පසුබිම

“සමනළ විප්ලවය” දේශපාලන නවකථාවකි. ඊට පාදක වන්නේ වර්තමානය (2012) වුවද අදාළ සිද්ධි දාමය සිදුවන්නේ සමාන්තර විශ්වයකය. සමාන්තර විශ්වයක් වූ කලි ඉතිහාසය ‘විකල්ප මාර්ගය’ ගැනීම හේතු කොට ගෙන ගොඩ නැඟෙන, වර්තමානයට වෙනස් වූ කාලාවකාශයකි. එවන් කාලාවකාශයක් තුළ ඕනෑම දෙයක් සිදු විය හැකිය. උදා: හිට්ලර් දෙවන ලෝක යුද්ධය ජය ගැනීමෙන් පසු බිහිවන ලෝකය. (වැඩි විස්තර පිණිස බලන්න http://tinyurl.com/nw4sq)

 “සමනළ විප්ලවය” ට අදාළ සමාන්තර විශ්වය ගොඩ නැඟෙන්නේ 2003 ඔක්තෝබරයේ ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග එවක අගැමැති රනිල් වික්‍රමසිංහ සමඟ වූ අවබෝධයක් මත සිදු කරන 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් සමඟය. ඒ අනුව යම් පුද්ගලයකුට ජනාධිපතිවරණයට තරග කළ හැකි වාර ගණනේ සීමාව ඉවත් කෙරෙයි. ඇය 2005 ජනාධිපතිවරණයට තරග වදින අතර ඉන්ද වසර හයක් ගිය තැන එළඹෙන 2011 ජනපතිවරණයෙන්ද ජය ගනියි. රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 2007දී බිඳ වැටෙන අතර ජවිපෙ සමඟ සහයෝගයෙන් පිහිටුවා ගන්නා, අග්‍රාමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් ගේ  නායකත්වයෙන් යුතු සභාග රජය 2012 දී ලංකාවේ පාර්ලිමේන්තු බහුතරය නියෝජනය කරයි. මහින්ද රාජපක්ෂ ඒ රජයේ බුද්ධ ශාසන කටයුතු අමාත්‍යවරයාය. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් පසුව මේ රජයට එක්වෙති.

2006 අප්‍රියෙල් මාසයේ දී අනෝජා කුගෙන්තිරාසා ලෙස පසුව හඳුනා ගන්නා ලද කොටි සෙබළියකගේ ස්වනාශක බෝම්බ ප්‍රහාරයකට ගොදුරුවන යුද හමුදාපති ලෙෆ්ටිනන්ට් ජනරාල් සරත් ෆොන්සේකා (මරණාපරව ජනරාල් සරත් ෆොන්සේකා) මිය යයි.

මේ සමාන්තර විශ්වයේදී ලසන්ත වික්‍රමතුංග 2009 ජනවාරියේ මිය නොයන අතර මේ නව කතාවෙහි උප ප්‍රධාන චරිතයක්ද වේ.

2008 මුල් භාගයේ මාස තුනක කාලයක් තුළ රනිල් වික්‍රමසිංහ කොටි බෝම්බ ප්‍රහාරයකට ගොදුරුවද, සෝමවංශ අමරසිංහ අහුන්ගල්ලේදී වන රිය අනතුරෙකින්ද ජීවිතයෙන් සමු ගනිති. ඒ වන විටත් පක්ෂයේ රැඳී සිටින මන්ත්‍රීවරුන් අතළොස්ස තුළින් කෙනකු වූ මිලින්ද මොරගොඩ එක්සත් ජාතික පක්ෂයේ නායක හා විපක්ෂ නායක ධුරයට පත්වන අතර නන්දන ගුණතිලක හා විජිත හේරත් සමඟ තියුණු තරගයකින් පසුව විමල් වීරවංශ ජවිපෙ නායකත්වය දිනා ගනී.

2011 මැයි මාසයේ දී එක්සත් රාජධානියට රාජ්‍ය තාන්ත්‍රික ගමනක යෙදෙමින් සිටින ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා හා බිරිඳ රැගත් යානය අත්ලාන්තික් සාගරය මැද්දී අනපේක්ෂිත අනතුරකට ලක්ව කොටසක් හෝ සොයා ගත නොහැකි පරිද්දෙන් අතුරුදහන් වේ. ජෝන් බිඩෙන් ඇමෙරිකා එක්සත් ජනපදයෙහි හතළිස් පස් වන ජනාධිපතිවරයා සේ දිවුරුම් දෙයි.

දශක හතරකට යුද්ධය දිග් ගැසෙමින් පවතී. ඇන්ටන් බාලසිංහම් 2006 දෙසැම්බරයේ මියයයි. දැඩි ලෙස රෝගාතුර වන ප්‍රභාකරන් 2009දී නායකත්වය තම පුතු චාල්ස් ඇන්තනිට පවරා සටන් බිමෙන් සමුගනී. 2012දී ඔහු අක්‍රිය, පාදයක් අහිමි දියවැඩියා රෝගියෙකි. උපක්‍රමශීලීව තමිල්සෙල්වන් තම පක්ෂයට ගැනීමට චන්ද්‍රිකා රජයට හැකිවන අතර ඔහු විසින් සපයනු ලැබී ඔත්තු මත නැඟෙනහිර පළාතේ එල්.ටී.ටී.ඊ බලය සුන් කොට එහි එල්. ටී. ටී. ඊ. නායක කරුණා අම්මන් නාවික හමුදාව මඟින් රටින් පැන යද්දී ඝාතනය කෙරේ. අන්තර්ජාතික මට්ටමින් එල්. ටී. ටි. ඊ .යට ආයුධ සපයමින් ඉන්නා කුමරන් පද්මනාභන් හෙවත් කේ.පී. කොටු කර ගැනීම යුද හමුදාපති ලෙෆ්ටිනන්ට් ජනරාල් පාරමී කුලතුංග දැන් මුහුණ දෙන විශාලතම අභියෝගයයි.

මේ සමාන්තර විශ්වයෙහි “චරිත් කාලිංග බණ්ඩාර” නම් තරුණයාගේ කථාවයි ‘සමනළ විප්ලවය’.

  

“Samanala Viplavaya” (The Butterfly Revolution) is a political novel. The events described in it happen in 2012, but in a parallel universe – an alternative space-time continuum that results by the history taking the ‘other path’. (eg. Hitler winning WWII) In short, anything can happen in a parallel universe. (Please see http://tinyurl.com/nw4sq)

The parallel universe of ‘Samanala Viplavaya’ is born the moment President Chandrika Bandaranaike Kumaratunga introduced the 18th amendment to the constitution in October 2003, after an agreement with Prime Minister Ranil Wickramasinghe.  It enables her to continue. She wins the two consecutive Presidential elections in 2005 and 2011. Ranil Wickramasinghe’s UNP government, in 2007 loses to a SLFP-JVP coalition led by Prime Minister Lakshman Kadirgamar. Mahinda Rajapaksa is the Minister of Buddha Sasana.  A large section of UNP MPs crossover to the government soon after it was formed.

In 2006 Lt. General Sarath Fonseka (Posthumously Gen. Fonseka) dies after getting injured from an LTTE suicide bomb attack by an operative later identified as Anoja Kugenthirarasah.

Lasantha Wickrematunge does not die in January 2009, and a character of this novel.

Within an interval of three months in the first half of 2008, both Ranil Wickramasinghe and Somawansa Amarasinghe die, former as a result of an LTTE suicide bomb attack and latter in an accident at Ahungalla. Milinda Moragoda, one of the few MPs who hadn’t cross over becomes the UNP leader cum the leader of opposition. JVP leadership, after a stern battle with Nandana Gunatilake and Wijitha Herath, is grabbed by Wimal Weerawansa.

In May 2011, the airplane carrying Barack Obama, US President and his wife Michelle to UK, on a state visit vanishes in mid-Atlantic Ocean without even a trace. Joe Biden becomes the 45th President of the United States.

The war continues to its fourth decade. Velupillai Prabhakaran, a serious diabetic patient with one leg already amputated, is bed ridden. The new leader is son Charles Anthony. S. P. Thamilselvan has defected. The information provided by him has enabled obliteration of LTTE in the Eastern province with the death of its leader Karuna Amman, by Sri Lankan Navy, during an escape attempt of the former. The biggest challenge faced by the Army commander Lt. General Parami Kulatunga is now to halt the supply from Kumaran Pathmanathan, or ‘K.P’ the international arms dealer of LTTE.

‘Samanala Vipalavaya’ is the story of Charith Kalinga Bandara in this parallel universe.

Leave a comment

4 Comments

  1. chaith

     /  September 19, 2012

    great work man..keep it up..

    Reply
  2. bani

     /  May 22, 2013

    e patta bn….

    Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: