළේය. දිගටි මුහුණ නිසා නොවේ නම් මවිසින් ඔහු හඳුනා නොගන්ට ඉඩ තිබුණේය.

“ඔබ වහන්සෙගෙ ගිහි නම ගුණතිලකද…?” යන්ට ලැහැස්ති වී මම නිකමට ඇසුවෙමි. උන් වහන්සේ පුදුම වූ සෙයක් දැක්වූහ.

“ඔව්, ඇමැතිතුමා කොහොමද දන්නෙ…?”

“අපිත් ඉතින් ඔය කනත්තට හෙම ආගිය කට්ටිය නෙවැ…” මම කතාව කෙටියෙන් නිම කළෙමි.

“ඒක මිසක්…අපි ඉතින් ඒ දවස් වලම ජීවිතයේ නිස්සාරත්වය දැකපු අයනේ මහත්තයෝ!”

මම වැඳ යන්ට සමුගතිමි. ජුලම්පිටියේ අමරේ හමුවන්ට තිබුණේ එදින සවසය. ඊට ප්‍රමාද නොවිය යුතු යැයි මට සිතුණේය.

.

.

(ඉවසන්න…………….සමනළයා යළි පියා සලන තුරු)

Advertisements
Leave a comment

23 Comments

  1. Anonymous

     /  November 12, 2012

    Any comment regarding following article in Divaina??
    http://www.divaina.com/2012/11/11/politics04.html

    Reply
    • None. There are different versions, as if the same thing happened in different parallel universes.

      – The Writer

      Reply
  2. DDT

     /  November 12, 2012

    ජානක පෙරේරා මේ ගැන පස්සෙ කාලෙ කියපු කතා එහෙම ඔය පත්තරවල තිබුණෙ, මෑන් නම් ඇඟ බේරගෙන තිබුණ මගේ රාජකාරිය ඔහු අත්අඩංගුවට ගැනීම විතරයි, ඔහු භාර දුන්නට පස්සෙ වුනු සිදුවීම් ගැන මම දන්නෑ කියල. මට මතක හැටියට ඔය සිදුවීම ගැන ඉරිද ලංකාදීපෙ දියත අතිරේකෙ කීප පාරක්ම ලිපි පලවුනා. ඔන්න ඊයෙ එකෙත් ආයිත් දාලා තියෙනව, එවකට යුද හමුදාවෙ මාධ්‍ය ඒකකයෙ සෙබලෙකු විදියට, අත්අඩංගුවට ගත්තු විජේවීරගෙ ඡායාරූප ගත්තු පස්සෙ කාලෙ ජවිපෙ පළාත්සභා මන්ත්‍රී කෙනෙක් වුනු ඉන්ද්‍රානන්ද ද සිල්වා කියන කතාව.

    ඔය ගැන මට අහන්න තියෙන්නෙ මෙච්චරයි අන්තිමට,

    ලේකඛයත් විශ්වාස කරනවද රන්ජන් විජේරත්න උන්නැහෙ මහපාරෙ රෝස්ට් වෙල ගියෙ දිට්ඨධම්ම වේදනීය කර්මය පලදුන්න නිසා කියල.

    Reply
    • කර්මය යනු ආගමික සංකප්ලයකි. මම එය විශ්වාස නොකරමි.

      – ලේඛක

      Reply
      • Sujeewa

         /  November 12, 2012

        හොඳ උත්තරයක්‌.

      • ~Kasun~

         /  November 13, 2012

        @Sujeewa
        මන්නම් හිතන්නේ මේක දෙන්න පුළුවන් පහත්ම මට්ටමේ උත්තරයක්‌…., ආගමික වුණු පමණින් දෙයක් ප්‍රතික්ෂේප කරනවා කියන්නේ අන්තවාදය. නිර්ආගමිකවීම ෆැෂන් එකක් කරගත්ත කාඩ්බෝඩ් බුද්ධිමතුන්ට නම් මේක හොඳ උත්තරයක්‌ වේවි.

      • ආගමික සංකල්ප යනු අවිද්‍යාත්මක, සීමිත පිරිසක් පමණක් විශ්වාස කරන හිතලූන්ය. ඒවා ගැන කවුරුන් හෝ ඕනෑවට වඩා කලබල වන්නේ ඇයිදැයි මට නොවැටහේ.

        – ලේඛක

      • වෙඩි තැබීම සිදු කලේ බ්‍රිගේඩියර් ……….. (දැන් ………….. තෙරුන්) නේද?

      • විවිධ තියරි තියෙනවා. මේ ඉතින් පැරලල් යුනිවර්ස් එකේ වෙච්චි දේ නෙවැ. සැබෑ ලෝකෙදි වෙච්චි දේ වෙනස් ඇති.

        හැබැයි ඔය කියපු පුද්ගලයා ඔය වැඩේට නම් දරා හිටියාලු. මනුස්සයා උදේට කෑම්ප් එකට එනකොට රැඳවියන් හැමෝම ‘බුදු සරණයි’ කියන්න ඕනැලු. නොකියන එවුන්ට රෑට බඩු හම්බ වුණාය කියලයි කියන්නේ.

        – ලේඛක

      • ග්‍රාමසේවක

         /  November 14, 2012

        /*විවිධ තියරි තියෙනවා. මේ ඉතින් පැරලල් යුනිවර්ස් එකේ වෙච්චි දේ නෙවැ. සැබෑ ලෝකෙදි වෙච්චි දේ වෙනස් ඇති.*/
        වෙන්න බෑ. ඔබේම පැහැදිලි කිරීමට අනුව මේ කතාවෙ කියවෙන alternative universe එක පටන් ගන්නෙ 2002/2003 කාලෙදි. එතකොට මේ කාරණාව ඔය කෝකටත් තෛලයෙන් මග අරින්න අමාරුයි. අපේ ලේඛක තුමාට පොඩ්ඩක් පැටළුනා වගේ මයෙ හිතේ 😀 😀 😀

        /* ”සමනළ විප්ලවය” ට අදාළ සමාන්තර විශ්වය ගොඩ නැඟෙන්නේ 2003 ඔක්තෝබරයේ ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග එවක අගැමැති රනිල් වික්‍රමසිංහ සමඟ වූ අවබෝධයක් මත සිදු කරන 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් සමඟය.*/

        https://samanalaviplavaya.wordpress.com/about/

      • ඔබ නිවැරදියි. ඔබේ නිරීක්ෂණ ශක්තිය ඉහළයි. ඔබ මට වැරදුණු තැනක් අල්ලා ගත්තා. ඔය විදියට කතාව කියන්න තමයි පටන් ගත්තේ. (2003 ඔක්තෝබර් වනතුරු එකම විශ්වයේ කතාව ඉන්පසුව සමාන්තර විශ්වයකට මාරු වෙනවා.) නමුත් එක අවස්ථාවකදී ඕක කැඩුණා. (1993 කලු ජූලිය.) ඊට පස්සෙ මා පොඩියක් ඔය ගැන නම්‍යශීලී වුණා. හැබයි 2003ට කලින් සිද්ධීන් (කළු ජූලියේ කාල සීමාව හැරුණු විට) මේ දක්වා හැකිතාක් නිවැරදිව ඉදිරිපත් කරන්නට උත්සාහ ගෙන තියෙනවා. උදාහරණ දෙන්නට නොයමි.

        මේ වගේම කතාව ආරම්භ වූ පසුව වෙනස් වූ තවත් දේවල් තියේනවා. කතාව ආරම්භ කරද්දී මා අදහස් කළේ මුළු කතාවම චරිත් ලවා කියවන්නටයි. නමුත් එය වෙනස් වුණා. දැන් කථකයින් දහදෙනකු විතර කතාව කියනවා.

        – ලේඛක

      • DDT

         /  November 16, 2012

        ෴ නමුත් එක අවස්ථාවකදී ඕක කැඩුණා. (1993 කලු ජූලිය.) ෴

        ෂිකේ, ෂිකේ….. මම ඔය ගැන ඒ වෙලාවෙ අහලත් මට අර පොයින්ට් එක උපුටල දක්වන්න බැරිව ගියා.

      • ~Kasun~

         /  November 18, 2012

        @ලේඛක
        අවිද්‍යාත්මක සියල්ලම බොරු වෙන්න බැහැ.. භූතආරුඪයෙන් සාස්තර කියන තැන් කිහිපයකට ගිහින් බලන්න.. මේ මිනිස්සු අපේ ජීවිතේ සැඟවිච්ච දේවල් කියන්නෙ කොහොමද කියන එකට කිසිම විද්‍යාත්මක පැහැදිලි කිරීමක් දෙන්න බැහැ.. පත්තර මිත්‍රයන් කීප දෙනෙක්ගෙන් ඇහුවොත් තැන් දෙක තුනක් හොයාගන්න බැරිවෙන එකක් නැහැ.. 🙂

  3. Sujeewa

     /  November 12, 2012

    සමනලයා ඉල් මහ විරුවන් සමරනවා වගේ.

    2009 සත්‍ය වූ යමක් ඉන් වසර විස්සකට පෙර අසත්‍යයක් වෙන්න බැහැ.

    මම ඒත් උන්නා සරත් ෆොන්සේකා මහතාගේ දෙමව්පියන් සහ පවුලේ අයට ලොකු කරදරයක් වේවි කියලා 89 අවුරුද්දේ.

    Reply
  4. අවි ගත්තෝ අවියෙන්ම නසිති….!!!

    Reply
  5. Tilvin Silva

     /  November 12, 2012

    රෝහන විජේවීර කියන්නෙ පොන්නයෙක්. ඌව මරලා වීරයෙක් කළේ යූ එන් පී ආන්ඩුවයි. ඕකාව මැරුව නැතුව තියා ගත්තා නම් උගේ පොන්නකම පෙන්නන්න තිබුණා.

    Reply
    • මෙහෙම කියන මම තමා නියම පොන්නයා.සිරාවටම මට ඈත්ත කතාකරන උන්ව පෙන්නන්නම බෑ.ඵ්ක ඉතින් මගෙ පොන්නකම මිසක් වෙන මොකක්ද?

      Reply
      • Vijitha Herath

         /  November 14, 2012

        @TS,

        උඹ පොන්නයා බව අපි දන්නවා. හැබැයි උඹ උඹේ නම කියල නෑනෙ. උඹ ජේ.වී.පී.ද පෙරටුගාමීද මචං?

  6. Charith M

     /  November 12, 2012

    thanx for starting again

    Reply
  7. ranwala

     /  November 13, 2012

    welcome back again….and again….!

    Reply
  8. Jesse James

     /  November 14, 2012

    මාර්ටින් වික්‍රමසිංහයන් මුලින්ම ලිව්වේ යුගාන්තයයි , කලි යුගය ලියුවේ ඊට පසුවය. ඉදින් කලි යුගය සහ යුගාන්තය අතර අවස්ථා සම්බන්ධය ඇති කර ගත්තේ පොතක් විතර දිග ලියුමකිනි

    Reply
  9. dilan

     /  March 16, 2014

    Is there a difference between terrorism and the use of specific tactics that exploit fear and terror by authorities normally considered “legitimate”?

    Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: